ඕල්ඩර්ෂොට්
සිංහල විශ්වකෝෂය වෙතින්
(Aldershot). එංගලන්තයේ නාගරික ඡන්ද කොට්ඨාසයකි. ලන්ඩන් නගරයට සැ. 34ක් නිරිත දිගින් හැම්ප්ෂයර් කෝරළයෙහි පිහිටා ඇති මෙය බේසිංස්ටෝක් ඇළෙන් වට වී ඇත. ප්‍රමාණය ව.සැ. 6.5කි. එක්සත් රාජධානියේ විශාලතම වූ ද අංග සම්පූර්ණ වූ ද යුද්ධ අභ්‍යාස මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ මෙහිය. 1855 වන තුරු ම සුළු ග්‍රාමයක් ව තිබුණු ඕල්ඩර්ෂොට් යුද කඳවුර පිහිටුවනු ලැබීමෙන් පසු ක්‍රමයෙන් දියුණු වන්නට විය. මෙය ඡන්ද කොට්ඨාසයක් බවට පත් වූයේ 1922 දීය. ජනගහනය (1971) 33,311කි.
(සංස්කරණය: 1974)