ජල ක්රීඩා
පටුන
දිය බුං ගැසීම
ජල ක්රීඩාවෙහි යෙදී සිටින්නේ දෙ අත එක්තරා හැඩයකට නවා “බුං” යන හඬ නිකුත් වන සේ ජලයට ගැසීම දිය බුං ගැසීම නමි. මෙය කළ හැක්කේ ඉන වටක් තරම් ගැඹුරට ජලය පිරී ඇති තැන්වල යි.
දිය කෝකිල ගැසීම
මේ ක්රීඩාව කරන්නේ කෙසේ දැයි පැහැදිළි කිරීම අපහසු ය. එක් එක් අය එක් එක් විධිවලට විස්තර කරති. ඉන් එක් ආකාරයක් මෙසේ ය. දිය කෙළියෙහි යෙදී සිටින පිරිසෙන් කෙනෙක් “තමා අනික් අයට සොයන්නට නොහැකි ය” යි ඔට්ටු තබා දියෙහි ගිලෙයි. අනික් හැම දෙනාත් ඔහු සෙවීම පිණිස දියෙහි ගිලී විපරම් කැරත්. ඔට්ටු තැබූ තැනැත්තා දක්ෂ ලෙස දිය යටින් ඒ මේ අත පීනා අනෙක් අයට තමා සොයා ගන්නට නොහැකි වන සේ වග බලා ගනී. ඇතැම් විට දිය යටින් ගොස් ඉවුරේ ඇති ගස් කබල් ආදී තැන්වල සැඟවෙයි. යහළු ගම් දරුවන් හා දිය කෙළියෙහි යෙදී සිටි පණ්ඩුකාභය කුමරා තමා මරා දමන්නට සොයා ආ රාජ පුරුෂයන්ගෙන් බේරුණේ මේ ක්රිඩාවෙහි පුහුණුවක් ලබා සිටි නිසා බව සිතිය හැකි ය. ඇතැම් කෙනෙකු මේ ක්රීඩාව හඳුන්වන්නේ “දිය කෝකිලයන් සෙවීම” කියායි. සන්දේශ සාහිත්යයෙහිත් හේ නම් ඇතුළත් ය. එයින් මගි වෙති හාසිකත්වය තහවුරු වෙයි.
දිය මුතු ඇල්ලීම
මේත් අනික් දිය කෙළියකි. එය කරනු ලබන්නේ කෙනෙක් සැහැල්ලු ලී කැබැල්ලක් ගෙන දියෙහි කිමිද එය වැල්ලේ ඔබා මතු වෙයි. මඳ වේලාවකින් ලී කැබලි ද මතු වී එයි. අවට සිටින අය ඉස්සර වෙලාම එය අල්වා ගැනීම පිණිස උත්සහ දරත්. යමෙකුට එසේ කළ හැකි වී නම් ජය ගත්තේ ඔහු වෙයි.
කිඹුල්ලු පැනීම
මේත් එක්තරා දිය කෙළියකි. මෙය කරනු ලබන්නේ පෙදෙසක් සීමා කොට ගෙන ඒ හරියේ දිය යට ඇති ගල් මුල් ආදිය ඉවත් කොට එහි ය. දෙපිලක් ව බෙදෙන ක්රීඩකයන්ගේ එක පිලක අය කලින් සම්මත කර ගත් මායිම ඔස්සේ සිට ගනිති. අනෙක් පිලේ අය විරුද්ධ පැත්තේ සිට දිය යටින් පීනා ගොස් මායිම පැන යන්නට තැත් කරති. රැක්මෙහි සිටින්නෝ ඔහු දියෙන් මතු වූ මහා අල්වා ගන්නට මහන්සි වෙති. ඇතැම් කෙනෙකු එසේ අල්වා ගත හැකි වුවත් ඔවුන්ගෙන් බේරී දියෙන් ගොඩවන්නෝ ද වෙති. දිය යටින් පිහිනා ගිය පැත්තේ සියලු දෙනා රැක්මෙහි සිටිනන්ගෙන් බේරී ගත හොත් ඔවුහු ජයග්රාහකයෝ ය.
දියෙහි දඩ කෙළි
දිය යට ගිලී ඉළුක්කෝලය නම් හෙල්ලවලින් මසුන් හෝ කිඹුලන් මැරීම ද කරති.
ජල පෝලෝ
(Water Polo) දිය යට “පෝලෝ” නම් ක්රීඩාවක් ද කරති. මේ ක්රිඩාවෙහි විශේෂ දක්ෂයෝ ජපන්නු වෙතියි කියති.
(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)
(සංස්කරණය නොකළ)
(දියකෙළි බ.)