තෝකිචි අසානුමා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අසානුමා, තෝකිචි (1852—1929) . ජපානයේ ව්‍යාපාරිකයෙකි. ඡායාරූප ශිල්ප උපකරණ ව්‍යාපාරයෙහි පුරෝගාමියකු වූ මෙතෙමේ චිබා ප්‍රදේශයෙහි ආවා ග්‍රාමයෙහි උපන්නේය. ඡායාරූප ශිල්පයට අයත් උපකරණ හා බෙහෙත් ද්‍රව්‍ය ගබඩාවක් 1868 දී යේදෝ නගරයෙහි ආරම්භය කිරීමෙන් වෙළෙඳ කටයුතුවල නිරත වූ අසානුමා 1879 දී කියෝතෝ, ඔසාකා යන නගරවල ද ශාඛා කාර්යාල ආරම්භ කෙළේය. 1885 දී තෝකියෝ නගරයෙහි ඡායාරූප ප්ලේට් නිෂ්පාදන සමාගම පිහිටුවූ මෙතෙමේ ඉන්පසු හොන්ජෝ නගරයෙහි කැමරා සහ විවිධ කැමරා කොටස් සාදන කර්මාන්තශාලාවක් ද පිහිටුවීය. හෙතෙම ස්වකීය භාණ්ඩ පැරිස්හි ප්‍රදර්ශනය කරනු වස් 1900 වර්ෂයේ දී ප්‍රංසයට ගියේය. අසානුමා විසින් පිහිටුවන ලද අසානුමා වෙළඳ සමිතිය වූ කලි ඡායාරූප ශිල්පයට අයත් විවිධ භාණ්ඩ අලෙවි කෙරෙන ජපානයේ පැරැණි ම සමාගමයි.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=තෝකිචි_අසානුමා&oldid=6261" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි