තෝමස් ආනෝල්ඩ්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1795–1842). ඉංග්‍රීසි අධ්‍යාපනඥයෙකි. ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ හෙතෙම එංගලන්ත සභාවේ ඩිකන් තනතුරක්ද ඉසිලීය. 1828 අගෝස්තුවේ සිට රග්බි විද්‍යායතනයේ ප්‍රධානාචාර්යය තනතුරට පත්ව සාමාන්‍ය අධ්‍යාපනය සහ සුචරිත වර්ධනය අතින් එම විද්‍යායතනය එංගලන්තයේ ආදර්ශවත් නේවාසික අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කෙළේය. ඔහු මේ නිලය දරන අතර ම 1841 සිට ඔක්ස්‍ෆඩ් විශ්ව විද්‍යාලයේ වර්තමාන ඉතිහාසය පිළිබඳ මහාචාර්යය ධුරය ද ඉසිලීය. ග්‍රීක ඉතිහාසඥයකු වූ තියුසිඩිඩීස් පිළිබඳ ග්‍රන්ථයක් (1835) ද කාණ්ඩ තුනකින් යුත් වූ රෝම ඉතිහාසයක් (1838–43) ද රෝම රාජ්‍ය මණ්ඩලයේ ඉතිහාසයක් (1845) ද ඔහු කළ කෘතීන් අතර ප්‍රධාන තැන ගනී. මෙයින් සමහරක් පළ වූයේ ඔහුගේ මරණින් පසුවය. සඟරා, පුවත්පත් විශ්වකෝෂ ආදියට ද ඔහු සැපයූ ලිපි බොහෝය. දේශපාලනය සහ ආගමික ප්‍රතිපත්ති පිළිබඳව දැරූ නිදහස් මත නිසා ඇතැම් රටවල හෙතෙම එතරම් ජනප්‍රිය නොවීය.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=තෝමස්_ආනෝල්ඩ්&oldid=6288" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි