දහම්සොඬ කව
සද්ධර්මලංකාරයෙහි ‘ධර්මසොණ්ඩක වර්ගයෙහි’ (දහම්සොඬ වග) එන දහම්සොඬ රජු පිළිබඳ කතා පුවත කවියට නඟා කළ පොතෙකි. එහෙයින් දහම් සොඬ කව යන නම යෙදුණේ ය. ‘දහම් සොඬ දා කව’ නමින් ද එය දන්නා ලැබෙයි. දහම්සොක්ෂ කතා පුවත බෝසත් සිරිතක් බව පැවසී ඇති හෙයිනි. එහෙත් පන්සිය පනස් ජාතක පොතෙහි මේ ජාතකය නොවේ. ජාතක පාළියට එය ඇතුළුව නොසිටීම ඊට කාරණය යැ. ජාතක පාළියට ඇතුළත්ව නැති ශ්‍රාවක භාෂිත බෝසත් සිරිත් කීපයක් ම ජාතක නමින් පෙරැදුරන් දක්වා ඇති බව ‘ජාතක මාලාවෙහි’ එන ව්යාඝ්ර ජාතකාදියෙන් හෙළිවෙයි. එය ද එබන්දෙකි.
දහම් නොදැන ඊට සැලකිල්ලක් නොදක්වා සිටීම සුදුසු නොවන්නේ යැ'යි වරෙක දහම්සොඬ නමින් දඹදිව අගරජ බවට පත් බෝසතුනටසමාන ඇමැතියන් කැඳවූ හේ "තොපගෙන් කවුරුන් හෝ මට දහමක් අස්ලවාලුව හොත් උන්ට රජයෙන් පුදමි"යි කීය. ඇමැත්තෝ නිහඬ වුණු. ඉන් පසු දහසින් "බැඳ පියැලි සහිතව සරසවා බණක් කියන්නෙකු හට ඒ වස්තු දෙමින් මම ද දස්වන්නෙමි” යන ගිවිසුම ද දී රටෙහි අණබෙර හසුරුවාත් දහමක් දන්නකු සොයා ගැනීම නුපුළුවන් විය. කලකිරීමට පත් හේ රජය කැරවලට ගොස් තැවෙමින් සිටියේ ය. සක්දෙවි බියකරු රකුස් වෙසක් ගෙන පිහිටට අවුත් “මම ඉතා බඩදලයෙමි. තොප ඇඟ මතින් මා බඩදල නිවන හොත් තොපට බණක් කියාලිය හෙමි"යි බෝසතුන්ගේ දහම් පවසේ තතු පිරික්සන පිණිස කීය. මද සැසදකින් පසු වූ ගිවිසුමක් අනුව බෝසතුන්ගේ දහම් පවසත් රකුසාගේ බඩදලත් එකවර නිවාගන්නා නියායෙන් බෝසත් ඉතා උස් ගල් මුදුනෙක සිට රකුසු මුවට පිනී ය. රකුසා "අනිච්චා වත සඞඛාරා" ඈ ගය කියමින් ම බෝසතුන් වඩාගෙන දෙව්ලොවට ගොස් ගරුබුහුමන් දක්වා "දැහැමින් රජය කරව"යි අවවාද දී මිනිස් ලොවට ම බැස්වී. දැහැමින් රජය කළ දහම්සොඬ රජ නම් වූ පරිදි මිය ගියේ ය යනු කථා සාරයයි.
බුවනෙක බුජ (ක්‍රි.ව.1521-) රජුගේ කුලුණින් තනතුරු ලැබ පසිඳු ව පානබුනු (සියනෑ) කෝරළයේ මාම්පේ විසූ (විජය ද්වජ) පලිහ වඩන මැතිඳුගේ මුණුබුරනු රජ සහ රජුගේ පා සෙවණෙහි වැඩණකු ද වූ සමරදිවාකර මුකවෙට්ටි මැතිඳුන් කළ ආරාදනයකට කිරීමට නිමිත්තය යැ. ගද්‍ය කථා ඇසීමට වඩා පද්‍ය කථා ඇසීමට එදා ජනයා මහත් කැමැත්තක් ඇති ව සිටීම මෙය කවියට නඟා ලන්න'යි ආරාධනය කිරීමට හේතුව වී යැයි හැඟේ.
මෙය දහම් දුදු (ධර්මධජ) පඬිවරයාගේ කෘතියෙක් යැ යනු ඇතැම් විචාරකයන්ගේ මතයයි. අන්‍ය විචාරකයන්ගේ මතය වනුයේ එය දහම් දද පඬි පුත් අලගියවන්න කවිවරයන්ගේ කෘතියෙක්යැ යනුයි. අලගියවන්නයන්ගේ යැයි විවාද රහිතව පිළිගන්නා කාව්‍යයන්හි ලා පළින් පළ පළකළ අදහස් ද යෙදූ කවි ද කවිපද එසේම මේ කවෙහිත් ඇතුළුව තිබීම මත දෙකටම සාධකයක් කොට දැක්වෙන්නෙකි. අන්‍ය කවීන්ගේ කෘතීන්ගෙන් පද්‍ය හෝ පද්‍ය පාද හෝ ගැනීම සත් කවි සිරිතක් යැයි කියන දහම් රජ මතය ගන්නෝ සිය මතය පිහිටුවාලීමට දහම් සොඬ කව දහම්දජ පඬිවරයා විසින් කරන ලද්දේ යැයි කටින්කට පැවත එන කතාව ද ගනිත්. තමාගේ කීමක් තමාගේ ම කෘතියෙක වරින්වර ඇතුළුවීම හෝ ඇතුළුකිරීම හෝ ඉබේ ම විය හැකි බවත් එය නිවරද බවත් පක්ෂය කියන්නේ ය. සෝරත හිමියෝ මේ දෙවැනි මතය ගත්තෝ ඇතැම් දහම්සොඬ කව පිටපත්වල අග එන කවිදෙකින් අලගියවන්නයන් එය කළ බව දක්වා තිබීම ද බලවත් සාධකයක් කොට තිබිණි. එහෙත් 160 වැනි කවියෙහි ‘බුදුව දම්සොඬ කිවිඳු පුවතර’ යන සිව්වැනි පදයෙහි පෙනෙන ‘බුදුව’ යන්නට ‘බුදුවී’ නියා අරුත් දීමෙන් කතාවේ අවසානය දක්වා තිබීම මනායැයි නොකිය හැක්කේ ය. 158 වැනි කවෙන් ‘විසී බෝසත් තුමා මනනද’ කියා එක්බිති කවෙන් ‘පුරා පෙරුමන් දස - ගෙවා සිවු අසෙකි කප් සුවහස’ බුදු වී යැයි දහම්සොඬ නිරිඳු සම්බන්ධයෙන් පැවැසීම ද දහමට අනුකූල නොවේ. එසේ බුදුවූයේ සුමෙධ බෝසත්තුමා බැවිනි. අලගියවන්නයන් සුභාෂිත කවෙහි ලා සිය පියාගේ දැනුම පිළිබඳ ව කීයේ විජම්පෙළ මැනැවින් හසළ පඬිවරයකු වූ බව පමණි. ඔවුන්ගේ යැයි පළ පොතෙක් ද නැති. සෝරත හිමියන්ගේ සංස්කරණයෙන් 1955 දී පළකොට ඇති දහම් සොඬ කවෙහි කිව 163ක් වෙයි. කවි 200කින් යුත් දහම් සොඬ දා කවක් ද කතා පුවතෙහි මඳ වෙනසක් ද පෑ කවි 120කින් යුත් දහම්සොක්ෂ දා කවක් ද හියු නෙවිල් මහතාට ලැබී ඇති බව සඳහන් වෙයි. වැඩි හරියක් කෙටි කවි වූ මෙහි වෘත්ත කීපයෙක දික් කවි ද අතරෙහි යොදා තිබේ. සාමාන්‍ය ජනයා සඳහා කළ දහම් කවක් හැටියට මෙය ප්‍රයෝජනවත් බව කිව යුත්තේයි.
(කර්තෘ: ඩී.සී. දිසානායක: 1961)
(සංස්කරණය නොකළ)