ද්වත්තිංසාකාරය
සමසතලිස් කර්මස්ථානයන් අතුරෙහි දස වැදෑරුම් අනුසත්තීන්ගෙන් එකක් වූ කායගතාසිතය 'ද්වත්තිංසාකාරය' යන නමින් පළවෙයි. පටිඤඤලමනාසිකාර (පිළිකුල් භාවනාව) යනුවෙන් ව්‍යවහාර වනුයේ මෙය මැය. “පුනඞපරංභික්ඛවේ භික්ඛු ඉමමෙවකායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා කචපරියන්තං පූරං නානපස්කා රසමය අසුචිනො පඛමවෙ කංතති. අතව් ඉමසමිං තායෙ කෙසා ලොමා චුත්තං"යි මත්ථලුංගය අට්ටේ විඥාජයෙහි සංග්‍රහ කොට පටිකකුල මනසිකාර වශයෙන් වදාළහ. එනම් මහණෙනි, යොගාවචර මහණ පා තෙලෙන් මතු කෙසගින් යට සම්න්වටවී සිටියා වූ වැදෑරුම් අසූචියෙන් පිරුණු සතර මහා භූතයන්ගෙන් හටගත් බඹයක් පමණ වූ මේ කය මෙනෙහි කරන්නේ ය. (ඒ මෙසේයැ) මේ කයෙහි කෙස් ඇත. ලොම් ඇත. නිය, දත්, සම්, මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත අක්මා දළඹුව බඩදිව, පපුමස, අතුණු, අතුණුබහන්, නොපැසුණු අහර පැසුණු අහර පින් සෙම් සැරව ලේ සෝදිඹ මේද තෙල්, කදුළු, වරුණු තෙල්, කෙළ මුකුණු (සොටු) සඳමිදුළු මූත්‍ර, ඇතැයි මෙනෙහි කරන්නේ ය. තව ද මේ කයෙහි කවර ලෙසකින් බැලුවද මුතු මැණික් ආදි සාර වස්තුවක් හෝ අගිල් කොකම් කපුරු ආදී දැයක් හෝ නොදනී. වැලි අතිශයින් දුඟද වූ පිළිකුල් කටයුතු නිදර්ශක වූ කෙස් ලොම් ආදී ප්‍රභේද ඇති දෙතිස් වැදෑරුම් අසූචිය ම ඇතැයි දකී. මේ ද්වත්තිංසාකාරය නම් වේ.
පිළිකුල් භාවනාව
ද්වත්තිසංකාර නම් වූ පටිඤඤලමනසිකාරය (පිළිකුල් භාවනාව) ඔහු කැමැති ආදි කම්මික කුල පුත්‍ර තෙමේ කම්මඨානදායක (කමටහන්දෙන) කල්‍යාණ මිත්‍රයකු කරා පැමිණ කර්මස්වනය උගත යුතුය. ගුරුවරයා විසිනුදු සත්වැදෑරුම් උද්ග්රහකෞශල්යයද දසවැදෑරුම් මනසිකාර කෞශල්‍යය ද (හෙවත් උද්ග්රහවිධි හා මනසිකාරවයි) කිව යුතුය. එහි වචනයෙන් සිතින් වර්ණ වශයෙන් සටහන් වශයෙන් දිසා වශයෙන් අවකාස වශයෙන් පරිඛ්යෙර වශයෙන් නැයි සත් පරිද්දෙන් උග්රහවිධි වෙයි. පිළිකුල් භාවනාව කරන යොගාවචරයා ත්රිපිටකධරයෙක් වුව ද ඔහු පළමු කොට භාවනා පාළිය වචනයෙන් කියමින් හදාළ යුතුය. කිසිවකුට වචනයෙන් හදාරත්ම කමටහන ප්‍රකට වෙයි. එහෙයින් ආචාර්ය විසින් පළමුකොට වචනයෙන් හදාරවයි කිව යුතුය. හදාරනුයේ ද තචපඤචකොදි කොටස් වෙන්කොට අනුලෝම පටිලෝම වශයෙන් හදාළ යුතුය. භාවනා පෙළ මෙසේ ය. කේසා ලෝමා නඛා දන්තා තචෝ යි තචපඤචාංගය අනුලෝමයෙන් කියා යළි පටිලෝමයෙන් තචෝ දන්තා නඛා ලෝමා කේසා යි කිය යුතුය. අනතුරුව චක්කපඤචකයෙහි “මං සං නහාරු අට්ඨී අට්ඨිමිඥජා වක්කං” යි අනුලෝමයෙන් කියා යළි පටිලෝම වශයෙන් වක්කං, අට්ඨිමිජ්ජා, අට්ඨි නහාරු මංසං තචෝ, දන්තා, ලෝමා කෙසා, යි” කියා යුතුය. පපඵාස පඤ්ඤකයෙහි හදයං යකනං කිලෝමකං පිහකං පප්ඵායිසං” යි කියා යළි පටිලෝම වශයෙන් පප්ඵාසං පිහකං තිලෝමකං, යකනං, හදයං වක්කං අට්ඨි මිඤ්හ් අටඨි නහාරු මංසං තචෝ දන්තං නඛා ලෝමා කේසා යයි කිව යුතුයි. අනතුරුව මේද ජක්කයෙහි පිත්තං සෙමහං පුබ්බේ ලෝහිත සේ දෝ මේදො යි අනුලෝම වශයෙන් කියා යළි පටිලෝම වශයෙන් මේදෝ, සේදො, ලොහිතං, පුබ්බෝ සෙමහං පිත්තං මත්තලුංගං කරීසං උදරීයං අන්තගුණං අන්තං පප්ඨාසං පිහකං කිලෝමකං යකනං හදයං වක්කං අට්ඨි මිප්ඥං අට්ඨි නහැරූ මංසං තුචෝ දන්තං නඛා ලෝමා කේසා” යි කිය යුතු ය. අනතුරුව මුත්තං ජක්කයෙහි අස්සු වසා ඛේලො සංඝානිකා ලසිකා මුත්තං යි අනුලෝමයෙන් කියා යළි පටිලෝමයෙන් මුත්තං ලසිකා සංඝානිකා මෙලෝ වසා අස්සු මේදෝ සේදෝ ලෝහිතං පුබ්බේ සෙමහං පිත්තං මත්තලුංගං කරීසා උදරීයං අන්ත ගුණං අන්තං පප්ඵාසං පිහකං කිලෝමකං යකනං හදයං වක්කං අට්ඨිඤජා අට්ඨී නහාරු මංසං තචෝ දන්තං නඛා ලෝමා කෙසා යි අග සිට මුල දක්වා පටිලෝමයෙන් කිය යුතුය. මෙසේ සියක්වර දහස් වර සියදහස්වර වචනයෙන් සජ්ඣායනා කළ යුතුය. වචනයෙන් කරන අභ්යාසයයෙන් ම කමටහන්පෙළ පුහුණු වෙයි. සිත ඔබිනොබ ගොස් නානා ලබෙනයෙහි නොදිවෙයි. ඒ ඒ කොටස්හු ප්‍රකට වෙයි. යළි වචනයෙන් මෙන්ම සිතිණුදු සධ්යාය කිව යුතුය. සිතිය යුතුය. බොහෝ කලක් වචනයෙන් පුහුණු කළ කමටහන් පෙළ සිතින් මෙනෙහි කරන්නට එය මුල පටන් අග දක්වා නොපැකිළ නිරතුරුම වැටහෙයි. සිතින් කරන සධ්යාය අශුභ ලක්ෂණ ප්‍රතිවේධයට ප්‍රත්‍යය වේ.
යළි කෙසාදි කොටස් පිළිබඳ වර්ණය ද ඔවුන්ගේ සටහන් ද නිශ්චය කළ යුතුය. ශරීරයෙහි නාභයෙන් උඩ කොටස උපරිම දිසාම යයි ද යටි දිසාව හෙට්ඨම දිසාව යයි ද ගෙන කෙසා දි ඒ ඒ කොටස් අසුවල් තැන පිහිටියේ යයි අවකාශ වශයෙන් දකිනතුරු මෙය කළ යුතුය. එසේ ම සතාස විස භාගවයෙන් ද සැලකිය යුතුයි. මෙසේ සත් පරිද්දෙන් උද්ග්රහකෞශල්යය ගෙන දක්ෂ පරිද්දෙන් මනසිකාර කෞශල්‍යය ද ලබාගත යුතුය.
(1) මනසිකාර කෞශල්‍යය නම්, සජ්ඣායනා අවස්ථායෙහි පටන් අනුපිළිවෙලින් මෙනෙහි කිරීමය. (2) ඉතා සීඝ්‍රව මෙනෙහි නොකිරීමය. (3) ඉතා සෙමින් මෙනෙහි නොකිරීමය. (4) කමටහන හැර රූපාදී නානාල ම්බනයෙහි සිත නොයෙදීමය. (5) කෙසාදී ප්රඥප්තිය හැර ප්‍රතිකුල වශයෙන් සිත පිහිටුවීමයි. (6) නොවැටහෙන කොටසක් වෙත්නම් හැර දමා වැටහෙන කොටස පුන පුනා මෙනෙහි කිරීමයි. (7) කේසාදී ඒ ඒ කොටසෙහි අර්පණ වශයෙන් යෙදීමයි. (8) අධිචිත්තසූත්රය (9) සීතිභාව සූත්‍රය (10) බොජ්ජඞග කෞශල්‍යය යන තුන් සූත්‍රයන්ගේ වශයෙනැයි මෙසේ දස අයුරින් මෙනෙහි කිරීමෙහි සමර්ථ විය යුතුය. විසුද්ධිමග්ගයෙන් හෝ සමොමාන චකනාදතියෙන් විස්තර දත යුතුය.
කෙසාදි දෙතිස් කුණපකො ටඨාසයෙහි වණ්ණ - සණ්ඨාන ගන්ධ ආසය මකාස වශයෙන් පිළිකුල් බව මෙනෙහි කරන යොගාවචරයාහට උපහාර පිණිස පුරාණ ඇදුරුවරයන් විසින් පිළිකුල් භාවනා සන්නය අවශ්‍ය කරුණු සංග්‍රහ කොට සියබසින් සකස් කරන ලද්දේ ය. ඉවස්මිංකායේ මේ කයෙහි කෙසා - ගලවළයෙහි පටන් නළල හිමි කොට දෙකන් සිළුයෙහි උඩ හිස් කබල පිට පිහිටියා වූ සම විට කළු ලිහිණිය පැහැ පදුරක් මෙන් අඩු තුන් කෙළක් කේශයෝ අත්වි - ඇත. ලොමා - අතුල් මිස සෙසු සියලු කයබද කළුපිගුවන් පැහැ ඇති තල්මුලක් බදු වූ නවානු දහසක් ලෝමෙයෝ ද නඛා - ඇගිලි අග පිහිටියා වූ කුණු මස්හි පිළිපොදු බදු විසින් ය පොත්තෝ ද දත්තා - මැටියා ජානෙක හිදවනු ලැබූ බීජ පෙළක් මෙන් දෙනිකඩෙහි හටගත් දත් ඇට දෙතිසෙක් ද තචො - දඹුරුවක් වසාලූ සුදු සම් සැට්ටයක් මෙන් මේ දුර්මාංසය වසා තිබෙන්නා වූ තච නම් සමෙක් ද මංසං - දඩු බිකෙක්හි දුන් සැර මැටියක් මෙන් ඇටසැකිල්ල වසා සිටිනා වූ නවසියක් මස් පිඩු ද නහාරු - කොළසැලුණු මිහිදු මඩවැල් කැදැල්ලක් මෙන් ඇට සම් වැළඳ සිටිනා වූ නවසියයක් නහර ද අට්ඨි - උඩින් නොසොයා මැටි නොගසා තිබෙන්නා වූ ගෙමැදිරියක් මෙන් ඇග ඇතුළෙන් සිටිනා තුන් සියයක් ඇට සහල ද අට්ඨ මිඤ්ඡා - ඉදීගිය මේ බඩයක් මෙන් ඇට කුළල් පුරා සිටිනා තුන් සියයක් ඇට මිදුලු ද වක්කං - ගලවළුයෙහි නික්ම එක නටුයේ ඵලගත් විලිකුන් අඹ දෙකක් මෙන් දෙතන මැද සිටිනා වූ වකුගඩුවෙක් ද හදයං - පිටපොත්ත හළුවා වූ රත්නෙළුම් කැකුලක් මෙන් හදවත වැතිර සිටිනා වූ හෘදය මාංසයෙක් ද යකනං - හෘදය මාංසයට දකුණු භාගයෙහි රත් කොබෝලීල පතෙක ආකාරයෙන් හි වූ නිවුඩු පිටියෙන් කළා වූ පුවක් නොසම කොට කැඩුවාක් මෙන් සිටිනා වූ අක්මා වෙක් ද කිලොමකං - ඒ අක්මා පපුව වසා සිටිනා වූ හෙළ දුහුලක් මෙන් දළඹුවෙක් ද පිහකං - ඒ හෘදමාංසියෙහි වම්හාගයෙහි කළු වස්සකුගේ දිවක් මෙන් හදවත වැතිර සිටිනා වූ බඩ දිවෙක් ද පපඵාසං - සැතිව එළෙන්නා වූ පිළිකුල් කරන පපුවෙක් ද අන්තං - ගලවළුයෙහි පටන් අධොමාර්ගය දක්වා රන්දෙණෙක හොත්තා වූ ඉස්, වල්පත් නැති ඇළි ගැරඬියෙකු මෙන් එක්විසි තැනෙකින් නැමී තිබෙන්නා වූ ස්ත්රීන්ට අටවිසි රියනක් හා පුරුෂයින් දෙතිස් රියනක් වූ බඩවැලෙන් ද අන්ත ගුණං - එක්විසි තැනෙකින් නැමී තිබෙන බඩවැල පාපිස්නා බිස්සක් වෙළු ලනුවක් මෙන් අතුරු නොදී එපිට මෙපිට නොයන ලෙස බැන්දා වූ අතුණු බහනෙක් ද උදරීයං - පෙරහන් කඩෙක ලූ සහලක් මෙන් කෑ අහර පුරා සිටිනා වූ උදරයෙන් ද කරීසං පෙකණියෙන් යට අධොමාර්ගයෙන් උඩ අටගුලක් පමණ වසකට මුව දක්වා හුණු කුලෙලක බහාලූ පඩුවන් මැටියක් මෙන් පුරා සිටිනා වූ අසූචි ද පිත්තං - අක්මා පපුව දෙයතුරෙහි මිදීගිය ගිතෙල් වැත්තක් වැටකොලු ඵලයෙක පිරුණක්හු මෙන් පුරා සිටිනා ව පිත්කෝෂයෙන් ද සොමහං - උදරපටලයෙහි පටන් උගුර දක්වා කෑලිය පොත්තෙක් බෙලසුලක් මෙන් උගුර සිටිනා වූ සෙලෙස් මායෙන් ද පුබ්බේ - කණු කටු පහළ තැන්හි ද ගඩ පොළ ආදී තැන්හි ද කුණු මෙරමඩ වන් ලේ පැසුණු සැරව ද ලොහිතං - මසින් ඉතිරූ කෙස් ලොම් නිය දත් මස සෙසු සියලු කයතුළෙන් හැසිර සිටිනා වූ ඉසිර සිටිනා වූ පැතිර සිටිනා වූ ලේ ද සේදො - නවමු වළදෙක වත්කළ දියක් පිටින් වසින්නාක් සේ නවානු දහසක් ලෝමකූපයෙන් පිටත්වන්නා වූ සෝදිය ද මේදො - කසා රැදූ රෙද්දක් දෙතුන් වැටි කලාක් මෙන් සම් මස් දෙකට අතුරෙහි සිටිනා වූ මේ ද නම් තෙල් ද අස්සු - ඇස්ස කප පීපු තල් වෘක්ක වැසාදිය පුරාගත්තාක් මෙන් ඇස්දෙක පුරා සිටිනා වූ කදුළු ද වසා - බතින් පෙරූ කැදිත්තක් පිට ඉසි තෙලිත්තක් මෙන් ගිනි අවි ආදියෙන් උණුසුම් ලැබීමෙන් අතුල් පතුල් මෙන් නාසා දසුරු ආදී තැනින් පවත්වන්නා වූ වුරුණු නම් තෙල් ද ඛේලෝ - ආහාරයක් දුටු කල්හි ද අසන කල්හි ද ඝනව බැදපු විලයෙක් මැඩි පෙණක් සේ දෙකොපුල් බිතින් වන්නා වූ කෙළඳ සිඕඝානිකා - දොම්නස් කල්හි තිස්මුල් සිදුරු තැන ලුණු බෙල්ලෙක ලූ දියත්තක් මෙන් නාසා පිරුණු සොටු ද ලසිකා - එක්සිය අසූවත් සන්ධි තැන කිණිහිරි කදෙක පහළ තැනෙකින් බස්නා මැලිමෙන් සන්ධි අතුරෙහි සිටිනා වූ සඳ මිදුලු ද මුත්තං - තමා තිබූ කුඹුයෙක වත්කළ කරදියත්තක් මෙන් විතක්පුළා පිරුණු මුත්‍රා ද මත්ථල්ඛහං - දැදුරු ලැබූ ඵලයෙක පිරුලා දිවි වැත්තක් මෙන් හිස් කබල පුරා සිටිනා වූ හිස් මුල් ද වුවසම්ංකාසෙ - මේ ශරීරයෙහි අතථි ඉති - ඇතැයි කියන ලද දෙතිස් කුණප කොට්ඨාශයෙන් මැ නිමියාවූ මේ ශරීරය මුත්තකින් මැණිකකින් මරාවතින් පබඵයෙකින් රනකින් රිදියකින් නිමියේ නොවෙමි. ඇටින් සමින් නහරින් මඩින් ලෙහෙයෙන් පූජාවෙන් හිදයෙන් කදුලෙන් සෙමින් පිතින් වටිනින් අසූචියෙන් හිස කෙහෙයෙන් රෝමයෙන් නියෙන් දතින් සමින් වකුගඩුයෙන් හදමසින් අක්මාවෙන් පපුවෙන් දලඹුවෙන් බඩදිවින් අකුණෙන් අතුණුබහනින් උදරයෙන් පැසුණු අහරින් නෙකුසුණු අතරින් ඇට මිදුලින් හිස් මුලින් නිමියේ ය. බලුබැංලුයේ අසාරය සිතුසිතුසේ පිළිකුල නුවණ නැතියන්ම යහපත්ව වැටැහෙන්නේ ය. බුදු ඇසිසුදු බලා සාරයක් නැති නිසා හැම ලෙසින් මැ අසාරව සිටියේ ය.
පෙණ පිඩක් වැන්න දිය බුබුළක් වැන්න. ඉන්ද්රජාලයක් වැන්න. සිහිනෙන් දුටු රුවක් වැන්න. සුළං කඩක් වැන්න. දෝලා කෙළියක් වැන්න. දර්පණ රූපයක් වැන්න. අනිත්‍යය, නොසැබෑය. දුර්ගන්ධයට ආධාරය අසූචියට පාත්‍රය මුත්‍රයට භාජනය අඩක් වැන්න. පොළක් වැන්න. රෝගයක් වැන්න. ඇවිදිනා අසූචිපිඩක් වැන්න. තෙමේ තමහට විෂය තෙමේ තමහට ගිනිය. ඇතුළෙහි අසූචි පුරා පිටින් සිතියම් කළ මැටි කළයක් වැන්න එක දවසක් නොනෑව නොඉළුව දත් නොමැන්ද බුලත් නොකෑව තෙමේ තමහට අසූචි වළක් මෙන් වැටහෙයි. තන්හි කලාදුරු ලෙසින් සිටි අසූචිය ඇස්හි කබ ලෙසින් සිටි අසූචිය නාසයෙහි සොටු ලෙසින් සිටි අසූචිය දත්හි මැලියම් ලෙසින් සිටි අසූචිය වටන් ලෙසින් වෑහෙන්නා වූ අසූචිය ස්වභාවයෙන් අධොමාර්ගයෙන් වෑහෙන්නා වූ අසූචිය යන මේ අසූචියෙන් අතුරෙක් නැත්තේ ය. රෝගයට ආකාරය, උපද්‍රවයට ආකාරය, අදනස්සි මෙයට නස්සි යන නිමෙක් නැත්තේ ය, මේ ආදී වූ මවුකුස් මහා නරකයෙහි විදිනා දුකට කාරණාව සිටියේ ය. ඝෝවූ ජරා දුකට පිහිටව සිටියේ ය. මරණටුවෙහි විදිනා වූ මරණ දුකට පිහිටව සිටියේ ය. තමාගේ පිළිකුළ තමා මැ ඉවසිය නොහැකි දුර්ගන්ධ අත්තේ ය. මළ එක සවසකුදු ගෙහි ලැග්ග ලැගි ගෙය අමුසොහොනක් මෙන් වැටැහෙන්නේ ය. නරක පිළිකුලට නිධානව සිටියේ ය. නොදක හැක්ක නොසිතිය හැක්ක එසේ වූ ශරීරය නිසා පවත්නා සිත මුත් මමය මාගේ ය යන ආත්මයෙක් නැත්තේ ය. එසේ හෙයින් මේ ශරීරයත් චිත්තයත් නැතිව නැති වන හෙයින් අනාත්මයයි නුවණින් දන්නා වූ ස්ත්‍රී පුරුෂයන් විසින් මේ අනිත්‍ය ලකුණු මෙනෙහි කොට භාවනා වඩා නිවන් දකින්නට උත්සාහ ගත යුතුය.
(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි)
(සංස්කරණය නොකළ)