මාවෙල රජමහා විහාරය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පැරණි විහාර අස්නෙහි සඳහන් වන මාවෙල රජමහා විහාරය පිහිටියේ කොළඹ-නුවර මහාමාර්‍ගයේ 60-61 සැතපුම් කණු අතර පිහිටි කඳු බෑවුමක ය. ගල්ලෙන් ගණනාවකින් යුක්ත මේ පැරණි විහාරය කන්දේ ලෙන් විහාරය නමින් ද හැඳින්වේ. ගම්පළ රාජධානිය කොටගත් සඩ වන බුවනෙකබාහු (ක්‍රි.ව. 1341-1351) රජුගේ කාලයෙහි හෙනකඳ බිසෝ බණ්ඩාර විසින් අටළොස් රියන් සැතපෙන බුදු රුවකින් යුත් මේ විහාරය කරවූ බව කියනු ලැබේ. චෛත්‍යය පිහිටියේ ද ගල්ලෙනක් තුළ ය. සංඝයාවාසයද ලෙනකි. මල්වතු විහාර පාර්‍ශවයේ මහානායක හිමිගේ පාලනය යටතේ පවත්නා තැනකි.

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)

(සංස්කරණය නොකළ)