මොග්ගල්ලායන පඤචිකා
මාගධසද්දාලක්ඛණ සඞඛ්‍යාත මොග්ගල්ලායන වෘත්තියට ලියන ලද ටීකාව ය. මෙය කිසි තැනෙක ‘පඤචිකා’යී ද අන් තැනෙක ‘මොග්ගල්ලායන වෘත්ති විවරණ පඤචිකා’යී ද ව්‍යවහාර කොට තිබේ. පාලි භාෂාවේ ව්‍යාකරණයන් අතුරෙහි අතිශ්‍රේෂ්ඨ ව්‍යාකරණය වූ 'මොග්ගල්ලායන සද්දලක්ඛණය’ රචනා කළ මහා වෛය්යකරණ මෞද්ගල්‍යායන ආචාර්‍ය්‍යපාදයෝ මොග්ගල්ලායන සූත්‍ර පාඨය හා වෘත්තිය ද රචනා කොට ස්වකීය ව්‍යාකරණයෙහි ටීකාව ද අනන්යකර්තෘක නොවනු සඳහා තමන් වහන්සේ විසින් ම එහි සංක්ෂෙප වර්ණනාව වූ මේ පඤ්චිකාව ද රචනා කරන ලද්දේ ය. එහෙයින් මෙය මොග්ගල්ලායන වෘත්ති රචනාවට අනතුරුව දොළොස් වැනි සියවසේ දී ම ලියන ලද්දේ විය. ප්‍රමාණ වශයෙන් ග්රන්ථාවසානයෙහි “සමන්තාචායං මොග්ගල්ලායන පඤචිකා වීසතිභාණ වාරෙහි”යී සඳහන් කළ හෙයින් බණවර විස්සක් (20) පමණ වේ.
මොග්ගල්ලායන ව්‍යාකරණය පරිපූර්ණ ශාස්ත්‍රයක් වුව ද අර්ථවශයෙන් ගැඹුරු බව අනුබන්ධ බහුල බව යනාදිය හේතු කොට ගෙන අරවබොධ වූවාක් මෙන් ම මේ පඤචිකාව ද සංක්ෂිප්තභාවය ද ශාස්ත්රාන්තරනයින් ගැවසී ගත් බව ද දුරවබොධ බව ද හෙතු කොට ගෙන භාවිතයෙන් ඈත් විය. ශ්‍රී රාහුල සඞඝරාජයන් විසින් ද පඤචිකාප්රදීපාරම්භයෙහි “ව්යාඛ්යාතූන මකොසල්ලා නාධීත විරමන්තරෙ සාටිකාය වි දුබෙබාධා සත්ථන්තරනයාකුලා” යනු කියන ලද්දේය.
එයින් ම පඤචිකාවට ටීකාවක් තුබූ බව ද ඒ ටීකාවෙහු ද පඤ්චිකාව සුබොධ නොවූ බව ද පැවැසෙයි. මුගලන් මාහිමියෝ පඤ්චිකා රචනාවෙහි දී එවකට පැවැති කච්චායනා, මුඛමන්ත දීපනී, රූපසිධි, චූලනිරුත්ති, මහානිරුත්ති, නිරුත්ත පිටක, මාගධිකසද්දකාලිකා ආදි පාලි ව්‍යාකරණ ග්රන්ථ ද පාණිනී, චාහුකාත්යායන, මහාභාෂ්‍ය, ලසුවෘත්ති ආදි සංස්කෘත ව්‍යාකරණ හා න්‍යාය වෛශෂිකාදී ශාස්ත්‍රයන් ද ඇසුරු කළ බව පැහැදිලි ය. ලොකයෙන් අතුරුදහන් වී යයි බොහෝ දෙනකු සැලකූ මොග්ගල්ලාය පඤචිකාව විද්යාලඞකර මහාවිද්‍යාලය මඟින් ප්‍රකාශයට පැමිණියා දැන් විද්වතුන්ගේ මනදොළ පුරමින් පවත්නී ය. බුරුමරට පඬිවරු පඤචිකාව ප්‍රකාශයට පැමිණීමෙන් කොපමණ තෘප්ත වූවාහු ද යත් ලක්දිව පඤ්චිකාව ප්‍රකාශ වීමත් සමඟම බුරුම අකුරෙන් එරට මොග්ගල්ලායන පඤචිකාව මුද්‍රණය වුවා පමණක් නොව එය ලොවට හෙළිකල ‘විද්යාලඞකාර’ පිරිවෙනට බුහුමන් සඳහා “මණිලේ” නගරයෙහි ‘විද්යාලඞකාර’ නමින් මහා විහාරයක් ද ගොඩනැඟුණේ ය.
දඹදෙණි රාජ්‍ය සමයෙහි වැඩ විසූ ශ්‍රී සඞඝරක්ෂිත මහා ස්වාමීන් විසින් පඤ්චිකාවට ලියන ලද ටීකාවක් ද විය. මේ මහා ස්වාමීන් විසින් ම මොග්ගල්ලායන ව්‍යාකරණයට උපකාර වූ සුසද්දසිධි නම් ප්‍රකරණයක් ද රචනා කළ බව සඳහන් වේ. මේ පොත් දෙක ම අභාවයට නොගියේ නම් තවමත් සැඟවී ඇති හෙයින් ඒ පිළිබඳ සටහනක් දැක්විය නොහැක්කේ ය.
පඤචිකාප්රදීප නාමයෙන් මොග්ගල්ලායන පඤ්චිකාවට සිංහලයෙන් ලියන ලද ග්රන්ථ පදයෙක් ද වේ. ෂඩ්භාෂා පරමේශ්වර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය්ය ශ්‍රී රාහුල සඞඝරාජයන්ගේ ඥාන මුත්තිය වූ මේ ග්‍රන්ථය වෙන ම හැඳින්වේ. මෙසේ මේ මොග්ගල්ලායන පඤචිකාව, පඤචිකාටීක, පඤචිකා ප්‍රදීප යන ග්රන්ථඞයකින් පරිවෘත ව මුගලන් වියරණට එළිය දෙමින් පවතී.
(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි: 1956)
(සංස්කරණය නොකළ)