වොෂිංටන් අ'විං
(Washington Irving) (1783-1859). ස්වදේශයෙහි පමණක් නොව විදේශයන්හි පවා කීර්තියට පත් පළමුවැනි ඇමරිකන් ජාතික ලේඛකයා වූ මෙතෙම 'රිප් වැන් වින්කල්' වැනි ජනප්‍රිය සාහිත්යික චරිතයන්ගේ නිර්මාතෘවරයාය.
නිව්යෝක් නගරයෙහි ජන්මලාභය ලැබූ වොෂිංටන් අ'විං යකඩබඩු වෙළෙන්දකුගේ පුත්‍රයෙකි. කුඩා කල පටන් ම පද්‍ය නිබන්ධනයන් සහ භ්‍රමණ වෘත්තාන්ත කියැවීමට දැඩි ආශාවක් දැක්වූ ඔහු නීතිය හැදෑරීමෙහි යෙදී සිටින අතර වැලඳුණු රෝගයක් නිසා ඉගෙනීම අත්හැර දමා යුරෝපාසංචාරයක යෙදුණේය.
1902 දී ඔහු විසින් 'ජොනතන් ඔල්ඩ්ස්ටයිල් ජෙන්ට්' නම් ආරූඪ නාමයෙන් 'නිව්යෝක් මෝනිං ක්‍රොනිකල්' නම් පත්‍රයට ලියන ලද ලිපි පෙළ ඔහුගේ ප්‍රථම සාහිත්යික රචනා වශයෙන් සලකනු ලැබේ. යුරෝපා සංචාරයේ දී ඔහු ප්රංසය, ඉතාලිය, එංගලන්තය යන රටවලට ගොස් ඒ ඒ රටවල විශිෂ්ට පුද්ගලයන් හඳුනා ගනිමින් කලාව, සාහිත්‍යය සහ යුරෝපීය චාරිත්රවරිත්රයන් සම්බන්ධයෙන් ද මනා දැනීමක් ඇති කර ගත්තේය.
එංගලන්තයේ දී සර් වෝල්ටර් ස්කොට්, බයිරන් සාමි කිවියා ආදීන් සමඟ සමීපාශ්රයට වැටුණු අ'විං ජන ගීතකථා, නාට්‍යාදිය කෙරෙහි සිය අවධානය යොමු කරන්නට වූයේය. 1819-20 දී ඔහු පළකළ ස්කෙච් බුක් (Sketch Book) නම් පොත් පෙළෙහි මුල් කාණ්ඩයේ 'රිප් වැන් වින්කල්' ආදි ජනප්‍රිය කථා ඇතුළත් විය.
(සංස්කරණය: 1965)