"අංකෙන්ද" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
1 පේළිය: 1 පේළිය:
[[ගොනුව:8.jpg|400px|left]][[ගොනුව:9.jpg|400px|right]]අක්‍රොනිකියා පෙඩුන්කුලාටා - Acronychia pedunculata (L.) Miq යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන, මුහුදු මට්ටමේ සිට අඩි 5,000ක් පමණ උස ඇති තෙත ප්‍රදේශවල බහුලව වැවෙන ශාකයකි. නැගෙනහිර බෙංගාලය, ඉන්දියාවේ නිරිත දිග ප්‍රදේශය, ජාවා, සුමාත්‍රා සහ වියට්නාම් ආදි ප්‍රදේශවල ද මේ ශාකය වැවේ.
+
[[ගොනුව:8.jpg|400px|left]][[ගොනුව:9.jpg|400px|right]]අක්‍රොනිකියා පෙඩුන්කුලාටා [Acronychia pedunculata (L.) Miq] යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන, මුහුදු මට්ටමේ සිට අඩි 5,000ක් පමණ උස ඇති තෙත ප්‍රදේශවල බහුලව වැවෙන ශාකයකි. නැගෙනහිර බෙංගාලය, ඉන්දියාවේ නිරිත දිග ප්‍රදේශය, ජාවා, සුමාත්‍රා සහ වියට්නාම් ආදි ප්‍රදේශවල ද මේ ශාකය වැවේ.
  
මෙය රුටාසේ කුලයටඅයත් වූ සිනිඳු පොත්තක් ඇති විශාල නොවූ ගසකි. රිකිලි සිනිඳුය. කොළ අඟල් 3 සිට 5 දක්වා දිගය, සිනිඳුය, දීප්තිමත්ය, අණ්ඩාකාරය. කොළ සම්මුඛය (ooposite). ඇතැම් කොළ ඒකාන්තරය (alternate). කොළ දාරය සම්පූර්ණය. දික් වූ මංජරී වෘන්ත ඇති සමතල (cormbose) බහු-අක්ෂයන්හි (cymes) ප්‍රමාණයෙන් අඟල් ¾ ක් පමණ වූ කහ පැහැයක් ඇති සුදු පාට මල් හට ගනී. දල පාදයෙහි ඇතුල් පැත්ත බූ සහිතය. රේණු දලවලට වඩා කොටය. කීලය (style) ඉතා කොටය. ඵලය නොපැළෙන ගෝලාකාර අෂ්ටිලයකි (drupe). අඟල් ½ සිට ¾ දක්වා දිගය, තරමක් ගෝලාකාරය, සිනිඳුය.
+
මෙය රුටාසේ කුලයට අයත් වූ සිනිඳු පොත්තක් ඇති විශාල නොවූ ගසකි. රිකිලි සිනිඳු ය. කොළ අඟල් 3 සිට 5 දක්වා දිග ය, සිනිඳු ය, දීප්තිමත් ය, අණ්ඩාකාර ය. කොළ සම්මුඛ ය (opposite). ඇතැම් කොළ ඒකාන්තර ය (alternate). කොළ දාරය සම්පූර්ණ ය. දික් වූ මංජරී වෘන්ත ඇති සමතල (cormbose) බහු-අක්ෂයන්හි (cymes) ප්‍රමාණයෙන් අඟල් ¾ක් පමණ වූ කහ පැහැයක් ඇති සුදු පාට මල් හට ගනී. දල පාදයෙහි ඇතුල් පැත්ත බූ සහිත ය. රේණු දලවලට වඩා කොට ය. කීලය (style) ඉතා කොට ය. ඵලය නොපැළෙන ගෝලාකාර අෂ්ටිලයකි (drupe). අඟල් ½ සිට ¾ දක්වා දිග ය, තරමක් ගෝලාකාර ය, සිනිඳු ය.
  
මේ ‍ශාකයේ මේ කොටසට තැළුවහොත් හෝ පොඩි කළහොත් එයින් ට'පන්ටයින්වල වැනි සුවඳක් පැතිර යයි. ලීය තරමක් බරය, ළා කහ පාටය.‍  
+
මේ ‍ශාකයේ යම් කොටසක් තැළුවහොත් හෝ පොඩි කළහොත් එයින් ට'පන්ටයින්වල වැනි සුවඳක් පැතිර යයි. ලීය තරමක් බර ය, ළා කහ පාට ය.‍  
  
අංකෙන්ද පොතු හා කොළ කැඩුම් බිඳුම් වෙදකමට ද ගෙඩි වෙදකමට හා හරක් වෙදකමට ද ගනු ලැබේ. තෙලිදිය පැසීම වැළැක්වීමට හල් පොතු දමන්නාක් මෙන් ඇතැම් පළාත්හි පැණි මුල්වලට අංකෙන්ද පොතු හෝ අංකෙන්ද කොළ හෝ දමන සිරිතක් ඇත්තේය. ඉන් බලාපොරොත්තු වන්නේ පැණියෙහි පැසීම වළක්වා ඉක්මනින් වැලිහකුරු සෑදෙන්නට සැලැස්සීමය.
+
අංකෙන්ද පොතු හා කොළ කැඩුම් බිඳුම් වෙදකමට ද ගෙඩි වෙදකමට හා හරක් වෙදකමට ද ගනු ලැබේ. තෙලිදිය පැසීම වැළැක්වීමට හල් පොතු දමන්නාක් මෙන් ඇතැම් පළාත්හි පැණි මුල්වලට අංකෙන්ද පොතු හෝ අංකෙන්ද කොළ හෝ දමන සිරිතක් ඇත්තේ ය. ඉන් බලාපොරොත්තු වන්නේ පැණියෙහි පැසීම වළක්වා ඉක්මනින් වැලිහකුරු සෑදෙන්ට සැලැස්සීම ය.
  
 
(සංස්කරණය:1963)
 
(සංස්කරණය:1963)
  
 
[[ප්‍රවර්ගය:අ]]
 
[[ප්‍රවර්ගය:අ]]

11:37, 18 ඔක්තෝබර් 2023 තෙක් සංශෝධනය

8.jpg
9.jpg
අක්‍රොනිකියා පෙඩුන්කුලාටා [Acronychia pedunculata (L.) Miq] යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන, මුහුදු මට්ටමේ සිට අඩි 5,000ක් පමණ උස ඇති තෙත ප්‍රදේශවල බහුලව වැවෙන ශාකයකි. නැගෙනහිර බෙංගාලය, ඉන්දියාවේ නිරිත දිග ප්‍රදේශය, ජාවා, සුමාත්‍රා සහ වියට්නාම් ආදි ප්‍රදේශවල ද මේ ශාකය වැවේ.

මෙය රුටාසේ කුලයට අයත් වූ සිනිඳු පොත්තක් ඇති විශාල නොවූ ගසකි. රිකිලි සිනිඳු ය. කොළ අඟල් 3 සිට 5 දක්වා දිග ය, සිනිඳු ය, දීප්තිමත් ය, අණ්ඩාකාර ය. කොළ සම්මුඛ ය (opposite). ඇතැම් කොළ ඒකාන්තර ය (alternate). කොළ දාරය සම්පූර්ණ ය. දික් වූ මංජරී වෘන්ත ඇති සමතල (cormbose) බහු-අක්ෂයන්හි (cymes) ප්‍රමාණයෙන් අඟල් ¾ක් පමණ වූ කහ පැහැයක් ඇති සුදු පාට මල් හට ගනී. දල පාදයෙහි ඇතුල් පැත්ත බූ සහිත ය. රේණු දලවලට වඩා කොට ය. කීලය (style) ඉතා කොට ය. ඵලය නොපැළෙන ගෝලාකාර අෂ්ටිලයකි (drupe). අඟල් ½ සිට ¾ දක්වා දිග ය, තරමක් ගෝලාකාර ය, සිනිඳු ය.

මේ ‍ශාකයේ යම් කොටසක් තැළුවහොත් හෝ පොඩි කළහොත් එයින් ට'පන්ටයින්වල වැනි සුවඳක් පැතිර යයි. ලීය තරමක් බර ය, ළා කහ පාට ය.‍

අංකෙන්ද පොතු හා කොළ කැඩුම් බිඳුම් වෙදකමට ද ගෙඩි වෙදකමට හා හරක් වෙදකමට ද ගනු ලැබේ. තෙලිදිය පැසීම වැළැක්වීමට හල් පොතු දමන්නාක් මෙන් ඇතැම් පළාත්හි පැණි මුල්වලට අංකෙන්ද පොතු හෝ අංකෙන්ද කොළ හෝ දමන සිරිතක් ඇත්තේ ය. ඉන් බලාපොරොත්තු වන්නේ පැණියෙහි පැසීම වළක්වා ඉක්මනින් වැලිහකුරු සෑදෙන්ට සැලැස්සීම ය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අංකෙන්ද&oldid=3975" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි