"අක්ටිනොප්ටෙරිගි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
1 පේළිය: 1 පේළිය:
 
[[ගොනුව:29.jpg|400px|left]]උපමත්ස්‍ය වර්ගයෙකි. ([[පිස්කේස්]] බ.). තිත්තයා,  කාවයියා,  ආඳා,  හුරුල්ලා, පරාවා, බලයා,  තෝරා,  කෙලවල්ලා,  කොප්පරා,  සැමන්  සහ කොඩ් වැනි ඉතා සුලභ වූ ද කවුරුත් පාහේ දන්නා වූ ද මත්ස්‍යයෝ මෙම උපවර්ගයෙහි ඇතුළත් වෙති. මුන් හැර පාෂාණිභූත නොයෙක් මත්ස්‍යයෝ ද විකසනයෙහි මධ්‍යාවස්ථා දක්වමින් අවශිෂ්ටව ඇති මත්ස්‍යයෝ කීප දෙනෙක් ද මේ උපවර්ගයෙහි ම ලා ගැනෙති. දැනට ජීවත් වන මත්ස්‍යයන් අතුරෙන් අක්ටිනොප්ටෙරිගි උපවර්ගයට අයත් මත්ස්‍යයෝ ප්‍රධාන සේ සලකනු ලබත්. ඔව්හු කරදියෙහි පමණක් නොව මිරිදියෙහි ද බහුලය.
 
+
[[ගොනුව:30.jpg|400px|center]]
 
මේ උපවර්ගයෙහි මසුන්ගෙන් වර්තමාන යුගයට අයත් මත්ස්‍යයන් කෙරෙහි ජෝඩු වශයෙන් දක්නට ලැබෙන වරල්වල ව්‍යූහය හේතු කොට ගෙන අක්ටිනොප්ටෙරිගි යන නාමය ලැබී ඇත. කොන්ඩ්රික්තියෙස් වර්ගයට  අයත් මත්ස්‍යයන්ගේ ශරීරයෙහි ජෝඩු වශයෙන් තිබෙන වරල්වලටත් ශරීර බිත්තියෙන් පිටතට නෙරා යන කාටිලේජීය හෝ කටු සහිත හෝ පාදස්ථ ආධාරක ඇති වෙනත් මත්ස්‍යයන් ගේ වරල්වලටත් සමාන නොවන නූතන  අක්ටිනොප්ටෙරිගියන්ගේ වරල්වල මෙවැනි ආධාරක මුළුමනින් ම වාගේ පිරිහී තිබේ. තව ද ශරීර බිත්තියෙන් පිට තිබෙන වරල්දැල (fin wen) වරල් නාරටි (fin rays) පමණක් ආධාර කොට ගෙන පිහිටා සිටී.
 
11:43, 8 ජූනි 2023 තෙක් සංශෝධනය

29.jpg
උපමත්ස්‍ය වර්ගයෙකි. (පිස්කේස් බ.). තිත්තයා, කාවයියා, ආඳා, හුරුල්ලා, පරාවා, බලයා, තෝරා, කෙලවල්ලා, කොප්පරා, සැමන් සහ කොඩ් වැනි ඉතා සුලභ වූ ද කවුරුත් පාහේ දන්නා වූ ද මත්ස්‍යයෝ මෙම උපවර්ගයෙහි ඇතුළත් වෙති. මුන් හැර පාෂාණිභූත නොයෙක් මත්ස්‍යයෝ ද විකසනයෙහි මධ්‍යාවස්ථා දක්වමින් අවශිෂ්ටව ඇති මත්ස්‍යයෝ කීප දෙනෙක් ද මේ උපවර්ගයෙහි ම ලා ගැනෙති. දැනට ජීවත් වන මත්ස්‍යයන් අතුරෙන් අක්ටිනොප්ටෙරිගි උපවර්ගයට අයත් මත්ස්‍යයෝ ප්‍රධාන සේ සලකනු ලබත්. ඔව්හු කරදියෙහි පමණක් නොව මිරිදියෙහි ද බහුලය.
30.jpg

මේ උපවර්ගයෙහි මසුන්ගෙන් වර්තමාන යුගයට අයත් මත්ස්‍යයන් කෙරෙහි ජෝඩු වශයෙන් දක්නට ලැබෙන වරල්වල ව්‍යූහය හේතු කොට ගෙන අක්ටිනොප්ටෙරිගි යන නාමය ලැබී ඇත. කොන්ඩ්රික්තියෙස් වර්ගයට අයත් මත්ස්‍යයන්ගේ ශරීරයෙහි ජෝඩු වශයෙන් තිබෙන වරල්වලටත් ශරීර බිත්තියෙන් පිටතට නෙරා යන කාටිලේජීය හෝ කටු සහිත හෝ පාදස්ථ ආධාරක ඇති වෙනත් මත්ස්‍යයන් ගේ වරල්වලටත් සමාන නොවන නූතන අක්ටිනොප්ටෙරිගියන්ගේ වරල්වල මෙවැනි ආධාරක මුළුමනින් ම වාගේ පිරිහී තිබේ. තව ද ශරීර බිත්තියෙන් පිට තිබෙන වරල්දැල (fin wen) වරල් නාරටි (fin rays) පමණක් ආධාර කොට ගෙන පිහිටා සිටී.

සමහර අක්ටිනොප්ටෙරිගියන්ට කොස්මින් කොර පොතු වෙනුවට ගැනොයින් කොරපොතු තිබීම විශේෂ ලක්ෂණයකි. ටෙලෙයොස්ටෙයි ගෝත්‍රයට අයත් මත්ස්‍යයන්ට චක්‍රාකාර (cycloid) කොරපොතු හෝ තුඩු (ctenoid) කොරපොතු හෝ ඇත. මෑතදී පරිණාමයට පත් අක්ටිනොප්ටෙරිගියන්ගේ කොරපොතුවල මූලධාතු පිරිහී යෑමෙන් ඒවා ක්‍රමයෙන් වෙනස් වී තිබේ. තවද මේ කොරපොතු කොරොස් ද්‍රව්‍යයක් සාදමින් ක්ෂීණ වී යයි. සමහර මත්ස්‍යයන්ගේ කොරපොතු නැතිවී යන්ට පවා පුළුවන. ස්වල්ප දෙනෙකුන්ගේ ඇතුළු සැකිල්ල කාටිලේජීයය. බොහෝ දෙනකුන්ගේ ඇතුළු සැකිල්ල ඇට සහිතය. අක්ටිනොප්ටෙරිගියන්ගේ වල්ගය පළමුවෙන් විෂමාංශපුච්ඡ (heterocercal)ය. දෙවනුව එය අර්ධ විෂමාංශපුච්ඡ (semi-heterocercal) වේ. කලාතුරකින් එය සමපුච්ඡ (diphycercal) වේ. හිස්කබල හා හනු වසා සිටින අස්ථිවල සංඛ්‍යාව තරමක් අඩු වී ඇත. මේ අස්ථිවල හැඩය ද තරමක් වෙනස්ය. කරමලේ ව්‍යූහයත් වෙනස් වී තිබේ. මුල දී තුනී සුස්තර රහිත (laminar) කරමල පසුව සම්පූර්ණයෙන් ම වාගේ සූත්‍රිකා සහිත (filamentar) වෙයි.

වර්ගීකරණය: මත්ස්‍යයෝ ද මත්ස්‍යයන් වැනි සත්වයෝ ද සාමාන්‍යයෙන් වර්ග සතරකට බෙදනු ලැබෙත්. එනම් (1) අග්නාතා (Agnatha), (2) ප්ලකොඩෙර්මි (Placodermi), (3) කොන්ඩ්රික් තියෙස් හා (4) ඔස්ටයික්තියෙස් (Osteichthyes) ය. අස්ථි සහිත මත්ස්‍යයෝ ඔස්ටයික්තියෙස් වර්ගයෙහි අඩංගු වෙත්. මේ වර්ගය සාමාන්‍යයෙන් උපවර්ග දෙකකට බෙදනු ලැබේ.

උපවර්ග (1). කොඇනික්තියෙස්: මේ මත්ස්‍යයන්ට ආධාරක පෙති සහිත වරල් ජෝඩු තිබේ. උන්ගේ නාස්පුඩු උඩු තල්ලෙන් පිටට විවෘත වේ. නි. ලට්මේරියා (සීලකැන්ත්) හා පෙණහැලි සහිත මත්ස්‍යයෝ.

උපවර්ග (2). අක්ටිනොප්ටෙරිගි හෙවත් ටෙලෙයොස්ටෝම්: මේ වූකලී නාරටි සහිත වරල් ඇති මත්ස්‍යයෝයි. අක්ටිනොප්ටෙරිගි සාමාන්‍යයෙන් ගෝත්‍ර තුනකට බෙදත්.

ගෝත්‍ර (1). කොන්ඩ්රොස්ටෙයි: මොවුන්ගේ ඇතුළු සැකිල්ල බොහෝ සෙයින් කාටිලේජීයය. නි. ස්ටර්ජන්.

ගෝත්‍ර (2). හොලො ස්ටෙයි: ඇතුළු සැකිල්ල තරමක් අස්ථිභූතය. නි. බොෆින්, ගාර්පයික්.

ගෝත්‍ර (3). ටෙලෙයොස්ටෙයි: මොව්හු නියම අස්ථි සහිත මත්ස්‍යයෝයි. ඇතුළු සැකිල්ල සම්පූර්ණයෙන් ම වාගේ අස්ථිභූතය. නි. තිත්තයා, හුරුල්ලා, ආඳා, කොප්පරා, කෙලවල්ලා, සැමන්, කොඩ් යනාදීහු.

පේලියොසොයික යුගයයේත් (බ.) ත්‍රියාසික මණ්ඩලයයෙහිත් (බ.) ජීවත් වූ ආදි කල්පික අක්ටිනොප්ටෙරිගීහු කොන්ඩ්රොස්ටෙයි ගෝත්‍රයෙහි අඩංගු වෙත්. විශේෂ ස්වරූපයකින් හෝ පිරිහී හෝ අවිනෂ්ටව ඉතිරි වූ කොන්ඩ්රොස්ටෙයි ගෝත්‍රයට අයත් මත්ස්‍යයන්ගෙන් ස්වල්ප දෙනෙක් ද වෙත්. හොලොස්ටෙයි ගෝත්‍රයෙහි අඩංගු වන්නේ මධ්‍යම මිසෝසික යුගයයේ (බ.) ජීවත් වූ අක්ටිනොප්ටෙරිගියන්ය. මුන්ගෙනුත් අවිනෂ්ටව ඉතිරි වී ඇත්තේ ස්වල්ප දෙනෙකු පමණකි. ටෙලෙයොස්ටෙයි පළමුවෙන් පහළ වූයේ මිසෝසික යුගයේ අවසාන අවධියේ දී ය. මොව්හු ඛටිකාමය (Cretaceous) මණ්ඩලය (බ.) අවසානයේ දී සිට අද දක්වා ප්‍රබලව සිටිත්.

භූවිද්‍යා ඉතිහාසය දෙස බලන කල අස්ථි සහිත මත්ස්‍යයන් පහළ වූයේ හදිසියෙන් එක වරටම බව අපට පෙනී යයි. මේ මත්ස්‍යයන්ගේ කිසිදු ලකුණක් සිලුරීය මණ්ඩලයේ (බ.) දක්නට නැත. පහළ ඩෙවෝනියන් මණ්ඩලයයෙහි දී (බ.) ලකුණු ස්වල්පයක් ඇත. අවුරුදු කෝටි 30කට පමණ පෙර පැවතුණ ඩෙවෝනියන් මණ්ඩලයේ මිරිදියෙහි මේ මත්ස්‍යයෝ සියලු අංගයන්ගෙන් පරිපූර්ණව විසූහ. අනතුරුව ඔව්හු තව දුරටත් දියුණු වී අවුරුදු කෝටි 18කට පමණ පෙර පේලියොසොයික යුගය අවසානයේ දී සෑම විලක් හා ඇළක් නිවාස කොටගෙන ප්‍රබලව සිටියහ. එකල මේ මත්ස්‍යයෝ මුහුදුවලටත් සංක්‍රමණය වූහ.

ඇලක සිටින කුඩා තිත්තයාත් මුහුදේ ජීවත්වන විශාල කොප්පරාත් දියෙහි සංචාරය කිරීමෙහි ඉතා දක්ෂය. සමහර අක්ටිනොප්ටෙරිගියන්ට අපවිත්‍ර ජලයේ පවා ජීවත් විය හැකිය. වාතය ආශ්වාස ප්‍රශ්වාස කරමින් ගොඩබිමෙහි සෑහෙන පමණ වේලාවක් ජීවත්වීමට මේ මත්ස්‍යයන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවකට පුළුවන. අක්ටිනොප්ටෙරිගියන්ගෙන් බොහෝ දෙනෙක් මාංස භක්ෂකයෝය. එහෙත් සමහරෙක් පැළෑටි කති. කූඩු සාදාගෙන පැටවුන් ආරක්ෂා කරන අක්ටිනොප්ටෙරිගීහු ද සිටිති.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අක්ටිනොප්ටෙරිගි&oldid=1715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි