අකිහිතෝ (1933 - )

සිංහල විශ්වකෝෂය වෙතින්
10:41, 8 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජපන් රටේ වර්තමාන ඔටුන්න හිමි කුමාරයාය. හිරෝහිතෝ අධිරාජයාගේ දෙටු පුත් අකිහිතෝ කුමරා පිය රජු ඇවෑමෙන් එරට 125 වැනි අධිරාජයා බවට පත්වනු ඇත.

1959 අප්‍රියෙල් මාසයේ දී සාමාන්‍ය පන්තියේ තරුණියක හා විවාහ වීමෙන් අකිහිතෝ කුමරා ලොව පුරා විශාල චිරාගත රාජකීය චාරිත්‍රවලට අනුව රාජකීය කුමාරිකාවක් සරණපාවා නොගෙන මිචිකෝ ෂෝදා නම් යුවතියක තෝරාගත්තේය. හිදෙසාබුරෝ ෂෝදා නම් වූ ධනවත් ව්‍යාපාරික‍යකුගේ දියණි වූ මිචිකෝ තරැණිය කුමරාට මුලින් ම හමුවූයේ ටැනිස් ක්‍රීඩා පිට්ටනියක දී ය. අවුරුදු 2000කට වඩා පැරණි ජපන් ඉතිහාසයේ ඔටුන්න හිමි රාජ කුමාරයකු සාමාන්‍ය තරුණියක හා විවාහ වූ පළමු වතාව මෙය හැටියට සලකනු ලැබේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අකිහිතෝ_(1933_-_)&oldid=1683" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි