අගලවත්ත-1

සිංහල විශ්වකෝෂය වෙතින්
11:56, 30 මැයි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('කළුතර දිස්ත්‍රික්කයේ නැගෙනහිර පස්දුන් කෝරළය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

කළුතර දිස්ත්‍රික්කයේ නැගෙනහිර පස්දුන් කෝරළයේ උතුරු මහ පත්තුවේ, කළුතර සිට සැතපුම් දහඅටක් පමණ දුරින් පිහිටි දියුණු ගමකි. තානායමක් හා ආණ්ඩුවේ ආරෝග්‍යශාලාවක් ද දියුණු කඩමණ්ඩියක් ද මෙහි වෙයි. අගලවත්ත ඡන්දකොට්ඨාසය පිහිටුවන ලද්දේ පැරණි රාජකීය ස්ථානයක් ව පැවති මේ ග්‍රාමය සලකාගෙනය. දඹදෙණි පැරකුම්බා රජුගේ අමාත්‍ය ප්‍රතිරාජදේවයන් විසින් ගොඩනංවන ලදැයි සම්මත විහාරයක් ද මෙහි වීය. වර්තමාන ප්‍රතිරාජදේව පිරිවෙන ඇත්තේ එතැන්හිය.

කළු ග‍ඟේ අතුගංගාවක් වන තුත්තිරිපිටියේ දොළ වැසි බහුල මේ පෙදෙස ඔස්සේ ගලයි. එහි නිම්නයේ වී ගොවිතැන ඉතා දියුණුය. අවට හෙල්බිම්වල විශාල රබර් වතු තිබේ. වෙළඳ මධ්‍යස්ථානයක් වශයෙන් මෙන් ම මාර්ග සන්ධි ස්ථානයක් වශෆයන් ද වැදගත් වූ අගලවත්ත ශීඝ්‍රයෙන් දියුණු වන බව පෙනේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අගලවත්ත-1&oldid=1243" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි