අගලවත්ත-2

සිංහල විශ්වකෝෂය වෙතින්
11:57, 30 මැයි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('මාතලේ දිස්ත්‍රික්කයේ කොහොන්සිය පත්තුවේ ද අගල...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මාතලේ දිස්ත්‍රික්කයේ කොහොන්සිය පත්තුවේ ද අගලවත්ත නම් ගමක් වෙයි. මහනුවර සමයේ දී රාජ භාණ්ඩාගාරයට යකඩ හා වෙඩිලුණු සපයන ලද්දේ මේ ග්‍රාමයෙනි. ඉංග්‍රීසින් රට අත්පත් කර ගත් පසු ද එගමින් මේ සේවය ඉටු විය. වෙඩිලුණු ලැබෙන ගුහාවක් මෙහි තිබුණ බව ඩේවි සඳහන් කරයි. මේ ගම මාතලේ ඡන්ද කොට්ඨාසයට අයත් වූවකි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අගලවත්ත-2&oldid=1244" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි