"අත්ථදස්සී - 1" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('සූවිසි බුදුවරයන් අතුරෙන් තෙළෙස් වන බුදුහුය. උ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
 
සූවිසි බුදුවරයන් අතුරෙන් තෙළෙස් වන බුදුහුය. උන්වහන්සේ මනුෂ්‍යයන්ට ලක්ෂයක් හවුරුදු ආයු ඇති සමයෙහි සොභන නුවර සාගර නම් රජහුගේ සුදස්සනා නම් අගමෙහෙසිය කුස පිළිසිඳ සුචින්ධර නම් උයනෙහි දී මවුකුසින් නික්මුණු සේක. එකෙණෙහි, නිදන්කොට බොහෝ කල් ගියා වූ ද කුල පරම්පරාවෙන් පැවත ආවා වූ ද මහානිධානයන් වස්තු හිමියන්ට ලැබුණ බැවින් උන්වහන්සේට නම් තබන දවස්හි අත්ථදස්සී යයි නම් කළාහුය. අමරගිරි, සුරගිරි, ගිරිවාහන යන නම් ලත් තුන්පායෙහි එතුමා දසහසක් හවුරුදු ගිහි සැප අනුභව කළේය. එතුමාගේ භාර්‍ය්‍යාව විසාඛා නමින් ද පුත්‍රයා සේන (සේල) නමින් ද හැඳින්වෙයි. සුදස්සන නම් අසුපිට නැඟ මහබිනික්මන් කොට පැවිදි වී අටමසක් ප්‍රධන් වීර්‍ය්‍ය කොට වෙසක් පුණු පොහෝදා සුවින්ධරා නම් නාග කන්‍යාව විසින් පුදන ලද කිරිබත වළඳා ධම්මරුචි නම් නාගරාජයා දුන් කුස තණ අටමිට සපුබෝධිය මුල අතුරා වැඩහිඳ බුද්ධත්වය ලැබූහ. ඉන්පසු සත්සති ගෙවා බ්‍රහ්මාරාධනයෙන් අනෝමා නම් නුවර අනෝමා නම් උයන්හි දී දම්සක් පැවැත්වූ සේක. සන්තය, උපසන්තය යන දෙනම අග්‍රශ්‍රාවක වූහ. අභය ස්ථවිර තෙමේ උපස්ථායක විය. ධම්මාය, සුධම්මාය යන භික්ෂුණී දෙනම අග්‍රශ්‍රාවිකා වූහ. එකල අප මහබෝසතාණෝ සුසීම නම් ජටිලයකුව ඉපිද ඒ බුදුරදුන්ගෙන් විවරණ ලැබූ සේක. ලක්ෂයක් හවුරුදු ආයු වැළඳූ අත්ථදස්සී බුදුරදාණෝ අනුපම නම් නුවර අනෝමා රාමයේ දී පිරිනිවන් පෑ සේක.
 
 +
 +
(සංස්කරණය:1963)
 +
[[ප්‍රවර්ගය:අ]]

12:11, 5 ජූනි 2023 වන විට නවතම සංශෝධනය

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අත්ථදස්සී_-_1&oldid=1504" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි