අද්මිරාල්ති දූපත්

සිංහල විශ්වකෝෂය වෙතින්
13:31, 5 ජූනි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('නවගිනියාවට උතුරින් පිහිටි කොදිව් 40කින් පමණ යු...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

නවගිනියාවට උතුරින් පිහිටි කොදිව් 40කින් පමණ යුත් දූපත් සමූහයකි; බීස්මාක් කොදිව්රැසට අයත්ය; දක්ෂිණ අක්ෂාංශ 10-30 ටත් නැගෙනහිර දේශාංශ 1460-1480 ටත් අතර පිහිටි මෙය මෙලනීසියාවට අයත් උතුරු ම දිවයින් රැසයි. මේ කොදිව් අතුරෙන් ඉතා ම විශාල වූයේ මානූස්ය. එය සමහරවිට මහා අද්මිරාල්ති දිවයින යන නමින් දිවයිනේ උතුරු වෙරළෙහි වූ ලොරෙන්ගාවු නගරයයි. පොල් වැවීම, මුතු කිමිදීම හා මසුන් මැරීම ප්‍රධාන ආර්ථික ව්‍යාපාරයෝයි. සව්, මඤ්ඤොක්කා, දෙල් සහ කෙහෙල් ද මේ දූපත්වල වැවේ. මස් සඳහා ඌරෝ ඇති කරනු ලැබෙත්. දිවයින් සියල්ල ම පාහේ මුහුදු මට්ටමෙන් වඩා උස් නුවූවත් මානූස් දිවයිනෙහි අඩි 3,000ක් පමණ උස් කඳු ද ඇත. 1884 සිට ජර්මන් රක්ෂිත රාජ්‍යයක්ව පැවති මේ දූපත් 1914 දී ඕස්ට්‍රේලියානු හමුදාවන් විසින් අල්ලා ගනු ලැබ එක්සත් ජාතීන්ගේ සංගමය මගින්, අගිනියුක්ත ප්‍රදේශයක් හැටයිට පාලනය කිරීම සඳහා ආසන්න දූපත් හා නැගෙනහිර නවගිනියාවත් සමඟ ඕස්ට්‍රේලියාවට පැවරිණ. 1942 දී අද්මිරාල්ති දූපත් ජපනුන් පැහැරගත් නමුදු ඉන් දෙවසරෙකින් පසු මිත්‍ර සේනාවලට අයිති විය. මෙහි වාසය කරන පැපුවන් ජන සමූහය තවමත් ම්ලේච්ඡ තත්ත්වය නොඉක්මවූවෝය. 1616 දී මේ දූපත් සොයා ගන්නා ලද්දේ ඕලන්ද ජාතික නාවිකයන් විසිනි. 1958 දී මෙහි ජනගහනය 16,752 ක් විය.

(සංස්කරණය:1963)