අද්‍රියානෝපල් සටන

සිංහල විශ්වකෝෂය වෙතින්
13:34, 5 ජූනි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('ක්‍රි.ව.378 දී අද්‍රියානෝපල් නගරයේ දී විසිගොත්ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ක්‍රි.ව.378 දී අද්‍රියානෝපල් නගරයේ දී විසිගොත්වරුන් සහ රෝමවරුන් අතර සිදු වූ මේ සටන යුද්ධ කටයුතු පිළිබඳ ඉතිහා‍සයේත් දේශපාලන ඉතිහාසයේත් විශේෂ සිදුවීමක් හැටියට ගණන් ගැනෙන්නකි. ම්ලේච්ඡ (හන්) ජාතීන්ගේ ආක්‍රමණයට මුහුණපෑම සඳහා ගොඩනඟා තිබුණු සියලු කොටුපවුරු මේ සටනේ දී සුනුවිසුනු වී ගියේය. රෝමවරුන් පාබල හමුදාවට වඩා අශ්වාරෝහක හමුදාවට ප්‍රධාන තැන දීමට පටන් ගත්තේ මේ සටනින් පසු ය.

(සංස්කරණය:1963)