"අනගාරික ධර්මපාල" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(සමස්ථ ලෝකයේ මිනිස් වර්ගයාගේ බිහිවීම නිරන්තර...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

13:48, 26 අප්‍රේල් 2024 තෙක් සංශෝධනය

(සමස්ථ ලෝකයේ මිනිස් වර්ගයාගේ බිහිවීම නිරන්තරයෙන් ම සිදුවුවත් පුරුෂයෝ පහළවීම දුර්ලභය. රට, දැය, සමය උද්දීප්තිමත් කරලීමට ශ්‍රෝෂ්ඨතර පුරුෂයෝ වරින් වර උපදිති.) ලක්දිව ඇති වූ යම් යම් අභාග්‍යසම්පන්න කාලවල දී පහල වූ ශ්‍රේෂ්ඨතර ගිහි පැවිදි ප්‍රභූවරුන්ගේ ආභාෂයෙන් දේශානුරාගය ජාතිකාභිමානය සමඟ මුසු වූ ආගමික භක්තියෙන් ඔද වැඩී තම මව්පියන් වෙත වර්ෂ 1886 දී ලිපියක් යවමින් රට දැය සමය නංවාලීමේ භාරදූර කර්තව්‍යයට කම ජීවිතය කැප කිරීමට පැතූ පැතුම පියාණන්ගේ බලවත් විරෝධය මත මෑණියන්ගේ මැදිහත් වීම අනුව සිදුවිය. දෙමව්පිය ආශිර්වාදය ලැබීමෙන් පසු ඩේවිඩ් හේවාවිතාරණ යන විදෙස් නාමය අතහැර ධර්මපාල හේවාවිතාරණ යනුවෙන් ජාතිකාභිමාණයෙන් යුතුව පෙනී සිට රට දැය සමය පුබුදුවාලීමේ මහඟු සටන අරඹන ලදී. ලක්දිව ගම් දනව්හි සැරිසරමින් සිංහලයිනි නැගිටිව්, පංචශීලය රක්ෂා කරව්, බුද්ධ ගයාව බේරා ගනිව් යනුවෙන් කාහලනාදය පැතිර වූ මෙම විරෝධාර පුරුෂයා කෙනෙකුගේ නෙත ගැටෙන්නේ සුළඟින් විසිරෙන දික් වූ කෙස් කළඹිනුත්, ජීවාලෝකයෙන් බැබලෙන කසාවතින් සැරසී අනුරාධපුරයේ රෝමයේ හෝ ග්‍රීසියේ දක්නට ලැබෙන ප්‍රතාපවත් ශෛලමය ප්‍රතිමාවක් බඳුව ය. මෙතුමාගේ කාහල නාදය සවන් ගැටෙන සිහලුන් මෙතුමා පසුපස ගමන් කළ බැවින් අද නිවහල් නිදහස් ස්වෛරී ජාතියක් බවට පත් වූ බව නිර්භයව ප්‍රකාශ කිරීමට හැකි ය. මෙතුමාගේ කරුණාන්විත සිත තුළින් මතු වී ආ සැරපරුෂ මුදු මොළොක් ගුණයෙන් අනූන වචනයන් සවන් වැකුණ සෑම සිංහලයෙක් ම ශාසනික හැඟීම්, දේශප්‍රේමයෙන්, ජාත්‍යාලයෙන් ඔද වැඩී සිංහල බෞද්ධයෙකු වීමේ භාග්‍යයක්ථ ගෞරවයත් සිංහල බස ඉගෙන සිංහල බෞද්ධයෙකුට ජීවත්වීමේ අගය මේ යැයි සිංහලයන් තුළ ඇති වුයේ ය. බුදුරදුන්ගේ පා පහසින් සිහිලැස් වූ රම්‍ය භූමි වැඳ ගැනීමට 1891 දී බුද්ධ ගයාවට මුලින්ම පැමිණි ධර්මපාල තරුණයා එකල්හි එහි සිටි හින්දු භක්තිකයන්ගේ හින්දු දෙවොලක්ව පැවති මෙම ස්ථානය දැක මහත් සිත් වේදනාවට හා සන්තාපයට පත් ව පෙරදා ගුප්ත රජ දවස ගොඩනංවන ලද බුද්ධගයා විහාරය සමීපයේ අප තථාගතයාණන් වහන්සේට බුදුවීමට උපකාරී වූ ශ්‍රී මහා බෝධි මූලයේ වැඩ සිටිමින් එම ස්ථානය ද, දඹදිව සියලුම පූජනීය ස්ථානයන් ද බෞද්ධයින් සතුකර ගැනීමට ලැබේවා යි සිරසතබා වැඳ අදිටන් කළේ ය. පෙරළා ලක්දිවට පැමිණ ත්‍රිපිටක වාගීශ්චරාචාර්‍ය්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ සභාපතීත්වයෙන් 1891 වෙසක් පුන් පොහෝ දින බුද්ධගයා මහාබෝධි සමාගම ආරම්භ කර එහි ප්‍රධාන සම්පාදක ධූරයට පත් විය. දැනට ලොව නන්දෙස්හි පතලව පවතින මෙම සමාගමේ ශාඛා සමිති මදුරාසි, කල්කටාව, බුද්ධගයා, බරණැස, ලුම්බිණි, දිල්ලි, සාංචි, ලක්නව්. ලන්ඩන්, නිව්යෝක් ආදී නගරයන්හි ද ව්‍යාප්තව ඇත. මේසා විශාල ශාසනික සේවයක් කරලූ වෙනත් සමාගමක් ලෝකයේ නැත. 1891 දී බුද්ධගයා විහාරය අසළ මහාබෝධි ආරාමයේ භික්ෂූන් වහන්සේලා හතර නමක් ශතවර්ෂාධික කාලයකට පසු වස්වසන ලදී. බටහිර බෙංගාලයේ ප්‍රධාන නගරය වන කල්කටාවේ නිවසක් කුලියට ගෙන මහාබෝධී සමාගමේ කටයුතු ආරම්භ කළේ ය. ශිව භක්තික මහන්තා සතුව තිබුණු බුද්ධගයා මහා විහාරය බෞද්ධ ලෝකයාට හිමිකර දීමේ පරම අධිටනින් අනේක විධ දුක් ගැහැට විදිමින් එය බෞද්ධයින් සතු කර ලීමේ මහා කර්තව්‍ය එහි දී ආරම්භ විය. ඒ අනුව 1892 වෙසක් පුන් පෝදා ඉංග්‍රීසි මහා බෝධි සඟරාව ආරම්භ කර එදා සමස්ථ ලෝකයා අතර පැවති චෛතුල්‍ය වාදය බිඳ හෙලමින් ශ්‍රී සද්ධර්‍මය පැතිර වීමේ ලා මෙම සඟරාව උපයෝගී කර ගත්තේ ය. 1893 නිකිණිමස චිකාගෝ නගරයේ පවත්වන ලද ජාත්‍යන්තර දෘෂ්ටි සම්මේලනය ඇමතු ධර්‍මපාල තුමාගේ කථාවට සවන් දුන් මුළු සභාතොමෝ බුද්ධාගම පිළිබඳ සර්ධා සම්පන්න සංවේගයෙන් ඇලලුනි. මෙම දේශය පිළිබඳව එවකට ඇමෙරිකාවේ පුවත්පතක සඳහන් වූ පරිදි පුළුල් නලල්තලය පසුකොට පීරා හැරී කෘෂ්ණ වර්‍ණ කේශ කලාපය විහිදුවා ප්‍රඥා ප්‍රභවයෙන් යුක්තව දීප්තිමත් නයන යුග්මය සභාතොමෝ කෙරේ රඳවා තරංග ධාරා නික්මෙන්නාක් මෙන් නැගී එන වචන මාලාව අනුව සුරත ලෙලවා මෙම බෞද්ධ නියෝජිතයා කල මන බන්ධණීය මධුර මනෝහර වාග් ශෛලීය ඇසූ කවරෙකුට වුව ද ඔහු ධර්‍ම ප්‍රචාරකයෙකුගේ විශිෂ්ඨා දර්ශනයක් බැව් වැටහිණි. 1894 බක් මස ලංකා බෞද්ධ ජනතාවගේ ආධාර ඇති ව බුද්ධගයාවේ බිම් කොටසක් මිලයට ගෙන එහි කුඩා නිවසක් තනාගෙන බුද්ධගයා මහා විහාරය බෞද්ධයින් සතුකර ගැනීමේ කර්තව්‍ය ඇරඹූහ. මෙම කර්තව්‍යයේ ප්‍රතිඵලයක් වශයෙන් බුද්ධගයාවේ භාරකාරත්වය ඉසුලූ මහන්තා සහ ධර්‍මපාලතුමා අතර ගැටුම් ඇතිවිය. මහන්තාගේ කෲර සේවකයින්ගේ අණ කඩා බිඳ කිසිදු තැකීමකින් තොර ව ශ්‍රී මහා බෝ මැඩ කරා ගොස් බුද්ධ පර්යංකයෙන් එහි බුද්ධ ප්‍රතිමාව සමීපයේ හිඳගෙන තම ජීවිත සමය තුළ හෝ ඉන්පසුව හෝ මෙම බෞද්ධ පරම පාරිශුද්ධ ශ්‍රී මහා බෝ මැඩ සමස්ථ බොදුනුවන්ගේ පරිශීලනයට අත්වේවා’ යි අධිටන් කළහ. මහන්තාගේ සේවකයින් සමඟ ඇති වූ අරගලයෙන් පසු ශ්‍රී බුද්ධගයා මහා විහාරය පිළිබඳව අධිකරණය ඉදිරියට ගියේ 1895 නවම් මාසයේ දී ය. මෙම මස ශ්‍රී මහා බෝ මැඩ බුද්ධගයා මහා විහාරය තුළ ජපන් ජාතිකයන්ගේ ආධාරයෙන් නෙළන ලද බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කර අවසන ගිහි සැප අතහැර, ධනයත්, කාලයත්, ජීවිතයත්, බුද්ධශාසනය උදෙසා කැප කර අංගසම්පූර්ණ අනගාරික ජීවිතයට පා තැබූහ. මෙතැන් පටන් අනගාරික ධර්මපාල වූහ. දඹදිව බුද්ධාගම ප්‍රචලිත කිරීමේ අටියෙන් කල්කටා නගර මධ්‍යයේ ශිව භක්තිනයින්සහ මහම් භක්තිකයින් අතර, වෙසෙමින් ඉන්දීය ඉතිහාසයේ අවුරුදු 800 කට පසු වර්‍ෂ 1895 දී ඉතා උත්කෘෂ්ඨ අන්දමින් සතියක් තුල පවත්වන්නට යෙදුනු වෙසක් උත්සවය නිසා ශ්‍රීමත් අනගාරික ධර්‍මපාල තුමන්ගේ ශ්‍රී නාමය ලෝකයේ සියලු රාජ්‍යයන්හි ජනී ජනයා අතරත්, ධර්‍මධරයන් අතරත් නිරන්තරයෙන් ම රැඳුනි. 1896 ඇසළ මාසයේ අනාගරික ධර්මපාල තුමා දෙවන වරට ඇමෙfරිකාවේ පෝල් කරේසන් මහතුන්ගේ ආරාධනය පරිදි පිටත් ව ගොස් එහි පවත්වන්නට යෙදුණු ධර්‍මදේශනය ගැනත් එම ගමනේ දී එතුමාගෙන් සිදු වූ විශිෂ්ට සේවය ගැනත් පෙර අපර දෙදිග දේශයන්හි බෞද්ධ අබෞද්ධ පුවත්පත්වල හා සඟරාව ප්‍රශංසාත්මක ලිපි පළවූහ. 1898 දී කාසි (බරණැස), කෝසල (සැවත), කුරු (දිල්ලි) පංචාල (රෝහිල් කාර්ථි) යන දේශයන්හි සද්ධර්ම ප්‍රචාරක පන්ති පවත්වා එතුලින් වැසියන්ගේ බුද්ධාලම්භන ප්‍රීතියෙන් උද්දාමයට පත්කරවමින් බුදු දහම විශ්ව සත්‍යයක් බව තහවුරු කළහ. බුද්ධත්වයට ලැබ ප්‍රථම ධර්‍මදේශනය පැවැත් වූ අති පාර්ශුද්ධ බරණැස ඉසිපතනය හිවලුන් සහ ඌරන් ලගින ඝන කැලෑවක් බවට පරිවර්තනය වී තිබුණු ආකාරය දෙනෙතින් දැක සිත් වේදනාවට පත් ව එම වනය තුළ කොහොඹ රුකක් මුල දිවා රාත්‍රී කීපයක් ගත කර මෙම ස්ථානය චිත්තාකර්ෂණයෙන් හෙබ් බෞද්ධ පූජනීය ස්ථානයක් කරලීමට අවස්ථාව එළමේවායි අධිටන් කර ලක්දිවට පැමිණ මෙම ශෝචනීය පුවත තම ආදරණීය මෑණියන්ට දන්වා මුදල් ලබාගෙන වර්‍ෂ 1912 දී නැවත බරණැසට ගොස් එම ස්ථානයේ බිම් කැබැල්ලක් මිලයට ගෙන බරණැස ඉසිපතන භූමියේ කුඩා නිවසක් තනා එහි වෙසෙමින් කැලෑ එළිපෙහෙලිකර පූජනීයත්වය ක්‍රමානුකූලව ඇති කර ඒ සඳහා තම සොහොයුරු සී. ඒ. හේවාවිතාරණ මහතා සහ ධර්‍මප්‍රිය වලිසිංහ හරිස්චන්ද්‍ර මහතාත් සමඟ එවකට ඉන්දීය රජයේ ප්‍රධානීන් සමඟ එක්ව මෙම ස්ථානයේ පෞරාණිකත්වය ආරක්ෂාවන අන්දමින් අනාගත ජනතාවට මේ ශුද්ධ ස්ථානය පිළිබඳ අවබෝධය නිසි පරිදි ලැබෙන අයුරින් සකස් කරනු ලැබීය. 1902 බක් මස විදේශීය රාජ්‍යයන්හි ධර්‍මදේශනය සඳහා ඉන්දියාවෙන් නික්ම බුරුමය, ජපානය හරහා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ ධර්‍ම දේශනයක් පවත්වා පසුව චිකාගෝ, නිව්යෝක් ආදී ජනපදයන්හි සැරිසරමින් පැවැත් වූ සුමධුර ධර්මදේශනයන්ට කන් යොමුකල හෙනලලු ප්‍රදේශයේ මේරි පොස්ටර් රොබින්සන් මැතිණිය බුද්ධ ධර්මය කෙරෙහි පැහැදී ධර්‍මපාල තුමාට ඉසිපතනයේ පුණ්‍ය විiාලයක් පැවැත්වීමට අවශ්‍ය මුදල් ආධාර දුන්හ. මහන්තාගේ ආධිපත්‍යයෙන් පැවති ශ්‍රි මහ බෝ මැඩ ධර්‍ම විiාලය තැනවීමට සිත් තුල තිබූ පහන් හැඟුම් ක්‍රියාත්මක විය. ඒ සඳහා ලංකා මහා බෝධි සමාගමේ ආධාරය ලැබුණි. 1903 දී එම විද්‍යායතනය පිහිටුවා දෙවසක් දඹදිව පුනරුත්ථාපන කටයුතුවල නිරත වී සිටි 1905 මැද භාගයේ දී ශ්‍රී ලංකාවට සැපත් ව ලංකා මහා බෝධි සමාගම අනුග්‍රහයෙන් ලංකාවේ ගම් දනව්වක් පාසා ජාතික හා ශාසනික පුනරුත්ථාපන කටයුතු ඉතා බලසම්පන්න අන්දමින් ආරම්භ කළේ ය. තම සත් ව්‍යාපාරයේ ප්‍රචාරක මාධ්‍යයක් වශයෙන් 1906 වෙසක් පුන් පොහෝදා සිංහල බෞද්ධයා පත්‍රය ආරම්භ කරමින් එමඟින් බොදු හැදියාව සහ සිංහල සදාචාරය වැපිරීමට මහත් ප්‍රයත්නයක් ගන්නා ලදී. එම සිංහල බෞද්ධයා අලෙවියෙන් ලැබෙන මුදල ශාසනික කටයුතු සඳහා යෙදවීමට නියම විය. මෙම වර්ෂයේ දී ම මහා බෝධි යන්ත්‍රාලය හා රාජගිරියේ බෞද්ධ පාඨශාලාව ආරම්භ කළේ ය. අනගාරික ධර්‍මපාල තුමාණන්ගේ පියාණන් වූ එච්. දොන් කරෝලිස් මහතා අභාවප්‍රාප්ත වූයේ ද මෙම වර්ෂයේ දී මය. කල්කටාවේ ධර්‍මදූත ව්‍යාපාරය විධිමත් ව කරගෙන යාම සඳහා වර්‍ෂ 1908 දී නිවසක් මිලයට ගෙන එහි කල්කටා මහා බෝධි සමාගම ස්ථිරවම පිහිටු වීය. 1911 දී අනගාරික ධර්‍මපාලතුමා නැවත ලක්දිවට පැමිණ සිංහග ජනතාව නගා සිටුවීමෙහි ලා රුවන් කුළුණක් බඳු දැනගත යුතු කරුණු මැයෙන් අනර්ඝ ලිපියක් සිංහල බෞද්ධයා පත්‍රයට ලියන ලදී. ආගමික ජාතික ආත්ම ගෞරවයෙන් ද දිනෙන් දින පරිහානිය කරා ගමන් කරමින් සිටි සිංහල ජාතිය ක්‍රම ක්‍රමයෙන් උන්නති මාර්ගයට යොමු කිරීමට මේ දැනගත යුතු කරුණු ලිපියේ අතිශයින් ම උපකාරී විය. ජාතික ආගමික දේශානුරාගයක් නොමැතිව බෙලහීනව දුර්මුඛව ආත් ගෞරවයක් නොමැති ව දීන ජාතියන්ට ය. යුරෝපීයයන් ගේ පින්තූරවලට පවා බියෙන් සිටි ජාතියක් ප්‍රෞඪත්වය හා අගමික භක්තියත් නඟා සිටුවීමෙහි ලා පුරෝගාමී වූ ශ්‍රේෂ්ඨ වීර අනගාරික ධර්මපාල තුමාගේ දැනගත යුතු කරුනු මැයෙන් වූ ලිපිය ඉතා අගනා බැව් විදේශයන්හි ප්‍රකට විය. වර්‍ෂ 1913 දී විදේශයන්හි ධර්‍ම ප්‍රචාරය සඳහා පිටත් වූ ධර්‍මපාල තුමාණෝ හොනලලු ජනපදයට පැමිණ එහිදී පෝස්ටර් මැතිණිය බුද්ධ ධර්‍මයෙහි පිහිටු වීය. මෙතුමා 1914 දී නැවත ලක්දිවට පැමිණ කොළඹ මරදානේ සන්ථාගාර ශාලාවේ පෝස්ටර් රොබින්සන් පුණ්‍යානුරෝග්‍ය ශාලාව ආරම්භ කර බෞද්ධ අබෞද්ධ රෝගීන්ට වෙද හෙදකම් ලබා දුන්හ. මෙය ගුරු කොට ගත් ලක් රජය 1828 දී බොරැල්ලේ ආයුර්වේද ආරෝග්‍ය ශාලාව ආරම්භ කර ආයුර්වේද වෛi ක්‍රමයේ ආරක්ෂිත මූලස්ථානය ආරම්භ කළහ. වර්‍ෂ 1914 දී ධර්මපාල තුමා මල්ලිකා සන්ථාගාරය සම්බුද්ධ ශාසනය උදෙසා පූජා කරන ලදී. 1915 දී තම බාල මළනුවන් සමඟ මහා බෝධි ඉංග්‍රීසි පාඨශාලාව ආරම්බ කර ලී මෙන් පසු ලංකාවේ බොහෝ පළාත්වල මහා බෝධි පාඨශාලා පිහිටු වීය. බටහිර බෙංගාලයේ ප්‍රධාන නගරය වන කල්කටාවේ බිකං දැටර්ජි වීදියේ පෝස්ටර් මහත්මියගේ ආධාර ඇති ව 1915 දී ඉඩමක් මිලයට ගෙන 1915 දී එම මහත්මියගේ මුදල් යොදා ගොඩ නංවන ලද ධර්‍මරාජික විහාරයේ සිට ධර්‍ම ප්‍රචාරක කටයුතු ඇරඹීය. එවකට ඉන්දීය රජය විසින් බට්ටි ලෝර් නමැති ස්ථානයෙන් ලබා ගන්නා ලද සර්‍වඥ ධාතූන් වහන්සේලා ධර්‍මරාජගිරි විහාරයේ තැන්පත් කිරීම විශේෂ සිද්ධියකි. මෙම විහාරය අජන්තා ලෙන් විහාර කර්‍මාන්තය අනුව සකස් කර අවසන් වෙද්දී ඉන්දීය මහා බෝධි සමාගමේ ප්‍රධාන කාර්යාලය ද එහි පිහිටු වීය. කල්කටා වේ මහා විශ්ව විiාලයේ පාලි භාෂාව ඉගැන්වීමට කටයුතු කරන ලද්දේ මෙම සිංහල මහා වීරයා ය. වර්‍ෂ 1914 දී ඇති වූ පළමු ලෝක මහා යුද්ධය සමඟ ලක්දිය අඳුරු භීෂණ යුගය ආරම්භ වීමත් සමඟම බි්‍රතාන්‍ය රජය විසින් අනගාරික ධර්‍මපාල තුමාව කල්කටාවේ දී සිරභාරයට ගෙන සිංහල බෞද්ධයා පත්‍රයද තහනම් කළහ. සය අවුරුද්දක් අනේක විධ දුක් ගැහැට විදිමින් සිර මැදිරියක් තුළ සිට සදාකාලික කොරවූ පාදයක් සහිත ව හැරමිටියක් ඇතැති ව ඉන් මිදී යළිඳු ලංකාවට පැමිණ සිංහල බෞද්ධයා පත්‍රය 1922 දී නැවත ආරම්භ කොට ලක්දිව ගම් දනව්වක් පාසා දිවා රාත්‍රි දෙකේ ගතට විවේකක් නෙතට නින්දක් නොමැතිව හාන්සි පුටුවක හෝ මෝටර් රථයක නිදමින් සිංහල බෞද්ධයින්ගේ දේශානුරාගය, ආගමික ආලය ජාතිකාභිමානයෙන් ඔද වැඩීමට මෙතුමාණෝ ගත් වෙහෙස අපමණය. මෙතුමාගේ එම උදාරතර ක්‍රියා දාමය නිසාවෙන් සිංහල ගිහි පැවිදි ප්‍රභූ පිරිසක් තුලින් අයෝමය ජනතාවක් සමඟ ස්වර්ණමය අනාගතයකට අඩිතාලම වැටුණහ. 1925 දී ධර්‍මපාල තුමා විසින් වෙස්ට් ක්ලිප් නිවස මිලයට ගෙන පෝස්ටර් සාමණේර විiාලය මහනුවර වැව රවුමේ ආරම්භ කර එහි සාමණේර භික්ෂූන් වහන්සේලා ධර්‍ම ප්‍රචාරක කටයුතු සඳහා පුරුදු පුහුණු කරවූහ. 1926 දඹදිව ධර්‍ම ප්‍රචාරක කටයුතු සඳහා කුඩා සාමණේරයන් වහන්සේලා දස නමක් ජූප්‍ය දැව මොට්ටාවේ ශාසනසිරි, හීනටියන ධර්‍මාලෝක යන හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවට පිටත්කර යවා තාගෝර් තුමා බෝල්පූර්හි පිහිටුවා තිබූ ශාන්ති නිකේතනය විශ්ව විiාලයට වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇතුලත් කරන ලදී. 1928 අනගාරික ධර්‍මපාල තුමා මහා බි්‍රතාන්‍යය තුළ ධර්‍මප්‍රචාරක කටයුතු සඳහා සී. ඒ. හේවාවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් භික්ෂූන් වහන්සේලා තුන් නමක් සමඟ ලන්ඩන් නුවරට යවා ධර්‍මප්‍රචාරක කටයුතු ඇරඹූහ. අද එම ධර්‍ම ප්‍රචාරක සේවය විශිෂ්ට සේවයක් සලසා ඇත. 1931 බුදුරජාණන් වහන්සේ ධර්‍මප්‍රචාරක කටයුතු ආරම්භ කළ බරණැම ඉසිපතනයට පැමිණ එහි නව මූලගනුධ කුටි ඓතිහාසික විහාරය, හා එහි පොත් ගුලකුත්, සංඝාවාසයත් ජාත්‍යන්තර සාමණේර විiාලය, බෞද්ධ විද්‍යාලය, අනාථාලය ආදියත් දානපති බිර්ලාතුමා ලවා විශාල ගොඩනැගිල්ලක් ද ධර්‍මපාල තුමාගේ මෙහෙය වීමෙන් ඉදිකර වූහ. හිනිදුම ප්‍රදේශය ක්‍රිස්තියානි බලවේගයේ මිෂනාරි අධ්‍යාපනයට පසු ව මිථ්‍යාදෘෂ්ටික අදහස්වලට නැඹුරු වූ සිංහල බෞද්ධ දරුවන් දෙස අනුකම්පාවෙන් බැලූ ධර්‍මපාලතුමා වහාම එහි ගොස් විශාල වත්තක් මිලයට ගෙන ඉන් ලැබෙන ආදායමින් මහා බෝධි සමාගමේ පාඨශාලා නඩත්තුවටත්, බෞද්ධයින්ගේ දියුණුවටත් වෙන් කළේ ය. එබැවින් හිනිදුම ප්‍රදේශයේ සිංහල දරු දැරියන් මිථ්‍යා දෘෂ්ටියෙන් වෙන්ව සම්‍යක් දෘෂ්ටිකයින් බවට පත් වූහ. අදත් හිනිදුම ප්‍රදේශ වාසීන් කෘතගුණ පූර්‍වකව මෙතුමා සිහිපත් කරයි. එමෙන්ම අනුරාධපුර ප්‍රදෙශය කතෝලික බලවේගයෙන් වැසී යද්දී වහා තම ගෝලයා වූ බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා සමඟ අනුරාධපුරයට ගොස් නොයෙක් දුෂ්කරතා මධ්‍යයේ කතෝලික බලවේගය බිඳලමින් බෞද්ධයින්ගේ පාරාදීසයක් බවට එම ප්‍රදේශය පත්කර ලීමට සමත් වූහ. කොළඹ මාළිගාකන්දේ වික්ටර් හවුස් මන්දීරය ඇතුළු නිවාස සහිත ඉඩමක් මිළයට ගෙන ලැබෙන ආදායමින් මහා බෝධි සමාගමේ ශාසනික සේවයට යෙදවූහ. මෙම ඉඩමේ වර්‍තමාන ආනන්ද බාලික විiාලයත්, සිංහල බෞද්ධයා කාර්යාලය ද, ත්‍රිපිටක මුද්‍රණායලද සහ මහාබෝධි යන්ත්‍රාලයත් එමෙන් ම මහා බෝධි න්දිරයත් එතුමාගේ පරිශ්‍රමයෙන් බිහිවිය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිමින් ආනන්ද තෙරුන් අමතා වදාල පරිදි දඹදිව බුද්ධ භූමින් වැඳගැනීමේ සුගති මාමක බොදු ජනතාවට දඹදිව වන්දනා ගමන් සේවය ආරම්භ කළහ. ලෝක ශාසනික ධර්‍මප්‍රචාරක කටයුතු සඳහා අනගාරික ධර්‍මපාල අරමුදලක් ද පිහිටුවන ලදී. මේසා උත්කෘෂ්ඨවත් මහඟු සේවාවන් රැසක් රටත්, දැයත්, සමයත් වෙනුවෙන් ද, ලෝකයේ බෞද්ධ ශාසනික උන්නතියේ ව්‍යාප්තිය සඳහා ඉටුකළ මෙතුමාණෝ දඹදිව බරණැසි ඉසිපතන මූලග්‍රන්ථ කුටි විහාරයේ දී සිරි දේවමිත්ත ධර්‍මපාල නමින් 1932 දී පැවිදි බවට පත් ව සම්බුදු ශාසනයට ඇතුලත් ව පසුව මහා සංඝයා වෙතින් උපසම්පදා කර්‍මය ද ලබා ගත්හ. එදින සිට තමාගේ ශිෂ්‍ය සාමණේරයන් වහන්සේට අවවාද අනුශාසනා දෙමින් ධර්ම ප්‍රචාරක කටයුතු කළ යුත්තේ තම ජීවිතයේ ලාභ ප්‍රයෝජන සඳහා නොවෙයි, වෙනත් අවශ්‍යතාවන් සඳහා නොවෙයි. අප බුදු පියාණන්ගේ ශ්‍රේෂ්ඨ නිර්මල බුදු දහම ප්‍රචාරය කිරීමටය. මෙතුමා අවසන් කාලයේ වලිසංහ දේවප්‍රිය මහතාටත් අප කීප දෙනාටත් ප්‍රකාශ කළේ කිනම් දිනක අනිත්‍ය ස්වභාවය අනුව මා මිය ගිය කල්හි වටිනා දැව වලින් සාදන ලද පෙට්ටිවල බහා විශාල උත්සව පැවැත්වීමත් මගේ මෘත දේහය ලංකාවට ගෙනයාමත් අනවශ්‍යය. ඒ සඳහා වියදම් වන සෑම සතයකුදු බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා යෙදවිය යුතු බවත් මට ලැබී ඇති සිවුරු වලින් මගේ ශරීරය ඔතා මෙම මූලගන්ධකුටි විහාරය අසලම දවා ලන්න. මෙවැනි ආදර්ශමත් ප්‍රකාශ කරමින් මූලගන්ධකුටි විහාරය දෙසට නෙත් යොමා තම ශිෂ්‍යයින්ගේ පිරිත් සඣායනාවලට සවන් යොමා සිටි මෙතුමා 1933 අප්‍රේල් 23 දින අපර භාගයේ තම පුද්ගලික වෛiවරයා වූ දොස්තර නන්දි මහතා අමතමින් “ඩොක්ටර් නන්දි, මට මේ ආත්මයෙන් ඉක්මනින් නිදහසක් ලබා අළුත් අත්භවයක් ලබන්නට ඉඩ හරින්න. මෙතරම් දුක් වේදනා ඉවසීමට නොහැකි ය. මාගේ බුදු පියාණන්ගේ ශ්‍රී සද්ධර්මය මුළු ලෝ තලයේ පතුරුවා ලීමට තවත් 25 වතාවක් මිනිස් ලොව ඉපදීම මාගේ බලාපොරොත්තුව යැයි කියමින්ම මූලගන්ධකුටි විහාරය දෙස බලා වලිසිංහ මහතාට කථා කර මෙම හිමිවරුන් ලවා මාගේ ඉතිරි ශාසනික හස්වාවන් සපුරා ලන්න යැයි අයදිමින් සාදු හඬ නංවමින් සදහටම නෙත් පියා අවසන් හුස්ම හෙලූහ. මෙතුමාගේ කීර්තිනාමය සදානුස්මරණීය මානව සංහතියේ අවසානය දක්වාම රැව් පිළිරැව් දෙනු ඇත. මෙතුමා වෙනුවෙන් ලොව පුරා ඉදි වූ ස්මාරක තුළින් අදත් පිළිඹිබු වන්නේ එතුමාගේ වීරෝධාර හැඟීම්වලියයි.

(කර්තෘ: මැටිවල සංඝරතන හිමි:)

(සංස්කරණය නොකළ)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනගාරික_ධර්මපාල&oldid=5520" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි