"අනෙලිඩා (Annelida)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්)
1 පේළිය: 1 පේළිය:
 
[[ගොනුව:H-1.jpg|400px|left]][[ගොනුව:H-2.jpg|400px|right]]මේ වනාහි ගැඩවිලුන්, කූඩැල්ලන් සහ ඇතැම් මූදුපණුවන් ආදි වාලයික (annelid) පණුවන් අන්තර්ගත සත්ත්ව වංශය (phylum)යි. නළයක් තුළ පිහිටි නළයක් වශයෙන් සෑදී ඇති මොවුන්ගේ ශරීරය දිගය. ඒ නළ දෙකින් බාහිර නළය ශරීර භිත්තිය වන අතර අභ්‍යන්තර නළය සාමාන්‍යයෙන් ඇද නැති බඩවැලය. මේ දෙක අතර ඇති අවකාශය සීලෝමය (coelom)යි. මාංසමය භිත්ති තිබීම හේතුකොටගෙන මේ පණුවන්ගේ ශරීර, මුඛය ඉදිරිපිට තිබෙන පුරෝමුඛ ඛණ්ඩිකාවක් (preorallobe) සහ ඒ පිටුපස ඇති වලයාකාර වූ සමාන සලාක (ඛණ්ඩක) පේළියක් බවට බෙදී ඇත. ශරීර භිත්තිය සෑදී තිබෙන්නේ සලාකයක් පාසා ඇති වටකුරු පේශි ස්තරයකින් ද ශරීරයේ දික් අතට පිහිටි පේශි ස්තරයකින් ද වේ. ස්නායු පද්ධතිය අන්න ස්‍රෝතයට (oesophagus) උඩින් පිහිටි මොළයත්, බඩවැලට යටින් පිහිටි සලාකීය ද්වියෝග ගැංග්ලියා (ganglia) දාමයත්, මේ දෙක සම්බන්ධ කරමින් අන්න‍ස්‍රෝතය දෙපැත්තෙහි පිහිටි රැහැන් දෙකත් යන මේවායින් සමන්විතය. රුධිරවාහිනී පද්ධතිය අවිවෘතය.  පෘෂ්ඨීය සහ උදරීය අන්වායාම (longitudinal) නළ දෙකකින් ද, මේ දෙක සම්බන්ධ කර සලාකීය නාලිකාවලින් ද සෑදී ඇත. හැම සලාකයක ම හෝ සමහර සලාකවල පමණක් හෝ යුවළ බැගින් තිබෙන වෘක්කිකා (nephridia) නමැති සංවලිත (convoluted) ඉන්ද්‍රිය මගින් බහිඃස්රාවය (excretion) සිදුවේ. ප්‍රජනනේන්ද්‍රියන්හි සහ ප්‍රජනනේන්ද්‍රිය ප්‍රණාලයන්හි පිහිටීම ද වෘක්කිකාවන්හි පිහිටීමට සමානය. අනෙලිඩාවන්ගේ ඇතැම් විශේෂවල ශරීරයෙහි දැඩි කෙඳි තිබේ.   
 
+
[[ගොනුව:H-3.jpg|250px|right]]
 
අනෙලිඩා වංශය ආකි-අනෙලිඩා (Archi-annelida), පොලිකේටා (Polychaeta), ඔලිගොකේටා (Oligochaeta) සහ හිරුඩිනෙයා (Hirudinea) යැයි වර්ග හතරකට බෙදා ඇත. [[එකියුරොයිඩෙයා (Echiuroidea)]] (බ.) හෙවත් ගෙfපිරෙයා (Gephyrea) නමැති පස් වන වර්ගයක් ද මෙහි අන්තර්ගත විය යුතු යැයි ඇතැමුන් පවසන නමුත් සමහරු එය වෙන ම වංශයක් කොට ගනිති.   
 
12 පේළිය: 12 පේළිය:
  
(සංස්කරණය:1963)
 
(සංස්කරණය:1963)
 +
 
[[ප්‍රවර්ගය:අ]]
 
[[ප්‍රවර්ගය:අ]]

15:56, 21 සැප්තැම්බර් 2023 වන විට නවතම සංශෝධනය

H-1.jpg
H-2.jpg
මේ වනාහි ගැඩවිලුන්, කූඩැල්ලන් සහ ඇතැම් මූදුපණුවන් ආදි වාලයික (annelid) පණුවන් අන්තර්ගත සත්ත්ව වංශය (phylum)යි. නළයක් තුළ පිහිටි නළයක් වශයෙන් සෑදී ඇති මොවුන්ගේ ශරීරය දිගය. ඒ නළ දෙකින් බාහිර නළය ශරීර භිත්තිය වන අතර අභ්‍යන්තර නළය සාමාන්‍යයෙන් ඇද නැති බඩවැලය. මේ දෙක අතර ඇති අවකාශය සීලෝමය (coelom)යි. මාංසමය භිත්ති තිබීම හේතුකොටගෙන මේ පණුවන්ගේ ශරීර, මුඛය ඉදිරිපිට තිබෙන පුරෝමුඛ ඛණ්ඩිකාවක් (preorallobe) සහ ඒ පිටුපස ඇති වලයාකාර වූ සමාන සලාක (ඛණ්ඩක) පේළියක් බවට බෙදී ඇත. ශරීර භිත්තිය සෑදී තිබෙන්නේ සලාකයක් පාසා ඇති වටකුරු පේශි ස්තරයකින් ද ශරීරයේ දික් අතට පිහිටි පේශි ස්තරයකින් ද වේ. ස්නායු පද්ධතිය අන්න ස්‍රෝතයට (oesophagus) උඩින් පිහිටි මොළයත්, බඩවැලට යටින් පිහිටි සලාකීය ද්වියෝග ගැංග්ලියා (ganglia) දාමයත්, මේ දෙක සම්බන්ධ කරමින් අන්න‍ස්‍රෝතය දෙපැත්තෙහි පිහිටි රැහැන් දෙකත් යන මේවායින් සමන්විතය. රුධිරවාහිනී පද්ධතිය අවිවෘතය. පෘෂ්ඨීය සහ උදරීය අන්වායාම (longitudinal) නළ දෙකකින් ද, මේ දෙක සම්බන්ධ කර සලාකීය නාලිකාවලින් ද සෑදී ඇත. හැම සලාකයක ම හෝ සමහර සලාකවල පමණක් හෝ යුවළ බැගින් තිබෙන වෘක්කිකා (nephridia) නමැති සංවලිත (convoluted) ඉන්ද්‍රිය මගින් බහිඃස්රාවය (excretion) සිදුවේ. ප්‍රජනනේන්ද්‍රියන්හි සහ ප්‍රජනනේන්ද්‍රිය ප්‍රණාලයන්හි පිහිටීම ද වෘක්කිකාවන්හි පිහිටීමට සමානය. අනෙලිඩාවන්ගේ ඇතැම් විශේෂවල ශරීරයෙහි දැඩි කෙඳි තිබේ.
H-3.jpg

අනෙලිඩා වංශය ආකි-අනෙලිඩා (Archi-annelida), පොලිකේටා (Polychaeta), ඔලිගොකේටා (Oligochaeta) සහ හිරුඩිනෙයා (Hirudinea) යැයි වර්ග හතරකට බෙදා ඇත. එකියුරොයිඩෙයා (Echiuroidea) (බ.) හෙවත් ගෙfපිරෙයා (Gephyrea) නමැති පස් වන වර්ගයක් ද මෙහි අන්තර්ගත විය යුතු යැයි ඇතැමුන් පවසන නමුත් සමහරු එය වෙන ම වංශයක් කොට ගනිති.

ආකි - අනෙලිඩා (බ.) වර්ගය දැඩි කෙදි රහිතය, සමුද්‍රවාසීය, කුඩාය. සලාක කීපයකින් හෝ වැඩි ගණනකින් හෝ යුක්තය. මේ වර්ගය පිරීහී ගිය ලක්ෂණ ද කීට (larval) ලක්ෂණ ද පෙන්වයි.

පොලිකේටා (බ.) වර්ගය වැඩි වශයෙන් සමුද්‍රවාසීය. බොහෝ සලාකයන්ගෙන් යුක්තය. සලාකනය පිටතින් පවා පැහැදිලිව පෙනේ; හැම සලාකයක ම දැඩි කෙදි සහිත අංශපාදිකා (parapodia) ඇත. හිස පෙදෙසෙහි ග්‍රාහිකා (tentacles) තිබේ. මොවුන්ට මෙවුල (clitellum) හෝ චූෂකර (suckers) හෝ නැත. සමහරු අංකුර වැඩීමෙන් අලිංගික ව බෝ වෙති. නෙරෙයිස් (Nereis) (බ.)

ඔලිගොකේටා (බ.) වර්ගයෙහි සලාකනය පැහැදිලිය. ශීර්ෂයක් හෝ අංශපාදිකා හෝ ග්‍රාහිකා හෝ නැත. මොවුන් වැඩි වශයෙන් වසන්නේ මිරිදියෙහි හෝ තෙත පසෙහිය. උන්ට දැඩි කෙඳි ස්වල්පයක් ද මෙවුලක් ද තිබේ. (ගැඩවිලා බ.)

හිරුඩිනෙයා වර්ගය දැඩි කෙඳි රහිත පැතලි වාලයිකයන්ගෙන් සමන්විතය. ලේ උරා බොන මොවුන්ගේ ශරීරයේ පසු කොනෙහි ද ඇතැම් විට පෙර කොනෙහි ද චූෂකරය බැගින් ඇත. පිටින් බලන කල හැම සලාකයක් ම කුඩා සලාක ගණනාවකට බෙදී ඇත්තා සේ පෙනේ. (කූඩැල්ලා බ.)

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනෙලිඩා_(Annelida)&oldid=3273" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි