අබු තම්මාම්

සිංහල විශ්වකෝෂය වෙතින්
14:20, 30 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(හබීබ් ඉබන් අවුස් ) 807-846. අරාබි ජාතික කවියෙකි. මොහ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(හබීබ් ඉබන් අවුස් ) 807-846. අරාබි ජාතික කවියෙකි. මොහු උපන්නේ සුළු ආසියාවේ ජාසීම්හි දී ය.

පැරැණි පද්‍යවලින් යුක්ත වූ "හමාසා" නම් කාව්‍ය සංග්‍රහයෙහි සංස්කාරකයා වශයෙන් ප්‍රකට මොහු තවත් එබඳු ම සංග්‍රහ දෙකක කතුවරයා වශයෙන් ද සැලකේ.

ක්‍රි.ව.846 දී මොසූල් නගරයේ දී අබු තම්මාම්ගේ මරණය සිදු විය. අන්‍ය කවීන්ගේ රචනා එක් කොට කරන ලද යටකී කාව්‍ය සංග්‍රහයන් සාර්ථක වූ බැවින්, ඔහුගේ ම නිබන්ධන ප්‍රසිද්ධ කිරීම නොසලකා හැර තිබුණු නමුදු 875 දී ඒවා කයිරෝ නගරයෙහි මුද්‍රණයෙන් ප්‍රකාශ කරන ලදි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අබු_තම්මාම්&oldid=2064" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි