අවුන්සයා

සිංහල විශ්වකෝෂය වෙතින්
08:45, 1 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(උන්සියා—Uncia fschreber). මෙරට කොටියාට ළඟ නෑකම් ඇති, හිම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(උන්සියා—Uncia fschreber). මෙරට කොටියාට ළඟ නෑකම් ඇති, හිමාලයේ සහ මධ්‍යම ආසියාවේ උස් කඳුකරයෙහි වෙසෙන සතෙකි. කොටි කුලයට අයත් සතුන්ගෙන් ඉතා ලක්ෂණ වූවෙකි අවුන්සයා. උගේ ලොම් දිගය, ඝනය, අළු පාටය. අනියම් ලෙස විහිදුණු කළු පුල්ලි උගේ ශරීරයෙහි ඇත. උගේ පුල්ලි සංඛ්‍යාව කොටියාගේ හමෙහි දක්නා පුල්ලි සංඛ්‍යාවට වඩා අඩුය. අවුන්සයාගේ පුල්ලි මහත්ය. අඩි තුනක් පමණ දිගැති උගේ වලිගය දික් ලොම්වලින් ගහනය. වලිගය ඇතුළු මුළු ශරීරයේ දිග ප්‍රමාණය අඩි හතක් පමණ වේ. අවුන්සයා සාමාන්‍යයෙන් ජීවත් වන්නේ හිමාලයේ ගස් වැවෙන සීමාවෙන් උඩ ගල් කුළු අතර හෙයින් උගේ ශරීරයේ පාට ඒ පරිසරයට අනුරූපය.

එළු, වල් බැටළු ආදීහු ඌට ගොදුරු වෙති. අවුන්සයා කෑම සොයා යන්නේ රෑ කාලයෙහි පමණක් හෙයින් ඌ දැකිය හැක්කේ කලාතුරකිනි. එහෙත් ලක්ෂණ කැපී පෙනෙන හමක් ඇති හෙයින් ඌ බෙහෙවින් දඩයක්කාරයන්ට ගොදුරු වෙයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අවුන්සයා&oldid=4986" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි