අහංගම

සිංහල විශ්වකෝෂය වෙතින්
14:38, 29 පෙබරවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ලංකාවේ දකුණු පළාතේ ගාල්ලට සැතැපුම් 12ක් ඈතින්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලංකාවේ දකුණු පළාතේ ගාල්ලට සැතැපුම් 12ක් ඈතින් ගාලු-මාතර පාරේ පිහිටි නියම් ගමකි. මෙහි දුම්රිය නැවතුම්පළක් වේ. අවට පෙදෙස්වල පොල්, වී සහ රබර් බහුලව වවනු ලැබේ. කොහු කර්මාන්තය සහ මසුන් මැරීම අනෙක් ප්‍රධාන රැකීරක්ෂාය. වෙරළාසන්න මුහුදු පත්ලෙහි සිටවන ලද රිටිවල නැඟී බිලීබාන මිනිසුන් අහංගම පෙදෙසෙහි දැක්ක හැකිය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අහංගම&oldid=4964" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි