"කේශවදාස" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('දාහත්වන සිය‍වසේ මුල් අවදියේ පමණ (සංවත් වර්ෂ 1612)...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
8 පේළිය: 8 පේළිය:
  
 
-කලල්ඇල්‍ලේ ශේඛර හිමි-
 
-කලල්ඇල්‍ලේ ශේඛර හිමි-
 +
 +
 +
<!--Categories-->
 +
<!--Interwiki-->
 +
[[ප්‍රවර්ගය: ක-කෞ]]

15:07, 9 නොවැම්බර් 2016 වන විට නවතම සංශෝධනය

දාහත්වන සිය‍වසේ මුල් අවදියේ පමණ (සංවත් වර්ෂ 1612) උත්තර භාරතයේ උපත ලැබූ කේශවදාස කවියා එම සියවසේ අග තෙක් ජීවත් විය. මහාරාජ රාමසිංහගේ සෝවුරු වූ ඉන්ද්‍රජිත්සංහගේ රාජසභාවේ ප්‍රකට කවියකු ලෙස ඔහු වැජැඹුණු බව කියනු ලැබේ.

කේශවදාසගේ පවුලෙහි සෙසු අය සංස්කෘත පඬුවන් වූ නිසා ඔහුට ද ඒ ආභාසය ලැබිණ.

හින්දි කාව්‍ය ක්ෂේත්‍රයෙහි ලා අලංකාරවාදී නැම්මක් ඇති කර ලීමේ පුරෝගාමියා වූයේ කේශවදාසය. මේ හැර ඔහු වැදගත් වන්නේ හින්දි කවිය පිළිබඳ රීති යුගයේ ආරම්භකයා හැටියටය.

ශෘංගාරය ප්‍රධාන කොට ගත් කාව්‍ය නිෂ්පාදනයෙහි ලා ඔහු දක්වා ඇත්තේ අනුපම කුශලතාවකි. කෘෂ්ණ භක්තිධාරාව, රාමභක්තිධාරාව යන කෘති මොහුගේ සහජ දක්ෂතා හුවා දක්වයි. ඔහු රචනා කළ ග්‍රන්ථ හතකි. ඒ අතර මහාකාව්‍ය හා මුක්තක කාව්‍ය ද දැක්ක හැකිය.

-කලල්ඇල්‍ලේ ශේඛර හිමි-

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=කේශවදාස&oldid=105" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි