"ගොඩාඩ් හෙන්රි හර්බට් (Goddard, Henry Herbert) 1866-1957" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මොහු ඇමෙරිකාවේ දී මන්ද බුද්ධිකභාවය සම්බන්ධිආ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
2 පේළිය: 2 පේළිය:
  
 
-ඩී.පී.බිබිලේ-
 
-ඩී.පී.බිබිලේ-
 +
 +
 +
<!--Categories-->
 +
<!--Interwiki-->
 +
[[ප්‍රවර්ගය: ග-ගෞ]]

15:09, 9 නොවැම්බර් 2016 වන විට නවතම සංශෝධනය

මොහු ඇමෙරිකාවේ දී මන්ද බුද්ධිකභාවය සම්බන්ධිආරය (heredity) පිළිබඳ ව ක්‍රමානුකූල ව පර්යේෂණ කළවුන්ගෙන් පළමුවැන්නා වෙයි. මොහු මන්ද බුද්ධික භාවය ඔහුගේ ජනප්‍රිය කෘතිය වූ The Kalliak Family (1912) නම් කෘතියෙන් පැහැදිලි කෙළේ ය. මොහු 1906-1918 දක්වා කාලය තුළ නිව්ජර්සිහි වයින්ලන්ඩ්හි (Vineland) මන්ද බුද්ධික ළමුන් සඳහා පැවති පුහුණු පාසලේ පර්යේෂණ පිළිබඳ අධ්‍යක්ෂ තනතුර දැරී ය. 1918-1922 දක්වා ඔහයෝහි රජයේ කෞමාර කටයුතු පිළිබඳ පර්යේෂණ කාර්යාලයෙහි (State Bureau of Juvenile Research) අධ්‍යක්ෂ විය. 1922-1938 අතර ඔහයෝ රජයේ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තනතුර දැරී ය. ඔහුගේ පර්යේෂණ නිබන්ධ අතර 1914 දී පළ කළ Feeblemindedness: Its causes and consequences සිහිය දුබල බව, එහි හේතු හා විපාක නමැති ග්‍රන්ථය හා (The School Training of Gifted Children) සහජ සාමාර්ථ්‍යය ඇති ළමුන්ගේ පාඨශාලීය පුහුණුව යනුවෙන් 1927 දී පළ කළ ග්‍රන්ථය ද වෙයි.

-ඩී.පී.බිබිලේ-