"චාඕ කුවාං යිං (තායි ද්සු) (ක්‍රි.ව.927-976) (Chao Kuang Yin)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('චීනයේ සුං රජ පෙළපතේ ආරම්භකයායි. යුද්ධ නිලධාරි...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
6 පේළිය: 6 පේළිය:
  
 
-අජන්තා සී. දයාරත්න-
 
-අජන්තා සී. දයාරත්න-
 +
 +
 +
 +
<!--Categories-->
 +
<!--Interwiki-->
 +
[[ප්‍රවර්ගය: ච-චෞ]]

15:10, 9 නොවැම්බර් 2016 වන විට නවතම සංශෝධනය

චීනයේ සුං රජ පෙළපතේ ආරම්භකයායි. යුද්ධ නිලධාරියකුගේ පුත්‍රයකු වූ මොහු චෞ පෙළපතක පාලකයකු යටතේ හමුදා සේවය අරඹා අධිරාජ්‍ය හමුදාවේ ජනරාල් තනතුර දක්වා උසස්වීම් ලද්දේ ය. ක්‍රි.ව. 960 දී රාජ්‍යයට හිමිකරුවා බාල වයස්කාරයකු වූයෙන් හමුදාවේ සේනාපතිවරුන්ගේ සහාය ද ඇතිව මොහු අදිරද තනතුරට පත් විය.

අභ්‍යන්තර වියවුල් ගහණ ශතවර්ෂයකට පසුව චීනය යළි එක්සත් කිරීම මොහු අතින් ඉටු වූ විශේෂ සේවයයි. හමුදා අරගල මැඩලනු වස් හමුදා නායකයන් සතු බලතල උපායශීලී ව ඔවුන් වෙතින් ඉවත් කොට ඔවුනට ගරුනාම, වැඩි වැටුප් හා විශ්‍රාම වැටුප් දෙමින් අගනුවර ම විසීමට හෙතෙම මං සැළසී ය. කාර්යක්ෂමතාව මත පදනම් වූ සිවිල් සේවයක් අරඹා එම නිලධාරීන්ට පෙර කී බලතල පවරන ලදි. ප්‍රධාන ප්‍රාදේශීය නිලධරයන් හා ඔවුන් යටතේ උප නිලධාරීන් ද පත්කොට හමුදා, සිවිල්, මුදල් හා අධිකරණ කටයුතු වෙන් වෙන් ව ඔවුනට පවරන ලද නමුත් සෑම බලයක් ම අධිරාජයා වෙත මධ්‍යගත කොට තබා ගන්නා ලදි. අධික අයබදු ඉවත් කරන ලද අතර වැදගත් තීරණ ගැනීමේ දී උපදේශකයන්ගේ අදහස් විමසන ලදි. ක්‍රියාකාරී වූත් පරීක්ෂාකාරී වූත් මෙවන් පාලන තන්ත්‍රයක් මගින් අධිරාජයාගේ බලය සවිමත් කැරිණි.

සංවිධානාත්මක යුද්ධෝපක්‍රම මගින් මධ්‍යම චීනය (963), බටහිර (965) හා දකුණු දග (971) නතුකර ගනු ලැබූ අතර 975 වන විට ඉතිරි ප්‍රදේශ බොහොමයක් අල්ලා ගැනීම හෝ යටත් වීම සිදු විය. මෙනයින් එවකට පැවති ප්‍රාදේශීය රාජ්‍ය දහයෙන් නවයක් ම ඔහුට අවනත වූයේ ය. වයස අවුරුදු 49 දී අභාවප්‍රාප්ත වූ මේ අධිරාජයාගේ ඇවෑමෙන් අධිරාජත්වයට පැමිණි ඔහුගේ බාල සොහොයුරු තායි ත්සුං තෙමේ චීනය එක්සත් කිරීමේ කාර්යය සමාප්තියට පත් කෙළේ ය.

-අජන්තා සී. දයාරත්න-