"ජාල (පරිගණක) (Network - Computer)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
25 පේළිය: 25 පේළිය:
 
3. දැලිස (Mesh Topology) - දැලිස ස්ථලකය : ජාලයේ ඇති උපකරණ එකිනෙක හා සම්බන්ධ වී එකිනෙකා අතර පණිවුඩ හුවමාරුවට උදව් වේ නම් එය දැලිසක් ලෙස සම්බන්ධ වූ ජාලයක් ලෙස හැඳින්වේ. මෙහි දී සියලූ ම පරිගණක එකිනෙක සම්බන්ධ වීම අනිවාර්ය නොවේ. එවැනි සම්පූර්ණ ලෙස වූ සම්බන්ධයක් ප‍්‍රායෝගික නොවේ.  
 
 +
සම්බන්ධ වී ඇති ආකාරය කෙසේ වෙතත් සන්නිවේදනය සිදුවන ආකාරය මත ද ජාල ඉහත ලෙසින් වර්ගීකරණය වේ. තරු ආකාරයට සම්බන්ධ වී ඇති ලෙස පෙනෙන ජාලයක් තුළ සන්නිවේදනය පොදු නාළිකාවක් ලෙස සිදු විය හැක. උදාහරණයක් ලෙස හබ් උපකරණයක් හරහා සම්බන්ධ වී ඇති ජාලයක් තරු ස්ථලකයක් ලෙස පෙනුණ ද තාර්කික ලෙස එය නිය මග ස්ථලකයකි. එයට හේතුව සන්නිවේදනය සත්‍ය වශයෙන් ම සිදු වන්නේ නිය මග ස්ථලකයක ලෙස ය.
  
'''මාධ්‍යය''' : ජාලයේ ඇති උපකරණ එකිනෙක සම්බන්ධ කරන මාධ්‍යය පරිගණක ජාලයක මූලික ම අංගයකි. ප‍්‍රධාන වශයෙන් රැුහැන් සහිත තාක්ෂණය සහ රැුහැන් රහිත තාක්ෂණය මේ සඳහා යොදා ගැනේ. විවිධ වර්ගයේ රැහැන් මේ සඳහා භාවිත කෙරේ.  
 
38 පේළිය: 38 පේළිය:
 
රැහැන් රහිත ජාල සඳහා ගුවන් විදුලි තරංග හා අධෝරක්ත කිරණ යොදා ගැනේ. ගුවන් විදුලි තරංග යොදා ගන්නා WiFi තාක්ෂණයෙන් නිර්මිත පෙදෙසි ජාල වත්මනෙහි ඉතාමත් ජනපි‍්‍රය ය. එසේ ම ගුවන් විදුලි තරංග යොදා ගන්නා පෞද්ගලික සරි ජාලයකි, Blue Tooth තාක්ෂණයෙන් නිර්මිත ජාල.   
 
සම්මුති : ජාලයක සන්නිවේදනය නිසි ලෙස සිදුවීම සඳහා සම්මුති අවශ්‍ය වේ. සත්‍ය වශයෙන් සම්මුති එකතුවක් අවශ්‍ය වේ. මේ සම්මුතීන් ස්තර කිහිපයකට බෙදීම පහසු වේ. මෙසේ ස්තරවලට බෙදා වෙන්කරන ලද සම්මුතීන් අතර ISO හෝ TCP/IP සම්මුති ප‍්‍රමුඛ වේ.
+
 
 +
'''සම්මුති''' : ජාලයක සන්නිවේදනය නිසි ලෙස සිදුවීම සඳහා සම්මුති අවශ්‍ය වේ. සත්‍ය වශයෙන් සම්මුති එකතුවක් අවශ්‍ය වේ. මේ සම්මුතීන් ස්තර කිහිපයකට බෙදීම පහසු වේ. මෙසේ ස්තරවලට බෙදා වෙන්කරන ලද සම්මුතීන් අතර ISO හෝ TCP/IP සම්මුති ප‍්‍රමුඛ වේ.
  
ISO සම්මුති එකතුව ජාත්‍යන්තර ප‍්‍රමිති ආයතනය මගින් සම්මත කර ගන්නා ලද අතර එහි ස්තර හතක් ඇතුළත් ය. එහි පහළ ම ස්තරය ‘භෞතික ස්තරය’ (Physical Layer) ලෙස හැඳින්වේ. භෞතිකව සම්පේ‍්‍රෂණ මාධ්‍යය, විද්‍යුත් සංඥා යනාදිය පිළිබඳ සම්මුතීන් මෙමගින් විස්තර වේ. භෞතික ස්තරයේ කාර්යය වන්නේ බිටු මාධ්‍යයට සරිලන සංඥා ලෙස හරවා සම්පේ‍්‍රෂණය කිරීමයි. බිටු අර්ථනිරූපණය කිරීම එහි කාර්ය නොවේ. බිටු අර්ථ නිරූපණය කිරීම ඉහළ ස්තර වෙත ඇති වගකීමකි. මෙසේ බිටු සම්පේ‍්‍රෂණය කිරීමේ දී විවිධ දෝෂ ඇතිවන අතර ප‍්‍රතිග‍්‍රාහකයාගේ භෞතික ස්තරය එම දෝෂ නිවැරදි කිරීමට උත්සාහ නොගනී.
 
59 පේළිය: 60 පේළිය:
  
චමත් කැප්පිටියාගම
 
චමත් කැප්පිටියාගම
 +
 +
<!--Categories-->
 +
<!--Interwiki-->
 +
[[ප්‍රවර්ගය: ජ-ජෞ]]

16:43, 30 අගෝස්තු 2017 වන විට නවතම සංශෝධනය

පරිගණක (හෝ එවැනි උපකරණ) එකක් හෝ කිහිපයක් නාළිකාවක් මගින් එකිනෙක සම්බන්ධ කිරීමෙන් පරිගණක ජාලයක් නිර්මාණය වේ. මෙහි නාළිකාවක් ලෙස හඳුන්වන්නේ පරිගණක අතර සන්නිවේදනය සඳහා යොදා ගන්නා මාධ්‍යයකි. එය රැහැන් සහිත මාධ්‍යයක් හෝ රැහැන් රහිත මාධ්‍යයක් විය හැක. ‘තඹ රැහැන් නාළිකා’ රැහැන් සහිත නාළිකාවකට උදාහරණයකි. රැහැන් රහිත නාළිකාවකට උදාහරණයක් ලෙස අධෝරක්ත හෝ ගුවන්විදුලි නාළිකා ගත හැක.

පරිගණක එකිනෙක හා දත්ත හුවමාරු කර ගනුයේ පරිගණක ජාල ඔස්සේ ය. එබැවින් සන්නිවේදනය ජාලයක් මගින් පහසුකම් සපයන මූලික කාර්යයකි. සම්පත් බෙදා ගැනීම ජාල නිර්මාණය කිරීමේ තවත් ප‍්‍රධාන අරමුණකි. එක් පරිගණකයක ඇති සම්පත් වෙනත් පරිගණක වෙත ලබා දීම සඳහා ජාල උපකාරී වේ. උදාහරණයක් ලෙස කිසියම් පරිගණකයකට සම්බන්ධ කර ඇති මුද්‍රණ යන්ත‍්‍රයක් මුද්‍රණ යන්ත‍්‍රයක් නොමැති වෙනත් පරිගණකයකට එම මුද්‍රණ යන්ත‍්‍රය ජාලය ඔස්සේ භාවිත කළ හැක. නවීන මුද්‍රණ යන්ත‍්‍ර, පරිගණයක ආධාරය නොමැතිව ඍජුව ම ජාලයකට සම්බන්ධ කළ හැකි අතර එවැනි යන්ත‍්‍රයක් ජාලය ඔස්සේ වෙනත් යන්ත‍්‍රවලට භාවිත කළ හැක. මෙය ජාලය ඔස්සේ සම්පත් බෙදා ගැනීම පිළිබඳ එක් නිදසුනකි.

ජාල විවිධාකාරයෙන් වර්ගීකරණය කරනු ලැබේ. භූගෝලීය පැතිරීම මත එක් වර්ගීකරණයක් ඇත.

ඒ අනුව පහත සඳහන් ප‍්‍රභේද ඇත.

1. පෙදෙසි ජාලය - Local Area Network - LAN සාපේක්ෂ ලෙස කුඩා ප‍්‍රදේශයක පැතිරුණු ජාලයක් මෙසේ හැඳින්වේ. මෙවැනි ජාල එක් ගොඩනැගිල්ලකට බොහෝ විට සීමා වන අතර එක් අධිකාරයක් යටතේ පවතී. මෙවැනි ජාල නිර්මාණය සඳහා විවිධ තාක්ෂණ භාවිත වන අතර ජනපි‍්‍රය ම තාක්ෂණය වන්නේ ඊතර (Ethernet) තාක්ෂණයයි.

2. නාගරික ප‍්‍රදේශ ජාලය (Metropolitan Area Network - MAN) : නගරයක පමණ ප‍්‍රදේශයක පැතිරුණු තරමක් විශාල ජාලයක් මෙනමින් හැඳින්වේ. කිමී. කිහිපයක දුරක පැතිර තිබිය හැක. භූගෝලීය වශයෙන් නගරයක පමණ විශාල පෙදෙසක පිහිටි විවිධ පෙදෙසි ජාල (LAN) එකිනෙක සම්බන්ධ කිරීම සඳහා LATM, FDDI, Metro Ethernet තාක්ෂණ භාවිත කෙරේ.

3. විශාල ප‍්‍රදේශයක පැතිරුණු ජාලය (Wide Area Network - WAN) : භූගෝලීය වශයෙන් ඉතාමත් විශාල ප‍්‍රදේශයක පැතිරුණු ජාලයක් මෙනමින් හැඳින්වේ. රටවල් හෝ මහාද්වීප යා කරමින් පැතිරිය හැක. අන්තර්ජාලය (Internet) මීට උදාහරණයකි.

4. පෞද්ගලික සරි ජාලය (Personal Area Network - PAN)

ස්ථලක : ජාල වර්ගීකරණය එම ජාල තුළ උපකරණ සම්බන්ධ වී ඇති ආකාරය (ස්ථලයක - Topology) අනුව ද සිදු කළ හැක.

1. තරු ආකාරයට සම්බන්ධ වූ ජාල (Star Topology) - තරු ස්ථලකය : ජාලයට එක්වන පරිගණක හෝ වෙනත් උපකරණ එක් කේන්ද්‍රයක් හරහා සම්බන්ධ වී ඇත්නම් එය තරු ආකාරයට සම්බන්ධ වී ඇතැයි කියනු ලැබේ. ජාලයේ මධ්‍ය ලක්ෂය සඳහා හබ් උපකරණයක් භාවිත කළ හැක.

2. පොදු නාළිකාවකට සම්බන්ධ වූ ජාල (Bus Topology) - නිය මග ස්ථලකය : ජාලයට එක්වන පරිගණක එක් පොදු නාළිකාවක් හරහා සන්නිවේදනය කරන්නේ නම් මෙම වර්ගයට අයත් වේ. පෙදෙසි ජාලය (LAN) බොහෝ විට මෙලෙස සම්බන්ධ වේ.

3. දැලිස (Mesh Topology) - දැලිස ස්ථලකය : ජාලයේ ඇති උපකරණ එකිනෙක හා සම්බන්ධ වී එකිනෙකා අතර පණිවුඩ හුවමාරුවට උදව් වේ නම් එය දැලිසක් ලෙස සම්බන්ධ වූ ජාලයක් ලෙස හැඳින්වේ. මෙහි දී සියලූ ම පරිගණක එකිනෙක සම්බන්ධ වීම අනිවාර්ය නොවේ. එවැනි සම්පූර්ණ ලෙස වූ සම්බන්ධයක් ප‍්‍රායෝගික නොවේ.

සම්බන්ධ වී ඇති ආකාරය කෙසේ වෙතත් සන්නිවේදනය සිදුවන ආකාරය මත ද ජාල ඉහත ලෙසින් වර්ගීකරණය වේ. තරු ආකාරයට සම්බන්ධ වී ඇති ලෙස පෙනෙන ජාලයක් තුළ සන්නිවේදනය පොදු නාළිකාවක් ලෙස සිදු විය හැක. උදාහරණයක් ලෙස හබ් උපකරණයක් හරහා සම්බන්ධ වී ඇති ජාලයක් තරු ස්ථලකයක් ලෙස පෙනුණ ද තාර්කික ලෙස එය නිය මග ස්ථලකයකි. එයට හේතුව සන්නිවේදනය සත්‍ය වශයෙන් ම සිදු වන්නේ නිය මග ස්ථලකයක ලෙස ය.

මාධ්‍යය : ජාලයේ ඇති උපකරණ එකිනෙක සම්බන්ධ කරන මාධ්‍යය පරිගණක ජාලයක මූලික ම අංගයකි. ප‍්‍රධාන වශයෙන් රැුහැන් සහිත තාක්ෂණය සහ රැුහැන් රහිත තාක්ෂණය මේ සඳහා යොදා ගැනේ. විවිධ වර්ගයේ රැහැන් මේ සඳහා භාවිත කෙරේ.

එකිනෙක ඇඹරූ රැහැන් යුගල ජාල නිර්මාණය සඳහා යොදා ගන්නා ප‍්‍රධාන තාක්ෂණයකි. දුරකතන රැහැන් සඳහා ද යොදා ගන්නා මෙම රැහැන් බහුලව ජාල සඳහා යොදා ගන්නා මාධ්‍යයකි. රැහැන් මෙසේ එකිනෙක අඹරනුයේ සන්නිවේදන බාධක නැවැත්වීම සඳහා ය. ඇඹරුම් ප‍්‍රමාණය වැඩි වන විට සන්නිවේදන බාධක ද අඩු වේ. නමුත් මෙය මිල ඉහළ අධික වූවකි. පෙදෙසි ජාල සඳහා යොදා ගන්නා ඊතර (Ethernet) තාක්ෂණයේ දී බහුලව භාවිත කෙරෙන මාධ්‍යයකි.

සමක්ෂ රැහැන් ඉහත සඳහන් මාධ්‍යයට ඉහළින් දත්ත සම්පේ‍්‍රෂණය කිරීමේ හැකියාව ඇති මාධ්‍යයකි. රූපවාහිනී යන්ත‍්‍ර ඇන්ටනා සමග සම්බන්ධ කිරීමට බහුලව යොදා ගන්නා මාධ්‍යයකි.

‘ප‍්‍රකාශ තන්තු’ ඉතා අධිවේගී සන්නිවේදනය සඳහා යොදා ගන්නා මාධ්‍යයකි. ඉහත සඳහන් මාධ්‍යය සන්නිවේදනය සඳහා ‘විද්‍යුත් සංඥා’ යොදා ගැනේ. නමුත් ප‍්‍රකාශ තන්තු මේ සඳහා යොදා ගන්නේ ‘ආලෝකය’යි. දැනට භාවිත වන සම්පේ‍්‍රෂණ වේගය අධික ම මාධ්‍යය මෙයයි.

රැහැන් රහිත ජාල සඳහා ගුවන් විදුලි තරංග හා අධෝරක්ත කිරණ යොදා ගැනේ. ගුවන් විදුලි තරංග යොදා ගන්නා WiFi තාක්ෂණයෙන් නිර්මිත පෙදෙසි ජාල වත්මනෙහි ඉතාමත් ජනපි‍්‍රය ය. එසේ ම ගුවන් විදුලි තරංග යොදා ගන්නා පෞද්ගලික සරි ජාලයකි, Blue Tooth තාක්ෂණයෙන් නිර්මිත ජාල.

සම්මුති : ජාලයක සන්නිවේදනය නිසි ලෙස සිදුවීම සඳහා සම්මුති අවශ්‍ය වේ. සත්‍ය වශයෙන් සම්මුති එකතුවක් අවශ්‍ය වේ. මේ සම්මුතීන් ස්තර කිහිපයකට බෙදීම පහසු වේ. මෙසේ ස්තරවලට බෙදා වෙන්කරන ලද සම්මුතීන් අතර ISO හෝ TCP/IP සම්මුති ප‍්‍රමුඛ වේ.

ISO සම්මුති එකතුව ජාත්‍යන්තර ප‍්‍රමිති ආයතනය මගින් සම්මත කර ගන්නා ලද අතර එහි ස්තර හතක් ඇතුළත් ය. එහි පහළ ම ස්තරය ‘භෞතික ස්තරය’ (Physical Layer) ලෙස හැඳින්වේ. භෞතිකව සම්පේ‍්‍රෂණ මාධ්‍යය, විද්‍යුත් සංඥා යනාදිය පිළිබඳ සම්මුතීන් මෙමගින් විස්තර වේ. භෞතික ස්තරයේ කාර්යය වන්නේ බිටු මාධ්‍යයට සරිලන සංඥා ලෙස හරවා සම්පේ‍්‍රෂණය කිරීමයි. බිටු අර්ථනිරූපණය කිරීම එහි කාර්ය නොවේ. බිටු අර්ථ නිරූපණය කිරීම ඉහළ ස්තර වෙත ඇති වගකීමකි. මෙසේ බිටු සම්පේ‍්‍රෂණය කිරීමේ දී විවිධ දෝෂ ඇතිවන අතර ප‍්‍රතිග‍්‍රාහකයාගේ භෞතික ස්තරය එම දෝෂ නිවැරදි කිරීමට උත්සාහ නොගනී.

මෙහි දෙවන ස්තරය දත්ත සන්ධාන (Data Link) ස්තරය ලෙස හැඳින්වේ. මෙහි කාර්ය වන්නේ භෞතික මාධ්‍යය එකිනෙක හා යා ව ඇති ජාලයට සම්බන්ධ වූ උපකරණ දෙකක් අතර දත්ත සම්පේ‍්‍රෂණය කිරීමයි. මෙහි දී යම් පමණකට බිටු අර්ථනිරූපණය කිරීම සිදුවේ. ඒ සඳහා බිටු රාමුවලට (Frames) ගොනු කෙරේ. පේ‍්‍රෂක හා ප‍්‍රතිගාහක හඳුනාගැනීම සඳහා මේ රාමු තුළ ඇති යම් බිටු යොමු අංක ලෙස මෙම ස්තරය යොදා ගැනේ. ඊට අමතරව යම් පමණකට දෝෂ නිවැරදි කිරීම හෝ දෝෂ හඳුනාගැනීම ද සිදු වේ. දත්ත ප‍්‍රවාහ කළමනාකරණය හා ප‍්‍රවේශ පාලනය ද මෙම ස්තරය මගින් සපයන සේවාවන් වේ.

ISO සම්මුති එකතුව අනුව තෙවැන්න ජාල ස්තරයයි (Network Layer). පරිගණක එකිනෙක හා ඍජුව ම සම්බන්ධ වී නොමැති විට දත්ත පැකැට්ටු මාර්ගගත කිරීම සිදු කළ යුතු අතර මෙම ස්තරයේ ප‍්‍රධාන කාර්ය වන්නේ එයයි. මේ සඳහා යොමු අංක සඳහා සම්මුතියක් අවශ්‍ය වේ. ඉතා ප‍්‍රසිද්ධ අන්තර්ජාල සම්මුතිය මෙම ස්තරයේ සම්මුතියකි.

පරිවාහන (Transport) සම්මුති හතරවන ස්තරයයි. පරිවහන ස්තරය සන්නිවේදනයේ එක් අන්තයක සිට අනෙක් අන්තයට දත්ත හුවමාරුව සඳහා අවශ්‍ය පහසුකම් සලසයි. මෙහි අන්තය ලෙස පරිගණකයක් නොව එහි ඇති යම් වැඩසටහන් ගැනේ. එබැවින් ජාල ස්තරයේ යොමු අංකවලට අමතරව සන්නිවේදන අන්තය හැඳින්වීමට යොමුවක අංකයක් යොදා ගැනේ. පරිවහන ස්තර ජාල ස්තරයේ පහසුකම යොදා ගෙන එයට වඩා සේවාවක් සලසයි. ජාල ස්තරය එක් අන්තයක සිට අනෙක් අන්තයට යන දත්ත පැකැට්ටු විවිධ මාර්ග ඔස්සේ මාර්ගගත කළ හැකි බැවින් ප‍්‍රතිග‍්‍රාහක අන්තය වෙත අනුපිළිවෙළින් තොරව පැමිණිය හැක. මෙම ස්තරයට අයත් යම් සම්මුති අනුපිළිවෙළ ලබා ගැනීම සඳහා පැකැට්ටු නැවත පෙළ ගැස්වීම සිදුකෙරේ. පරිවහන කළමනාකරණ සම්මුතිය (Transmission Controll Protocol - TCP) එවන් සම්මුතියකි. නමුත් මෙසේ අනුපිළිවෙළ නොසපයන UDP වැනි සම්මුති ද මෙම ස්තරයේ පවතී.

සැසි ස්තරය (Session Layer) පස්වන ස්තරයයි. සන්නිවේදනය සඳහා සැසියක් ඇරැුඹීම සහ පවත්වාගෙන යාම මෙම ස්තරයේ වගකීමයි. සැසිය ස්ථාපනය කිරීම සඳහා බලය දීම (Authorisation) සහ ප‍්‍රතිවිරුද්ධ අන්තයේ තථ්‍යභාවය තහවුරු (Authentication) කිරීම මෙම ස්තරය සිදු කරන කාර්යයන් ය.

පිළිගැන්වීමේ ස්තරය (Presentation Layer) හයවන ස්තරය වන අතර සන්නිවේදන අන්ත දෙක අතර ඇති කේතයන්ගේ වෙනස්කම් සමතයකට පත්කර ඉහළ ස්තරයේ ඇති යෙදුම (Application) සඳහා දත්ත භාරදීම සිදුකෙරේ.

ඉහළ ම ස්තරය වන්නේ යෙදුම් ස්තරයයි (Application Layer). යෙදුමක අන්ත දෙකක් අතර සන්නිවේදනයට අවශ්‍ය සම්මුතීන් මෙහි ඇතුළත් වන අතර යෙදුමෙන් යෙදුමට වෙනස් වේ. උදාහරණ ලෙස විද්‍යුත් තැපෑල සඳහා යොදා ගන්නා SMTP සඳහන් කළ හැක.

අන්තර්ජාල සම්මුති එකතුව ISO සම්මුති එකතුවට යම් පමණක් වෙනස් වූ ආකෘතියක් අනුගමනය කෙරේ. එහි ස්තර හතරයක් පමණක් ඇත. භෞතික ස්තරය හා දත්ත සන්ධාන ස්තරයන්ගේ කාර්යයන් ධාරකයෙන් - ජාලයට (Host to Network) ස්තරය මගින් සිදු කෙරේ. එයට අමතරව සැසි ස්තරය, පිළිගැන්වීමේ ස්තරය හා යෙදුම් ස්තරය එක් යෙදුම් ස්තරයකින් නිරූපණය වන සේ ගත හැකි ය. මෙසේ ගත් විට එහි ස්තර හතර වනුයේ ධාරකයෙන් ජාලයට ස්තරය, ජාල ස්තරය, පරිවහන ස්තරය හා යෙදුම් ස්තරයයි. අන්තර්ජාලයේ කි‍්‍රයාකාරීත්වය අන්තර්ජාල සම්මුති එකතුව මත රඳා පවතින අතර එය පුළුල් ප‍්‍රදේශ ජාල (WAN) සඳහා භාවිත වන ප‍්‍රසිද්ධ ම සම්මුති එකතුවයි.

වෙනත් ජාලයක යෙදුම් ස්තරය මත තවත් අනන්‍ය ජාල (Virtual Networks) නිර්මාණය කළ හැකි ය. එම ජාල උඩතැරි ජාල (Overlay) ලෙස හැඳින්වේ. අන්තර්ජාලය මත උඩතැරි ජාල ලෙස නිර්මාණය කළ සම-සම ජාල (Peer to peer to Networks), බොහෝ ජනපි‍්‍රය ගොනු සම්භාවිත යෙදුම් (File Sharing Applications) කිහිපයක් සඳහා භාවිත වේ

චමත් කැප්පිටියාගම