"ජාහ්රුම් (Jahrom)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ඉරානයේ ෆාස් සග්රෝස් කඳුකරයට උතුරු දෙසින් මී. 1,1...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
 
ඉරානයේ ෆාස් සග්රෝස් කඳුකරයට උතුරු දෙසින් මී. 1,120ක පමණ උසකින් පිහිටි නගරයකි. එහි නිරපේක්ෂ පිහිටීම උ.අ. 28031' සහ නැ.දේ. 53033' වශයෙන් දැක්විය හැකි ය. ගිනිකොන සිට උතුරට විහිදෙන, සග්රෝස් කඳුකරයට අයත් ඇල්බොස් වැටිය නගරය වටා පිහිටා ඇත. ප‍්‍රදේශයේ දේශගුණයේ කැපී පෙනෙන ඍතු රටාවක් දැකිය හැකි ය. අපේ‍්‍රල්-නොවැම්බර් කාලය තරමක් උණුසුම් වන අතර නොවැම්බර්-පෙබරවාරි සමය වියළි සිසිල් දේශගුණයෙන් යුක්ත ය. වාර්ෂික වර්ෂාපතනය මිමී. 200ක් පමණ වෙයි.
 
(පින්තූරය)
+
  (පින්තූරය)
  
පර්සියානු ඉතිහාසඥයන්ට අනුව ‘ජාහ්රුම්’යන්නෙහි අර්ථය වන්නේ ‘හරිත බිම’යන්නයි. සස්සානිඞ් අධිරාජයාගේ සමයෙහි බලකොටුවක් ව පැවති මෙය ක‍්‍රි.ව. 637 දී අරාබි ආක‍්‍රමණිකයන් විසින් අල්ලා ගන්නා ලදි. ඈත අතීතයේ පටන්  මෙසේ විවිධ පරිවර්තනයන්ට බඳුන් වූ ජාහ්රුම්  අද වන විට ඉරානයේ ඉතා ප‍්‍රකට නගරයකි. සෞදි අරාබියට අපනයනය කිරීම පිණිස එහි නිෂ්පාදනය කෙරෙන ‘ජාහ්රෝම්’ නම් පර්සියානු රෙදි ඉතා ප‍්‍රසිද්ධ ය. ඊට අමතරව බුමුතුරුණු, පැණි හා පැඟිරි වර්ග අපනයනයට ද ජාහ්රුම් නම් දරා සිටී.
 
පර්සියානු සංගීතය සම්බන්ධයෙන් ද ජාහ්රුම් වැදගත් වෙයි. එහි වාසය කළ බාර්-බාද් සංගීතඥයා පැරණි ම පර්සියානු සංගීතයේ නිර්මාතෘවරයායි. සස්සානිඞ් අධිරාජ්‍යයේ විසූ කොස්රොපාවිස් රජතුමා වෙනුවෙන් දින 365 තුළ ගීත 365ක් නිර්මාණය කළ ඔහු රජතුමාගේ අභාවය දරාගත නොහැකි ව අතේ සියලු ඇඟිලි කපා දමා අධිරාජයා වෙනුවෙන් සිය ප‍්‍රණාමය පුද කළ බව කියැවේ.
 
පින්නවල සංඝසුමන හිමි
 
පින්නවල සංඝසුමන හිමි
 +
 +
 +
<!--Categories-->
 +
<!--Interwiki-->
 +
[[ප්‍රවර්ගය: ජ-ජෞ]]

23:39, 31 අගෝස්තු 2017 වන විට නවතම සංශෝධනය

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජාහ්රුම්_(Jahrom)&oldid=863" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි