"ජිඩා (ජිද්දා, ජෙද්දා) (Jidda, Jeddah)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ජිඩා (ජිද්දා, ජෙද්දා) (Jidda, Jeddah) සෞදි අරාබියේ නගරයක...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
7 පේළිය: 7 පේළිය:
  
 
ඞී. එස්.  එපිටවත්ත
 
ඞී. එස්.  එපිටවත්ත
 +
 +
 +
<!--Categories-->
 +
<!--Interwiki-->
 +
[[ප්‍රවර්ගය: ජ-ජෞ]]

16:55, 30 අගෝස්තු 2017 තෙක් සංශෝධනය

ජිඩා (ජිද්දා, ජෙද්දා) (Jidda, Jeddah) සෞදි අරාබියේ නගරයක් වන ජිඩා උ.අ. 210-220ත් නැ.දේ. 390-40ත් වූ කලාපයේ පිහිටා ඇත. ජිඩා ප‍්‍රධාන වරායක් මෙන් ම ගුවන් තොටුපළක් ද වේ. රතු මුහුදට විවෘත ව පිහිටා ඇති මෙය මෙකා සිට කිමී. 46ක් බටහිරින් පිහිටා ඇත. මෙකා බලා යන මුස්ලිම් වන්දනාකරුවන් පැමිණෙන ප‍්‍රධාන නගරයක් වන මෙහි වරාය හරහා වාර්ෂිකව ලක්ෂයකට අධික මුස්ලිම් වන්දනාකරුවෝ ගමන් කරති.

ජිඩා තාප්පයකින් වටවූ නගරයකි. එහි නිවාස කොරල් පාෂාණයෙන් තනා ඇත. මෙහි උතුරු නේවාසික කලාපය සෞදි අරාබියානු තානාපති කාර්යාල සහ විවිධ විදේශීය සමාගම්වල ගොඩනැගිලිවලින් යුක්ත වේ. විශාල වෙළෙඳ පොළක් සහ නිෂ්පාදන කර්මාන්ත ශාලා කිහිපයක් මෙහි පිහිටියේ ය.

ජිඩා නගරයට ආහාර ද්‍රව්‍ය ආනයනය කරනු ලැබේ. පානීය ජලය ලබා ගන්නේ සාගර ජලය උණුකොට උපකරණ මගින් පෙරා ගැනීමෙනි. මෙම ප‍්‍රදේශය උෂ්ණ සහ ආර්ද්‍ර දේශගුණයකින් යුක්ත වේ. ජිඩා නගරයේ 2008 දී ජන සංඛ්‍යාව 3,234,000ක් පමණ විය.

ඞී. එස්. එපිටවත්ත