"ජිනපඤ්ජරය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ජිනපඤ්ජරය. බෞද්ධයන් අතර ව්‍යවහාරයෙහි පවතින ග...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
28 පේළිය: 28 පේළිය:
  
 
උස්ගොඩ ධම්මගරු හිමි
 
උස්ගොඩ ධම්මගරු හිමි
 +
 +
<!--Categories-->
 +
<!--Interwiki-->
 +
[[ප්‍රවර්ගය: ජ-ජෞ]]

16:56, 30 අගෝස්තු 2017 තෙක් සංශෝධනය

ජිනපඤ්ජරය. බෞද්ධයන් අතර ව්‍යවහාරයෙහි පවතින ගාථා 22කින් සමන්විත ආරක්ෂක පිරිතකි. කෙලෙස් දිනූ අටවිසි බුදුවරුන්, සූත‍්‍රධර්ම හා මහරහත් උතුමන් ශරීරාංගයන්හි හා ශරීරය වටා පඤ්ජරයක (කූඩුවක) ආකාරයෙන් පිහිටුවා එමගින් සිය ආරක්ෂාව, ආශීර්වාදය ප‍්‍රාර්ථනා කිරීමේ අර්ථයෙන් ‘ජිනපඤ්ජරය’ යන නම යෙදී ඇත.

මහපිරිත් (පිරුවානා පොත් වහන්සේ/ චතුභාණවාරපාළි) පොතෙහි අවසානයෙහි එන මෙය බුද්ධභාෂිතයක් නොව සැදැහැවත් විද්වත් යතිවරයකු විසින් පසුකාලීනව රචනා කරන ලද්දකි. එසේ වුව ද බෞද්ධ සැදැහැවතුන් අතර බෙහෙවින් ජනපි‍්‍රය පිරිතකි. ථෙරවාදී මුල් බුදුසමයේ මූලික පරමාර්ථවලින් බැහැර ව හුදෙක් ලෞකික ආරක්ෂාව හා ආශීර්වාදය අපේක්ෂාවෙන් මෙය රචනා වී ඇත. මෙබඳු ආශීර්වාදාත්මක පිරිත් කිහිපයක් ම මහපිරිත් පොතෙහි අවසානයෙහි ඇතුළත් වේ. ඒ අතර අටවිසි පිරිත, ජයමංගල ගාථා, මහාජයමංගල ගාථා, අංගුලිමාල පිරිත, ඇනවුම් පිරිත, චක්ක පිරිත, ගිනි පිරිත, ජය පිරිත, වැසි පිරිත, වට්ටක පිරිත, සීවලී දැහැන, ජලනන්දන පිරිත ප‍්‍රධාන වේ.

තායි බෞද්ධ සම්ප‍්‍රදායයෙහි දැක්වෙන පරිදි ජිනපඤ්ජර කතුවරයා 19 වන සියවස මැදභාගයේ විසූ බුද්ධාචරිය නම් භික්ෂුවක බව මහාචාර්ය ලිලී ද සිල්වා පෙන්වා දෙයි (The Buddhist Ceremony for Peace and Prosperity in Sri Lanka, 1981).

‘ජයාසනගතාවීරා ජෙත්වා මාරං සවාහිණිං,
චතුසච්චාමතරසං  යෙ  පිවිංසු  නරාසභා.’

යන ජිනපඤ්ජර ආරම්භක ගාථාවෙන් ‘ජයග‍්‍රාහී අසුනෙහි වැඩ හුන් යම් නරශ්‍රේෂ්ඨ කෙනෙක් සේනා සහිත මරුවා දිනා චතුරාර්ය සත්‍යය නමැති අමෘතය පානය කළාහු ද’ යන අරුත ප‍්‍රකාශ වේ. අනතුරුව තණ්හංකරාදි බුදුවරුන් 28 දෙනා සිරසෙහි ද ධර්මය ඇසෙහි ද සංඝයා හදවතෙහි ද වශයෙන් බුද්ධාදි රත්නත‍්‍රය තමාගේ (පා.මෙ) නොහොත් මෙරමාගේ (තෙ) සිරුරෙහි ප‍්‍රධාන අංගයන්හි පිහිටුවා එමගින් තමාගේ (මය්හං) හෝ මෙරමාගේ (තුය්හං) අභිවෘද්ධිය ප‍්‍රාර්ථනා කෙරේ.

මෙහි දී ගෞතම සම්බුදු සසුනෙහි වැඩවිසූ මහරහත් උතුමන් සිරුරෙහි විවිධ අවයවයන්හි පිහිටුවන බව දැක්වේ. ඒ අනුව අනුරුද්ධ මාහිමියන් හදවතෙහි ද කොණ්ඩඤ්ඤ මාහිමියන් පිටෙහි ද මුගලන් මාහිමියන් වම් පසෙහි ද ආනන්ද, රාහුල යන හිමිවරුන් වම් කණෙහි ද පිටුපස කේශාන්තයෙහි සෝභිත මාහිමියන් ද කුමාරකාශ්‍යප මාහිමියන් මුහුණෙහි ද සිල්තෙදින් බබලන පුණ්ණ, අංගුලිමාල, උපාලි, නන්ද, සීවලී යන ජිනශ‍්‍රාවක මහතෙරවැරන් පස්නම නළලෙහි තිලකයක් මෙන් ද සෙසු අසූමහ ශ‍්‍රාවකයන් සෙසු අංගයන්හි ද පිහිටුවන බව කියැවේ.

තව ද බුදුදහමෙහි සඳහන් පරිත‍්‍රාණමය සූත‍්‍ර දේශනා ගෙනහැර දක්වා ඒවා සිව්දෙස සහ අහසෙහි පිහිටුවමින් ආරක්ෂාව ප‍්‍රාර්ථනා කොට තිබේ. ඒ අනුව රතන සූත‍්‍රය ඉදිරියෙහි ද මෙත්ත සූත‍්‍රය දකුණෙහි ද ධජග්ග සූත‍්‍රය පිටුපසෙහි ද අංගුලිමාල සූත‍්‍රය වම් පසෙහි ද යනුවෙන් සිව්දෙස පිහිටුවා ඇත. ඉහත දැක්වූ මුනිවරයන්ගේ හා පිරිත් සූත‍්‍රයන්හි අනන්ත ආනුභාවයෙන් වා-පිත් ආදියෙන් හටගන්නා බාහිර හා අභ්‍යන්තර උපද්‍රව වියැළේවායි ප‍්‍රාර්ථනා කෙරේ. මෙලෙස බුදුවරුන්, සූත‍්‍ර ධර්ම, මහරහත් උතුමන් යන මේවායින් සැදි ‘ජින’ නමැති පඤ්ජරයෙහි (කූඩුවෙහි) මැදට වී මිහිමත වෙසෙන ඔබ නැතහොත් මා සැමදින ඒ මහපුරුෂයෝ රකිත්වා’යි දුක්, බිය, රෝගාදි උපද්‍රවයන්ගෙන් ආරක්ෂා අපේක්ෂා කර ඇත.

බුදුරජාණන් වහන්සේට, රහතන් වහන්සේට මෙන් ම සාමාන්‍ය මහජනතාවට ද එළඹුණු රෝගාදි උපද්‍රව දුරුකරලනු සඳහා ප‍්‍රකාශිත සූත‍්‍ර බුදුරදුන් දිවමන් සමයෙහි ම දක්නට ලැබේ. රතන, ඛන්ධ, (කරණීය) මෙත්ත, (කස්සප, මොග්ගල්ලාන, චුන්ද) බොජ්ඣංග, ධජග්ග ආදි සූත‍්‍ර ඊට නිදසුන් සපයයි. රතනත්තය, සච්ච, දසසඤ්ඤා, බොජ්ඣංග ආදි කරුණු තේමා කර ගනිමින් මෙලෙස ඇරැඹි බුදුසමයේ ආශීර්වාද පැතීමේ ක‍්‍රමයේ එක්තරා පරිණාමී අවස්ථාවක් ජිනපඤ්ජරය තුළින් දිස් වේ. බුද්ධාදි උතුමන් මෙලෙස ශරීරාංගයන්හි පිහිටුවා සිදු කෙරෙන ආශීර්වාද/ආරක්ෂාව තාන්ත‍්‍රික බුදුසමයේ ආභාසයෙන් ජිනපඤ්ජරයට ඇතුළත් වන්නට ඇති බව ඇතැම් වියතුන්ගේ මතයයි (Buddhist Studies in Honer of Ven. Kirindigalle Dhammaratana, The Jinapanjara 'Cage of The Victors' A Structural Study, P.B. Meegaskumbura).

ළයාන්විතව සජ්ඣායනය කළ හැකි පරිදි අනුෂ්ටුභ්, සද්ධරා, වසන්තතිලකා ආදි විවිධ වෘත්තවලින් පබැඳි ගාථා 22කින් සමන්විත ජිනපඤ්ජරයේ ගාථා අතුරින් සද්ධරා වෘත්තයෙන් පබැඳි 19 වන ගාථාව දිගින් වැඩි ම ගාථාව වන අතර එය වඩාත් විචිත‍්‍ර ලෙස සජ්ඣායනා කිරීමට ද හැකියාව පවතී. ‘භින්දන්තො මාරසෙනං තව සිරසි ඨිතො බොධිමාරුය්හ සත්ථා මොග්ගල්ලානොසි වාමෙ වසති භුජතටෙ දක්ඛිණෙ සාරිපුත්තො, ධම්මො මජ්‍ෙඣ උරස්මිං විහරති භවතො මොක්ඛතො මොරයොනිං සම්පත්තො බොධිසත්තො චරණයුගගතො භානුලොකෙකනාථො (ජි.ප. 19)

ජිනපඤ්ජර ගාථා පන්තිය අවසන් වන්නේ උතුම් තෙරුවන් බෙලෙන් සියලූ අවමංගල, උපද්‍රව, අසුභ නිමිති, දුක්කරදර, රෝග, ග‍්‍රහදෝෂ, නින්දා, අනතුරු, බිය, නපුරු සිහින නැසේවා යන පැතුමෙනි. එහි අවසාන ගාථාව මෙසේ ය. ‘සබ්බාවමංගලමුපද්දවදුන්නිමිත්තං සබ්බීතිරොගගහදොසමසෙසනින්දා,

     	සබ්බන්තරායභයදුස්සුපිනං අකන්තං        
     	සංඝානුභාවපවරෙන පයාතු නාසං.’   (ජි.ප.20)

උස්ගොඩ ධම්මගරු හිමි

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජිනපඤ්ජරය&oldid=630" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි