"ජිනේන්ද්‍රබුද්ධි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
1 පේළිය: 1 පේළිය:
ජිනේන්ද්‍රබුද්ධි. බෙංගාලයේ විසූ කීර්තිමත් බෞද්ධ ව්‍යාකරණඥයෙකි. ක‍්‍රි.ව. 725-750 කාලය තුළ බෙංගාලයේ පාල රජ දවස මොහුගේ ශාස්ත‍්‍රීය කටයුතු ඉස්මතු විය. ජිනේන්ද්‍රබුද්ධි ‘ජිනේන්ද්‍ර ස්ථවිර’ ලෙස ද හැඳින්වේ. එසේ ම සමකාලීනයන් අතර ජිනේන්ද්‍ර, පඤ්චිකාකාර පඤ්ජිකාකාර, කාශික න්‍යායාසාකාර ලෙස ද ප‍්‍රචලිත විය. මොහු දේශීය බෝධිසත්ත්ව සහ ආචාර්ය යන විරුදාවලින්ගෙන් ප‍්‍රසිද්ධියට පත් විය. ඔහු සම්පාදනය කළ ‘ප‍්‍රමාණසමුච්ඡුයටීකා’ග‍්‍රන්ථයේ අවසානයේ රචකයා පිළිබඳ දක්වා ඇත්තේ ‘බෝධිසත්ත්වදේශීයාචාර්යශ‍්‍රීජිනේන්ද්‍ර බුද්ධිපාද’ යනුවෙනි.
+
'''ජිනේන්ද්‍රබුද්ධි'''. බෙංගාලයේ විසූ කීර්තිමත් බෞද්ධ ව්‍යාකරණඥයෙකි. ක‍්‍රි.ව. 725-750 කාලය තුළ බෙංගාලයේ පාල රජ දවස මොහුගේ ශාස්ත‍්‍රීය කටයුතු ඉස්මතු විය. ජිනේන්ද්‍රබුද්ධි ‘ජිනේන්ද්‍ර ස්ථවිර’ ලෙස ද හැඳින්වේ. එසේ ම සමකාලීනයන් අතර ජිනේන්ද්‍ර, පඤ්චිකාකාර පඤ්ජිකාකාර, කාශික න්‍යායාසාකාර ලෙස ද ප‍්‍රචලිත විය. මොහු දේශීය බෝධිසත්ත්ව සහ ආචාර්ය යන විරුදාවලින්ගෙන් ප‍්‍රසිද්ධියට පත් විය. ඔහු සම්පාදනය කළ ‘ප‍්‍රමාණසමුච්ඡුයටීකා’ග‍්‍රන්ථයේ අවසානයේ රචකයා පිළිබඳ දක්වා ඇත්තේ ‘බෝධිසත්ත්වදේශීයාචාර්යශ‍්‍රීජිනේන්ද්‍ර බුද්ධිපාද’ යනුවෙනි.
  
ජිනේන්ද්‍රබුද්ධි ‘ප‍්‍රමාණසමුච්ඡුයටිකා’ සහ ‘කාශිකාවිවරණපඤ්චිකා’ යන සංස්කෘත ව්‍යාකරණ ග‍්‍රන්ථ යුගලය සම්පාදනය කෙළේ ය. මෙයින් ප‍්‍රථම ග‍්‍රන්ථය ‘ප‍්‍රමාණචාර්ථිකටිකා’ ග‍්‍රන්ථය කරණ කොටගෙන හෙතෙම සංස්කෘත ව්‍යාකරණඥයකු වශයෙන් ප‍්‍රසිද්ධියට පත් විය.  
 
8 පේළිය: 8 පේළිය:
  
විචක්ෂණ බව සහ අසාමාන්‍ය පාණ්ඩිත්‍යයත් පැහැදිලි බව සහ ශිල්පීය නිරවද්‍යතාවත් හේතුවෙන් පසුකාලීනයන් විසින් ජිනේන්ද්‍රබුද්ධි කෙරෙහි සංස්කෘත ව්‍යාකරණය පිළිබඳ අධිකාරයක් ආරෝපණය කොට ඇත.
 
ආර්. ජී. අයි. එල්.  පියරත්න
 
ආර්. ජී. අයි. එල්.  පියරත්න

10:12, 1 සැප්තැම්බර් 2017 වන විට නවතම සංශෝධනය

ජිනේන්ද්‍රබුද්ධි. බෙංගාලයේ විසූ කීර්තිමත් බෞද්ධ ව්‍යාකරණඥයෙකි. ක‍්‍රි.ව. 725-750 කාලය තුළ බෙංගාලයේ පාල රජ දවස මොහුගේ ශාස්ත‍්‍රීය කටයුතු ඉස්මතු විය. ජිනේන්ද්‍රබුද්ධි ‘ජිනේන්ද්‍ර ස්ථවිර’ ලෙස ද හැඳින්වේ. එසේ ම සමකාලීනයන් අතර ජිනේන්ද්‍ර, පඤ්චිකාකාර පඤ්ජිකාකාර, කාශික න්‍යායාසාකාර ලෙස ද ප‍්‍රචලිත විය. මොහු දේශීය බෝධිසත්ත්ව සහ ආචාර්ය යන විරුදාවලින්ගෙන් ප‍්‍රසිද්ධියට පත් විය. ඔහු සම්පාදනය කළ ‘ප‍්‍රමාණසමුච්ඡුයටීකා’ග‍්‍රන්ථයේ අවසානයේ රචකයා පිළිබඳ දක්වා ඇත්තේ ‘බෝධිසත්ත්වදේශීයාචාර්යශ‍්‍රීජිනේන්ද්‍ර බුද්ධිපාද’ යනුවෙනි.

ජිනේන්ද්‍රබුද්ධි ‘ප‍්‍රමාණසමුච්ඡුයටිකා’ සහ ‘කාශිකාවිවරණපඤ්චිකා’ යන සංස්කෘත ව්‍යාකරණ ග‍්‍රන්ථ යුගලය සම්පාදනය කෙළේ ය. මෙයින් ප‍්‍රථම ග‍්‍රන්ථය ‘ප‍්‍රමාණචාර්ථිකටිකා’ ග‍්‍රන්ථය කරණ කොටගෙන හෙතෙම සංස්කෘත ව්‍යාකරණඥයකු වශයෙන් ප‍්‍රසිද්ධියට පත් විය.

ජයාදිත්‍යගේ හා වාමනගේ කාශිකාවෘත්තිය වනාහි පාණිනීගේ අෂ්ටාධ්‍යාය නම් සුප‍්‍රසිද්ධ සංස්කෘත ව්‍යාකරණයට සැපයූ අටුවාවකි.

ජිනේන්ද්‍රබුද්ධි විසින් කාශිකාවෘත්තියට සම්පාදනය කරන ලද ව්‍යාඛ්‍යාව කාශිකාවිවරණපඤ්චිකා (පඤ්ජිකා) ලෙස ද කාශිකා න්‍යාසාව හෝ න්‍යායාව ලෙස ද පඤ්ජිකා නම් සංක්ෂිප්ත නාමයෙන් ද හැඳින්වේ. කෙසේ වෙතත් මෙහි සම්පූර්ණ නාමය, ‘න්‍යාසාපරපර්යායකාශිකාවිපරණපඤ්චිකා’ නම් වේ. මෙම ව්‍යාඛ්‍යාව පරිපූර්ණ හා විවේචනාත්මක පැහැදිලි කිරීමක් ලෙස පෙන්වා දී ඇත. එසේ ම න්‍යාසා යන සංක්ෂිප්ත වෛකල්පික නාමයෙන්, මෙකී මහසල් පුස්තකය ව්‍යාකරණ ඥානයේ ගබඩාවක් බව එළිදරව් වේ.

විචක්ෂණ බව සහ අසාමාන්‍ය පාණ්ඩිත්‍යයත් පැහැදිලි බව සහ ශිල්පීය නිරවද්‍යතාවත් හේතුවෙන් පසුකාලීනයන් විසින් ජිනේන්ද්‍රබුද්ධි කෙරෙහි සංස්කෘත ව්‍යාකරණය පිළිබඳ අධිකාරයක් ආරෝපණය කොට ඇත.

ආර්. ජී. අයි. එල්. පියරත්න

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජිනේන්ද්‍රබුද්ධි&oldid=918" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි