"ජිරාෆයා (Giraffe)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ජිරාෆයා (Giraffe) වර්තමාන ලෝකයේ සිටින උස ම සිවුපාවා...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
 
ජිරාෆයා (Giraffe) වර්තමාන ලෝකයේ සිටින උස ම සිවුපාවා වන ජිරාෆයා ආටියොඩක්ටිලා (Artyodactila) ගෝත‍්‍රයට සහ ජිරාෆිඬේ (Giraffidae) කුලයට අයත් වේ. මොවුන් මයොසීන අවධියේ සිට පැවත එන බවට පාෂාණ සාක්ෂි දරයි. ග‍්‍රීසිය, දකුණු රුසියාව, සුළු ආසියාව, ඉන්දියාව සහ චීනය යන රටවල පවා ජිරාෆයා විසූ බව එම පාෂාණවලින් පෙනී යන මුත් උගේ වර්තමාන වාසභූමි මධ්‍යම අප‍්‍රිකාවේ තුනී කැලෑ සහ සැවානා වනාන්තර වේ.
 
(ජිරාෆයාගේ ඡායාරූපයකි)
+
  (ජිරාෆයාගේ ඡායාරූපයකි)
  
ජිරාෆයාගේ උස මී. 5.5ක් පමණ වන නමුත් උගේ ශරීරය අවලස්සන නොවේ. එය හැඩ ගැසී ඇත්තේ ප‍්‍රමාණයට අනුකූලව ය. ඌ ඉතා උස සිව්පාවකු ලෙස පෙනී යන්නේ දිගු ගෙලක් හා දිගැටි පාද තිබෙන බැවිනි. දේහය කෙටි වන අතර එය ගෙල සිට වලිගය දක්වා අනුක‍්‍රමයෙන් ඇල වී ඇත. උස ප‍්‍රමාණය අනුව මුහුණ කුඩා ය. උඩු තොල දිග යත පළල ය. උගේ පරිග‍්‍රාහි (prehenside) දිව සෙමී. 30.5ක් පමණ දිග ය. අක්ෂි යුගල තියුණු ය. එයට ඉහළින් කෙටි අං යුගලකි. ජිරාෆ් කැමිලොපාලාඩාලිස් (Giraffe camelopalardalis) විශේෂයෙහි අං යුගල මැදින් තුන්වෙනි අඟක් පිහිටා ඇත. ජී. කපෙන්සීස් (G. capensis) විශේෂයෙහි තුන්වන අඟ නිසාවෙන් එම පෙදෙස ඉදිමී ඇත. ජිරාෆයාගේ අං රෝම සහිත සමෙන් වැසී ඇත. වලිගය දිග ය. එහි අග‍්‍රයෙහි රෝම බිස්සකි. දිගැති රෝම පිහිටා ඇත්තේ කේශරයෙහි සහ වලිගාශ‍්‍රයෙහි ය.
 
18 පේළිය: 18 පේළිය:
  
ජිරාෆයා කුළෑටි අහිංසක සතකු වන අතර  ගොදුරු වන්නේ මිනිසාට හා සිංහයාට පමණි. වේගවත් ලෙස දිවීමෙන් හා කුරවලින් පහරදීමෙන් සතුරන්ගෙන් ආරක්ෂාවේ.
 
මංගලා වීරසිංහ
 
මංගලා වීරසිංහ
 +
 +
<!--Categories-->
 +
<!--Interwiki-->
 +
[[ප්‍රවර්ගය: ජ-ජෞ]]

10:35, 1 සැප්තැම්බර් 2017 වන විට නවතම සංශෝධනය

ජිරාෆයා (Giraffe) වර්තමාන ලෝකයේ සිටින උස ම සිවුපාවා වන ජිරාෆයා ආටියොඩක්ටිලා (Artyodactila) ගෝත‍්‍රයට සහ ජිරාෆිඬේ (Giraffidae) කුලයට අයත් වේ. මොවුන් මයොසීන අවධියේ සිට පැවත එන බවට පාෂාණ සාක්ෂි දරයි. ග‍්‍රීසිය, දකුණු රුසියාව, සුළු ආසියාව, ඉන්දියාව සහ චීනය යන රටවල පවා ජිරාෆයා විසූ බව එම පාෂාණවලින් පෙනී යන මුත් උගේ වර්තමාන වාසභූමි මධ්‍යම අප‍්‍රිකාවේ තුනී කැලෑ සහ සැවානා වනාන්තර වේ.

 (ජිරාෆයාගේ ඡායාරූපයකි)

ජිරාෆයාගේ උස මී. 5.5ක් පමණ වන නමුත් උගේ ශරීරය අවලස්සන නොවේ. එය හැඩ ගැසී ඇත්තේ ප‍්‍රමාණයට අනුකූලව ය. ඌ ඉතා උස සිව්පාවකු ලෙස පෙනී යන්නේ දිගු ගෙලක් හා දිගැටි පාද තිබෙන බැවිනි. දේහය කෙටි වන අතර එය ගෙල සිට වලිගය දක්වා අනුක‍්‍රමයෙන් ඇල වී ඇත. උස ප‍්‍රමාණය අනුව මුහුණ කුඩා ය. උඩු තොල දිග යත පළල ය. උගේ පරිග‍්‍රාහි (prehenside) දිව සෙමී. 30.5ක් පමණ දිග ය. අක්ෂි යුගල තියුණු ය. එයට ඉහළින් කෙටි අං යුගලකි. ජිරාෆ් කැමිලොපාලාඩාලිස් (Giraffe camelopalardalis) විශේෂයෙහි අං යුගල මැදින් තුන්වෙනි අඟක් පිහිටා ඇත. ජී. කපෙන්සීස් (G. capensis) විශේෂයෙහි තුන්වන අඟ නිසාවෙන් එම පෙදෙස ඉදිමී ඇත. ජිරාෆයාගේ අං රෝම සහිත සමෙන් වැසී ඇත. වලිගය දිග ය. එහි අග‍්‍රයෙහි රෝම බිස්සකි. දිගැති රෝම පිහිටා ඇත්තේ කේශරයෙහි සහ වලිගාශ‍්‍රයෙහි ය.

ජිරාෆයාගේ සිනිඳු සම, දුඹුරුපාට හෝ රතුපාටට හුරු දුඹුරු පාට ය. සුදුපාට වයිරම් සම හරහා විසිරී බොහෝ දුරට හතරැස් හැඩයට සමාන කොටස්වලට බෙදේ. සට්ටමෙහි පමණක් සම ගොරෝසුව ඇත්තේ උගේ ආරක්ෂාව සඳහා ය.

ශාක භක්ෂකයකු වන ජිරාෆයාගේ ප‍්‍රධාන ආහාරය වන්නේ ඇකේෂියා (Acacia) ගසෙහි ළපටි දලූ ය. වතුර බොන්නේ කලාතුරකිනි. වතුර බීමට හෝ මිටි ගස්වල දලූ කැඞීමට හෝ ගෙල පහත් කිරීමේ දී පාද විශාල දුර ප‍්‍රමාණයකට පළල් කොට දණහිස අසලින් නැමීමට ඌට සිදු වේ.

ජිරාෆයාගේ ගමන පැද්දි පැද්දී යාමක් සේ විස්තර වේ. මෙසේ ඇවිදීමේ දී ප‍්‍රමාණය හේතුකොට ගෙන උගේ පාද පැටලිය හැකි ය. මෙය වැළැක්වීම පිණිස පාද තබන අයුරින් ම හිස ද පැත්තෙන් පැත්තට නවනු ලැබේ. ඇවිදීමේ දී ඉදිරියට තල්ලූ කිරීමෙහි බලය පූර්ව පාදවලින් ලැබීම ආටියොඩක්ටිලා ගෝත‍්‍රයට අයත් සත්ත්වයන් අතර ජිරාෆයාට පමණක් සීමා වූ ලක්ෂණයකි. ජිරාෆයාගේ ගමන වේගවත් ය. දුරින් අඩි තබන බැවින් වේගය නියම ලෙස වටහා ගත නොහැකි ය. අවශ්‍ය වූ විට පැයට කිමී. 48ක වේගයකින් දුවන බව වාර්තා වේ.

ජිරාෆයා නිශ්ශබ්ද සතකු සේ පිළිගැනෙන නමුත් කලාතුරකින් සිහින් හඬකින් කෑ ගසයි. ශබ්ද නිකුත් කිරීමට සම්බන්ධ වන ස්වර තන්ත‍්‍ර දුර්වල වන අතර, පෙනීම, ඇසීම හා සුවඳ හඳුනා ගැනීමේ ඉන්ද්‍රිය තියුණු ය.

ජිරාෆයා ගැවසෙන්නේ රංචු වශයෙනි. රංචුව සෑදී ඇත්තේ සත්ත්වයන් දහ දෙනකු හෝ විසි දෙනකුගෙන් පමණ ය. ඇතැම්විට හැත්තෑ පස්දෙනකු පමණ රංචුවක සිටිය හැකි ය. රංචුවක පිරිමි සත්ත්වයන් එකිනෙකා සමග සටන් කිරීමේ දී හිසින් පහරදීම සිරිතකි.

එක් වතාවකට ජිරාෆයාට බිහිවන්නේ එක පැටියෙකි. ගැබ් කාලය මාස 14 සිට 15 පමණ ය.

ජිරාෆයා කුළෑටි අහිංසක සතකු වන අතර ගොදුරු වන්නේ මිනිසාට හා සිංහයාට පමණි. වේගවත් ලෙස දිවීමෙන් හා කුරවලින් පහරදීමෙන් සතුරන්ගෙන් ආරක්ෂාවේ.

මංගලා වීරසිංහ

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජිරාෆයා_(Giraffe)&oldid=929" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි