ජීරණ පද්ධතිය (සතුන්ගේ)

සිංහල විශ්වකෝෂය වෙතින්
17:50, 30 අගෝස්තු 2017 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

වෙත පනින්න: සංචලනය, සොයන්න

සෑම සතකු ම පාහේ තම ජීව ස්වභාවය පවත්වාගෙන යාම සඳහා ලබා ගන්නේ සංශ්ලේෂිත ද්‍රව්‍ය ය. ශාකයක් මඟින් සංශ්ලේෂණය කරන ලද කාබෝහයිඞ්රේට් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය මීට අයත් ය. මූලික වශයෙන් ශාකයක් මගින් සංශ්ලේෂිත ද්‍රව්‍ය සත්වයා විසින් කෙළින් ම ගිලදැමීම හෝ වෙනත් සතුන් මාර්ගයෙන් සත්ව ශරීරයට ඇතුළත් වීම සිදු වෙයි. කෙසේ වුව ද ආහාර දාමයක (ආහාර දාම බ.) මුල් ම පුරුක වන්නේ ශාක ය. සත්ත්වයකුගේ ජෛවී ක‍්‍රියාවන් ගෙනයාමෙහි ලා වැදගත් වන ජීරණය මූලික වශයෙන් කොටස් හතරකට බෙදිය හැකි ය.

1. අධිග‍්‍රහණය (Ingestion) 2. ජීරණය (Digestion) 3. පිටකිරීම (Defecation) 4. අවශෝෂණය (Absobtion)

සතුන්ගේ ජීරණය විශාල පරාසයක් යටතේ සැලකිය යුතු කරුණක් වන්නේ සතුන්ගේ ව්‍යාප්තියත් ඔවුන්ගේ විශේෂ අතිමහත් සංඛ්‍යාවත් නිසා ය. යම් සත්ත්ව විශේෂයකගේ ජීරණය තමා පරිණාමීය වශයෙන් දරන තත්ත්වය, තම ජීවන චක‍්‍රය සහ වෙසෙන පරිසරය සමග දැඩි සම්බන්ධතාවක් දරයි. මේ අනුව පෝෂණ විධි කිහිප අකාරයකට වර්ග කළ හැකි ය.

1. සර්ව භක්ෂකතාව 2. ශාක භක්ෂකතාව 3. මාංශ භක්ෂකතාව 4. පරපෝෂිතාව 5. සහභෝෂිතාව 6. සහජීවිතාව 7. මෘතොපජීවීභාවය

(පින්තූර)

මේ සෑම සත්ත්වයකුගේ ම ආහාරය ලබා ගැනීමේ මූලික ප‍්‍රභවය වන්නේ ශාක මගින් සිදුවන ප‍්‍රභාසංශ්ලේෂණයේ ඵලයන් ය. මේ හැරෙන්නට සත්ත්වයා ස්වයංකි‍්‍රයව තමන්ට විශේෂ වූ ප්‍රෝටීන වර්ග, හෝමෝන වර්ග, මේද වර්ග ආදිය තමන් ලබාගත් ආහාර මගින් නැවත සකස් කරන (ස්වීකරණ) අතර කුඩා සත්ත්ව ප්ලවාංග සමහරක් ප‍්‍රභාසංශ්ලේෂණය නමැති ශාකයනට අනන්‍ය වූ ක‍්‍රියාදාමය ද ඇතැම්විට අනුගමනය කරයි. ඒක ෙසෙලික සත්ත්වයකු වන එවුග්ලෙනා (Euglema) මීට හොඳ නිදසුනකි. එමෙන් ම සතුන්ගෙන් ජීරණයේ දී ඉතාමත් ම වැදගත් තැනක් ගන්නා ජලය ද ඉහත කී පෝෂණ විධි කෙරෙහි බලපාන අතර පෝෂණ විධි ජලය කෙරෙහි ද බලපෑම් ඇති කරයි.

සතකුගේ ගති පැවතුම් නිර්ණය කරන එක් ප‍්‍රබලතම සාධකයක් වන්නේ එම සතාගේ පෝෂණ විධියයි.

මේ අනුව සර්ව භක්ෂකයන්ට වඩා අමුතු හැසිරීමක් හා පෙනුමක් ශාක භක්ෂකයන්ට තිබිය හැකි අතර ඊටත් වඩා වෙනස් හැසිරීම් හා ස්වභාවයන් මාංශ භක්ෂකයන්ට ඇත. බොහෝ විට තියුණු දත් හා නිය හෝ එවැනි ග‍්‍රහණය කළ හැකි අවයව, වඩාත් දියුණු ආඝ‍්‍රාණ ශක්තිය (Olfaction), සැඟවී සිටීමේ වැඩි ඉවසිලිමත්කම, විෂ දළ ආදිය මාංස භක්ෂකයන්ගේ ආයුධ වශයෙන් පවතී. පරපෝෂීහු මේ කාටත් වඩා විශේෂිත වූ ලෙසට තම පෝෂණ විධිය ගෙන යති. ඔවුන් චූෂකර (Suckers) ආදිය දියුණු කොට ගත් තම ධාරකයාගේ දිවි පැවැත්ම මත රැඳෙන තම දිවිය ද අඩමාන සහිත බැවින් වහ වහා වැඩිමනත් පැටවුන් සංඛ්‍යාවක් ඇති කරමින් හා බෙදා හරිමින් පරම්පරාව නොනැසී පවත්වාගෙන යාමට උත්සුක වන සතුන් කොටසකි. සහභෝජීහු තමන් හා එක් වූ විශේෂිත තවත් සතකු හෝ ශාකයක් සමග තදින් එකතු වී සිටිති. උදා. තල්මසා සහ බානකල්, හයිඞ්රාගේ ශරීරය මත වැඩෙන ඇල්ගී වර්ග, කිඹුලා සහ කිඹුල් කුරුල්ලන් ආදීන් ය.

අධිග‍්‍රහණය : ආහාරයක් හෝ ජලය තම ශරීරය තුළට ගැනීම අධිග‍්‍රහණය ලෙස හැඳින්වෙයි. බහු ෙසෙලීය සත්ත්වයන්ට ආහාර අධිග‍්‍රහණය කිරීමට බොහෝ විට යම් සිදුරක් වෙයි. එය මුඛය ලෙසින් හැඳින්වීමට පුළුවන. අධිග‍්‍රහණයේ දී ආධාර වන නොයෙක් ඉන්ද්‍රියයන් සතාගේ ජීවන ක‍්‍රමයට හා භෝජන ක‍්‍රමයට අනුකූල වන සේ හැඩ ගැසී ඇත. එමෙන් ම මේ ඉන්ද්‍රියයන් සත්ත්වයා ක්ෂුද්‍ර භක්ෂකයකු ද මහා භක්ෂකයකු ද යන සාධකය මත රඳා පවතියි. අධිග‍්‍රහණයට ආධාර වන ඉන්ද්‍රියයන් හා ඉන්ද්‍රිකාවන් මෙලෙස දැක්විය හැකි ය.

ආහාර ගැනීමේ උදාහරණ

 යාන්ත‍්‍රණය

ක්ෂුද්‍ර භක්ෂකයන් :

1. ව්‍යාජ පාද ඇමීබා, රේඩියොලාරියාවන්

2. පක්ෂ්ම සිලියාටාවන්, ස්පන්ජි, පණුවෝ, ඉස්ගෙඩි, පෙරා බුදින්නන් (අම්පියොක්ස් හා ටූනිකාවන්)

3. ශ්ලේෂ්මලය ගැස්ට්‍රොපෝඩා, ටූනිකාටා හා ඇම්පියොක්සුස්, සමහර තල්මස් වර්ග

මහා භක්ෂකයන් : 1. තමා වෙසෙන බිම් පණුවෝ හා නොයෙක්

පරිසරය ගිල දැමීමට	  	කරදිය සහ මිරිදියවාසී 
විකරණය වීම (මඩ, 	 	නිශ්චල සත්තු. උදා. ගල්මල්
වැල්ල, පොළොව ආදිය)

2. ගොදුර ඩැහැගෙන හයිඩ‍්‍රාගේ අංශක කෝෂ්ඨ හා

 සිටීමට යොදන 		ග‍්‍රාහිකා, ලොඩියා, බූවල්ලා,
 උපක‍්‍රම			නියපොතු ඇති කානිවොරා වංශිකයා, පිඹුරා, උකුස්සා, කිඹුලන්ගේ හණුවල දැඩි ග‍්‍රහණය හා වොල්රස්

3. ගොදුර ඩැහැගෙන කෙෆලොපොඩා, ක‍්‍රස්ටේසියා,

 සිටීමේ හා වීකීමේ		කෘමීහු, ක්ෂීරපායීන් සහ මාංශ
 උපක‍්‍රම                		භක්ෂක  පක්ෂීහු, දැතිමෝරු

ද්‍රව්‍යමය අහාර ගන්නන් 1. ද්‍රව්‍ය උරා ගැනීමට පරපෝෂි ටි‍්‍රමටෝඞ් පණුවන්ගේ

 චූෂණ බලයක් යෙදවීම	  	සෙස්ටෝඞ් පණුවන්ගේ හා කූඩැල්ලන්ගේ චූෂකර, මකුළුවාගේ

සන්දංශ ශෘංග

2. දිය වූ ආහාරය ජලජ ජීවීන්. උදා. මෘතොපජීවී ෆ්ලැජලේටාවෝ (එවුග්ලෙනා)

   ශරීර පෘෂ්ඨය      		රුධිරයේ වෙසෙන පරපෝෂිහු.     	
   හරහා උරා ගැනීම   		උදා. ප්ලස්මෝඩියම් (මැලේරියා පරපෝෂිතයා) එන්ටැමීබා හිස්ටොලිටිකා

ගොදුරු ලබා ගැනීම සඳහා ඒ සතුන් විසින් සමහර අවස්ථාවල දී විශේෂිත ලෙස අනුවර්තනය වූ උපක‍්‍රම යොදනු දැකිය හැකි ය. සෙවණැලි සහිත වනාන්තරවල වෙසෙන කොටි, ව්‍යාඝ‍්‍ර වැනි සතුන්ගේ පුල්ලි, ගස්වල කඳන් මත සිටින කුඩා කෘමීන් අල්ලන කටුස්සන්ගේ ශරීර වර්ණය වෙනස් කිරීමේ හැකියාව, කිඹුලන් හා මාංස භක්ෂක වළසුන් තමා වෙසෙන පරිසරයෙන් වෙනස් කොට හැඳිනීමට අපහසු තරමින් ම ශරීර වර්ණය හා ස්වභාවය පැවතීම මෙයට නිදසුන් ය. එමෙන් ම ආක්ටික් හිවලාගේ රෝම හිම වැටෙන ඍතුවේ දී සුදුවන් වේ. මැඩියාගේ දිව සවි වී ඇත්තේ මුඛයේ ඉදිරි කෙළවරට නිසා දිව එළියට දමා සතුන් අල්ලා අලවා ගැනීමට හැකියාවක් ඇත. ආදිකාලීන සතුන්ගෙන් ශේෂ ව ඇති මත්ස්‍යයකු වන සීලකැන්ත් මත්ස්‍යයා තම වටකුරු මුඛය චූෂණ පොම්පයක් මෙන් පාවිච්චි කරමින් දිවෙන් ගොදුරේ මස් ඉරා ගනියි. එමෙන් ම ගල් පරවලට ඇලී සිටින මුහුදු බෙල්ලන් වන බානකල්වරු තම දෙපියත් විදහා ගොදුරට ගසා ඇතුළට විසි කිරීමේ විශේෂිත ක‍්‍රමයක් පාවිච්චි කරති. (බැලනස් බලනොයිඞ්ස් - Balanosus balanoides) මෙක්සිකෝ මුහුදු බොක්කේ හා ගංගාවල ජීවත්වන ඇලිගේටර් ස්නැපිං කැස්බෑවා (Alligator Snapping turtle - Acrochelys Temmincki) අමුතු ම ක‍්‍රමයකට ගොදුරු අල්ලයි. එනම් දිව එළියට දමා ගෙන පණුවකු ලෙස පෙනෙනු වස් ඒ මේ අත වැනීමයි. ගැඹුරු මුහුදේ වසන ඇන්ගලර් (ලොපියුස් පිස්කටොරියුස්-Lopius Piscatorius) මත්ස්‍යයා ද මාලූ බෑමක යෙදෙයි.

සත්ත්වයින්ගේ ආඝ‍්‍රාණය, දෘෂ්ටිය (උදා. උකුස්සාගේ තියුණු දෘෂ්ටිය), ශ‍්‍රවණය (උදා. වවුලා) හා ස්පර්ශය වැනි සංවේදනයන්ගෙන් එකක් හෝ කිහිපයක් දියුණු වන්නේ බොහෝ විට ඔහුගේ ආහාර අධිග‍්‍රහණය සිදු කිරීමේ දී වාසි සහගත වන අන්දමිනි. එමෙන් ම ක්ෂුද්‍ර භක්ෂකයකු වන නිල් තල්මහ පිහිනීමේ හැකියාව තිබිය දීත් නිශ්චල ව සිටිමින් මුඛය විවෘත ව තබා ගෙන ප්ලවාංගයන් රාශි වශයෙන් ගිලීමට පුරුදු වී සිටියි.

මාධවී සේනාරත්න