"ජීර්ණෝද්ධාර විධාන." හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(ජීර්ණ+උද්ධාර+විධාන) ‘දිරූ කොටස් ඉවත් කිරීමේ ප...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්)
3 පේළිය: 3 පේළිය:
 
ඒවා නම්,
 
ඒවා නම්,
  
  1. තද සුළගින් (වාත භග්න)
+
::# තද සුළගින් (වාත භග්න)
  2. සූර්ය තාපයෙන් (ආතපාහත)
+
::# සූර්ය තාපයෙන් (ආතපාහත)
  3. හෙනයක් වැඳමෙන් (අශනිහත)
+
::# හෙනයක් වැඳමෙන් (අශනිහත)
  4. ගින්නෙන් (අග්නිදග්ධ)
+
::# ගින්නෙන් (අග්නිදග්ධ)
  5. විදුලිය සැර වැදීමෙන් (විද්‍යුත්භේදන)
+
::# විදුලිය සැර වැදීමෙන් (විද්‍යුත්භේදන)
  6. ඇතකුට පෑගීමෙන් (හස්තිපීඩිත)
+
::# ඇතකුට පෑගීමෙන් (හස්තිපීඩිත)
  7. සතුරන් අතින් (ශත‍්‍රැනාශ)
+
::# සතුරන් අතින් (ශත‍්‍රැනාශ)
  8. දියේ වැටීමෙන් (ජලසම්පාතන)
+
::# දියේ වැටීමෙන් (ජලසම්පාතන)
  9. ඉබේට ම (ස්වයංශූන්‍ය)
+
::# ඉබේට ම (ස්වයංශූන්‍ය)
10. ලවණ ගතිය නිසා (ඌෂරාහත)
+
::# ලවණ ගතිය නිසා (ඌෂරාහත)
11. බිම ඇද වැටීමෙන්  
+
::# බිම ඇද වැටීමෙන්  
12. අවයව බිඳීමෙන් (අංගභේද) හා
+
::# අවයව බිඳීමෙන් (අංගභේද) හා
13. වාතාශ‍්‍රය නොමැති වීමෙන් (නෂ්ටවාතක) යනුයි.
+
::# වාතාශ‍්‍රය නොමැති වීමෙන් (නෂ්ටවාතක) යනුයි.
  
මෙකී හේතු නිසා පිළිමයේ කිසියම් කොටසකට හානි සිදු වුවහොත් එසේ පැමිණුණ කොටස ඉවත් කිරීමේ දී පිළිපැදිය යුතු වත්පිළිවෙත්වලට මෙහි විශේෂ අවධානය යොමු කරනු ලැබ ඇත. පොදුවේ ගත් කල මෙහි දී පිළිපැදිය යුතු කි‍්‍රයා මාර්ග නම් පිළිමය නහවා සුවඳ විලවුන් ආදිය ගැල්වීම, මන්ත‍්‍රයක් ජප කිරීම හා වාස්තු දේවතාවනට පිදේනි දීම ආදියයි. එක් එක් විදියේ හානි පැමිණුණ විට ජප කළ යුතු වෙන් වෙන් මන්ත‍්‍ර 13කට අධික සංඛ්‍යාවක් මෙහි දී ඇත.
 
24 පේළිය: 24 පේළිය:
  
හානි වූ අවයව ඉවත් කිරීමෙන් පසු පිළිමයේ ඇති සිදුරු ආදිය, පිළිමය සාදා ඇති එම ද්‍රව්‍යය ම හෝ මිශ‍්‍රණය ම සකසා ගෙන පිළිසකර කිරීමේ කටයුතු සිදු කළ යුතු ය. අභයගිරි සමාධි ප‍්‍රතිමාවේ හානි වූ නැහැය පිළිසකර කිරීම සඳහා නියම මිශ‍්‍රණය සකසා ගත නොහැකි වීමෙන් පිළිමය අශෝභන වී ඇති බව රහසක් නොවේ.  
 
වෝල්ටර් මාරසිංහ
 
වෝල්ටර් මාරසිංහ
 +
 +
 +
<!--Categories-->
 +
<!--Interwiki-->
 +
[[ප්‍රවර්ගය: ජ-ජෞ]]

12:03, 1 සැප්තැම්බර් 2017 වන විට නවතම සංශෝධනය

(ජීර්ණ+උද්ධාර+විධාන) ‘දිරූ කොටස් ඉවත් කිරීමේ පිළිවෙළ’ යනු මෙහි අර්ථයයි. පිළිම නිර්මාණය පිළිබඳ කරුණු සාකච්ඡා කරන ඇතැම් සංස්කෘත ශිල්ප ග‍්‍රන්ථ නොයෙක් හේතූන් නිසා ප‍්‍රතිමාවකට හානි පැමිණුන කල, එසේ හානියට පත් අවයවය ඉවත් කිරීම පිළිගත් වත් පිළිවෙත්වලට අනුව, ඉතා සැලකිල්ලෙන් කළ යුතු ආකාරය විස්තර කරයි. මේ අතුරින් ලංකාවේ සම්පාදනය වූ, අනුරාධපුර යුගයට අයත් පැරණිතම මෙන් ම ඉතාමත් විස්තරාත්මක වූ බෞද්ධ ශිල්ප ග‍්‍රන්ථය වන මංජුශී‍්‍ර භාෂිත ‘වාස්තුවිද්‍යාශාස්ත‍්‍රයේ’ දෙවන කොටස වන ‘චිත‍්‍රකර්මශාස්ත‍්‍රයෙහි’ 16වන අධ්‍යායයේ මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් එයි. එම විස්තරයට අනුව, පිළිමයකට, විශේෂයෙන් බුදු පිළිමයකට හානි පැමිණිය හැකි විධි 13ක් දක්වනු ලැබ ඇත.

ඒවා නම්,

  1. තද සුළගින් (වාත භග්න)
  2. සූර්ය තාපයෙන් (ආතපාහත)
  3. හෙනයක් වැඳමෙන් (අශනිහත)
  4. ගින්නෙන් (අග්නිදග්ධ)
  5. විදුලිය සැර වැදීමෙන් (විද්‍යුත්භේදන)
  6. ඇතකුට පෑගීමෙන් (හස්තිපීඩිත)
  7. සතුරන් අතින් (ශත‍්‍රැනාශ)
  8. දියේ වැටීමෙන් (ජලසම්පාතන)
  9. ඉබේට ම (ස්වයංශූන්‍ය)
  10. ලවණ ගතිය නිසා (ඌෂරාහත)
  11. බිම ඇද වැටීමෙන්
  12. අවයව බිඳීමෙන් (අංගභේද) හා
  13. වාතාශ‍්‍රය නොමැති වීමෙන් (නෂ්ටවාතක) යනුයි.

මෙකී හේතු නිසා පිළිමයේ කිසියම් කොටසකට හානි සිදු වුවහොත් එසේ පැමිණුණ කොටස ඉවත් කිරීමේ දී පිළිපැදිය යුතු වත්පිළිවෙත්වලට මෙහි විශේෂ අවධානය යොමු කරනු ලැබ ඇත. පොදුවේ ගත් කල මෙහි දී පිළිපැදිය යුතු කි‍්‍රයා මාර්ග නම් පිළිමය නහවා සුවඳ විලවුන් ආදිය ගැල්වීම, මන්ත‍්‍රයක් ජප කිරීම හා වාස්තු දේවතාවනට පිදේනි දීම ආදියයි. එක් එක් විදියේ හානි පැමිණුණ විට ජප කළ යුතු වෙන් වෙන් මන්ත‍්‍ර 13කට අධික සංඛ්‍යාවක් මෙහි දී ඇත.

සාමාන්‍යයෙන් හානියට පත් පිළිමය මත ගොම ආදිය තවරා පිරිසිදු ජලයෙන් නහවා පසුව සුවඳ දුම් ආදියෙන් සුවදවත් කරනු ලැබේ. ඉන්පසු අදාළ මන්ත‍්‍රය ජප කිරීමෙන් පසු වාස්තු දේවතාවනට විවිධාකාරයේ පිදේනි දෙනු ලැබේ.

මෙහි දී ගත යුතු මූලික පියවර නම්, ඉහත සඳහන් වත්පිළිවෙතින් පසු, හානි පැමිණ ඉතිරි වූ යම් කොටසක් වේ නම්, එය සැලකිල්ලෙන් ඉවත් කොට ගෙන ගොස් මුහුදට හෝ නදියකට දැමීමයි. සම්පූර්ණ පිළිමයට ම හානි වී ඇත්නම් එය ඉවත් කොට නව පිළිමයක් එතැන ස්ථාපිත කළ යුතු ය. හානි පැමිණි අවයව වෙනුවට අලූතින් අවයව සවි නොකළ යුතු බව පවසන කෘතිය එසේ කිරීමෙන් වස්තු විනාශයත් අනුග‍්‍රාහකගේ යශස හා සමෘද්ධිය පිරිහීමත් සියල්ල විනාශයට පත් වීමත් සිදු විය හැකි බවට අනතුරු හඟවයි. මේ අනුව මාලිගාවිල බුදු පිළිමය ද පිළිසකර නොකළ යුතු ව තිබිණ. එය විශ්වාස නොකළ හැකි නම් එම පිළිමය පිළිසකර කොට නගා සිටුවීමෙන් පසු වැඩි කලක් ගත වීමට මත්තෙන් එවක සිටි පුරාවිද්‍යා කොමසාරිස් ඇතුළු එම කර්තව්‍යය හා සම්බන්ධ වූ කිහිපදෙනකු ම මිය යාම හුදෙක් අහඹු සිදුවීමක් විය හැකි ය.