ජීලාවා

සිංහල විශ්වකෝෂය වෙතින්
17:51, 30 අගෝස්තු 2017 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

වෙත පනින්න: සංචලනය, සොයන්න

මිනිසාගේ ආහාරයක් ලෙස අතිශයින් වැදගත් වන කරදිය මත්ස්‍යයෙකි. සීලාවා යන නමින් ද හැඳින්වෙන මොහුගේ සත්ත්ව විද්‍යාත්මක නාමය ීචයහර්ැබ් වැකකද ය.

(පින්තූර)

මොහුට අඩියක් දක්වා දිග කුඩා කොරළ සහිත සිලින්ඩරාකාර දේහයක් සහ හනුවල සහ තල්ලේ තියුණු උල් දත් ඇති විශාල මුඛයක් ඇත. යටි හනුව උඩු හනුවට වඩා ස්වල්පයක් දිග ය.

පෘෂ්ඨීය වරල් 2කි. පූර්ව පෘෂ්ඨීය වරලේ කණ්ටක 5ක් ඇත. එහි මෘදු කිරණ නොමැත. අපර පෘෂ්ඨීය වරලේ කණ්ටක 2ක් සහ මෘදු කිරණ 8ක් ඇත. අංශ රේඛාව ඔස්සේ කොරළ 123-130ක් පමණ පිහිටා ඇත. පිධානයේ දාරයේ ද කණ්ටක 2කි.

දේහයේ පෘෂ්ඨීය ප‍්‍රදේශය අළු පැහැ ගන්නා අතර උදරීය ප‍්‍රදේශය සුදු පැහැ ගනී. පෘෂ්ඨීය ප‍්‍රදේශයේ හරස් ඉරි කිහිපයක් දක්නට ලැබේ. ශ්‍රෝණි වරල් සුදු පැහැ ද අනිත් වරල් අඳුරු පැහැ ද වේ.

වෙරළාසන්න මුහුදේ ජීවත් වන විලෝපිත මත්ස්‍යයෙකි. සත්ත්ව විද්‍යාඥයන් මෙම මත්ස්‍යයා ඇතුළත් කරනුයේ Osteichthyes වර්ගයේ Mugiliformes ගෝත‍්‍රයේ Sphyraenidas කුලයට ය.

එම්. ජේ. එස්. විජේරත්න

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජීලාවා&oldid=673" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි