"ජීවන වියදම (Cost of Living)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
4 පේළිය: 4 පේළිය:
  
ජීවන වියදම ජීවන තත්ත්වයට (බ.) ද සම්බන්ධ ය. පුද්ගලයකුගේ හෝ සමාජයක ආදායමට වඩා වේගයෙන් ජීවන වියදම වැඩි වන විට මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප‍්‍රමාණය අඩුවන බැවින්, මූර්ත ආදායම පහත වැටේ. ජීවන තත්ත්වය පිරිහේ. බොහෝ රටවල ජීවන වියදම සහ එහි වෙනස්වීම් මැනීම පිණිස දර්ශක සකස් කර ඇත. එය ජීවන වියදම් දර්ශකය (බ.) ලෙස හැඳින්වේ. ජීවන වියදම ගැන අවබෝධයක් ලබා ගැනීම, රටක මහජනතාවට ද රජයට ද ආර්ථික විද්‍යාඥයන්ට ද ජාත්‍යන්තර  ආයතනවලට ද වැදගත් වේ.  රටක් තුළ කාලීන වශයෙන් සංසන්දනය කිරීමටත් රටක් අන්තර්ජාතික වශයෙන් සංසන්දනය කිරීමටත් ඒ අනුව ජීවන වියදම සම්බන්ධයෙන්  පියවර ගැනීමටත් මෙමගින් අවස්ථාව සැලසේ.
 
 +
  
තිස්ස ඊරියගම
 
තිස්ස ඊරියගම

13:03, 1 සැප්තැම්බර් 2017 වන විට නවතම සංශෝධනය

රටක ජනතාව හෝ ජන සමූහයක් හෝ පුද්ගලයකු හෝ ජීවත්වීම සඳහා කරන වියදම ජීවන වියදම නමින් හැඳින්වේ. අතීතයේ දී මිනිසාගේ අවශ්‍යතා සීමාසහිත වීමත් අවශ්‍ය දෑ තමා විසින් ම නිපදවා සපයා ගැනීමත් නිසා ජීවන වියදම ඉතා අඩු විය. එහෙත් කල් යාමේ දී වෙළෙඳපොළේ දී සිය අවශ්‍යතා ලබා ගැනීමට මිනිසා හුරුපුරුදු විය. වර්තමාන සමාජයේ මිනිසාට ජීවත්වීම සඳහා අවශ්‍ය සෑම දෙයක් ම පාහේ වෙළෙඳපොළේ දී මිල දී ගැනීමට සිදු වේ. එහෙයින් ජීවන වියදම වඩාත් ප‍්‍රචලිත සංකල්පයක් බවට පත් වී ඇත.

වියදම රඳා පවතින්නේ එයට ලක්වන භාණ්ඩ හා සේවාවල මිල මත ය. එබැවින් මිල මට්ටමට අනුකූල ව ජීවන වියදම ද වෙනස් වේ. මිල මට්ටම පහළ යන විට ජීවන වියදම අඩු වේ. ජීවන වියදම කලින් කලටත් පුද්ගලයාගෙන් පුද්ගලයාටත් වෙනස් වේ. පිටිසර ගමකට වඩා නගරයක ජීවන වියදම අධික ය. සාමාන්‍යයෙන් නොදියුණු රටකට වඩා දියුණු රටක ජීවන වියදම අධික ය.

ජීවන වියදම ජීවන තත්ත්වයට (බ.) ද සම්බන්ධ ය. පුද්ගලයකුගේ හෝ සමාජයක ආදායමට වඩා වේගයෙන් ජීවන වියදම වැඩි වන විට මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප‍්‍රමාණය අඩුවන බැවින්, මූර්ත ආදායම පහත වැටේ. ජීවන තත්ත්වය පිරිහේ. බොහෝ රටවල ජීවන වියදම සහ එහි වෙනස්වීම් මැනීම පිණිස දර්ශක සකස් කර ඇත. එය ජීවන වියදම් දර්ශකය (බ.) ලෙස හැඳින්වේ. ජීවන වියදම ගැන අවබෝධයක් ලබා ගැනීම, රටක මහජනතාවට ද රජයට ද ආර්ථික විද්‍යාඥයන්ට ද ජාත්‍යන්තර ආයතනවලට ද වැදගත් වේ. රටක් තුළ කාලීන වශයෙන් සංසන්දනය කිරීමටත් රටක් අන්තර්ජාතික වශයෙන් සංසන්දනය කිරීමටත් ඒ අනුව ජීවන වියදම සම්බන්ධයෙන් පියවර ගැනීමටත් මෙමගින් අවස්ථාව සැලසේ.

තිස්ස ඊරියගම

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජීවන_වියදම_(Cost_of_Living)&oldid=957" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි