දනගිරිගල

සිංහල විශ්වකෝෂය වෙතින්
11:58, 20 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ධනගිරිගල විහාරය මේ විහාරය කොළඹ - මහනුවරමහා මාර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ධනගිරිගල විහාරය මේ විහාරය කොළඹ - මහනුවරමහා මාර්‍ගයේ 51 වැනි සැතපුම් කණුව අසලින් කරිගඩුපොත වන්න හරහා විහිදෙන මාර්‍ගය අසබඩ පිහිටා තිබේ. එම පෙදෙසේ පිහිටි පෞරාණික සිද්ධස්ථාන වන, අම්බුලුගල වාකිරිගල, දොඩන්තලේ විහාර මෙන් මේ විහාරය ද විශේෂයෙන් සම්භාවනීය වූවකි. වෙනත් බොහෝ පුරාවස්තු අතර එහි ඇති තනි කලු ගලෙන් නෙලන ලද මකර තොරණ වි/ර ප්‍රසිද්ධ වූවකි. එය යට තබා ඇත්තේ තාමුලෙංගයෙන් කළ අගනා බත් පිළිමයකි. විහාර ගෘහයෙහි ඇතුළත සතර ඉරියව් නිරූපනය වන ලෙස නිම වූ බුද්ධ ප්‍රතිමා සමූහයන් සහ විෂ්ණු සහ සමන් දෙවිවරුන්ගේ රූප ද තිබේ. සුදු ජයලත් හැට්ටයකින් සැරසුණු ලෙව්කේ දිසාවගේ ප්‍රතිමාවක් ද එහි වෙයි. 18 වැනි සියවසෙහි මහනුවර රාජ්‍යය හා සබබව නොයෙක් වීර ක්‍රියා කළ ලෙව්කේ දිසාව විසින් එම විහාරයේ චිරාස්ථතිය පතා බොහෝ වූ පූජාවන් කළ වග ප්‍රකටය. ඒ බව එහි සුරක්ෂිතව ඇති 1718 දී ලියූ සන්නසකින් පැහැදිලි වෙයි. විහාර ගර්‍භයෙහි ඇති චිත්‍ර අතර මාරයුද්ධය, දිව්‍ය ලෝක්‍ය, සූවිසි විවරණ චිත්‍ර විශේෂ තැනක් දරයි. වෙනත් බොහෝ විචිත්‍ර මාලා, ලතා කර්‍ම ද එහි වෙයි.


හපුගොඩ සුමනතිස්ස හිමි.


(1) ්‍යග ඡග ඊෑඛඛෂ ්රජය්ැදකදටසජ්ක ීමරඩැහ ධf ක්‍ැහකදබල 1892 (2) න්‍දමරබ්ක ධf එයැ ඍදහ්ක ්ිස්එසැ ීදජසැඑහ :බැඅ* ඪදකග ඩස

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දනගිරිගල&oldid=5308" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි