"දවුලත් රාඕ සින්ධියා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
40 පේළිය: 40 පේළිය:
 
HISTORY OF INDIA MAHARATTAS - GRANT DUFF
 
HISTORY OF INDIA MAHARATTAS - GRANT DUFF
 
                                    
 
                                    
(කර්තෘ: [[එස්. ඇල්ලෙපොල]])
+
(කර්තෘ: [[සුමනා ඇල්ලේපොල]])
  
 
(සංස්කරණය නොකළ)  
 
(සංස්කරණය නොකළ)  

16:12, 24 අප්‍රේල් 2024 වන විට නවතම සංශෝධනය

දවුලත් රාඕ සින්ධියා

(Daulat Rao Sindhia). 18 වන සියවසේ දී උතුරු ඉන්දියාවේ පාලන කටයුතුවල දී වැදගත් ස්ථානයක් ගෙන තුබූ මරාථ රාජ වංශයේ පාලකයකු වශයෙන් මොහු ග්වාලයර්හී කටයුතු කළේ ය. ක්‍රි.ව. 1726 පමණ මාල්වාහී ආරම්භ වූ හින්‍දු මරාථ රාජ්‍යය 1750 පමණ වන විට දී දුර්ගයන්ගෙන් ගහනය වූ ග්වාලියර් වෙත ගෙන එනු ලැබිණි. 1761-94 යන කාලය තුළ දී මහාධජි සින්ධියා (බ.) මේ රාජ්‍ය බලවත් ස්වාධීන හින්‍දු රාජ්‍යයක් බවට පත් කළේ ය. ප්‍රංශ ආධාර සහිත ව බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්‍දියා සමාගමට තර්ජනයක් වූ මොහු දුබල වෙමින් පැවැති මෝගල් අධිරාජ්‍යයේ ෂා අලාම් (බ.) රජු ව ද තම අණසකට යටකර ගත්තේ ය. රාජ්පුත්වරුන්ගේ බලයට මේ වකවානුව වන විට දී මරාථ රාජ්‍යය තර්ජනයක් විය.

මෙවන් පරිසරයක් පැවැති යුගයක දී මහධජි සින්ධියාගේ සහෝදරයකුගේ පුත්‍රයා වූ දවුලත් රාඕ සින්‍ධියා මරාථ පාලකයා බවට පත් විය. ඉතා බාල අවධියක දී, එනම් 15 වැනි වියෙහි පසු වූ දවුලත් රාඕ සින්ධියා ඔහු ඉදිරියේ පැවැති අභ්‍යන්තර ගැටුම් සියල්ල මැඩ පවත්වා අසහාය පාලකයා බවට පත් විය.

ක්‍රි.ව. 1800 පමණ පූනාහි ආධිපත්‍ය සඳහා තවත් මරාථ නායකයකු වූ නොල්කාර් සමඟ මොහු යුද්ධයක් ඇති කර ගත්තේ ය. 1802 දී මොහු වෙලස්ලි සංචි සමඟ සාම ගිවිසුමක් ඇති කර ගත්තේ ය. එහෙත් ඒකාබද්ධ හින්‍දු හමුදාවක් ගොඩනගා ගත් සින්ධියා නාග්පූර් රජුත් සමඟ නර්මදා නදිය තරණය කොට බ්‍රිතාන්‍යයින්ට විරුද්ධ ව සටන් මෙහෙයවී ය. එම විශාල භට කණ්ඩායම විදුරුවා හැරිය යුතු යයි බ්‍රිතාන්‍ය පාලක වෙලස්ලි අණදුන්නේ ය. එම අණ නොතකා සින්ධියා ඉදිරියට ගිය හෙයින් වෙලස්ලි සංචි යුද්ධ ප්‍රකාශ කළේ ය. 1803 අගෝස්තු මාසයේ දී බ්‍රිතාන්‍ය හමුදා සින්ධියාගේ ඒකාබද්ධ හමුදාව දුර්වල කළේ ය. මෙවිට සින්ධියා නැවත බ්‍රිතාන්‍යයින් සමඟ ගිවිසුමකට එළඹියේ ය. මේ ගිවිසුමට අනුව සින්ධියාට තම හමුදාව ලාස්වාර්හි දී විසුරුවා හැරීමට සිදු විය. ඒ අනුව විශාල භූමි ප්‍රදේශයක් ද උත්තර භාරතයේ දේශපාලන අයිතිවාසිකම් රාශියක් ද බ්‍රිතාන්‍යයින්ට පවරා දීමට සින්ධියාට සිදු විය.

දවුලත් රාඕ සින්ධියා පසුව සිය මධ්‍යස්ථානය ලෙස ග්වාලියර් ශක්තිමත් කළේ ය. ඒ අනුව රාජබුකානාවේ රාජ්පුත්වරුන්ට ද මාල්වාහි සුළු ජන ප්‍රධානින්ට ද හෙතෙම නොයෙකුත් හිරිහැර සහ පෙළීම් කළේ ය. සින්ධියාගේ වාඩිපොළ ලෙස සැලකුන ග්වාලියර් මහා නගරයක් බවට පත් කළේ ය. මෙලෙස ඔහුගේ ක්‍රියාකාරකම් ඔහු සතු වත්කමට වඩා බොහෝ ඉහළ නැග්ගේ ය. මෙනිසා තම යටත් රාජ්‍ය පාලනය දුබල විය. නාමමාත්‍ර වශයෙන් තම යටත් රාජ්‍යවල සිටි හමුදාවන්ට යැපීම් දීමනා යැවිණ. 1817 දී බ්‍රිතාන්‍යයින් සමඟ ගිවිසුමක් ඇති කර ගත් සින්‍ධියා පින්දාරීවරුන්ට විරුද්ධ ව බ්‍රිතාන්‍යයින්ට සහයදිණි. තවද ජම්බාර් ඉවුරේ සිටි රාජ්පුත්වරුන් සමඟ සබඳතා ඇති කර ගැනීමට බ්‍රිතාන්‍යයින්ට අවස්ථාව ලබා දුන්නේ ය. 1818 දී බ්‍රිතාන්‍යයින් සමඟ අවසන් වරට ගිවිසුමකට අත්සන් කළ සින්ධියා බ්‍රිතාන්‍යයින්ගේ යැපෙන්නෙක් බවට පත් වී බ්‍රිතාන්‍ය ආරක්‍ෂාව යටතේ 1847 දක්වා බ්‍රිතාන්‍ය අනුග්‍රාහකයකු ලෙස කුමාර දිවියක් ගත කළේ ය.

(කර්තෘ: ජී.එච්. ආරියසේන)

(සංස්කරණය නොකළ)

දවුලත් රාඕ සින්ධියා

(Daulat Rao Sindhia). 18, 19 වැනි සියවස්වල ඉන්දියාවේ පැවැතියේ දේශපාලනමය වශයෙන් අවුල් වියවුල් සහිත තත්වයකයි. බල ව්‍යාප්තිය සඳහා ස්වදේශීය කුඩා රාජ්‍ය මෙන් ම යුරෝපීයයෝ ද එකිනෙකා හා සටන් වැදී සිටියහ. ඉංග්‍රීසි බල ව්‍යාප්තියක් වලක්වා උතුරේ බලය ව්‍යාප්ත කොට මරාථ බලය පෙරට ගෙනා බලවත් රජකු වූ මහාදාජි සින්ධියා වසර 67 ක් ආයු වලඳා 1794 දී උණ රෝගයක් වැලඳී පූනාහි දී මිය ගියේ ය. ඔහු ධන සම්භාරය ආදී සියල්ලට උරුමකරු වූයේ දවුලත් රාඕ සින්ධියාටයි.

දවුලත් රාඕ මිය ගිය මහාදාජිගේ පුත් තනතුරේ වැඩුණෙකි. ඔහුගේ පියා තුකෝජි රාඕ මහාදාජිගේ සොහොයුරා විය. දවුලත්ගේ ළමා වියේ දී ම ඔහු පනිපන්හි දී කල සටනක දී දිවි පිදුවේය. එයින් පසුය ඔහු මහාදාජිගේ සෙවනේ වැඩුණේ. 1794 දී තමාට මහාදාජිගේ උරුමය ලැබෙන විට ඔහු තෙලෙස් වැනි වියේ පසු විය.

ළමා පාලකයාට සියලු පාලන කටයුතුවල දී උපදෙස් හා මඟ පෙන්වීම ලැබුණේ සිය පූර්වගාමිකයාගේ දක්ෂ ඇමතියකු වූ නානා පද්නාවිස් ඇතුළු නිලධාරීන් කීප දෙනකුගෙනි. එහෙයින් යුද පිටියේ දී මෙන් ම අන් පාලන කටයුතු පිළිබඳ මනා අවබෝධයක් ඔහුට ලබා ගත හැකි විය. තරුණ විය එලඹෙත් ම ස්වාධීන තීරණ ගැනීමට ඔහුට ඉඩ ලැබිණ.

සියලු ස්වදේශික ජාතීන්ට කරදරයක් වූ ඉංග්‍රීසීන්ගේ හමුදාවන්ට සාර්ථක ලෙස මුහුණ දීම සඳහා දවුලත් රාඕ පැරණි මරාථ සටන් ක්‍රම අතහැර සිය හමුදා පුහුණු කිරීම, මෙහෙයවිම හා අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා ඉංග්‍රීසින්ගේ සතුරන් වූ ප්‍රංශ ජාතිකයන් වෙත නැඹුරු වී තිබිණ. මෙය සැබවින් ම සුදුසු උපක්‍රමයක් වුව ද 1803 දී ඇති වූ ඉංග්‍රීසි-මරාථ යුද්ධයේ දී ඉංග්‍රීසින් විසින් ප්‍රංශ හමුදා සිය පක්ෂයට හරවාගෙන තිබුණු බැවින් දවුලත් රාඕට විශාල පරාජයකට මුහුණ දීමට සිදුවිය. වෙනත් මරාථ නායකයන් සමඟ ඉංග්‍රිසි විරෝධී එකඟතාවයක් ඇති කරගෙන තිබුණු නමුත් මේ සටනේ දී දවුලත් රාඕ අවිනිශ්චිත ලෙස කල් හරිමින් සිට එක් වරම ඉංග්‍රීසි හමුදාවන් වෙත කඩා පැනීම ද මේ පරාජයට හේතුවක් විය. ඔහුගේ මිත්‍ර රඝුජි බොන්ස්ලේ සටන් අතහැර පැන යාම ද පරාජයට හේතු වූ බව කියැවේ. 1803-1805 කල සිදු වූ ඉංග්‍රීසි-මරාථ සටන් අවසානයේ දවුලත් රාඕ ඉංග්‍රීසීන් සමඟ ‘සුර්ජි අන්ජන් ගාවෝන්’ ගිවිසුමට එළඹියේ ය. මේ ගිවිසුම නිසා මහාදාජිගෙන් උරුම වූ ගංගා-යමුනා නදීන් අතර වූ ජායිපූර් ජෝද්පූර් භෝගද්පූර් ප්‍රදේශ ඉංග්‍රීසීන්ට පවරා දීමට දවුලක් රාඕට සිදුවිය.

ලත් පරාජය දවුලත්ගේ උපක්‍රමවල වෙනසක් සිදු කිරීමෙහි සමත් වි. ඔහු නැවත වරක් මරාථයින්ට පුරුදු කඩා පැනීම්, කොල්ලකැම් ක්‍රමයට අවතීර්ණ වූවා පමණක් නොව මරාථ නායකත්වය සඳහා තමනට අභියෝගයක් වූ ජස්වන්ත් රාවෝ හොල්කාර්ගේ රාජ්‍යය කොල්ල කෑම ද ඇරඹී ය. ඔහු ඉංග්‍රීසීන්ට යටත් ප්‍රදේශ කෙරෙහි ද මේ ක්‍රමය ම අනුගමනය කළේ ය.

ඉංග්‍රීසීන්ට විරුද්ධ ව පොදු මරාථ සන්ධානයක් ඇති කිරීමටත් ඒ සඳහා විශාල හමුදාවක් සංවිධානය කර ගැනීමටත් අපේක්ෂා කළ දවුලත් රාඕ මරාථ භටයන්ට කොල්ලකෑම් ආදිය මඟින් තමනට අවශ්‍ය සම්පත් සොයා ගැනීමට ඉඩ හැරියේ ය. මෙයින් විශාල හමුදාවක් නඩත්තු කිරීමට ඔහුට තිබුණු දුෂ්කරතාවය මඟ හැරී ගිය ද මරාථ හමුදාවේ විනය පිරිහිණ. මේ අතර කොල්ලකාරී වර්ගයක් වූ පින්දාරීන්ගෙන් එල්ල වූ උවදුරුවලින් බේරෙන්නට මරාථ පිහිට සෙවීමට ඉංග්‍රීසීන්ට සිදු විය. ඒ නිසා 1817 දී බ්‍රිතාන්‍යයෝ ග්වාලියෝර් ගිවිසුමට එළඹෙන ලෙස දවුලත් රාඕට බලපෑම් කළහ. මේ මඟින් පින්දාරින මැඩීමේ දී ඉංග්‍රීසීන්ට සහාය දීමට දවුලත් රාඕට සිදුවිය. ඒ හැර චම්බාල් සිට දකුණු ප්‍රදේශවලට ඇතුල්විම සඳහා ඉංග්‍රීසීන්ට ඉඩ දීමටත් සිදුවිය. මෙයින් මෙතෙක් සෙසු මරාථ රාජ්‍ය කෙරෙහි දවුලත් රාඕගේ බලපෑම් අවසන් විය. සිය බලය ඉංග්‍රීසි බලයට නතු වීම ඉවසිය නොහැකි දවුලත් රාඕ 1817 දී ප්‍රංශ සේනා හා එකතු වීමට 40,000ක මරාථ සේනාවක් සැපයුව ද ප්‍රංශ විප්ලවය නිසා සටන් වැලකිණ.

හේ ග්වාලියෝර් ගිවිසුමින් පසු ග්වාලියෝර්හි සිය මධ්‍යස්ථානය පිහිටුවා ගත්තේ ය. ඉන් පසු මේ ප්‍රදේශය ‘සින්ධියාගේ වාඩිපොළ’ ලෙස හැඳින්වෙන්නට විය. නගරය විශාල නගරයක් බවට පරිවර්තනය විය. 1819 වන විට දවුලත් රාඕ යටතේ ග්වාලියෝර් සත්ලෙජ් නදියට දකුණු දිගින් පිහිටි ශක්තිමත් ම හමුදා රාජ්‍යය බවට පත් වී තිබිණ. සිය රාජ්‍යයේ පැවැත්ම සඳහා විශාල හමුදාවක් අවශ්‍ය වූයෙන් විශාල හමුදාවක් සංවිධානය කොට තමනට නාම මාත්‍රිකව හෝ යටත් බව ප්‍රකාශ කළ රාජ්‍ය වෙත හමුදා සේනාංක යැපීම සඳහා යවන ලදී. මේ අතර රාජ්පුත්වරුන්ගේ බල අරගල සමයේ දී ඔවුන් සතු කාන්තාර ප්‍රදේශවලින් හැකි තරම් සාරය උරා ගැනීමට ඔහු වග බලා ගත්තේ ය.

සටන් ගිවිසුම් පාවා දීම් ආදියෙන් ගහන වූ දවුලත් රාඕගේ ජීවිතය 1827 දී අවසන් විය. ඒ වන විට ඔහු පනස් වන විය ද ඉක්මවා නොතිබිණ. ඔහුගේ උරුමකරු වූයේ ජන්කෝජි රාඕ සින්ධියා නම් තරුණ නෑයෙකි. මහාරාණි බායිසා බායි හා විවාහ වී සිටි දවුලත් රාඕට ජනකාජි සින්ධියා නම් පුතකු සිටියේ ය. ඔහු 1843 දී දරුවකු හෝ උරුමකරු වශයෙන් නොමැතිව මිය ගියේ ය. බායිසා බායි සිය ස්වාමියාගේ මරණින් පසු කලක් රාජ්‍ය විචාරකයා ලෙස කටයුතු කළා ය.

ආශ්‍රිත ග්‍රන්ථ

AN ADVANCED HISTORY OF INDIA - MAJUMDAR, RAYCHAUDRI & DATTA

HISTORY OF INDIA - SINHA & BANERJEE

HISTORY OF INDIA MAHARATTAS - GRANT DUFF

(කර්තෘ: සුමනා ඇල්ලේපොල)

(සංස්කරණය නොකළ)