"දියගෝවා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ශ්‍රී ලංකාවේ බස්නාහිර සහ දකුණු පළාත්වල වැව් ප...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
9 පේළිය: 9 පේළිය:
 
Pistia Stratiotes යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින් වේ. අරාසේ (ARAEAE) නම් ඒක බීජ පත්‍රී උද්භිද කුලයට අයත් ය.  
 
Pistia Stratiotes යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින් වේ. අරාසේ (ARAEAE) නම් ඒක බීජ පත්‍රී උද්භිද කුලයට අයත් ය.  
  
(කර්තෘ: :)
+
(කර්තෘ: [[පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ]])
  
 
(සංස්කරණය නොකළ)  
 
(සංස්කරණය නොකළ)  

09:18, 24 අප්‍රේල් 2024 වන විට නවතම සංශෝධනය

ශ්‍රී ලංකාවේ බස්නාහිර සහ දකුණු පළාත්වල වැව් පොකුණු වැනි ගලා නොයන ජලය සහිත ජලාශවල මේ ශාකය බහුල ව දැකිය හැකි ය. ජල පෘෂ්ඨය මත පාවෙමින් වැඩෙන ජල ශාකයක් ලෙස මෙය හැඳින්විය හැකි ය.

නමේ අරුතට ම සමාන වූ කුඩා ගෝවා ගෙඩියක හැඩය ගන්නා පරිදි ඒක කේන්ද්‍රීය ව විහිදෙන සේ සකස් වූ මල් පෙති වැනි පත්‍ර සහිත ව මෙය වැඩේ. පත්‍ර දිගින් සෙ.මී. 5-15 පමණ වන අතර පළලින් සෙ.මී. 5ක් පමණ වේ. ලා කොළ පැහැති පත්‍ර මුළුමනින් ම කේශරවලින් වැඩී පවතියි. මේ නිසා පත්‍රයට ජලරෝධී හැකියාවක් ලැබී ඇත.

සුදු පැහැයට හුරු ව හට ගන්නා තන්තු මුල් ශාකය පරිණතවත් ම කෙමෙන් කළු පැහැයට හැරෙයි.

පුෂ්ප මංජරිය ඡද ශුකියකි (Spadix). සෙන්ටිමීටරයක් පමණ දිගු වේ. සුදු පැහැයට හුරු ය.

Pistia Stratiotes යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින් වේ. අරාසේ (ARAEAE) නම් ඒක බීජ පත්‍රී උද්භිද කුලයට අයත් ය.

(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දියගෝවා&oldid=5471" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි