දියගෝවා

සිංහල විශ්වකෝෂය වෙතින්
09:17, 24 අප්‍රේල් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ශ්‍රී ලංකාවේ බස්නාහිර සහ දකුණු පළාත්වල වැව් ප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ශ්‍රී ලංකාවේ බස්නාහිර සහ දකුණු පළාත්වල වැව් පොකුණු වැනි ගලා නොයන ජලය සහිත ජලාශවල මේ ශාකය බහුල ව දැකිය හැකි ය. ජල පෘෂ්ඨය මත පාවෙමින් වැඩෙන ජල ශාකයක් ලෙස මෙය හැඳින්විය හැකි ය.

නමේ අරුතට ම සමාන වූ කුඩා ගෝවා ගෙඩියක හැඩය ගන්නා පරිදි ඒක කේන්ද්‍රීය ව විහිදෙන සේ සකස් වූ මල් පෙති වැනි පත්‍ර සහිත ව මෙය වැඩේ. පත්‍ර දිගින් සෙ.මී. 5-15 පමණ වන අතර පළලින් සෙ.මී. 5ක් පමණ වේ. ලා කොළ පැහැති පත්‍ර මුළුමනින් ම කේශරවලින් වැඩී පවතියි. මේ නිසා පත්‍රයට ජලරෝධී හැකියාවක් ලැබී ඇත.

සුදු පැහැයට හුරු ව හට ගන්නා තන්තු මුල් ශාකය පරිණතවත් ම කෙමෙන් කළු පැහැයට හැරෙයි.

පුෂ්ප මංජරිය ඡද ශුකියකි (Spadix). සෙන්ටිමීටරයක් පමණ දිගු වේ. සුදු පැහැයට හුරු ය.

Pistia Stratiotes යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින් වේ. අරාසේ (ARAEAE) නම් ඒක බීජ පත්‍රී උද්භිද කුලයට අයත් ය.

(කර්තෘ: :)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දියගෝවා&oldid=5470" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි