දිය කොලපත්

සිංහල විශ්වකෝෂය වෙතින්
09:09, 24 අප්‍රේල් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ශ්‍රී ලංකාවේ මධ්‍යම හා නැගෙනහිර පළාත්වල මෙම ජ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ශ්‍රී ලංකාවේ මධ්‍යම හා නැගෙනහිර පළාත්වල මෙම ජලජ පැලෑටිය දැකිය හැකි ය. කුඹුරුවල, නිතර ගංවතුරට හසු වන බිම් කඩවල පොකුණුවල පැහැදිලි නොගැඹුරු දියේ වැඩෙන තරමක් දුර්ලභ ගනයේ ජලජ පැලෑටියකි. ඒක කේන්ද්‍රීයව විහිදෙන පත්‍ර සහිත (resettles) නිමග්න ශාකයකි. විෂම පත්‍රීයතාව (Heterophyllous) දක්වයි. ළා බාල පත්‍ර පටු, දිගු හා ඊතල ආකාර වේ. පරිණත පත්‍ර වෘත්තාකාර හෝ ලංසාකාර විය හැකි ය. බොහෝ දුරට පාරදෘශ්‍ය වේ. සෙ.මි. 20ක් පමණ මෙහි පත්‍ර දිගු ය.

රැලි වැටී ඇති පත්‍ර තලයේ සියුම් ව මතු වූ නාරටි නිරීක්ෂණය කළ හැකි ය. පත්‍ර දාරය ද රැලි වැටී ඇත. සෙ.මී. 50ක් පමණ ඉතා දිගු, මාංසල පත්‍ර වෘන්ත සහිත ය.

මාංසල මුල් සමූහ වශයෙන් පිහිටයි. සුදු හෝ කහ පැහැයෙන් යුක්ත ත්‍රිකෝණාකාර පුෂ්ප ජල තලය මත නිරීක්ෂණය කළ හැකි වේ. අනගි විසිතුරු පැලෑටියක් ලෙස මත්ස්‍යාගාර අලංකාර කිරීමට ද මේ ශාකය භාවිතා කෙරේ.

Ottelia alismoides යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින් වේ. HYDROCHARITACEAE හයිඩ්‍රොචැරිටාසේ යන උද්භිද කුලයට අයත් ය.

(කර්තෘ: :)

(සංස්කරණය නොකළ)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දිය_කොලපත්&oldid=5466" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි