දිය ගැට පලා

සිංහල විශ්වකෝෂය වෙතින්
15:56, 22 අප්‍රේල් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ශ්‍රී ලංකාවේ මධ්‍යම හා බස්නාහිර පළාත්වල කුඹු...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ශ්‍රී ලංකාවේ මධ්‍යම හා බස්නාහිර පළාත්වල කුඹුරුවල ද නොගැඹුරු පැහැදිලි දිය සහිත පොකුණුවල ද බහුල ව දැකිය හැකි ජලජ පැලෑටියකි.

නිමග්න හෝ පාවෙන අතු බෙදුණු කඳන් සහිත ය. දෘඩ මහත් කඳන් වල ගැටවලින් මුල් හට ගෙන ඇත. කඳේ ඍණ ගුරුත්වාවර්තීව (Negative Geotropism) සෙ.මී. 20ක් පමණ දිගුව වැඩෙන ශාඛාවල සම්මුඛව පිහිටි ඉලිප්සාකාර පත්‍ර තිබේ. සුමට දාර සහිත මෙම පත්‍ර මාංසල වන අතර පෘෂ්ට දකම දිලිසෙනසුලු ය. දිගින් සෙ.මී. 8ක් හා පළලින් සෙ.මී. 5ක් පමණ වේ.

යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. ස්ක්‍රොෆුලරාසේ යන උද්භිද කුලයට අයත් ද්වි බීජ පත්‍රී ශාකයකි. පුෂ්ප පිපීම ජනවාරි-ජුනි අතර සිදු වේ. ඉතා කුඩා පුෂ්ප ජල මට්ටමට ඉහළින් පිහිටන පත්‍ර කක්ෂව අක්ෂයක 1-3 බැගින් පිහිටයි. පුෂ්ප නිර්වෘන්තීය හෝ ඉතා කෙටි වෘන්ත සහිත වේ. නාලාකර මණියේ මණිපත්‍ර 5ක් බද්ධ ය. කෙටි නාලාකාර මුකුටය අග්‍රයෙන් දළ 5ක් බවට බෙදෙයි. ලා රෝස පැහැති කරල ඕවලාකාර ය, මිලි මීටර් 3ක පමණ විෂ්කම්භයෙන් යුක්ත ය. මණිය සිවියක් ලෙස කරල මත දැකිය හැකි ය. ඉතා කුඩා තද දුඹුරු පැහැති බීජ එහි සිරස් පෙළකට පිහිටයි.

(කර්තෘ: ප්‍රදීපා සේරසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දිය_ගැට_පලා&oldid=5460" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි