දිය ගෝනුස්සා

සිංහල විශ්වකෝෂය වෙතින්
16:04, 22 අප්‍රේල් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('දිය ගෝනුස්සා ලෙස හැඳින්වෙනුයේ ජලජ කෘමි විශේෂ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

දිය ගෝනුස්සා ලෙස හැඳින්වෙනුයේ ජලජ කෘමි විශේෂයකි. මොවුහු Insecta වර්ගයේ ගෝත්‍රයේ Hemiptera කුළයට අයත් වෙති. බැලූ බැල්මට මොවුන් දිස්වනුයේ භෞමික ගෝනුස්සන් මෙනි. කෘමීන් කාණ්ඩයක් වන බැවින් මොවුන්ට ඇත්තේ ද පාද යුගල් 3කි. එහි ප්‍රථම පාද යුගල විශාල වී ගොදුරු අල්ලා ගැනීම සඳහා විකරණය වී ඇත. මොවුන්ගේ දේහය පැතලි අණ්ඩාකාර හැඩයක් ගනී. එහි අපර කෙළවර දිග වලිගයක් වැනි ව්‍යූහයක් ඇත. ඇල් සහිත සූත්‍රිකා 2ක් මඟින් තැනී ඇති මෙය ශ්වසන නාලයක් ලෙස ක්‍රියා කරයි. ස්පර්ශක කෙටි ය. ඒවා පුරුක් තුනකින් සමන්විතය. පියාපත් යුගල් 2කි. නමුත් මොවුන් පියාඹනුයේ කලාතුරකිනි. බොහෝ විට ජල පෘෂ්ඨය මත පාවෙමින් සිටිති. මොවුන් බිත්තර දමනුයේ ජලජ ශාකවල කඳන් තුළ ය. කුඹුරු, වැව්, පොකුණු සහ කුඩා කානු ආදියේ දැකිය හැකි ය.

ශ්‍රී ලංකාවේ දිය ගෝනුස්සන් විශේෂ 11ක් හඳුනාගෙන ඇත. එනම්,

Laccotrephes flavovenosus

Laccotrephes griseus

Laccotrephes grossus

Laccotrephes maculatus

Cercometus fumosus

Cercometus strangulatus

Ranatra digitata

Ranatra elongata

Ranatra filiformis

Ranatra flagellata

Ranatra naripes ය.

ආශ්‍රිත ග්‍රන්ථ

Fernando, C. H. 1990. Freshwater Fauna and Fisheries of Sri Lanka, alural Resources Energy and Science Athority of Sri lanka 444 pp

රූප සටහන

මෙම පොතේ 77 පිටුවේ fig. 1.

(කර්තෘ: එම්.ජේ.එස්. විජයරත්න)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දිය_ගෝනුස්සා&oldid=5462" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි