ධර්‍ම කීර්‍තති

සිංහල විශ්වකෝෂය වෙතින්
10:29, 19 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ධර්‍ම කීර්‍තති :* අවුරුදු දහයකටත් පූර්වයෙ හි ප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ධර්‍ම කීර්‍තති :* අවුරුදු දහයකටත් පූර්වයෙ හි පටන් ශාසන ඉතිහාසයෙ හි මෙන් ම ලක්දිව හා දේශාන්තරයෙ හි ද පඬුවන් අතර ත් අතිශයින් ප්‍රචලිත වූ නාමයෙකි. මේ “ර්‍ධම කීර්‍තති” යනු ර්‍ධම කීර්‍තති නාමයෙන් ගෘහස්ථ පඬිවරයෝ ද මහායානික හා ථෙරීය නිකායික බෞද්ධ භික්‍ෂුවරයෝ ද වූහ. මොවුන් අතුරෙන් ඇතැම් කෙනකු සංඥා වශයෙන් “ර්‍ධම කීර්‍තති” වූ අතර සමහරකු උපාධි වශයෙන් ද තව කෙනකු පාරම්පරික වශයෙන් ද “ර්‍ධම කීර්‍තති” යන ව්‍යවහාරයට පැමිණි බව පෙනේ. ඔවුන් මෙසේ උදේදශ කළ හැකි වේ. 1. සකල තාර්කික චක්‍ර චූඩාමණි වෛය්‍යායික ර්‍ධම කීර්‍තති, 2. අලංකාරික භදන්ත ර්‍ධම කීර්‍තති, 3. රූපාවතාර කාරක වෛය්‍යාකරණ ර්‍ධම කීර්‍තති, 4. පණ්ඩිත ර්‍ධම කීර්‍තති, 5. රාජ ගුරු ර්‍ධම කීර්‍තති, 6. ර්‍ධම කීර්‍තති පාද, 7. තාමලිත්තික ර්‍ධම කීර්‍තති, 8. ර්‍ධම කීර්‍තති මා හිමි, 9. මහා ර්‍ධම කීර්‍තති, 10. විතීය ර්‍ධම කීර්‍තති, 11. ර්‍ධම කීර්‍තති ස්වාමී, 12. ර්‍ධම කීර්‍තති මහා ස්ථවිර යන මොවුහු ඒ ඒ කාලවල ර්‍ධම කීර්‍තති යන නමින් ප්‍රසිද්ධව ඉතිහාස ගත වූවෝ වෙත්. මෙහි ලා ග්‍රන්ථාන්තරයෙන් ලැබෙන කරුණු අනුව මතාන්තරයනු දු අළලමින් පය්‍යෙ_ෂකයන්ට වාරය වන සේ ඒ ඒ ර්‍ධම කීර්‍තති නාමධාරීන් පිළිබඳව වෘධ පරි පාටියෙන් කරුණු දක්වනු ලැබේ. 1. ර්‍ධම කීර්‍තති (ආලංකාරික) :- ර්‍ධම කීර්‍තති නාමය ශ්‍රැති රමණීය කළ ශ්‍රේෂ්ඨ පුරුෂයන් අතුරෙන් වෘඞතර වූවෝ බෞද්ධ සංඝති කාරක ආංඞකාරික ර්‍ධම කීත්ති පාදයෝ යැ. ඔවුනගේ ජන්ම දේශය වංශය හා ජීවමාන සමය ආදිය පිළිබඳ වැ පූ� විවරණයක් කිරීම ඉතා දුෂ්කර ය. එහෙත් ග්‍රන්‍ථාන්තරයෙන් ලැබෙන සාධක වහල් කොට ඔවුන්ගේ චරිතය හා ජීවන සමය දෙස විචාරා ක්‍ෂිය යොමු කිරීමෙකි. මෙහිලා පැවසෙනුයේ ආලංකාරික ර්‍ධම කීර්‍තති හු ද නෛය්‍යායික ර්‍ධම කීර්‍තතිහු ද එක් කෙනෙක් මැ වූහ’ යි බොහෝ දෙන සිතූහ. තව කෙනෙක් සමකාලීක වූ දෙදෙනෙ කැ යි ද කීහ. වාසවදන්‍තායෙ හි “න්‍යාය සථිතිමිව උfiාතකර ස්වරූපාම්, බෞධ සංගතිමිච අලංකාර භූෂිතාම් .... වාසවදත්තාම් දදශි” යනු දැක් වෙයි. වෛභාධික බෞද්ධ නිකායයෙ හි දී පඤමත් දාර්‍ශ නිකයකු වූ වසු බන්‍ධු ගේ ශිෂ්‍යවරයෙකි. ආචාර්ර්‍ය්‍ය ර්‍දඞනාගයෝ ස්වාචාර්‍ය්‍ය වංශයෙ හි වූ විඥනවාදය නඟා සිටු වීමට යන්න දැරූ දිඞනාගයෝ ‘ප්‍රමාණ සමුච්චය, න්‍යය ප්‍රවෙශා’දි බොහෝ ග්‍රන්ථ රචනා කරමින් ස්වතන්ත්‍ර දාර්‍ශනිකයකු වශයෙන් නැඟී සිටි කෙනෙකි. විශේෂයෙන් දිඞනාග කෘතිවලින් පහර වැදී ගියේ න්‍යාය දර්‍ශනයෙ හි සිඞන්තවලට ය. එහෙයින් බිඳ වැටුණු න්‍යාය සිඞානත නඟා සිටු වීම සඳහා ‘උfiතකර’ යනට න්‍යාන වාර්තිකය ලියන්නට සිදු විය. සුබන්‍ධූන් වාසවදත්තායෙ හි සඳහන් කළ න්‍යායස්ථිතිය මෙය වේ. “බෞද්ධ සඞග තිමිවාලඞකාරභූෂීතම්” යන පදය විවරණය කරන ශිවරාමයෝ වාසවදත්තා ටීකාවෙ හි “බෞද්ධ සංග තිර්නාම ර්‍ධම කීර්‍තති කෘතො ග්‍රන්‍ථ විශේෂ:” යී “බෞද්ධ සඞගතිය” ර්‍ධම කීර්‍තතින් ගේ ග්‍රන්ථයක් බව කීහ. ‘ආනතුවර්‍ධන’ යන් විසින් ධවන්‍යා ලොකයෙ හි ආලඞකාරික ර්‍ධම කීර්‍තති කෙනෙක් සඳහන් කරනු ලැබූහ. එසේ ම භදන්ත ර්‍ධම කීර්‍තති විරාචිත බොහෝ පiයෝ ‘සුභාෂිතරත්න භාණ්ඩාගාර, සුභා ෂිතාවලී’ ආදි ග්‍රන්ථවල දක්නා ලැබෙති. එහි ‘භදන්ත’ යන උප පදය යෙදීමෙන් ම ඔහු බෞද්ධ භික්‍ෂුවරයකු සේ පිළිගත යුත්තාහ. මෙකී ‘ආලඞකාරික භදන්ත ර්‍ධම කීර්‍තති පාදයෝ ම වාසවදත්තාවෙ හි දැක් වූ ‘අලඞකාර භූෂිත බෞද්ධ සඞගතිය’ රචනා කළහ’යි පිළිගත යුතුව තිබේ. මෙසේ හෙයින් භදනක ර්‍ධම කීර්‍තතිහු ආචා© දිඞනාගයන්ට පසුව ත් සුබන්‍ධුන් පෙර ත් මෙ දැතුර ජීවත් වූහ යි සිතිය යුතු වේ. ඉතිහාසඥයන් ගේ පිළිගැනීම් අනුව දීඞනාගයෝ කිතුව සිත් සතර වැනි සියවසෙ හි අවසාන භාගයෙ හි ජීවත් වූහ. ශ්‍රී මස්වාණ භට්ටයෝ හෂ්චරිතයෙ හි සුබන්‍ධූන් ගෞරවයෙන් සඳහන් කළහ. හෂි වරිතයෙ හි කවීනාමග ලද්දවෝ නූනං වාසව දත්තයා” යී ද, කාදම්බරීයෙ හි ධියා නිබඞෙය මතවයී කථා යී, ද ඔවුන් ගේ වාසව දත්තාව ආමෂී කළහ. වාණ භට්ටයන් ජීවත් වූයේ ශ්‍රී හර්‍ෂ වර්‍ධනයන් ගේ රාජ්‍ය සමයෙ හි ය. එ රජුන්ගේ රාජය සමය ක්‍රි. ව. 606 - 648 අතර වූ බව පිළි ගෙන තිබේ. වාසව දත්තා රචයිතා වූ සුබන්‍ධු එයින් පෙර සවැනි සියවසේ අවසාන භාගයෙ හි වත් ජීවත් විය යුතු ය. ර්‍ධම කීර්‍තති ඊට ද වෘඞ ය. මේ දැක් වූ කරුණු ඇසුරෙන් සවැනි සියවසේ පූර්‍වභාගයෙ හි “ආලඞකාරික භදන්ත ර්‍ධම කීත්ති පාදයෝ ජීවත් වූහ’ යන නිගමනය සිඞ යි. 2. ර්‍ධම කීර්‍තති (නෛය්‍යායික) :- සකල් තාර්කික චක්‍ර චූඩාමණි ර්‍ධම කීර්‍තති පාදයෝ යැ’යි පඤචිකා ප්‍රදීපයෙ හි (15 පිට) දැක්වෙන න්‍යායික ර්‍ධම කීර්‍තතිහු ර්‍ධම කීර්‍තති නාමධාරීන් අතුරෙන් ලොක ව්‍යාප්ත කීර්‍තතියෙන් යුක්ත වූහ. බෞද්ධ සඞගතිකාරක ආලඞකාරික ර්‍ධම කීර්‍තතින්ට ම ද කලකට පසුව ජීවත් වූහ‘ යි සිතිය හැකි ය. ඔවුන්ගේ චරිතාපදානය විමසනු සඳහා මේ ප්‍රශ්න කර්‍මය වේ. (1) ර්‍ධම කීර්‍තති පාදයෝ කවර දෙසක කිනම් තැනෙක උපන්හු ද ? (2) ඔහුගේ වංශය හෝ මවුලියෝ කවරහු ද ? (3) ශාසෙත්‍රාද් ග්‍රහණය කෙබඳු ද ? (4) ඔහු කවර කලෙක ජීවත් වූවාහු ද ? (5) ඔහුගේ කෘතීහු කවරහු ද ? (6) පාණ්ඩිත්‍යය හෝ කෙසේ ද ? යනාදිය වේ. (1) එහි මෙකල පඬුවන් විසින් විමසීමෙන් සොයාගත් කරුණු අනුව තම මැ නෛය්‍යායික ර්‍ධම කීර්‍තති පාදයෝ චොල දේශයෙ හි ‘ත්‍රිමලය’ නම් ගම ස්වකීය ජන්මයෙන් හොබවා ලූ බව දැක්විය හැකි වේ. (2) ඔහු කවර වංශයක උපන්හු දැයි අවිනිශ්චිත වුව ද පොරු නන්‍ද (හෝ කුරූ නන්‍ද) නමැති පරිබ්‍රාජක කෙනෙක් ඔහුට පිය වූහ යි සලකනු ලැබෙත්. (3) කුඩා කල ම සිය පියාණන් වෙත ජෛනධර්‍මය හදාල වූ ඒ පිරිවැජි කුමර තෙම සුප්‍රසිද්ධ බ්‍රාහ්මන දර්ශනිකයකු වූ ‘කුමාරි ලභට්ට’ නම් ආචාර්‍ය්‍යයන් වෙත බ්‍රාහ්මණ දර්‍ශනය ද හදාළේ ය. සහජයෙන් ම බුද්ධිමත් වූ හෙතෙම වයස හවුරු සොලොස අටළොස පමණ වන විට බ්‍රාහ්මණ දර්‍ශනය පිළිබඳ පටුතර අවබෝධයක් ඇති කර ගත්තේ ය. ඔහුගේ සියුම් වූ ප්‍රඥපාටවයාගේ පැළැඹීමට ජෛන ධර්‍මය හෝ බ්‍රාහ්මණ දර්‍ශනය සම්බන්ධ විය. එහෙයින් හෙතෙම බෞද්ධ දර්‍ශනය කෙරෙහි ඇල්මක් දක්වන්ට විය. එකල භාරත වර්‍ෂයෙ හි අතිශයින් ප්‍රකටව තුබූ නාලන්‍දා විශ්වවිiාලය කරා පැමිණ එවකට නාලන්‍දාවෙ හි අධ්‍යක්‍ෂව වැ සිටි ධර්‍මපාල තෙරණුවන් වෙත පැවිදි විය. යළි ආචාර්‍ය්‍ය දිඬ්නාගයන්ගේ ශිෂ්‍යාත්‍වයෙ හි වූ ඊශ්වර සෙන් නම් ආචාර්‍ය්‍යවරයකු වෙත දිඬ්නාගයන් ගේ විඥාන වාදය මැනවින් හදාරා උසස් වූ පාණ්ඩිත්‍යයට පැමිණියේ ය. (4) ර්‍ධම කීර්‍තති පාදයන්ගේ ජීවන සමය පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීම දුෂ්කර වූවකි. ඔවුන්ගේ කෘතියක හෝ ග්‍රන්‍ථාන්තරයක ඊට සහාය වූ සටහනක් දක්නට නැති හෙයිනි. මාධවා චාර්‍ය්‍යයන් විසින් ‘ෂඩ් දර්‍ශන සඞග්‍රහයෙ හි බෞද්ධ දර්‍ශනාන්තර්ගත යෝගාවචර මත විවරණාව ස්ථාවට පැමිණ “එෂා හි තෙෂාං පරිභාෂා සවසං වෙදනං තාව දඞගී කාය්‍යම න්‍යථා ජගදාන්‍ධ්‍යං ප්‍රසජ්‍යෙත තත් කීර්‍තති තං ධර්‍මකී ර්‍තතිනා: ‘අපු ත්‍යක්‍ෂොපලමභස්‍ය නාත්‍ථ දුෂ්ටි: ප්‍රසිඞ්‍යති’ ඉති” මෙසේ ර්‍ධම කීර්‍තති පාදයෝ නාම වශයෙන් දක්වනු ලැබූහ. ශ්‍රීමත් ‘ශඞකරාචාර්‍ය්‍ය’යන් විසින් ද මාධවයන්ගේ මත ඇසුරු කරන ලදැ යි භාරතීය බෞද්ධ වෘත්තාන්තඥයෝ සලකති. මෙසේ හෙයින් ශඞකර මාධව ර්‍ධම කීර්‍තති යන ආචාර්‍ය්‍යවරයෝ තිදෙන පිළිවෙලින් එකිනෙකා පෞරාණික වූහ’ යි පිළිගත යුතු ය. තව ද මෙම ර්‍ධම කීර්‍තති පාදයන් ගේ ජීවන සමය නිශ්චය කිරීම සඳහා අතිශයින් ප්‍රයෝජන වනුයේ ඔවුන් ධර්‍මපාල තෙරුන් ගේ අතවැස්සකු වීම ත් තත් කාලීන දෙශ සඤචාරකයකු වූ චීන ජාතික ‘හියු එං සාං ගේ භ්‍රමණ වෘත්තාන්ත ත් පමණෙකි. හියු එං සාං නාලන්‍දා විශ්වවිiාලයට පැමිණියේ ක්‍රි. ව. 629 ය පමණ දී ය. හේ 645 දක්වා භාරතයෙ හි වාසය කෙළේ ය. ඔහු විසින් “එකල දඹදිව උතුරු දෙස ශ්‍රී හෂියන් තබා අනු රජෙක් නො වී යැ” යි ලියන ලද්දේ ය. එකල නාලන්‍දා විiා පීඨයෙ හි අධ්‍යක්‍ෂක වූවෝ ‘ශීල භද්‍ර’ ගෙරණුවෝ යැ. එයින් පෙර අධ්‍යක්‍ෂන වූවෝ ර්‍ධම කීර්‍තතින්ට ආචාර්‍ය්‍ය වූ ධර්‍මපාල තෙරණුවෝ යි හියු එං සාං නාලන්‍දාවට පැමිණෙන විට ර්‍ධම කීර්‍තති පැවිදි වැ සිටිය යුතු ය. හියු එං සාං ස්වකීය චාරිකා වෘත්තාන්තයෙ හි එකල විසූ බොහෝ ආචාර්‍ය්‍යවරයන් ගැන සඳහන් කළ නමුදු ර්‍ධම කීර්‍තතින් ගැන කිසිවක් ලියා නැත. එයින් හැගෙනුයේ ඔහු දඹදිවට පැමිණෙන විට යට දැක් වූ භදන්ත ර්‍ධම කීර්‍තති ජීවතුන් අතර නොසිටි බව හා නෛස්‍යායික ර්‍ධම කීර්‍තති පාදයන් සිය ගමන් පුවතෙ හි ලියා තැබීමට තරම් කීර්‍තතිමත් ව නොසිටි බවත් ය. මෙසේ හෙයින් ර්‍ධම කීර්‍තති පාදයන්ගේ ජීවන සමය සත් වැනි සියවසේ මධ්‍ය භාගය විය යුතු යි මහොපාධ්‍යාය සතීචන්‍ද්‍ර විiා භූෂණ යෝ සත් වැනි සියවසේ අවසානයෙ හි ර්‍ධම කීර්‍තති ජීවත් වූ හයි කියති. (5) ඔහුගේ ශාස්ත්‍රීය සේවය මහායාන බෞද්ධ ධර්‍මයට පමණක් නොවැ සකල දාර්‍ශනික සේවය මහායාන බෞද්ධ ධර්‍මයට පමණක් නොවැ සකල දාර්‍ශනික ලොකයට ආදර්‍ශමත් විය. තව ද ර්‍ධම කීර්‍තතින් විසින් රචනා කළ ග්‍රන්‍ථ ආචාර්‍ය්‍ය දිඬ්නාගයන් ගේ විඥාන වාදයෙ හි භාෂ්‍යයන් ලෙස සලකනු ලැබේ. මෛත්‍රීයයන් විසින් නිපදවන ලද අසඞග, වසු බන්‍ධු ආදීන් විසින් සංවර්ධිත වැ දිඬ්නාගයන් විසින් දීප්තිමත් කළ විඥාන වාදය ර්‍ධම කීර්‍තති පාදයන් හේ ග්‍රන්‍ථ රචනා හේතු කොට ගෙන ව්‍යාප්ත විය. ඔවුන් විසින් රචනා කළ ග්‍රන්‍ථයෝ නම් , 1. ප්‍රමාණ වාර්තික 2. න්‍යාය බින්‍දු 3. හෙතු බින්‍දු 4. ප්‍රමාණ විනිශ්චය 5. වාද න්‍යාය 6. සම්බන්‍ධ පරීක්‍ෂා 7. සන්තා නා නතර සිඬි යන මොහු යැ. මේ ග්‍රන්‍ථ අතුරෙ හි ශ්‍රෙෂ්ඨ වූවෝ ප්‍රමාණ වාර්තිකය හා න්‍යාය බිණන්‍දුව ද වෙති. ප්‍රමාණ වාර්තිකය දිඬ්නාගයන් ගේ ප්‍රමාණ සමුච්චය නම් ග්‍රන්ථයට ලියන ලද භාෂ්‍යයෙකි. එයින් උfiානකරයන් හේ න්‍යාය වාර්තිකය ඛණ්ඩනය කරන ලද්දේ ය. මේ ග්‍රන්‍ථ දෙකිනුදු අතිශයින් උත්කෘෂ්ට වූයේ න්‍යාය බින්‍දුව යි. යොගාචාර මතයන් පිහිටුවාලීම සඳහා ලියන ලද සමස්ථ ලෝකයෙ හි තාර්කිකයන් හේ බහුමානයට පාත්‍ර වූයේ යි. (6) ර්‍ධම කීර්‍තති පාදයන්ගේ පාණ්ඩිත්‍යය ප්‍රමාණ කිරීම සඳහා අන් කිසිඳු සාධකයක් නැත ද ඔබගේ න්‍යාය බින්‍දුව’ මැ ප්‍රමාණ වෙයි. ෂඩ් භාෂා පරමේශ්වර, ත්‍රිපිටක වාගීශ්වරාචාර්‍ය්‍ය ශ්‍රී රාහුල සංඝ රාජයාණන් විසින් පඤ්කා පදීපයෙ හි (15 පිට) සකල තාර්කික චක්‍ර චූඩාමණි ර්‍ධම කීර්‍තති පාදයෝ යැයි උච්ච ශ්‍රේණියෙ හි ලා දක්වමින් ඔවුන්ගේ පඨ ප්‍රමාණ කරන ලද්දේ ය. එසේ ම අසහාය සිංහල මහා පඬිවරයා වූ ගුරුළුගොමීහු ද මහා වෛය්‍යාකරණ මෞද්ගල්‍යායන මහා ස්වාමීහු ද ස්වකීය සිද්ධාන්තයන් තහවුරු කිරීම සඳහා ර්‍ධම කීර්‍තති පාඨ ඇද ගත්හ. මෙසේ, පෙර පටන් ලක්දිව ද වෙනත් බෞද්ධ රටවල ද බෞද්ධ නෛය්‍යායිකයකු වශයෙන් ර්‍ධම කීර්‍තති පාදයන් ගේ යසරස් පතළේ විය. 3. ර්‍ධම කීර්‍තති (වෛය්‍යකරණ) :- පඤවකාප්‍රදීපයෙ හි (23 පිට) ‘රූපාව තාරකාර ර්‍ධම කීර්‍තති පාඳ යැයි දැක් වූ ව්‍යාකරණ විෂයෙ හි පරතෙර පත් ‘ර්‍ධම කීර්‍තති’ නම් මහා පඬිවරයාණ කෙනෙක් වූහ. මේ ර්‍ධම කීර්‍තති පාදයන් හේ පාණ්ඩිත්‍යය ‘රූපාවතාර’ නම් සංස්කෘත ව්‍යාකරණයෙ හි මූර්තිවත් ව දැක්වෙන්නේ ය. කඤජා නගරයෙ හි රාජකීය පුස්තකාලයට අයත් ග්‍රන්ථ සූචිකාවෙ හි :්ග ජග ඡ්රබජැකක* නම් ඉංග්‍රීසි මහතකු ‘රූපාවතරය රචනා කළෝ කෘෂණ දී ක්‍ෂිතයෝ යැ’යි ලියා තිබෙන බව රූපාවතාර සංශොධකයෝ කියති. ඒ අවිචාරවත් මතය යථොක්ත පඤකා ප්‍රදීප වචනයෙන් ද ඛණ්ඩනය වන්නේ ය. තව ද ඇතැම් රූපාවතාර පිටපතෙක ප්‍රාරම්භයෙ හි : “කෘතා සුකෘතිනා චෙයං - ප්‍රක්‍රියා ර්‍ධම කීර්‍තති නා පොතාතාං පොතවත් ක්‍ෂි ප්‍රං - ශබ්දාබෙධ පාරගාමිණම්” යන පi පැනෙන බව කියන හෙයින් ද අනන්තශයන රාජ භවනයෙ හි පවත්නා පොත් අතර දක්නට ලැබෙන රූපාවතාර ව්‍යාඛ්‍යානයෙ හි “අභිගත ෂඩභිඥ ප්‍රක්‍රියො’ පි ස්වයං ය: ප්‍රථම සමය සජජ ද්වාසනාවාසි තාතමා අකලයදති හෘද්‍රං ශබ්ද විiානු මොදංස ජයති නව කීර්‍තති : සනමතො ර්‍ධම කීර්‍තති :” යන පiය ලියා තිබෙන බව දක්වන හෙයින් ද ර්‍ධම කීර්‍තති පාදයෝ රූපාවතාරය නිපදවන ලදැයි නිසැකයෙන් පිළිගත යුතු ය. මේ රූපාවතාරකාර ර්‍ධම කීර්‍තති පාදයෝ කවර කළෙක කවර පෙදෙසක විසූ කෙබඳු උතුමාණ කෙනෙක් දැයි විචාරණය ද දුෂ්කර වෙයි. එහෙත් මේ කරුණු විමසිය යුතු ය. ර්‍ධම කීර්‍තති පාදයන් රූපාවතාර රචනාවෙ හි දී කාශිකා වෘත්තිය අනුගමනය කර තිබෙන බව කියැ යුත්තේ ය. එහෙයින් මෙතුමෝ කාශිකාකාර ජයාදිත්‍ය වාමනයන්ට පසු කළෙක ජීවත් වියැ යුත්තේ යැ. කාශිකා රචනාවට පටන් ගත් ජයා දිත්‍යයෝ ක්‍රිස්තු වර්‍ෂයෙන් සත් වැනි සියවසෙ හි අවසාන භාගයේ දී ග්‍රන්ථ රචනාව අවසාන නොකෙට මැ කළුරිය කළහ. පසු කළෙක එය සම්පූර්ණ කරන ලද්දේ වාමනයන් විසිනි. (කාව්‍යලංකාර වෘතත්කාර වාමනයෝ නොවෙති.) වාමනයන් ගේ ජීවන සමය අට වැනි හෝ නව වැනි ශත වර්‍ෂය ලෙස පිළිගනිති. එහෙයින් නව වැනි සියවසින් පසුව රූපාවතාරය රචනා කළ යුතු ය. කාශිකා ව්‍යඛ්‍යානය කළ හරදතා ජිනෙන්‍ද්‍රයන් හේ නාමය ද රූපාවතාරයෙ හි සඳහන් වන හෙයින් කාශිකාවට වඩා රූපාවතාරකරුවන් ගේ නවීනත්වය ප්‍රකාශ කෙරෙයි. මෛත්‍රෙය රඞෂීතයන් විසින් තන්ත්‍ර ප්‍රදීපයෙ හි රූපාවතාරය නාමයෙන් ම සඳහන් කරන ලද්දේ ය. තුදුස් වැනි සියවසේ මැද වාසය කළ බව අවිවාදයෙන් පිළිගන්නා සඝනාචාර්‍ය්‍යයෝ ස්වකීය මාධවීය ධාතු වෘත්තියෙ හි මෛත්‍රය රක්‍ෂිතයන් ගේ නාමය ලියූහ. එහෙයින් සායන, මෛත්‍රය රක්‍ෂිත ර්‍ධම කීර්‍තති යන තිදෙන පිළිවෙළින් වෘධ වෙති. මේ සාධක අනුව දස වැනි තෙළෙස් වැනි සියවස් අතර ර්‍ධම කීර්‍තතින් ගේ ජීවන කාලය හමු වන්නේ ය. තව ද, ලක්දිව විසූ චොලිය බුධප්‍රිය තෙරණුවෝ රූපාවතාරයෙ හි කිසි තැනෙක් ස්වකීය රූප සිධියට පරිවර්‍තන කළහ. “හකාරං පඤචමෛර් යුක්ත මන්ත සථා භි ශච සංයුතම්” (රූපාවතාර 4 පිට) “හකාරං පඤචමෙහෙව අන්තඩාභි ච සං යුතං” (රූප සිධි) යනාදි ය විමසිය යුතු ය. රූප සිධි රචනාව සිදු වූයේ දොළොස් වැනි සියවසෙ හි හෝ එයින් පෙර ය. දැන් ‘රූපාවතාරකාර’ ර්‍ධම කීර්‍තති පාදයන් දස වැනි හෝ එකොළොස් වැනි සියවසෙ හි ජීවමාන වූ බවට සැකයෙක් නැත්තේ ය. රූපාවතාරය විශිෂ්ට වූ සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථයක් වුව ද උත්තර භාරතයෙ හි එය වැඩි වශයෙන් ප්‍රචාරයට නොගියේ ය. එහෙත් සිංහලයන් හා ද්‍රවිඩ කේරළයන් අතර පඨන පාඨනා දී විසින් බෙහෙවින් පැතිරී තිබුණු බව පෙනෙන හෙයින් මේ ර්‍ධම කීර්‍තතිහු දකුණු ඉන්දියානු වකු හෝ ලාබ්ධිකයකු විය යුත්තේ ය. තව ද ‘රූපාවතාර කාරක ර්‍ධම කීර්‍තති පාදයෝ ම බබාලාවතාර නම් පාලි ව්‍යාකරණය ද රචනා කළහ’ යි මතයෙකි. මේ මතය පෝෂනය කිරීමට තරම් සමාන ලක්‍ෂණ ග්‍රන්ථවෙ හි ඇති බව නම් සැබවි. එහෙත් රූපාවතාර රචනා කාලය නිර්‍ණය වූ සැටියෙන් මේ ග්‍රන්ථය එකම ර්‍ධම කීර්‍තති කෙනකුගේ යයි සිතිය නොහැකි ය. 4. ර්‍ධම කීර්‍තති (පණ්ඩිත) :- තව ද ලංකා ඉතිහාසයෙ හි දැක්වෙන ර්‍ධම කීර්‍තති කෙනෙක් වෙති (මහාවංස 76 - 32) “වාගීශ්වර නම් ආචාරීන් ද ර්‍ධම කීර්‍තති නම් පණ්ඩිතයා ද සිදුරු සහිත නැවකින් මුහුදට හැරියේ යැ” යි මහා වංශයෙ හි දැක් වූ පමණ මුත් මේ පණ්ඩිත ර්‍ධම කීර්‍තතින් ගැන සඳහන් වූ අන් තැනක් නැත. ක්‍රි. ව. 1159 පමණේ දී ලංකා රාජ්‍යශ්‍රීයට පැමිණි මහා පරාක්‍රමබාහු මහ රජ තෙමේ ද පූර්‍ව රජුන් ගේ චාරිත්‍රානුකූල වැ. රාමඤ්ඤ දේශයට දූතයින් යැවී ය. එකල රාමඤ්ඤ දේශයෙ හි දිරි මදින් රජ සිංහල දූතයන්ට සිරිත් පරිදි දෙන වැටුප් නො දී ඔවුන් සිර ගෙවල ලැවී ය. පසුව මේ දූතයන් ලවා සිංහල රටින් රාමඤ්ඤ දේශයට නැව් නොඑවන බවට පතක් ලියවා ගෙන ඔවුන් ආපසු එවී ය. ඒ දූත පිරිසෙ හි ප්‍රධානීන් ලෙස පෙනෙනුයේ පරණ නැවකට නංවා එවූ ‘අචාර්‍ය්‍ය වාගීශ්වර හා පණ්ධිත ර්‍ධම කීර්‍තති යන දෙදෙනා යි. පැරකුම්බා රජු විසින් දූත මෙහෙවර සඳහා යැවූ සැටියෙන් ම මේ ර්‍ධම කීර්‍තති පඬිවරයා දොළොස් වැනි සියවසෙ හි මහ පැරකුම්බා රජු සමයෙ හි විසූ ගෘහස්ථ පඬිවරයකු බව නිශ්චය වේ. මොහු පිළිබඳව ඉතිහාසයෙන් හෝ සාහිත්‍යයෙන් මීට වඩා සොයා ගත් කරුණක් නැත. 5. ර්‍ධම කීර්‍තති (රාජ ගුරු) :- තෙලෙස් වැනි ශත වර්‍ෂයේ පූර්‍ව භාගයෙ හි ‘රාජ ගුරු ර්‍ධම කීර්‍තති’ නම් ස්ථවිර කෙනෙක් වූහ. ටීකාචා්‍ය්‍ය_ ශාරීපුත්‍ර මහා ස්වාමීන් ගේ ශිෂ්‍ය රත්නයක් වූ ර්‍ධම කීර්‍තති තෙරණුවෝ දාඨාවංස නිගමනයෙ හි දැක්වෙන පරිදි ලක්දිව ශූඞවංශයෙ හි උපන් තර්‍ක ගමාදි නිපුණ වූ කීර්තිමත් ස්ථවිර කෙනෙක් වූහ. උන් වහන්සේ පරීක්‍ෂක ධූරයක් දැරූහ. මේ කිනම් පරීක්‍ෂක ධූරයක් දැයි නොදැක් වෙයි. එහෙත් ශාසනයෙ හි නිශ්‍රය අක්තාඞගාදිය විමසීම සඳහා පැවැතුනෙ කැ යි සමහරෙක් සිතති. එසේ මා රාජ ගුරු වූහ, ආචාර්‍ය්‍ය වූහ, නිකාය සංග්‍රහයෙ හි ශාරීපුත්‍ර මහා ස්වාමීන් පටන් ආචාර්‍ය්‍ය පරම්පරාව දැක්වෙන තැන ‘ර්‍ධම කීර්‍තති’ යයි දක්වන ලද්දේ ත් මෙ මැ ආචාර්‍ය්‍ය රාජගුරු ර්‍ධම කීර්‍තති තෙරණුවෝ ම ය. මේ ර්‍ධම කීර්‍තති තෙරුන්ගේ කෘති වශයෙන් දක්නට ලැබෙනුයේ දළදා හිමියන්ගේ ආගමන ප්‍රවෘත්තිය විස්තර කොට මාගධික පiයෙන් රචනා කළ ‘දාඨා වංස’ නමැති ග්‍රන්‍ථය පමණෙකි. එය පරිච්ඡේද පසකින් හා ගාථා 415 කින් යුක්ත වූ සරල රචනාවකි. සිංහලයෙ හි ගුත්තිලය මෙන් පාලියෙ හි දාඨාවංසය ද ජනාදරය දිනාගත් රචනාවකි. ලීලාවතී මෙහෙසිය රාජ්‍යයෙ හි පිහිටුවාලූ කළුන්නරු වංශයෙ හි උපන් පරාක්‍රම නම් සෙනෙවියා ගේ ආරාධනාවෙන් ලියූ බව (10 ගාථා) සඳහන් වේ. 6. ර්‍ධම කීර්‍තති පාද :- මේ තෙමේ ද සිංහල ගෘහස්ථ පඬිවරයෙකි. නිකාය සංග්‍රහයෙ හි (21 පිට) ශූර පාදය ර්‍ධම කීර්‍තති පාදය යනාදීන් ගෘහස්ථ පණ්ඩිත ජනයා දක්වන ප්‍රස්ථාවෙ හි ආ හෙයින් ගෘහස්ථ පඬිවරයෙක් යනු නිසැක ය. එහෙත් මොහු කවර කලෙක කිනම් තැනෙක විසුවාහු දැයි සිතිය නොහැකි ය. ‘ශුපාදයන්’ ආදී වූ ගෘහස්ථ පණ්ඩිත ජනයෝ ධර්‍මානු ගත හෙලාක ප්‍රබන්ධ හා විචිත්‍රා්‍ය_ ප්‍රකාශ වූ සන්න ගැටපද හා නොයෙක් ධර්‍ම ව්‍යාඞ්‍යාන ඉපදවූහ’ යි දක්වා ඇති නමුත් ර්‍ධම කීර්‍තති පාදයන් විසින් ලියන ලද කිසිදු ග්‍රන්ථයක් මේ තාක් හමු වී නැත. මේ දැැක් වූ ර්‍ධම කීර්‍තති පාදයෝ ත් මහාවංසයෙ හි රාමඤ්ඤ රටට දූත මෙහෙවරෙ හි ගිය ර්‍ධම කීර්‍තති පඬිවරයා ත් දෙදෙනෙක් හෝ එක්කෙනෙක් ම වූ හයි ද නිගමනය කිරීමට ද සාධක නැත. 7. ර්‍ධම කීර්‍තති (තාමලිත්තික) :- විතීය පණ්ඩිත පරාක්‍රමබාහු මහරජාණන් සමයෙ හි දකුණු ඉන්දියාවේ තාමලිත්ති ජනපදයෙ හි සිට ලක්දිවට ගෙන් වූ තෙර කෙනෙකි. (මහාවංස 84 - 11, 16) එරට වැඩි නොයෙක් ගජ්ජී භික්ෂූන් අතුරෙ හි මේ ර්‍ධම කීර්‍තති තෙරණුවෝ ශීල තේජසින් බබළන කෙනෙක් වූහ. ඒ තෙරුන් පිඬුසිඟා වඩනා සද මාර්‍ගයෙ හි පියුමක් පහළ වී යයි අසා එ සමයට පැමිණි පැරකුම්භා රජ දළදා පහසින් පවිත්‍ර වූ සුවඳ සදුන් කලල් ආදි වූ දහම් පඬුරු හා වටිනා රජ පඬුරු ද තාමලිත්තියට යවා බුහුමන් සහිතව ඒ තෙරුන් ලක්දිවට වැඩම වී ය. යළි ඒ තෙරුන්ට රහත් කෙනකුන්ට සේ මහත් පූජා සත්කාර කොට සිවුපසයෙන් උපස්ථාන කෙළේ ය. මේ ර්‍ධම කීර්‍තති තෙරුන් ගැන ‘තෙළෙස් වැනි සියවසෙ හි විසූ සිල්වත් බැවින් ප්‍රසිද්ධ වූ තෙර කෙනෙ කැ’ යි යන පුවතට වඩා දැක් විය හැකි කිසිවක් නැත. 8. ර්‍ධම කීර්‍තති (මාහිමි) :- ලක්දිව ර්‍ධම කීර්‍තති පරම්පරාව යයි ප්‍රසිද්ධව විසූ ආරණ්‍යක භික්‍ෂු සන්තතියෙ හි ආදිමයා ලෙස සලකනුවෝ මා හිමි (සඟරාජ) පදවියට පැමිණි පළාබද්ගල ආරණ්‍ය සේනාසනයෙ හි විසූ ර්‍ධම කීර්‍තති නම් තෙර කෙනෙකි. උදුම්බර ගිරි අරණ්‍යවාසී මහා කාශ්‍යප ආරණ්‍යක මෙධංකර, බුධ වංශ වනරතන, පළාබද්ගල වෙදෙහ ආදී ස්ථවිරයෝ මේ භික්ෂු වංශයෙ හි වූවෝ ය. මහා පරාක්‍රමබාහු රජ සමයෙ හි දිඹුලාගල විසූ මේ වනවාසික භික්ෂූන් දඹදෙණි සමයෙ හි හා පළාබත්ගල ද පළමු වැනි බුවනෙකබාහු සමයෙ හි පව්වෙ හි ද විසූ බව පෙනේ. දඹදෙණි සමයෙ හි පටන් වනවාසික භික්‍ෂූන් ගේ මූලස්ථානය වූයේ පළාබද්ගලා ය. බුවනෙකබා රජු යාපව්වෙ හි රාජ්‍යය කරවන අවදියෙහි ස්වදේශ දේශාන්තරයෙ හි පතළ කීර්‍තති ඇති වෛශ්‍ය වංශයෙ හි උපන් පළා බද්ගල ද පළමු වැනි බුවනෙකබාහු සමයෙ හි පව්වෙ හි ද විසූ බව පෙනේ. දඹදෙණි සමයෙ හි පටන් වනවාසික භික්ෂූන්ගේ මූලස්ථානය වූයේ පළාබද්ගල ය. බුවනෙකබා රජු යාපව්වෙ හි රාජ්‍යය කර වන අවදියෙ හි ස්වදේශ දේශාන්තරයෙ හි පතළ කීර්‍තති ඇති වෛශ්‍ය වංශයෙ හි උපන් පළාබද්ගල පරම්‍යරායෙ හි ‘ර්‍ධම කීර්‍තති’ නම් තෙර කෙනෙක් සංඝ රාජාව විසූ හ. ලක්‍ඛී නිවාස භුවනෙක භුජෙ නරිfන්‍ද චාරූරු සුතුර ගිරී පුර මාවසනෙත ආරඤ්ඤ සඞඝ පමුඛො පුටඟත්ත සෙල පාරමාණුගත විස්සුත වෙසය වංසො සදෙසඤ සන්තර මම්බ රෙකෙන අන්නතරං පත්‍ථට කිත්ති සොසොයො ධම්ම කිත්තී රත්න මධෙය්‍යො මහාදි සාමි න්‍දු විරොචයිථ. මේ ර්‍ධම කීර්‍තති මා හිමියන් ගෙන් පළාත් බද්ගල ර්‍ධම කීර්‍තති පරම්පරාව ආරම්භ වූ බව සිතිය හැකි ය. ‘බාලාවතාර’ නම් ප්‍රශස්ත පැලි ව්‍යාකරණ ග්‍රන්ථයෙ හි කතුවරයා ද මේ තෙරණුවෝ ම විය යුත්තහ. සඞර්‍මාලංධිකාර නිගමනයෙ හි එන ර්‍ධම කීර්‍තති තෙරවරුන් තිදෙන අතුරෙන් මේ පළමු වැනි තෙරණුවෝ යි. 9. ර්‍ධම කීර්‍තති (මහා) :- ර්‍ධම කීර්‍තති සංග රාජයන්ගේ ශිෂ්‍ය වූ ගණවාසික වංශාභිජාත ශීලවංශ නම් ස්ථවිර කෙනෙක් වූහ. ශීලවංශ තෙරණුවෝ ස්වාචා්‍ය_ වූ ර්‍ධම කීර්‍තති සංඝ රාජයන් ගේ අභාවයෙන් පසුව ශ්‍රී ර්‍ධම කීර්‍තති යන උපද නාමයෙන් ප්‍රසිද්ධ වූවාහු පසු කලෙක මා හිමි (සංඝ රාජ) පදවියට පැමිණ ලොක ශාසනළු යට බොහෝ උපකාර ඇති ව අවුරුදු 110 ක් ආයු වළදා ස්වර්‍ශසළු වූහ. නිකාය සංග්‍රහයෙ හි “ඒ අතර ගිරි වංශ නිශ්ශංක අලගකොණාර නම් මන්ත්‍රීවරයා නෝ .... පළාබත්ගල වනවාසී පරම්පරා වෙන් අසම්භින්නව පැවත ආවා වූ රක්‍ෂිත පොධිත ශීලසකනධාදි නෛක ගුණාගණානුභාවො තපන්න දසදික් හි පතළ තේජස් කීර්‍තති ඇති ‘ශ්‍රී ධර්‍ම කීර්‍තති’ නම් වූ අප මහ ස්වාමි පාදයන්ට එපවත් දන්වි බුදුන් පිරිනිවි එක් දහස් නවසිය දොළොස් වන හවුරුදු උභය වාසයෙ හි කාරක මහා සංඝයා රැස් කරවා ... (24 පිට) යනාදීන් දැක් වූ පරිදි අලගක්කෝණාර මන්ත්‍රීශ්වරයන් ගේ ශාසන ශූඬියට උපසත් මභ වූවෝ මේ තෙරණුවෝ ය. ශ්‍රී ර්‍ධම කීර්‍තති තෙරණුවෝ ශිලා දි ලෞකික ගුණයෙන් හෙබියාහු මතු නොවැ දානා දී විවිධ පුණ්‍ය කර්‍මයන් හි ද නිරත වූහ. දේශාන්තරයෙ හි දු ‘ධාන්‍ය කවක’ නම් ජරාවාසව තුබූ ගල් විහාරයක් ප්‍රකෘතිමත් කරවා එහි සල පිළිම වහන්සේට මහත් පූජා පැවත් වූහ. ලක්දිව ද අලවතුර පර්‍වතමස්තකයෙ හි සෙල් මුවා විහාරයක් ද සිදුරුවාණයෙ හි ගඩලාදෙණි ගලතලා මතුයෙ හි ‘සධර්‍ම තිලක’ නම් විහාරය ද කැරැවූහ. ත්‍රිපිටකයෙ හි හා ශාස්ත්‍රාන්තරයෙ හි ද විශාරද වූ ශ්‍රී ර්‍ධම කීර්‍තති තෙරණුවෝ බොහෝ අතැවැසි ගණයා පුහුණු කරවමින් ග්‍රන්‍ථ රචනාවෙ හි ද නියැලි වූහ. පාරමී ශතකය ජහානුරාග චරිතය යන ග්‍රන්‍ථ මුන් වහන්සේ විසින් රචනා කරන ලද්දේ ය. තමන් විසින් සිය රට හා පිට රට ද කරන ලද බොහෝ පින්කම් සංග්‍රහ කොට ගාථා නිබන්‍ධයක් ද කළ බව සඞර්‍මාලඞකාරයෙ හි එයි. මුන් වහන්සේ අවසාන කාලයෙ හි ගඩලාදෙණි සර්‍ඞමතිලක විහාරයෙ හි වාසය කළහ. (සඞර්‍මාලංකාර නිගමනය හා සඞර්‍මරත්නාකර - 490 වැනි පිට, නිකාය සංග්‍රහ - 26 පිට) 10. ර්‍ධම කීර්‍තති (වේතීය) :- මහා ර්‍ධම කීර්‍තති මා හිමියන් ගේ අතවැසි වූ මහදැරියා වංශයෙ හි උපන් දෙව රක්‍ෂිත ජයබාහු නම් ස්ථවිර කෙනෙක් වූහ. මේ තෙරණුවෝ ස්වාචාර්‍ය්‍යයන් ගේ අභාවයෙන් ‘ර්‍ධම කීර්‍තති’ යන පාරම්පරික උපාදද නාමයෙන් ප්‍රසිද්ධව පසුව සංඝරාජ පදවියට ද පැමිණියහ. මහා ර්‍ධම කීර්‍තති මා හිමියන් නිසා මුන් වහන්සේ ‘වේතීය ර්‍ධම කීර්‍තති’ යයි ප්‍රසිද්ධ වූහ. මෙහෙණවර වීරබාහු මහා රජාණන් සමයෙ හි බුදුන් පිරිනිවී 1939 වැන්නෙ හි (ක්‍රි. ව. 1396) කළ ශාසන ශුධියට ප්‍රමුඛ වූවෝ මේ තෙරණුවෝ ය. නිකාය සංග්‍රහයෙ හි “තත්කාල ශාසනානුශාසක වේතීය ර්‍ධම කීර්‍තති මහා ස්වාමිපාදයන් ප්‍රධාන කොට ශාසනොවසත මභකාරී වූ ගලතුරුමුල මෛත්‍රෙය මහා ස්ථවිර පාදයන් ඇතුළු වැ” (26 පිට) යනාදීන් අනෙකකු මෙන් දක්වන ලද්දේ තමන් වහන්සේ ගැනම ය. පළාබත්ගල ර්‍ධම කීර්‍තති මුතොහාරයෙ හි තරලයක් බඳු වූ වේතීය ර්‍ධම කීර්‍තති මා හිමියන් විසින් සධර්‍මාලඞකාර නම් සිංහල භාෂාමය මහා ධර්‍ම ප්‍රකරණය ද ‘නිකාය සංග්‍රහ’ නම් ශාසනාවතාර කථාව ද ‘ජිනබොධාවලී’ නම් මාගධික පi නිබන්ධය බාලාවතාර සංක්‍ෂෙපසන්නය ද රචනා කරන ලද්දේ ය. සධර්‍මාලඞකාර නිගමනයෙ හි “සයෙව සඛෙඛපනිකායසඞගහං, තථෙව බාලාදාවතාර සඤ්ඤකං” යී ආයේ සාවi පාඨයෙකි. ‘බාලාiවතාරවණ්ණනං’ යී ශූධ පාඨය විය යුතු ය. ‘සංක්‍ෂෙ පනිකාය සංග්‍රහය’ ද එසේ ම සංක්‍ෂප බාලාවතාර ව�නාව ද’ අත්‍ර්‍ථ දැක් විය හැකි ය. තමන් අතවැසි වූ විමලකීර්‍තති තෙරුන් විසින් “බාලාවතාර නම් වූ ශබ්ද ශාස්ත්‍රයට සංක්‍ෂෙව සන්නයක් හා” යී සධර්‍මරත්නාකරයෙ හි (491 පිට) එය විශද ව කියන ලද්දේ ය. ‘ගඩලාදෙණි සන්නය’ නමින් ප්‍රසිද්ධ වූ බාලාවතාර සන්නය වේතීය ර්‍ධම කීර්‍තති මා හිමියන් ගේ කෘතිය ලෙස සලකනු ලැබේ. (සධර්‍මාලංකාර, සධර්‍මරත්නාකර, නිකාය සංග්‍රහ ආදියෙ හි මේ තෙරණුවන් ගැන සඳහන් වේ. ) 11. ර්‍ධම කීර්‍තති (ස්වාමි) :- බුරුම රට හං ස්වතී නගරයෙ හි දක්නට ලැබෙන කල්‍යාණි ශිලා ලිපියෙ හි ‘ර්‍ධම කීර්‍තති’ නම් මහතෙර කෙනකු ගැන සඳහන් වේ. සවැනි බුවනෙකබාහු රජුගේ රාජ්‍ය සමයෙ හි බුරුම රටින් උපසම්පදා පෙක්‍ෂක වැ ලක්දිවට පැමිණි භික්‍ෂූන් උපසම්පදා කිරීම සඳහා රැස් වූ භික්ෂූන් අතුරෙහි ‘ර්‍ධම කීර්‍තති’ නම් මහතෙර කෙනෙක් වූහ. මේ ර්‍ධම කීර්‍තති තෙරුන් ගැන මෙයින් වැඩි යමක් ග්‍රන්‍ථාන්තරයෙන් නොදැක්විය හැකි වුව ද මහා ර්‍ධම කීර්‍තති තෙරුන්ගේ පටන් ගඩලාදෙණියෙ හි විසූ පලාබත්ගල ර්‍ධම කීර්‍තති පරම්පරාවෙ හි සම්භාව්‍ය වූ තෙර කෙනකු බව සිතිය හැකි වේ. 12. ර්‍ධම කීර්‍තති (මහා ස්ථවිර) :- බුදුන් පිරිනිවා දෙදහස් අසූපස් වසක් ගෙවුණු කල්හි (ක්‍රි. ව. 1542) සෙංකඩගලපුර වීර පරාක්‍රම නම් කුමාරයා රාජ්‍යයට පැමිණියේ ය. ඔහුගේ රාජ්‍ය සමයෙ හි මහවැලි ගඟ උදකුකෙඛ්‍ය සීමායෙ හි කැරැවූ උපසම්පදා කර්‍මයෙ හි ප්‍රමුඛස්ථානය දැරුවෝ ර්‍ධම කීර්‍තති නම් මහා ස්ථවිර කෙනෙකි. (මහා වංස, 92 - 23) මේ තෙරුන් එවකට ලක්දිව සංඝ ස්ථවිර වැ වැඩ සිටි බව හැර එයින් වැඩි යමක් කිව නොහැකි ය. ගඩලාදෙණි සධර්‍මතිලක විහාරයෙ හි වැඩ සිටි ර්‍ධම කීර්‍තති පරම්පරාවට අයත් ස්ථවිර කෙනකු සේ සැලැකියැ හැකි වේ. (ර්‍ධම කීර්‍තති නාමචාරීන් පිළිබඳ වැ - ශ්‍රී ලංකා ලොක’ සහ රාවෙහි 2 - 3 කලාපවල සඳහන් වේ.) උපාලි සේනානායක

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ධර්‍ම_කීර්‍තති&oldid=5275" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි