"නාට්‍ය ශාස්ත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('නාට්‍ය කලාව හා නාට්‍ය විචාරය පිළිබඳ රචිත ලෝකය...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
නාට්‍ය කලාව හා නාට්‍ය විචාරය පිළිබඳ රචිත ලෝකයේ ප්‍රථම ග්‍රන්ථයයි. ක්‍රි. ව. දෙවැනි සියවසේ අග භාගයේ හෝ තුන් වැනි සියවසේ මුල් භාගයේ රචනා වූහයි සැලැකෙන මෙහි සංස්කෘත ශ්ලෝක 5000ක් පමණ අන්ර්‍තගතව ඇත. අතරින් පතර ගi පාඨ ද දක්නා ලැබේ. සම්පූර්ණ ග්‍රන්ථය පරිච්ඡේද 37කින් සමන්විත ය. ප්‍රේක්ෂාගෘහය ගොඩනැගීමේ පටන් සංස්කෘත නාට්‍ය නිෂ්පාදනය හා සම්බන්ධ සෑම අංශයක්ම සාකච්ඡාවට භාජන වී ඇති මෙහි නාට්‍ය කලාව හා සමීප සම්බන්ධතාවක් දක්වන පූර්‍වරංගය, නර්තනය, සංගීතය, අලංකාර ශාස්ත්‍රය, රසවාදය ආදී විෂයන් පිළිබඳව ද පරිච්ඡේද අඩංගු වේ. මේ නිසා සංගීතය හා නර්තනය පිළිබඳ රචනා වුණු ලෝකයේ ප්‍රථම ග්‍රන්ථය වනුයේ ද නාට්‍ය ශාස්ත්‍රය යි.
+
නාට්‍ය කලාව හා නාට්‍ය විචාරය පිළිබඳ රචිත ලෝකයේ ප්‍රථම ග්‍රන්ථයයි. ක්‍රි.ව. දෙවැනි සියවසේ අග භාගයේ හෝ තුන් වැනි සියවසේ මුල් භාගයේ රචනා වූහයි සැලැකෙන මෙහි සංස්කෘත ශ්ලෝක 5000ක් පමණ අන්ර්‍තගතව ඇත. අතරින් පතර ගද්‍ය පාඨ ද දක්නා ලැබේ. සම්පූර්ණ ග්‍රන්ථය පරිච්ඡේද 37කින් සමන්විත ය. ප්‍රේක්ෂාගෘහය ගොඩනැගීමේ පටන් සංස්කෘත නාට්‍ය නිෂ්පාදනය හා සම්බන්ධ සෑම අංශයක් ම සාකච්ඡාවට භාජන වී ඇති මෙහි නාට්‍ය කලාව හා සමීප සම්බන්ධතාවක් දක්වන පූර්‍වරංගය, නර්තනය, සංගීතය, අලංකාර ශාස්ත්‍රය, රසවාදය ආදී විෂයන් පිළිබඳව ද පරිච්ඡේද අඩංගු වේ. මේ නිසා සංගීතය හා නර්තනය පිළිබඳ රචනා වුණු ලෝකයේ ප්‍රථම ග්‍රන්ථය වනුයේ ද නාට්‍ය ශාස්ත්‍රයයි.
 
නාට්‍ය ශාස්ත්‍රයේ උපත පිළිබඳව ග්‍රන්ථයේ කතා පුවත මෙසේ ය: කෘත යුගය ගෙවීයාමෙන් පසු එළඹුණු ත්‍රේතා යුගයේ දී කාමයේ හා ලෝභයේ වසඟයට ගිය මිනිසුන් දුක සැප සමව අත්විඳිද්දී, එක් දිනෙක ඉන්ද්‍ර ප්‍රමුඛ දෙවිවරු මහබඹු බැහැදැක, චතුර්වේදය සතර වර්‍ණයන්ගෙන් ශුද්‍රයනට අකැප වූ නිසා, ඔවුනට ද පරිශීලනය කළ හැකි පංචම වේදයක් බිහි කරන ලෙස අයැද සිටියහ. එම ඇරයුම පිළිගත් මහබඹ දැහැනකට සමවැදී, සතර වේදය සිහියට නඟා, ඍග්වේදයෙන් දෙබස් ද, සාම වේදයෙන් ගායනය ද, යජුර් වේදයෙන් අභිනය ද, අථර්ව වේදයෙන් රසයන් ද උකහා ගෙන, එම අංග සියල්ල මුසු කොට නාට්‍යවේදය බිහි කෙළේ ය. තමන් එසේ බිහි කළ නාට්‍යවේදය ග්‍රහණය කොට ගෙන ප්‍රයෝගානුසාරයෙන් ඉදිරිපත් කරන ලෙස මහබඹ දෙවියන් දැන්වීය. එහෙත් ග්‍රහණයට, ධාරණයට හෝ රඟපෑමට දෙවියන් වන තමන් අපොහොසත් බවත්, එම කා©ය සඳහා හොඳම සුදුස්සන් වනුයේ මුනිවරුන් බවත් දෙවියෝ මහබඹුට පැවැසූහ. එහෙයින් මහබඹ එම වගකීම භරතමුනි හා ඔහුගේ සියක් පුතුනට පැවැරීය. මහබඹුගේ කැමැත්ත පරිදි, ලාලිත්‍යය මුල් තැනක් ගත් කෛශිකී ශෛලිය ද ඊට ඇතුළත් කිරීමට නම් ස්ත්‍රීන් අවශ්‍ය බව භරත කියාසිටි හෙයින්, මහබඹු විසින් අප්සරාවන් පිරිසක් ද නිර්මාණය කොට ඔහුට සපයා දෙන ලදී. මෙසේ මහබඹු විසින් නිර්මිත වූ නාට්‍ය කලාව භරතමුනි විසින් ලෝකයාට පවසන ලදී. නාට්‍ය ශාස්ත්‍රය එහි ප්‍රතිඵලයයි.  
+
නාට්‍ය ශාස්ත්‍රයේ උපත පිළිබඳ ව ග්‍රන්ථයේ කතා පුවත මෙසේ ය: කෘත යුගය ගෙවීයාමෙන් පසු එළඹුණු ත්‍රේතා යුගයේ දී කාමයේ හා ලෝභයේ වසඟයට ගිය මිනිසුන් දුක සැප සමව අත්විඳිද්දී, එක් දිනෙක ඉන්ද්‍ර ප්‍රමුඛ දෙවිවරු මහබඹු බැහැදැක, චතුර්වේදය සතර වර්‍ණයන්ගෙන් ශුද්‍රයනට අකැප වූ නිසා, ඔවුනට ද පරිශීලනය කළ හැකි පංචම වේදයක් බිහි කරන ලෙස අයැද සිටියහ. එම ඇරයුම පිළිගත් මහබඹ දැහැනකට සමවැදී, සතර වේදය සිහියට නඟා, ඍග්වේදයෙන් දෙබස් ද, සාම වේදයෙන් ගායනය ද, යජුර් වේදයෙන් අභිනය ද, අථර්ව වේදයෙන් රසයන් ද උකහා ගෙන, එම අංග සියල්ල මුසු කොට නාට්‍යවේදය බිහි කෙළේ ය. තමන් එසේ බිහි කළ නාට්‍යවේදය ග්‍රහණය කොට ගෙන ප්‍රයෝගානුසාරයෙන් ඉදිරිපත් කරන ලෙස මහබඹ දෙවියන් දැන්වී ය. එහෙත් ග්‍රහණයට, ධාරණයට හෝ රඟපෑමට දෙවියන් වන තමන් අපොහොසත් බවත්, එම කාර්යය සඳහා හොඳම සුදුස්සන් වනුයේ මුනිවරුන් බවත් දෙවියෝ මහබඹුට පැවැසූහ. එහෙයින් මහබඹු එම වගකීම භරතමුනි හා ඔහුගේ සියක් පුතුනට පැවැරී ය. මහබඹුගේ කැමැත්ත පරිදි, ලාලිත්‍යය මුල් තැනක් ගත් කෛශිකී ශෛලිය ද ඊට ඇතුළත් කිරීමට නම් ස්ත්‍රීන් අවශ්‍ය බව භරත කියාසිටි හෙයින්, මහබඹු විසින් අප්සරාවන් පිරිසක් ද නිර්මාණය කොට ඔහුට සපයා දෙන ලදි. මෙසේ මහබඹු විසින් නිර්මිත වූ නාට්‍ය කලාව භරතමුනි විසින් ලෝකයාට පවසන ලදි. නාට්‍ය ශාස්ත්‍රය එහි ප්‍රතිඵලයයි.  
  
== අන්තර්ගතය ==
 
== අන්තර්ගතය ==
නාට්‍ය ශාස්ත්‍රයට වස්තු විෂය වී ඇති කරුණු සැකෙවින් මෙසේ යි: ප්‍රථම අධ්‍යායෙහි නාට්‍යවේදයේ උපත හා එහි ස්වභාවය විස්තර වන අතර, ද්විතීය අධ්‍යායෙහි මනුෂ්‍යයන් සඳහා වූ ප්‍රේක්ෂාගාරයේ සැලැස්ම හා එය ගොඩනගා ගත යුතු අයුරු ද, ඊළඟ අධ්‍යායෙහි රංග දේවතාවන් පිදිය යුතු ආකාරය ද විස්තර කැරේ. 4 වැනි අධ්‍යාය සම්පූර්ණයෙන් වෙන් වී ඇත්තේ තාණ්ඩව නර්තනයත් ඊට අයත් කරණ 108ත් අංගභාර දෙතිස් විස්තර කිරීම සඳහා ය. භරත නෘත්‍යය හදාරන්නවුනට මෙය අතිශයින් වැදගත් පරිච්ඡේදයෙකි. සංස්කෘත නාට්‍යයක් ආරම්භ වන්නට පළමු පවත්වනු ලැබූ පූර්‍වරංගය පිළිබඳ පූර්‍ණ විස්තරයක් 5 වැනි අධ්‍යායෙහි එයි. නාට්‍යයේ අවසාන ඵලය වන රස නිෂ්පත්තිය හා ඒ සඳහා ඉවහල් වන භාව - විභාවාදිය පිළිබඳ සනිදර්‍ශන විවරණයක් සඳහා ඊළඟ අධ්‍යාය ද්වය වෙන් වී ඇත. ‘විභාවානුභාවවව්‍යභිචාරි සංයෝගාද් රසනිෂ්පත්ති:’ යන සුප්‍රසිද්ධ රස සූත්‍රය හමු වනුයේ 6 වැනි අධ්‍යායෙහි ය.  
+
නාට්‍ය ශාස්ත්‍රයට වස්තු විෂය වී ඇති කරුණු සැකෙවින් මෙසේයි: ප්‍රථම අධ්‍යායෙහි නාට්‍යවේදයේ උපත හා එහි ස්වභාවය විස්තර වන අතර, ද්විතීය අධ්‍යායෙහි මනුෂ්‍යයන් සඳහා වූ ප්‍රේක්ෂාගාරයේ සැලැස්ම හා එය ගොඩනගා ගත යුතු අයුරු ද ඊළඟ අධ්‍යායෙහි රංග දේවතාවන් පිදිය යුතු ආකාරය ද විස්තර කැරේ. 4 වැනි අධ්‍යාය සම්පූර්ණයෙන් වෙන් වී ඇත්තේ තාණ්ඩව නර්තනයත් ඊට අයත් කරණ 108ත් අංගභාර දෙතිස් විස්තර කිරීම සඳහා ය. භරත නෘත්‍යය හදාරන්නවුනට මෙය අතිශයින් වැදගත් පරිච්ඡේදයෙකි. සංස්කෘත නාට්‍යයක් ආරම්භ වන්නට පළමු පවත්වනු ලැබූ පූර්‍වරංගය පිළිබඳ පූර්‍ණ විස්තරයක් 5 වැනි අධ්‍යායෙහි එයි. නාට්‍යයේ අවසාන ඵලය වන රස නිෂ්පත්තිය හා ඒ සඳහා ඉවහල් වන භාව-විභාවාදිය පිළිබඳ සනිදර්‍ශන විවරණයක් සඳහා ඊළඟ අධ්‍යාය ද්වය වෙන් වී ඇත. ‘විභාවානුභාවවව්‍යභිචාරි සංයෝගාද් රසනිෂ්පත්තිඃ’ යන සුප්‍රසිද්ධ රස සූත්‍රය හමු වනුයේ 6 වැනි අධ්‍යායෙහි ය.  
  
නර්තනයේ හා නාට්‍යයේ භාවිත වන හිස, ඇස්, ඇහි බැම, නිකට, ගෙළ ආදී උපාංගයන්ගේ විවිධ චලන 8 වැනි අධ්‍යායේ ද, තනි අතින් කැරෙන (අසංයුක්ත) හස්ත (මුද්‍රා) 24ක් හා දෑතින් කැරෙන (සංයුක්ත) හස්ත 13ක් 9 වැනි අධ්‍යයේ ද විස්තර වේ. පාද චලන චාරී නමින් හැඳින්වේ. බිම ගමන් නිරූපණයේ දී භාවිත වන භෞම්‍ය චාරී 16ක් හා අහස් ගමන් නිරූපණය කැරෙන ආකාශිකී චාරී 16ක් 10 වැනි අධ්‍යායේ ද, චාරී කිහිපයක් එක් වීමෙන් සෑදෙන භෞමික හා ආකාශකී වශයෙන් වූ මණ්ඩල දහය බැගින් මණ්ඩල විස්සක් ඊළඟ අධ්‍යායේ ද අඩංගු විෂය කරුණු වේ. 12 වැනි අධ්‍යාය වෙන් වී ඇත්තේ නාට්‍යයේ එන විවිධ චරිතයන් සඳහා නිර්දිෂ්ට ගමන් විලාස (ගතිප්‍රචාර) විස්තර කිරීමට ය. පාත්‍රයන් විසින් රංග පීඨය ප්‍රයෝජනයට ගත යුතු අන්දම 13 වැනි කක්ෂාවිභාග අධ්‍යායේ දැක්වේ. අධ්‍යාය 14 සිට 16 දක්වා වෙන්ව ඇත්තේ කාව්‍ය ශාස්ත්‍රය සඳහායි. මෙහි දී ඡන්දස්, වෘත්ත, අලංකාර, කාව්‍යයේ ගුණදෝෂාදිය සාකච්ඡාවට භාජනය වේ.  
 
සංස්කෘත නාට්‍යයේ සංස්කෘත භාෂාව දොඩන්නේ උත්තම හා මධ්‍යම ගණයට අයත් පිරිමි චරිත වන රජ, බමුණු, වෙළඳ, ඇමැති, කංචුක, විට ආදීන් පමණි. සියලුම ස්ත්‍රී චරිත හා සේවක සේවිකාදී අධම චරිත විවිධ ප්‍රාකෘත ප්‍රභේද ව්‍යවහාර කෙරෙති. මෙම භාෂා යෝජනය පිළිබඳ උපදෙස් 17 වැනි අධ්‍යායේ ඇතුළත් වන අතර, ඊළඟ අධ්‍යායේ දශරූපක හෙවත් නාටක - ප්‍රකරණාදි දෘශ්‍ය කාව්‍ය දශ ප්‍රභේදය ද නාටිකා නම් උපප්‍රභේදය ද පිළිබඳ විමර්ශනයක් අඩංගු වේ.  
+
සංස්කෘත නාට්‍යයේ සංස්කෘත භාෂාව දොඩන්නේ උත්තම හා මධ්‍යම ගණයට අයත් පිරිමි චරිත වන රජ, බමුණු, වෙළ‍ෙඳ, ඇමැති, කංචුක, විට ආදීන් පමණි. සියලුම ස්ත්‍රී චරිත හා සේවක සේවිකාදී අධම චරිත විවිධ ප්‍රාකෘත ප්‍රභේද ව්‍යවහාර කෙරෙති. මෙම භාෂා යෝජනය පිළිබඳ උපදෙස් 17 වැනි අධ්‍යායේ ඇතුළත් වන අතර, ඊළඟ අධ්‍යායේ දශරූපක හෙවත් නාටක - ප්‍රකරණාදි දෘශ්‍ය කාව්‍ය දශ ප්‍රභේදය ද නාටිකා නම් උපප්‍රභේදය ද පිළිබඳ විමර්ශනයක් අඩංගු වේ.  
  
නාට්‍ය සිද්ධාන්ත සම්බන්ධයෙන් ඉතාම වැදැගත් පරිච්ඡේදය වනුයේ 19 වැනි අධ්‍යායයි. එහි යහපත් නාට්‍ය කෘතියෙක තිබිය යුතු අංග වන පංචාස්ථා, අර්ථප්‍රකෘති, සන්ධි, අර්ථෝපක්ෂේප, ලාස්‍යාංග ආදිය විස්තර වේ. සංස්කෘත නාට්‍යයක් වේදිකාව මත මවාපාන්නා වූ වාතාවරණය කෙරෙහි බලපාන භාරතී, සාත්ත්වතී, ආරභටී හා කෛශිකී යන වෘත්තීන් හා විවිධ ආමුඛ ප්‍රභේද ද 20 වැනි අධ්‍යායෙහි සාකච්ඡාවට භාජනය වෙයි. 21 වැනි අධ්‍යාය සම්පූර්ණයෙන් ම වෙන් වී ඇත්තේ ආහා©ාභිනය එනම්, නාට්‍යෝපකරණ (පුස්ත), වේෂ - භූෂණ හා අංග රචනා සඳහායි. රංගශිල්පය වැඩිදුර සාකච්ඡාවට බඳුන්ව ඇත්තේ ඊළඟ අධ්‍යාය කිහිපයෙහි ය. ඒවායේ අන්තර්ගත විෂය කරුණු අතර වාචික හා ආංගික අභිනය, චරිත ප්‍රභේද ආදිය ඉතාමත් සවිස්තර අධ්‍යයනයට බඳුන් කරනු ලැබ ඇත. නාට්‍යයෙක සාර්ථකත්වය කෙරෙහි බලපාන සාධක හා නාට්‍ය විනිශ්චය පිළිබඳ සාකච්ඡාවක් 27 වැනි අධ්‍යායේ ඇතුළත්ව ඇත.  
+
නාට්‍ය සිද්ධාන්ත සම්බන්ධයෙන් ඉතාම වැදැගත් පරිච්ඡේදය වනුයේ 19 වැනි අධ්‍යායයි. එහි යහපත් නාට්‍ය කෘතියෙක තිබිය යුතු අංග වන පංචාස්ථා, අර්ථප්‍රකෘති, සන්ධි, අර්ථෝපක්ෂේප, ලාස්‍යාංග ආදිය විස්තර වේ. සංස්කෘත නාට්‍යයක් වේදිකාව මත මවාපාන්නා වූ වාතාවරණය කෙරෙහි බලපාන භාරතී, සාත්ත්වතී, ආරභටී හා කෛශිකී යන වෘත්තීන් හා විවිධ ආමුඛ ප්‍රභේද ද 20 වැනි අධ්‍යායෙහි සාකච්ඡාවට භාජනය වෙයි. 21 වැනි අධ්‍යාය සම්පූර්ණයෙන් ම වෙන් වී ඇත්තේ ආහාර්යාභිනය එනම්, නාට්‍යෝපකරණ (පුස්ත), වේෂ-භූෂණ හා අංග රචනා සඳහායි. රංගශිල්පය වැඩිදුර සාකච්ඡාවට බඳුන්ව ඇත්තේ ඊළඟ අධ්‍යාය කිහිපයෙහි ය. ඒවායේ අන්තර්ගත විෂය කරුණු අතර වාචික හා ආංගික අභිනය, චරිත ප්‍රභේද ආදිය ඉතාමත් සවිස්තර අධ්‍යයනයට බඳුන් කරනු ලැබ ඇත. නාට්‍යයෙක සාර්ථකත්වය කෙරෙහි බලපාන සාධක හා නාට්‍ය විනිශ්චය පිළිබඳ සාකච්ඡාවක් 27 වැනි අධ්‍යායේ ඇතුළත්ව ඇත.  
  
ඊළඟ අධ්‍යාය 7 (28-34) වෙන් වී ඇත්තේ සංගීතය සඳහා ය. එහෙයින්, භාරතීය සංගීතය පිළිබඳව ලියැවුණු ප්‍රථම සංස්කෘත ග්‍රන්ථය වන්නේ ද නාට්‍ය ශාස්ත්‍රයයි. නූතන භාරතීය සංගීතයේ පදනම වන රාග සංලක්පය ඒ වන විට වර්ධනය වී නොතිබිණි. මෙහි සඳහන් වන්නේ රාගයේ ආදීම ස්වරූපය වන ‘ජාති’ යන්නයි. එවැනි ජාති 18ක් නාට්‍ය ශාස්ත්‍රයේ විස්තර වේ. එයින් 7ක් ෂඩ්ජ ග්‍රාමයට ද 11ක් මධ්‍යම ග්‍රාමයට ද අයත් වේ. ගාන්ධාර ග්‍රාමය ගැන මෙහි සඳහන් නොවීමෙන් පෙනීයන්නේ එම ග්‍රාමය බිහි වූයේ නාට්‍ය ශාස්ත්‍රය රචනා වූවාට පසු කාලයෙක බවයි. එක් සප්තකයකට අයත් ස්වර අතර ශ්‍රැති අන්තර 22ක් පවතින බව නාට්‍ය ශාස්ත්‍රය පිළිගෙන ඇති නමුදු, ඒ සෑම ශ්‍රැති දෙකක්ම අතර පරතරය සමාන සේ භරත සැලකූ බව පෙනේ. මෙම සමාන ශ්‍රැති - අන්තර සිද්ධාන්තය නූතන භාරතීය ප්‍රායෝගික සංගීතයේ ප්‍රතික්ෂේප වී ඇත. එක් එක් ග්‍රාමයෙන් මූර්ජනා හෙවත් නාද රටා සත බැගින් ලබාගත හැකි අයුරු ද භරත පෙන්වා දෙයි. ආතෝi හෙවත් වාi භාණ්ඩ තත :ජයදරාදචයදබැ*, අවනද්ධ :පැපඉර්බදචයදබැ*ල ඝන :සාසදචයදබැ* සහ සුෂිර :්ැරදචයදබැ* යන ප්‍රභේද සතරට මුලින්ම වර්‍ග කොට දක්වා ඇත්තේ ද නාට්‍ය ශාස්ත්‍රයයි. මෙම වර්ගීකරණය වැඩිදියුණු කිරීමට ලෝකයේ කිසිම සංගීතවේදියකු මේ වනතුරු සමත් වී නොමැත. එකල පැවැති තත වාi භාණ්ඩ වනුයේ චිත්‍ර වීණා හා විපංචී වීණා යන වීණා ප්‍රභේද ද්වයයි. එක් ස්වරයක් සඳහා එක් තත බැගින් සප්ත ස්වරය සඳහා තත් සතෙකින් සමන්විත වූ චිත්‍ර වීණාව ඇඟිල්ලෙන් හඬවනු ලැබූ හෙවත් අංගුලි වාi භාණ්ඩයක් වූ අතර තත් නවයක් සහිත විපංචි වීණාව කෝණයෙකින් :චකැජඑරමප* වාදනය කරන ලදී (කෝණවාi). වේණු, වංශ, වංශ දණ්ඩ යන නම්වලින් හැඳින්වුණු වස්ඬුව හෙවත් බටනළාව නාට්‍ය ශාස්ත්‍ර යුගයේ සිට අද දක්වාම ස්වරූපයෙන් මඳකුදු වෙනස් වී නොමැත. තාල විවරණය 31 වැනි අධ්‍යායේ ද, ධ්‍රැවා ගාන 32 වැන්නේ ද, ගායක - වාදකාදීන්ගේ ගුණ - දෝෂ විචාරය 33 වැනි අධ්‍යායේ ද, අවනද්ධ භාණ්ඩයන්ගේ ලක්ෂණ 34 වැන්නේ ද සාකච්ඡාවට භාජනය වෙයි. අවසාන අධ්‍යාය තුනෙහි භූමිකා සඳහා නළුවන් තෝරා ගැනීම පිළිබඳ උපදෙස් ද, භරත හා සිය පුතුන් ද විසින් ඍෂිවරුන්ගේ ක්‍රියාකලාපය නාට්‍ය මඟින් උපහාසයට ලක් කරනු ලැබීම නිසා නළු බව ශාපලත් වෘත්තියක් බවට පත් වූ අයුරු ද, නාට්‍ය ප්‍රයෝගයේ අනුසස් වර්‍ණනයක් ද අන්තර්ගත වේ.
+
ඊළඟ අධ්‍යාය 7 (28-34) වෙන් වී ඇත්තේ සංගීතය සඳහා ය. එහෙයින්, භාරතීය සංගීතය පිළිබඳව ලියැවුණු ප්‍රථම සංස්කෘත ග්‍රන්ථය වන්නේ ද නාට්‍ය ශාස්ත්‍රයයි. නූතන භාරතීය සංගීතයේ පදනම වන රාග සංලක්පය ඒ වන විට වර්ධනය වී නොතිබිණි. මෙහි සඳහන් වන්නේ රාගයේ ආදීම ස්වරූපය වන ‘ජාති’ යන්නයි. එවැනි ජාති 18ක් නාට්‍ය ශාස්ත්‍රයේ විස්තර වේ. එයින් 7ක් ෂඩ්ජ ග්‍රාමයට ද 11ක් මධ්‍යම ග්‍රාමයට ද අයත් වේ. ගාන්ධාර ග්‍රාමය ගැන මෙහි සඳහන් නොවීමෙන් පෙනීයන්නේ එම ග්‍රාමය බිහි වූයේ නාට්‍ය ශාස්ත්‍රය රචනා වූවාට පසු කාලයෙක බවයි. එක් සප්තකයකට අයත් ස්වර අතර ශ්‍රැති අන්තර 22ක් පවතින බව නාට්‍ය ශාස්ත්‍රය පිළිගෙන ඇති නමුදු, ඒ සෑම ශ්‍රැති දෙකක් ම අතර පරතරය සමාන සේ භරත සැලකූ බව පෙනේ. මෙම සමාන ශ්‍රැති-අන්තර සිද්ධාන්තය නූතන භාරතීය ප්‍රායෝගික සංගීතයේ ප්‍රතික්ෂේප වී ඇත. එක් එක් ග්‍රාමයෙන් මූර්ජනා හෙවත් නාද රටා සත බැගින් ලබාගත හැකි අයුරු ද භරත පෙන්වා දෙයි. ආතෝද්‍ය හෙවත් වාද්‍ය භාණ්ඩ තත (chordophone), අවනද්ධ (membranophone), ඝන (idiophone) සහ සුෂිර (aerophone) යන ප්‍රභේද සතරට මුලින්ම වර්‍ග කොට දක්වා ඇත්තේ ද නාට්‍ය ශාස්ත්‍රයයි. මෙම වර්ගීකරණය වැඩිදියුණු කිරීමට ලෝකයේ කිසිම සංගීතවේදියකු මේ වනතුරු සමත් වී නොමැත. එකල පැවැති තත වාද්‍ය භාණ්ඩ වනුයේ චිත්‍ර වීණා හා විපංචී වීණා යන වීණා ප්‍රභේද ද්වයයි. එක් ස්වරයක් සඳහා එක් තත බැගින් සප්ත ස්වරය සඳහා තත් සතෙකින් සමන්විත වූ චිත්‍ර වීණාව ඇඟිල්ලෙන් හඬවනු ලැබූ හෙවත් අංගුලි වාද්‍ය භාණ්ඩයක් වූ අතර තත් නවයක් සහිත විපංචි වීණාව කෝණයෙකින් (plectrum) වාදනය කරන ලදි (කෝණවාද්‍ය). වේණු, වංශ, වංශ දණ්ඩ යන නම්වලින් හැඳින්වුණු වස්දඬුව හෙවත් බටනළාව නාට්‍ය ශාස්ත්‍ර යුගයේ සිට අද දක්වා ම ස්වරූපයෙන් මඳකුදු වෙනස් වී නොමැත. තාල විවරණය 31 වැනි අධ්‍යායේ ද, ධ්‍රැවා ගාන 32 වැන්නේ ද, ගායක - වාදකාදීන්ගේ ගුණ - දෝෂ විචාරය 33 වැනි අධ්‍යායේ ද, අවනද්ධ භාණ්ඩයන්ගේ ලක්ෂණ 34 වැන්නේ ද සාකච්ඡාවට භාජනය වෙයි. අවසාන අධ්‍යාය තුනෙහි භූමිකා සඳහා නළුවන් තෝරා ගැනීම පිළිබඳ උපදෙස් ද භරත හා සිය පුතුන් ද විසින් ඍෂිවරුන්ගේ ක්‍රියාකලාපය නාට්‍ය මඟින් උපහාසයට ලක් කරනු ලැබීම නිසා නළු බව ශාපලත් වෘත්තියක් බවට පත් වූ අයුරු ද නාට්‍ය ප්‍රයෝගයේ අනුසස් වර්‍ණනයක් ද අන්තර්ගත වේ.
  
== කර්‍තෘ ==
 
== කර්‍තෘ ==
නාට්‍ය ශාස්ත්‍රයේ කතෘත්වය පවරනු ලැබ ඇත්තේ භරත මුනිවරයා වෙත ය. ඇත්ත වශයෙන්ම ඔහු කාශ්මීරයේ විසූ පඬිවරුයෙකැයි ඇතැම් විද්වත්හු විශ්වාස කෙරෙති. ශක්‍ර ප්‍රමුඛ දෙවිවරුන්ගේ ඉල්ලීම පරිදි මහාබ්‍රහ්මයා විසින් නිර්මාණය කරන ලද නාට්‍යවේදය ඔහු වෙතින් ඉගෙන, දෙවිවරුන් සඳහා සමවකාර හා ඩ්ම යන ප්‍රභේදයනට අයත් නාට්‍ය ද්වයක් භරත විසින් ඉදිරිපත් කරන ලද්දේ හිමාලය පර්‍වතය මුදුනේ වීමත්, දැනට ඉතිරිව ඇති එකම නාට්‍ය ශාස්ත්‍ර ව්‍යාඛ්‍යාව වන අභිනවභාරතීය රචනා කළ අභිනවගුප්ත ආචාරීන් කාශ්මීර වැසියකු වීමත් යන කරුණු සැලැකිල්ලට ගෙන එවන් නිගමනයකට බැසීම යුක්ති සහගත බව පෙනේ.  
+
නාට්‍ය ශාස්ත්‍රයේ කතෘත්වය පවරනු ලැබ ඇත්තේ භරත මුනිවරයා වෙත ය. ඇත්ත වශයෙන් ම ඔහු කාශ්මීරයේ විසූ පඬිවරයෙකැයි ඇතැම් විද්වත්හු විශ්වාස කෙරෙති. ශක්‍ර ප්‍රමුඛ දෙවිවරුන්ගේ ඉල්ලීම පරිදි මහාබ්‍රහ්මයා විසින් නිර්මාණය කරන ලද නාට්‍යවේදය ඔහු වෙතින් ඉගෙන, දෙවිවරුන් සඳහා සමවකාර හා ඩ්ම යන ප්‍රභේදයනට අයත් නාට්‍ය ද්වයක් භරත විසින් ඉදිරිපත් කරන ලද්දේ හිමාලය පර්‍වතය මුදුනේ වීමත්, දැනට ඉතිරිව ඇති එකම නාට්‍ය ශාස්ත්‍ර ව්‍යාඛ්‍යාව වන අභිනවභාරතීය රචනා කළ අභිනවගුප්ත ආචාරීන් කාශ්මීර වැසියකු වීමත් යන කරුණු සැලැකිල්ලට ගෙන එවන් නිගමනයකට බැසීම යුක්ති සහගත බව පෙනේ.  
  
== රචිත කාලය ==
 
== රචිත කාලය ==
නාට්‍ය ශාස්ත්‍රය රචනා වූයේ ක්‍රි. ව. දෙවැනි හෝ තුන් වැනි සියවසේ බව බොහෝ පඬිවරුන් දරණ මතයයි. එය භාස නම් සුප්‍රසිද්ධ නාට්‍ය රචකයාට ශත වර්‍ෂයක් වත් පූර්වයෙන් කැරුණු කෘතියක් බව පිළිගැනීමට සිදුවේ. භාස කාලිදාසගේ පූර්වකාලීනයකු බවට කාලිදාසගේ මාලවිකාග්නිමිත්‍ර නම් නාටකය සාක්ෂි දරයි. එම කෘතියේ ප්‍රස්තාවනාවෙහි සුත්‍රධාරගේ සගයා ඔහු අමතමින්, ‘පතළ කීර්තියක් ඇති භාස, සෞම්ල්ල, කවිපුත්‍රාදීන්ගේ ප්‍රබන්ධයන් ඉක්මවා නූතන කවියකු වන කාලිදාසගේ කෘතියක් කෙරෙහි මේ විද්වත් පර්ෂදය කෙසේ බහුමානයක් දක්වද්දැ?යි ප්‍රශ්න කරයි. මෙයින් පෙනී යන්නේ කාලිදාස නාට්‍ය රචකයකු වශයෙන් භාසට මහත් බහුමානයෙන් සැලැකූ බවයි. කාලිදාස ජීවත් වූයේ පස් වැනි සියවසේ මුල් භාගයේ ගුප්ත රාජ සමයේ බව වියතුන්ගෙන් වැඩි දෙන දැන් පිළිගනිති. එහෙයින් භාස තුන්වැනි ශත වර්ෂයට වඩා මෑත යුගයකට අයත් සේ සැලකීම අසීරු ය. ඒ අතරම, භාස නාට්‍ය ශාස්ත්‍රය ගැන දැනසිටි බවට ඔහුගේම කෘතියකින් සාක්ෂි හමුවේ. ඔහුගේ අව්මාරක නම් නාටකයෙහි විදූෂකයා නාට්‍ය ශාස්ත්‍රය රාමායණය සමඟ පටලවා ගනී. එහෙයින් නාට්‍ය ශාස්ත්‍රය රචිත වූ කාලය යටත් පිරිසෙයින් තවත් ශත වර්‍ෂයක්වත් පිටුපසට දැමීමට සිදු වේ. එසේ වුවද, ලැබී ඇති භූගෝලීය හා ඓතිහාසික සාධක අනුව මෙම කෘතිය දෙවැනි සියවසට වඩා ඈත කාලයකට ගෙනයාම අසීරු ය. මේ අනුව නාට්‍ය ශාස්ත්‍රය දෙවැනි සියවසේ අග භාගයත් තුන් වැනි සියවසේ මුල් භාගයත් අතර රචනා වූ සේ සැලැකීම යුක්තිසහගත ය. එසේ වුවද, ඊටත් කලින් රචනා වූ කොටස් මෙන්ම පසු කාලයේ එකතු කරන ලද කොටස් ද දැනට පළ වී ඇති නාට්‍ය ශාස්ත්‍ර පෙළට ඇතුළත්ව ඇති බව සැලැකුව මනාය.  
+
නාට්‍ය ශාස්ත්‍රය රචනා වූයේ ක්‍රි.ව. දෙවැනි හෝ තුන් වැනි සියවසේ බව බොහෝ පඬිවරුන් දරණ මතයයි. එය භාස නම් සුප්‍රසිද්ධ නාට්‍ය රචකයාට ශත වර්‍ෂයක්වත් පූර්වයෙන් කැරුණු කෘතියක් බව පිළිගැනීමට සිදුවේ. භාස කාලිදාසගේ පූර්වකාලීනයකු බවට කාලිදාසගේ මාලවිකාග්නිමිත්‍ර නම් නාටකය සාක්ෂි දරයි. එම කෘතියේ ප්‍රස්තාවනාවෙහි සුත්‍රධාරගේ සගයා ඔහු අමතමින්, "පතළ කීර්තියක් ඇති භාස, සෞම්ල්ල, කවිපුත්‍රාදීන්ගේ ප්‍රබන්ධයන් ඉක්මවා නූතන කවියකු වන කාලිදාසගේ කෘතියක් කෙරෙහි මේ විද්වත් පර්ෂදය කෙසේ බහුමානයක් දක්වද්දැ?"යි ප්‍රශ්න කරයි. මෙයින් පෙනී යන්නේ කාලිදාස නාට්‍ය රචකයකු වශයෙන් භාසට මහත් බහුමානයෙන් සැලැකූ බවයි. කාලිදාස ජීවත් වූයේ පස් වැනි සියවසේ මුල් භාගයේ ගුප්ත රාජ සමයේ බව වියතුන්ගෙන් වැඩි දෙන දැන් පිළිගනිති. එහෙයින් භාස තුන්වැනි ශත වර්ෂයට වඩා මෑත යුගයකට අයත් සේ සැලකීම අසීරු ය. ඒ අතර ම, භාස නාට්‍ය ශාස්ත්‍රය ගැන දැනසිටි බවට ඔහුගේ ම කෘතියකින් සාක්ෂි හමුවේ. ඔහුගේ අව්මාරක නම් නාටකයෙහි විදූෂකයා නාට්‍ය ශාස්ත්‍රය රාමායණය සමඟ පටලවා ගනී. එහෙයින් නාට්‍ය ශාස්ත්‍රය රචිත වූ කාලය යටත් පිරිසෙයින් තවත් ශත වර්‍ෂයක්වත් පිටුපසට දැමීමට සිදු වේ. එසේ වුවද, ලැබී ඇති භූගෝලීය හා ඓතිහාසික සාධක අනුව මෙම කෘතිය දෙවැනි සියවසට වඩා ඈත කාලයකට ගෙනයාම අසීරු ය. මේ අනුව නාට්‍ය ශාස්ත්‍රය දෙවැනි සියවසේ අග භාගයත් තුන් වැනි සියවසේ මුල් භාගයත් අතර රචනා වූ සේ සැලැකීම යුක්තිසහගත ය. එසේ වුවද, ඊටත් කලින් රචනා වූ කොටස් මෙන්ම පසු කාලයේ එකතු කරන ලද කොටස් ද දැනට පළ වී ඇති නාට්‍ය ශාස්ත්‍ර පෙළට ඇතුළත්ව ඇති බව සැලැකුව මනාය.  
  
== භරතගේ පූර්වාචාරීහු ==
 
== භරතගේ පූර්වාචාරීහු ==
නාට්‍ය කලාව පළිබඳව මෙතරම් විශාල ග්‍රන්ථයක් ක්‍රි. ව. දෙවැනි සියවසේ දී පමණ භාරතයේ රචනා විණි නම්, ඒ වන විට එම විෂය පිළිබඳ තවත් කෘතීන් සම්පාදනය වී තිබෙන්නට ඇතැයි අපට අනුමාන කළ හැකි ය. ක්‍රි. පූ. 4 වැනි සියවසේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ වෛයාකරණික පාණිනි ශිලාලින් සහ කෘශාශ්වින් නම් දෙදෙනකුගේ නටසුත්‍ර නම් කෘතියක් ගැන ස්වකීය අෂ්ටාධ්‍යායී නම් ව්‍යාකරණ ග්‍රන්ථයෙහි සඳහන් කරයි. එසේ වුවද, එම කෘතියට විෂය වූයේ නාට්‍ය කලාවම ද, එසේ තැනහොත් නර්තන කලාව දැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි ය. එහෙත් නිසැක වශයෙන්ම නාට්‍ය පිළිබඳ විචාර ග්‍රන්ථ සම්පාදනය කළ පුරෝගාමීන් කිහිපදෙනෙකු පිළිබඳ යම් යම් සඳහන් නාට්‍ය ශාස්ත්‍රය තුළින් මෙන්ම අභිනවගුප්තගේ ව්‍යාඛ්‍යාවෙන් ද සාගරනන්දින් වැනි පශ්චාත්කාලීන විචාරකයන්ගේ කෘතිවලින් ද අපට සොයා ගත හැකි ය. භරතගේ පුර්වකාලීනයන් අතුරින් කෝහල, දත්තිල, ශාණ්ඩ්ල්‍ය, වාත්ස්‍ය, ශාතකර්ණී, අංශකුට්ට, නඛකුට්ට හා බාදරායණ ප්‍රධාන ය.
+
නාට්‍ය කලාව පිළිබඳව මෙතරම් විශාල ග්‍රන්ථයක් ක්‍රි.ව. දෙවැනි සියවසේ දී පමණ භාරතයේ රචනා විණි නම්, ඒ වන විට එම විෂය පිළිබඳ තවත් කෘතීන් සම්පාදනය වී තිබෙන්නට ඇතැයි අපට අනුමාන කළ හැකි ය. ක්‍රි.පූ. 4 වැනි සියවසේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ වෛයාකරණික පාණිනි ශිලාලින් සහ කෘශාශ්වින් නම් දෙදෙනකුගේ නටසුත්‍ර නම් කෘතියක් ගැන ස්වකීය අෂ්ටාධ්‍යායී නම් ව්‍යාකරණ ග්‍රන්ථයෙහි සඳහන් කරයි. එසේ වුවද, එම කෘතියට විෂය වූයේ නාට්‍ය කලාව ම ද, එසේ තැනහොත් නර්තන කලාව දැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි ය. එහෙත් නිසැක වශයෙන් ම නාට්‍ය පිළිබඳ විචාර ග්‍රන්ථ සම්පාදනය කළ පුරෝගාමීන් කිහිපදෙනෙකු පිළිබඳ යම් යම් සඳහන් නාට්‍ය ශාස්ත්‍රය තුළින් මෙන් ම අභිනවගුප්තගේ ව්‍යාඛ්‍යාවෙන් ද සාගරනන්දින් වැනි පශ්චාත්කාලීන විචාරකයන්ගේ කෘතිවලින් ද අපට සොයා ගත හැකි ය. භරතගේ පුර්වකාලීනයන් අතුරින් කෝහල, දත්තිල, ශාණ්ඩ්ල්‍ය, වාත්ස්‍ය, ශාතකර්ණී, අංශකුට්ට, නඛකුට්ට හා බාදරායණ ප්‍රධාන ය.
  
== භරතට පසුව විසූ විචාරකයෝ ==
 
== භරතට පසුව විසූ විචාරකයෝ ==
නාට්‍ය ශාස්ත්‍රයට පසුවත් 10 වැනි සියවසට පෙරත් භාරතීය නාට්‍ය කලාවට වැදැගත් මෙහෙයක් ඉටු කළ කිහිපදෙනකුම පිළිබඳ තොරතුරු අභිනවගුප්ත, සාගරනන්දින්, ශාරදාතනය, ආදීන්ගේ කෘතීන්වලින් අපට ලබාගත හැකිව ඇති නමුත්, ඔවුන්ගේ එක කෘතියක්වත් අද ඉතිරි වී නොමැත. නන්දිකේශ්වර, වාර්තිකකාර, තුම්බුරු, මාතෘගුප්ත, විශාඛිලාච©, සදාශිව, කාත්‍යායන, ශකලීගර්භ ආදී මොවුන් නාට්‍ය කලාවේ විවිධ අංශයන් අළලා රචනා කළ විචාර ග්‍රන්ථ වාට්‍ය ශාස්ත්‍රයේ කීර්තියෙන් යටපත් වී ගියා සේ පෙනේ.  
+
නාට්‍ය ශාස්ත්‍රයට පසුවත් 10 වැනි සියවසට පෙරත් භාරතීය නාට්‍ය කලාවට වැදැගත් මෙහෙයක් ඉටු කළ කිහිපදෙනකු ම පිළිබඳ තොරතුරු අභිනවගුප්ත, සාගරනන්දින්, ශාරදාතනය ආදීන්ගේ කෘතීන්වලින් අපට ලබාගත හැකිව ඇති නමුත්, ඔවුන්ගේ එක කෘතියක්වත් අද ඉතිරි වී නොමැත. නන්දිකේශ්වර, වාර්තිකකාර, තුම්බුරු, මාතෘගුප්ත, විශාඛිලාචර්ය, සදාශිව, කාත්‍යායන, ශකලීගර්භ ආදී මොවුන් නාට්‍ය කලාවේ විවිධ අංශයන් අළලා රචනා කළ විචාර ග්‍රන්ථ වාට්‍ය ශාස්ත්‍රයේ කීර්තියෙන් යටපත් වී ගියා සේ පෙනේ.  
  
දසවැනි සියවසින් මෙපිට රචනා වූ නාට්‍ය විචාර ග්‍රන්ථ කිහිපයක්ම ඇතත්, ඒ එක ද කෘතියක් හෝ නාට්‍ය ශාස්ත්‍රය තරම් පරිපූර්ණ අන්දමින් නාට්‍ය කලාව සාකච්ඡාවට භාජන නොකරයි. ඒවා අතුරින් කිසියම් වැදැගත්කමක් ඇති කෘතීන් ලෙස සැලැකිය හැක්කේ ධනංජයගේ ‘දශරූපක’ හා සාගරනන්දින්ගේ ‘නාටක ලක්ෂණ රත්නකෝෂ’ (10 වැනි සියවස), රාමචන්ද්‍ර හා ගුණවචන්ද්‍රගේ ‘නාට්‍යදර්පණ’ හා ශාරදාතනයගේ ‘භාවප්‍රකාශ’ (12 වැනි සියවස) යන ග්‍රන්ථයි. 13 වැනි සියවසේ රචිත විශ්වනාථ කවිරාජගේ සාහිත්‍යදර්පණයේ ද නාට්‍ය සිද්ධාන්ත පිළිබඳ යම් යම් කරුණු අන්තර්ගතව ඇත.
+
දසවැනි සියවසින් මෙපිට රචනා වූ නාට්‍ය විචාර ග්‍රන්ථ කිහිපයක් ම ඇතත්, ඒ එක ද කෘතියක් හෝ නාට්‍ය ශාස්ත්‍රය තරම් පරිපූර්ණ අන්දමින් නාට්‍ය කලාව සාකච්ඡාවට භාජන නොකරයි. ඒවා අතුරින් කිසියම් වැදැගත්කමක් ඇති කෘතීන් ලෙස සැලැකිය හැක්කේ ධනංජයගේ ‘දශරූපක’ හා සාගරනන්දින්ගේ ‘නාටක ලක්ෂණ රත්නකෝෂ’ (10 වැනි සියවස), රාමචන්ද්‍ර හා ගුණවචන්ද්‍රගේ ‘නාට්‍යදර්පණ’ හා ශාරදාතනයගේ ‘භාවප්‍රකාශ’ (12 වැනි සියවස) යන ග්‍රන්ථයි. 13 වැනි සියවසේ රචිත විශ්වනාථ කවිරාජගේ සාහිත්‍යදර්පණයේ ද නාට්‍ය සිද්ධාන්ත පිළිබඳ යම් යම් කරුණු අන්තර්ගතව ඇත.
 
== අභිනවභාරතීය ==
 
== අභිනවභාරතීය ==
නාට්‍ය ශාස්ත්‍රය පිළිබඳ ව්‍යාඛ්‍යාවන් කිහිපයක්ම ලියැවුණ ද ඒවා අතුරින් අද අපට ඉතිරිව ඇත්තේ අභිනවගුප්ත පාදයන්ගේ (10 වැනි සියවස) අභිනවභාරතීය පමණි. එහෙත් එම ව්‍යාඛ්‍යාවෙහි අභිනවගුප්තට පෙර විසූ ව්‍යාඛ්‍යාකාරයන් කිහිපදෙනකුගේම නම් සඳහන් වේ. ඔවුහු නම්, කීර්තිධර (6 වැනි සියවස), භට්ට උද්භට (7 වැනි සියවස), භට්ට ලෝල්ලට (8 වැනි සියවස), ශ්‍රී ශංකුක (9 වැනි සියවස) හා භට්ට නායක (9/10 වැනි සියවස්) ආදීහු ය. මොවුන් අතුරින් අන්තිමට සඳහන් වුණු තිදෙන භරතගේ රස සූත්‍රයට ඉදිරිපත් කළ ඒ ඒ අර්ථකථනයනට නිර්දය ලෙස පහර දෙන අභිනවගුප්ත තමාගේ ව්‍යක්තිවාදයට ඉතාම ප්‍රශස්ත අයුරින් ප්‍රතිෂ්ඨාපනය කොට ඇත.  
+
නාට්‍ය ශාස්ත්‍රය පිළිබඳ ව්‍යාඛ්‍යාවන් කිහිපයක් ම ලියැවුණ ද ඒවා අතුරින් අද අපට ඉතිරිව ඇත්තේ අභිනවගුප්ත පාදයන්ගේ (10 වැනි සියවස) අභිනවභාරතීය පමණි. එහෙත් එම ව්‍යාඛ්‍යාවෙහි අභිනවගුප්තට පෙර විසූ ව්‍යාඛ්‍යාකාරයන් කිහිපදෙනකුගේ ම නම් සඳහන් වේ. ඔවුහු නම්, කීර්තිධර (6 වැනි සියවස), භට්ට උද්භට (7 වැනි සියවස), භට්ට ලෝල්ලට (8 වැනි සියවස), ශ්‍රී ශංකුක (9 වැනි සියවස) හා භට්ට නායක (9/10 වැනි සියවස්) ආදීහු ය. මොවුන් අතුරින් අන්තිමට සඳහන් වුණු තිදෙන භරතගේ රස සූත්‍රයට ඉදිරිපත් කළ ඒ ඒ අර්ථකථනයනට නිර්දය ලෙස පහර දෙන අභිනවගුප්ත තමාගේ ව්‍යක්තිවාදයට ඉතාම ප්‍රශස්ත අයුරින් ප්‍රතිෂ්ඨාපනය කොට ඇත.  
  
අභිනවගුප්තගේ ව්‍යාඛ්‍යාව අපට කිහිප අතෙකින්ම වැදගත් වේ. නාට්‍ය ශාස්ත්‍රයේ පෙළ සංස්කරණය කිරීමේ දී සංස්කාරකවරුන් ඉන් ලබා ඇති පිටුවහල අති විශාලය. එසේම ග්‍රන්ථයේ දුරවබෝධ තැන් නිරාකරණය කැර ගැනීම සඳහා ද ඉන් ලැබෙන්නේ මහත් ආලෝකයකි. එසේ වුවත්, අභිනව ජීවත් වූයේ භරතට අවුරුදු 800කට පමණ පසුව නිසා, ඒ කාලය වන විට නාට්‍ය ශාස්ත්‍රයේ දැක්වෙන ඇතැම් ශිල්පක්‍රම ආදිය වෙනස්වීම්වලට භාජන වී හෝ අභාවයට ගොස් හෝ තිබුණු බව පෙනේ. එවැනි කරුණු පිළිබඳ සාකච්ඡා කරන විට අභිනවගුප්ත දක්වන අදහස් ඇතැම් විට අවුල්සහගත ස්වභාවයක් උසුලයි. එසේම ඇතැම් කරුණු පිළිබඳව ඔහු මත කිහිපයක්ම පළ කැර සිටින අතර තමාගේ මතය තහවුරු කිරීමට ප්‍රමාණවත් සාධක ඉදිරිපත් නොකරයි. කෙසේ වුවද, එවැනි අවස්ථා ඇතොත් ඒවා එතරම් සුලභ නොවේ. ඒවා අභනවභාරතියේ අගය අඩු කැරලීමට කෙසේවත් සමත් නොවේ. එසේම අප ඉහත සඳහන් කළ පරිදි අභිනව තමාට පූර්වකාලීන වූ විචාරකයන් හා ව්‍යාඛ්‍යාකරුවන් රැසකගේ නම් සහ වෙනත් තොරතුරු අප හමුවේ තැබීමෙන් සංස්කෘත නාට්‍යය පිළිබඳ විචාර කලාවේ ඉතිහාසයට කර ඇති සේවය අපරිමිතය.
+
අභිනවගුප්තගේ ව්‍යාඛ්‍යාව අපට කිහිප අතෙකින් ම වැදගත් වේ. නාට්‍ය ශාස්ත්‍රයේ පෙළ සංස්කරණය කිරීමේ දී සංස්කාරකවරුන් ඉන් ලබා ඇති පිටුවහල අති විශාල ය. එසේම ග්‍රන්ථයේ දුරවබෝධ තැන් නිරාකරණය කැර ගැනීම සඳහා ද ඉන් ලැබෙන්නේ මහත් ආලෝකයකි. එසේ වුවත්, අභිනව ජීවත් වූයේ භරතට අවුරුදු 800කට පමණ පසුව නිසා, ඒ කාලය වන විට නාට්‍ය ශාස්ත්‍රයේ දැක්වෙන ඇතැම් ශිල්පක්‍රම ආදිය වෙනස්වීම්වලට භාජන වී හෝ අභාවයට ගොස් හෝ තිබුණු බව පෙනේ. එවැනි කරුණු පිළිබඳ සාකච්ඡා කරන විට අභිනවගුප්ත දක්වන අදහස් ඇතැම් විට අවුල්සහගත ස්වභාවයක් උසුලයි. එසේම ඇතැම් කරුණු පිළිබඳව ඔහු මත කිහිපයක් ම පළ කැර සිටින අතර තමාගේ මතය තහවුරු කිරීමට ප්‍රමාණවත් සාධක ඉදිරිපත් නොකරයි. කෙසේ වුවද, එවැනි අවස්ථා ඇතොත් ඒවා එතරම් සුලභ නොවේ. ඒවා අභනවභාරතියේ අගය අඩු කැරලීමට කෙසේවත් සමත් නොවේ. එසේම අප ඉහත සඳහන් කළ පරිදි අභිනව තමාට පූර්වකාලීන වූ විචාරකයන් හා ව්‍යාඛ්‍යාකරුවන් රැසකගේ නම් සහ වෙනත් තොරතුරු අප හමුවේ තැබීමෙන් සංස්කෘත නාට්‍යය පිළිබඳ විචාර කලාවේ ඉතිහාසයට කර ඇති සේවය අපරිමිත ය.
  
== සංස්කරණය ==
 
== සංස්කරණය ==
නාට්‍ය ශාස්ත්‍ර නම් කෘතියක් පිළිබඳව ව්‍යාඛ්‍යාන සහ වෙනත් මූලාශ්‍රවල සඳහන් වී තුබුණ ද, දහනව වැනි සියවසේ අග භාගය වනතෙක් එම කෘතියේ අත් පිටපතක් සොයා ගත නොහැකි විය. ක්‍රි. ව. 1874 දී හෙයිමන් නැමැති ජර්මන් ජාතික පඬිවරයෙක් එවකට ලැබී තුබුණු නාට්‍ය ශාස්ත්‍රයේ අත් පිටපත් කිහිපයක් පරීක්ෂා කොට ඒ පිළිබඳ වැදැගත් ලිපියක් ජර්මනියේ පළ කෙළේ ය. ඉන්පසු 1880 හා 1888 අතර කාලය තුළ නාට්‍ය ශාස්ත්‍රයේ පරිච්ඡේද දෙක-තුනක් ප්‍රංශ පඬිවරුන් දෙපළක් විසින් වෙන් වෙන්ව ප්‍රකාශයට පත් කරන ලදී. නාට්‍ය ශාස්ත්‍රයේ ප්‍රථම පූර්ණ සංස්කරණය 1894 දී කාව්‍යමාලා ග්‍රන්ථ මාලාව යටතේ බොම්බායේ දී ප්‍රකාශයට පත් විණි. ඉන් සිවු වසරකට පසු ජේ. ග්‍රොසට් විසින් එවකට සම්භ වී තුබුණු සියලුම අත් පිටපත් ආශ්‍රයෙන් නාට්‍ය ශාස්ත්‍රයේ මුල් පරිච්ඡේද දහ හතරේ විචාරාත්මක සංස්කරණයක් පළ කෙළේ ය.
+
නාට්‍ය ශාස්ත්‍ර නම් කෘතියක් පිළිබඳව ව්‍යාඛ්‍යාන සහ වෙනත් මූලාශ්‍රවල සඳහන් වී තුබුණ ද, දහනව වැනි සියවසේ අග භාගය වනතෙක් එම කෘතියේ අත් පිටපතක් සොයා ගත නොහැකි විය. ක්‍රි.ව. 1874 දී හෙයිමන් නැමැති ජර්මන් ජාතික පඬිවරයෙක් එවකට ලැබී තුබුණු නාට්‍ය ශාස්ත්‍රයේ අත් පිටපත් කිහිපයක් පරීක්ෂා කොට ඒ පිළිබඳ වැදගත් ලිපියක් ජර්මනියේ පළ කෙළේ ය. ඉන්පසු 1880 හා 1888 අතර කාලය තුළ නාට්‍ය ශාස්ත්‍රයේ පරිච්ඡේද දෙක-තුනක් ප්‍රංශ පඬිවරුන් දෙපළක් විසින් වෙන් වෙන්ව ප්‍රකාශයට පත් කරන ලදි. නාට්‍ය ශාස්ත්‍රයේ ප්‍රථම පූර්ණ සංස්කරණය 1894 දී කාව්‍යමාලා ග්‍රන්ථ මාලාව යටතේ බොම්බායේ දී ප්‍රකාශයට පත් විණි. ඉන් සිවු වසරකට පසු ජේ. ග්‍රොසට් විසින් එවකට සම්භ වී තුබුණු සියලු ම අත් පිටපත් ආශ්‍රයෙන් නාට්‍ය ශාස්ත්‍රයේ මුල් පරිච්ඡේද දහ හතරේ විචාරාත්මක සංස්කරණයක් පළ කෙළේ ය.
  
මෙම ශත වර්ෂයේ දී ඨ්ැනඅ්ා ධරසැබඒක ීැරසැි යටතේ බැරෝඩාහි සම්පූර්ණ නාට්‍ය ශාස්ත්‍ර පිටපත වෙළුම් සතරෙකින් ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් ඉටු වූ සේවාව අතිමහත් ය. අභිනවගුප්තගේ ව්‍යාඛ්‍යාව ද ඊට ඇතුළත් වීම එහි අගය තවත් වැඩි වීමට හේතු වේ. මෙයින් 1 වැනි වෙළුම (අධ්‍යාය 1-7) 1926 දී ද, 2 වැනි වෙළුම (අධ්‍යාය 8-18), 1934 දී ද, 3 වැනි වෙළුම (අධ්‍යාය 19-27) 1954 දී ද, 4 වැනි වෙළුම ( අධ්‍යාය 28-37) 1964 දී ද ප්‍රකාශයට පත් විණි. 1 වැනි වෙළුමේ සංශෝධිත 2 වැනි සංස්කරණය 1956 දී පළ විය. මේ හැරුණු කොට බී. එන්. ශර්මා හා බී. උපාධ්‍යායගේ සංස්කාරකත්වයෙන් නාට්‍ය ශාස්ත්‍රයේ සංස්කරණයක් බරණැස කාශි සංස්කෘත ග්‍රන්ථ මාලාව යටතේ 1929 දී ද, කාව්‍යමාලා ප්‍රකාශනයේ සංශෝධිත සංස්කරණයක් 1943 දී ද පළ වූ අතර, ආර්. එස්. නාගර්ගේ අධීක්ෂණය යටතේ අභිනවභාරතීය සහිත නාට්‍ය ශාස්ත්‍රයේ සම්පූර්ණ සංස්කරණයක් දිල්ලි නුවර පරිමල සංස්කෘත ග්‍රන්ථ මාලාව යටතේ 1958 දී ප්‍රකාශයට පත් විය.
+
මෙම ශත වර්ෂයේ දී Gaekwad Oriental Series යටතේ බැරෝඩාහි සම්පූර්ණ නාට්‍ය ශාස්ත්‍ර පිටපත වෙළුම් සතරෙකින් ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් ඉටු වූ සේවාව අතිමහත් ය. අභිනවගුප්තගේ ව්‍යාඛ්‍යාව ද ඊට ඇතුළත් වීම එහි අගය තවත් වැඩි වීමට හේතු වේ. මෙයින් 1 වැනි වෙළුම (අධ්‍යාය 1-7) 1926 දී ද 2 වැනි වෙළුම (අධ්‍යාය 8-18) 1934 දී ද 3 වැනි වෙළුම (අධ්‍යාය 19-27) 1954 දී ද 4 වැනි වෙළුම (අධ්‍යාය 28-37) 1964 දී ද ප්‍රකාශයට පත් විණි. 1 වැනි වෙළුමේ සංශෝධිත 2 වැනි සංස්කරණය 1956 දී පළ විය. මේ හැරුණු කොට බී.එන්. ශර්මා හා බී. උපාධ්‍යායගේ සංස්කාරකත්වයෙන් නාට්‍ය ශාස්ත්‍රයේ සංස්කරණයක් බරණැස කාශි සංස්කෘත ග්‍රන්ථ මාලාව යටතේ 1929 දී ද කාව්‍යමාලා ප්‍රකාශනයේ සංශෝධිත සංස්කරණයක් 1943 දී ද පළ වූ අතර, ආර්.එස්. නාගර්ගේ අධීක්ෂණය යටතේ අභිනවභාරතීය සහිත නාට්‍ය ශාස්ත්‍රයේ සම්පූර්ණ සංස්කරණයක් දිල්ලි නුවර පරිමල සංස්කෘත ග්‍රන්ථ මාලාව යටතේ 1958 දී ප්‍රකාශයට පත් විය.
  
== පරිවර්තන ==
 
== පරිවර්තන ==
දැනට නාට්‍ය ශාස්ත්‍රයේ ඉංග්‍රීසි පරිවර්තන දෙකක් පළ වී ඇත. ප්‍රථමයෙන් මනොමෝහන් ඝෝෂ් විසින් කැරුණු පරිවර්තනය කාණ්ඩ දෙකක් (අධ්‍යාය 1-27 හා අධ්‍යාය 28-37) වශයෙන් 1950 හා 1961 යන වර්‍ෂවල දී කල්කතාවේ දී පළ විය. විද්වත් මණ්ඩලයක් විසින් සකස් කරන ලද අනෙක් පරිවර්තනය තනි වෙළුමක් වශයෙන් 1988 දී පළ විය. නාට්‍ය ශාස්ත්‍රයේ රස හා භාව පිළිබඳ වූ 6 වැනි හා 7 වැනි අධ්‍යායයන්ගේ දළ සිංහල පරිවර්තනයක් සුචරිත ගම්ලත් විසින් නාට්‍ය ශාස්ත්‍රයේ රසවාදය නමින් 1970 දී සකස් කොට පළ කරන ලදී. නාට්‍ය ශාස්ත්‍රයේ සම්පූර්ණ සිංහල පරිවර්තනයක් දැන් චෝල්ටර් මාරසිංහ විසින් දැන් සකස් කරගෙන යනු ලැබේ. අධ්‍යාය 1 සිට 7 දක්වා වූ එහි ප්‍රථමභාගය 1994 දී එළි දැක්විණි.  
+
දැනට නාට්‍ය ශාස්ත්‍රයේ ඉංග්‍රීසි පරිවර්තන දෙකක් පළ වී ඇත. ප්‍රථමයෙන් මනොමෝහන් ඝෝෂ් විසින් කැරුණු පරිවර්තනය කාණ්ඩ දෙකක් (අධ්‍යාය 1-27 හා අධ්‍යාය 28-37) වශයෙන් 1950 හා 1961 යන වර්‍ෂවල දී කල්කටාවේ දී පළ විය. විද්වත් මණ්ඩලයක් විසින් සකස් කරන ලද අනෙක් පරිවර්තනය තනි වෙළුමක් වශයෙන් 1988 දී පළ විය. නාට්‍ය ශාස්ත්‍රයේ රස හා භාව පිළිබඳ වූ 6 වැනි හා 7 වැනි අධ්‍යායයන්ගේ දළ සිංහල පරිවර්තනයක් සුචරිත ගම්ලත් විසින් නාට්‍ය ශාස්ත්‍රයේ රසවාදය නමින් 1970 දී සකස් කොට පළ කරන ලදි. නාට්‍ය ශාස්ත්‍රයේ සම්පූර්ණ සිංහල පරිවර්තනයක් දැන් චෝල්ටර් මාරසිංහ විසින් සකස් කරගෙන යනු ලැබේ. අධ්‍යාය 1 සිට 7 දක්වා වූ එහි ප්‍රථමභාගය 1994 දී එළි දැක්විණි.  
  
(කර්තෘ: [[වෝල්ටර් මාරසිංහ]])
 
(කර්තෘ: [[වෝල්ටර් මාරසිංහ]])

14:30, 28 පෙබරවාරි 2024 වන විට නවතම සංශෝධනය

නාට්‍ය කලාව හා නාට්‍ය විචාරය පිළිබඳ රචිත ලෝකයේ ප්‍රථම ග්‍රන්ථයයි. ක්‍රි.ව. දෙවැනි සියවසේ අග භාගයේ හෝ තුන් වැනි සියවසේ මුල් භාගයේ රචනා වූහයි සැලැකෙන මෙහි සංස්කෘත ශ්ලෝක 5000ක් පමණ අන්ර්‍තගතව ඇත. අතරින් පතර ගද්‍ය පාඨ ද දක්නා ලැබේ. සම්පූර්ණ ග්‍රන්ථය පරිච්ඡේද 37කින් සමන්විත ය. ප්‍රේක්ෂාගෘහය ගොඩනැගීමේ පටන් සංස්කෘත නාට්‍ය නිෂ්පාදනය හා සම්බන්ධ සෑම අංශයක් ම සාකච්ඡාවට භාජන වී ඇති මෙහි නාට්‍ය කලාව හා සමීප සම්බන්ධතාවක් දක්වන පූර්‍වරංගය, නර්තනය, සංගීතය, අලංකාර ශාස්ත්‍රය, රසවාදය ආදී විෂයන් පිළිබඳව ද පරිච්ඡේද අඩංගු වේ. මේ නිසා සංගීතය හා නර්තනය පිළිබඳ රචනා වුණු ලෝකයේ ප්‍රථම ග්‍රන්ථය වනුයේ ද නාට්‍ය ශාස්ත්‍රයයි.

නාට්‍ය ශාස්ත්‍රයේ උපත පිළිබඳ ව ග්‍රන්ථයේ කතා පුවත මෙසේ ය: කෘත යුගය ගෙවීයාමෙන් පසු එළඹුණු ත්‍රේතා යුගයේ දී කාමයේ හා ලෝභයේ වසඟයට ගිය මිනිසුන් දුක සැප සමව අත්විඳිද්දී, එක් දිනෙක ඉන්ද්‍ර ප්‍රමුඛ දෙවිවරු මහබඹු බැහැදැක, චතුර්වේදය සතර වර්‍ණයන්ගෙන් ශුද්‍රයනට අකැප වූ නිසා, ඔවුනට ද පරිශීලනය කළ හැකි පංචම වේදයක් බිහි කරන ලෙස අයැද සිටියහ. එම ඇරයුම පිළිගත් මහබඹ දැහැනකට සමවැදී, සතර වේදය සිහියට නඟා, ඍග්වේදයෙන් දෙබස් ද, සාම වේදයෙන් ගායනය ද, යජුර් වේදයෙන් අභිනය ද, අථර්ව වේදයෙන් රසයන් ද උකහා ගෙන, එම අංග සියල්ල මුසු කොට නාට්‍යවේදය බිහි කෙළේ ය. තමන් එසේ බිහි කළ නාට්‍යවේදය ග්‍රහණය කොට ගෙන ප්‍රයෝගානුසාරයෙන් ඉදිරිපත් කරන ලෙස මහබඹ දෙවියන් දැන්වී ය. එහෙත් ග්‍රහණයට, ධාරණයට හෝ රඟපෑමට දෙවියන් වන තමන් අපොහොසත් බවත්, එම කාර්යය සඳහා හොඳම සුදුස්සන් වනුයේ මුනිවරුන් බවත් දෙවියෝ මහබඹුට පැවැසූහ. එහෙයින් මහබඹු එම වගකීම භරතමුනි හා ඔහුගේ සියක් පුතුනට පැවැරී ය. මහබඹුගේ කැමැත්ත පරිදි, ලාලිත්‍යය මුල් තැනක් ගත් කෛශිකී ශෛලිය ද ඊට ඇතුළත් කිරීමට නම් ස්ත්‍රීන් අවශ්‍ය බව භරත කියාසිටි හෙයින්, මහබඹු විසින් අප්සරාවන් පිරිසක් ද නිර්මාණය කොට ඔහුට සපයා දෙන ලදි. මෙසේ මහබඹු විසින් නිර්මිත වූ නාට්‍ය කලාව භරතමුනි විසින් ලෝකයාට පවසන ලදි. නාට්‍ය ශාස්ත්‍රය එහි ප්‍රතිඵලයයි.

අන්තර්ගතය

නාට්‍ය ශාස්ත්‍රයට වස්තු විෂය වී ඇති කරුණු සැකෙවින් මෙසේයි: ප්‍රථම අධ්‍යායෙහි නාට්‍යවේදයේ උපත හා එහි ස්වභාවය විස්තර වන අතර, ද්විතීය අධ්‍යායෙහි මනුෂ්‍යයන් සඳහා වූ ප්‍රේක්ෂාගාරයේ සැලැස්ම හා එය ගොඩනගා ගත යුතු අයුරු ද ඊළඟ අධ්‍යායෙහි රංග දේවතාවන් පිදිය යුතු ආකාරය ද විස්තර කැරේ. 4 වැනි අධ්‍යාය සම්පූර්ණයෙන් වෙන් වී ඇත්තේ තාණ්ඩව නර්තනයත් ඊට අයත් කරණ 108ත් අංගභාර දෙතිස් විස්තර කිරීම සඳහා ය. භරත නෘත්‍යය හදාරන්නවුනට මෙය අතිශයින් වැදගත් පරිච්ඡේදයෙකි. සංස්කෘත නාට්‍යයක් ආරම්භ වන්නට පළමු පවත්වනු ලැබූ පූර්‍වරංගය පිළිබඳ පූර්‍ණ විස්තරයක් 5 වැනි අධ්‍යායෙහි එයි. නාට්‍යයේ අවසාන ඵලය වන රස නිෂ්පත්තිය හා ඒ සඳහා ඉවහල් වන භාව-විභාවාදිය පිළිබඳ සනිදර්‍ශන විවරණයක් සඳහා ඊළඟ අධ්‍යාය ද්වය වෙන් වී ඇත. ‘විභාවානුභාවවව්‍යභිචාරි සංයෝගාද් රසනිෂ්පත්තිඃ’ යන සුප්‍රසිද්ධ රස සූත්‍රය හමු වනුයේ 6 වැනි අධ්‍යායෙහි ය.

නර්තනයේ හා නාට්‍යයේ භාවිත වන හිස, ඇස්, ඇහි බැම, නිකට, ගෙළ ආදී උපාංගයන්ගේ විවිධ චලන 8 වැනි අධ්‍යායේ ද, තනි අතින් කැරෙන (අසංයුක්ත) හස්ත (මුද්‍රා) 24ක් හා දෑතින් කැරෙන (සංයුක්ත) හස්ත 13ක් 9 වැනි අධ්‍යයේ ද විස්තර වේ. පාද චලන චාරී නමින් හැඳින්වේ. බිම ගමන් නිරූපණයේ දී භාවිත වන භෞම්‍ය චාරී 16ක් හා අහස් ගමන් නිරූපණය කැරෙන ආකාශිකී චාරී 16ක් 10 වැනි අධ්‍යායේ ද, චාරී කිහිපයක් එක් වීමෙන් සෑදෙන භෞමික හා ආකාශකී වශයෙන් වූ මණ්ඩල දහය බැගින් මණ්ඩල විස්සක් ඊළඟ අධ්‍යායේ ද අඩංගු විෂය කරුණු වේ. 12 වැනි අධ්‍යාය වෙන් වී ඇත්තේ නාට්‍යයේ එන විවිධ චරිතයන් සඳහා නිර්දිෂ්ට ගමන් විලාස (ගතිප්‍රචාර) විස්තර කිරීමට ය. පාත්‍රයන් විසින් රංග පීඨය ප්‍රයෝජනයට ගත යුතු අන්දම 13 වැනි කක්ෂාවිභාග අධ්‍යායේ දැක්වේ. අධ්‍යාය 14 සිට 16 දක්වා වෙන්ව ඇත්තේ කාව්‍ය ශාස්ත්‍රය සඳහායි. මෙහි දී ඡන්දස්, වෘත්ත, අලංකාර, කාව්‍යයේ ගුණදෝෂාදිය සාකච්ඡාවට භාජනය වේ.

සංස්කෘත නාට්‍යයේ සංස්කෘත භාෂාව දොඩන්නේ උත්තම හා මධ්‍යම ගණයට අයත් පිරිමි චරිත වන රජ, බමුණු, වෙළ‍ෙඳ, ඇමැති, කංචුක, විට ආදීන් පමණි. සියලුම ස්ත්‍රී චරිත හා සේවක සේවිකාදී අධම චරිත විවිධ ප්‍රාකෘත ප්‍රභේද ව්‍යවහාර කෙරෙති. මෙම භාෂා යෝජනය පිළිබඳ උපදෙස් 17 වැනි අධ්‍යායේ ඇතුළත් වන අතර, ඊළඟ අධ්‍යායේ දශරූපක හෙවත් නාටක - ප්‍රකරණාදි දෘශ්‍ය කාව්‍ය දශ ප්‍රභේදය ද නාටිකා නම් උපප්‍රභේදය ද පිළිබඳ විමර්ශනයක් අඩංගු වේ.

නාට්‍ය සිද්ධාන්ත සම්බන්ධයෙන් ඉතාම වැදැගත් පරිච්ඡේදය වනුයේ 19 වැනි අධ්‍යායයි. එහි යහපත් නාට්‍ය කෘතියෙක තිබිය යුතු අංග වන පංචාස්ථා, අර්ථප්‍රකෘති, සන්ධි, අර්ථෝපක්ෂේප, ලාස්‍යාංග ආදිය විස්තර වේ. සංස්කෘත නාට්‍යයක් වේදිකාව මත මවාපාන්නා වූ වාතාවරණය කෙරෙහි බලපාන භාරතී, සාත්ත්වතී, ආරභටී හා කෛශිකී යන වෘත්තීන් හා විවිධ ආමුඛ ප්‍රභේද ද 20 වැනි අධ්‍යායෙහි සාකච්ඡාවට භාජනය වෙයි. 21 වැනි අධ්‍යාය සම්පූර්ණයෙන් ම වෙන් වී ඇත්තේ ආහාර්යාභිනය එනම්, නාට්‍යෝපකරණ (පුස්ත), වේෂ-භූෂණ හා අංග රචනා සඳහායි. රංගශිල්පය වැඩිදුර සාකච්ඡාවට බඳුන්ව ඇත්තේ ඊළඟ අධ්‍යාය කිහිපයෙහි ය. ඒවායේ අන්තර්ගත විෂය කරුණු අතර වාචික හා ආංගික අභිනය, චරිත ප්‍රභේද ආදිය ඉතාමත් සවිස්තර අධ්‍යයනයට බඳුන් කරනු ලැබ ඇත. නාට්‍යයෙක සාර්ථකත්වය කෙරෙහි බලපාන සාධක හා නාට්‍ය විනිශ්චය පිළිබඳ සාකච්ඡාවක් 27 වැනි අධ්‍යායේ ඇතුළත්ව ඇත.

ඊළඟ අධ්‍යාය 7 (28-34) වෙන් වී ඇත්තේ සංගීතය සඳහා ය. එහෙයින්, භාරතීය සංගීතය පිළිබඳව ලියැවුණු ප්‍රථම සංස්කෘත ග්‍රන්ථය වන්නේ ද නාට්‍ය ශාස්ත්‍රයයි. නූතන භාරතීය සංගීතයේ පදනම වන රාග සංලක්පය ඒ වන විට වර්ධනය වී නොතිබිණි. මෙහි සඳහන් වන්නේ රාගයේ ආදීම ස්වරූපය වන ‘ජාති’ යන්නයි. එවැනි ජාති 18ක් නාට්‍ය ශාස්ත්‍රයේ විස්තර වේ. එයින් 7ක් ෂඩ්ජ ග්‍රාමයට ද 11ක් මධ්‍යම ග්‍රාමයට ද අයත් වේ. ගාන්ධාර ග්‍රාමය ගැන මෙහි සඳහන් නොවීමෙන් පෙනීයන්නේ එම ග්‍රාමය බිහි වූයේ නාට්‍ය ශාස්ත්‍රය රචනා වූවාට පසු කාලයෙක බවයි. එක් සප්තකයකට අයත් ස්වර අතර ශ්‍රැති අන්තර 22ක් පවතින බව නාට්‍ය ශාස්ත්‍රය පිළිගෙන ඇති නමුදු, ඒ සෑම ශ්‍රැති දෙකක් ම අතර පරතරය සමාන සේ භරත සැලකූ බව පෙනේ. මෙම සමාන ශ්‍රැති-අන්තර සිද්ධාන්තය නූතන භාරතීය ප්‍රායෝගික සංගීතයේ ප්‍රතික්ෂේප වී ඇත. එක් එක් ග්‍රාමයෙන් මූර්ජනා හෙවත් නාද රටා සත බැගින් ලබාගත හැකි අයුරු ද භරත පෙන්වා දෙයි. ආතෝද්‍ය හෙවත් වාද්‍ය භාණ්ඩ තත (chordophone), අවනද්ධ (membranophone), ඝන (idiophone) සහ සුෂිර (aerophone) යන ප්‍රභේද සතරට මුලින්ම වර්‍ග කොට දක්වා ඇත්තේ ද නාට්‍ය ශාස්ත්‍රයයි. මෙම වර්ගීකරණය වැඩිදියුණු කිරීමට ලෝකයේ කිසිම සංගීතවේදියකු මේ වනතුරු සමත් වී නොමැත. එකල පැවැති තත වාද්‍ය භාණ්ඩ වනුයේ චිත්‍ර වීණා හා විපංචී වීණා යන වීණා ප්‍රභේද ද්වයයි. එක් ස්වරයක් සඳහා එක් තත බැගින් සප්ත ස්වරය සඳහා තත් සතෙකින් සමන්විත වූ චිත්‍ර වීණාව ඇඟිල්ලෙන් හඬවනු ලැබූ හෙවත් අංගුලි වාද්‍ය භාණ්ඩයක් වූ අතර තත් නවයක් සහිත විපංචි වීණාව කෝණයෙකින් (plectrum) වාදනය කරන ලදි (කෝණවාද්‍ය). වේණු, වංශ, වංශ දණ්ඩ යන නම්වලින් හැඳින්වුණු වස්දඬුව හෙවත් බටනළාව නාට්‍ය ශාස්ත්‍ර යුගයේ සිට අද දක්වා ම ස්වරූපයෙන් මඳකුදු වෙනස් වී නොමැත. තාල විවරණය 31 වැනි අධ්‍යායේ ද, ධ්‍රැවා ගාන 32 වැන්නේ ද, ගායක - වාදකාදීන්ගේ ගුණ - දෝෂ විචාරය 33 වැනි අධ්‍යායේ ද, අවනද්ධ භාණ්ඩයන්ගේ ලක්ෂණ 34 වැන්නේ ද සාකච්ඡාවට භාජනය වෙයි. අවසාන අධ්‍යාය තුනෙහි භූමිකා සඳහා නළුවන් තෝරා ගැනීම පිළිබඳ උපදෙස් ද භරත හා සිය පුතුන් ද විසින් ඍෂිවරුන්ගේ ක්‍රියාකලාපය නාට්‍ය මඟින් උපහාසයට ලක් කරනු ලැබීම නිසා නළු බව ශාපලත් වෘත්තියක් බවට පත් වූ අයුරු ද නාට්‍ය ප්‍රයෝගයේ අනුසස් වර්‍ණනයක් ද අන්තර්ගත වේ.

කර්‍තෘ

නාට්‍ය ශාස්ත්‍රයේ කතෘත්වය පවරනු ලැබ ඇත්තේ භරත මුනිවරයා වෙත ය. ඇත්ත වශයෙන් ම ඔහු කාශ්මීරයේ විසූ පඬිවරයෙකැයි ඇතැම් විද්වත්හු විශ්වාස කෙරෙති. ශක්‍ර ප්‍රමුඛ දෙවිවරුන්ගේ ඉල්ලීම පරිදි මහාබ්‍රහ්මයා විසින් නිර්මාණය කරන ලද නාට්‍යවේදය ඔහු වෙතින් ඉගෙන, දෙවිවරුන් සඳහා සමවකාර හා ඩ්ම යන ප්‍රභේදයනට අයත් නාට්‍ය ද්වයක් භරත විසින් ඉදිරිපත් කරන ලද්දේ හිමාලය පර්‍වතය මුදුනේ වීමත්, දැනට ඉතිරිව ඇති එකම නාට්‍ය ශාස්ත්‍ර ව්‍යාඛ්‍යාව වන අභිනවභාරතීය රචනා කළ අභිනවගුප්ත ආචාරීන් කාශ්මීර වැසියකු වීමත් යන කරුණු සැලැකිල්ලට ගෙන එවන් නිගමනයකට බැසීම යුක්ති සහගත බව පෙනේ.

රචිත කාලය

නාට්‍ය ශාස්ත්‍රය රචනා වූයේ ක්‍රි.ව. දෙවැනි හෝ තුන් වැනි සියවසේ බව බොහෝ පඬිවරුන් දරණ මතයයි. එය භාස නම් සුප්‍රසිද්ධ නාට්‍ය රචකයාට ශත වර්‍ෂයක්වත් පූර්වයෙන් කැරුණු කෘතියක් බව පිළිගැනීමට සිදුවේ. භාස කාලිදාසගේ පූර්වකාලීනයකු බවට කාලිදාසගේ මාලවිකාග්නිමිත්‍ර නම් නාටකය සාක්ෂි දරයි. එම කෘතියේ ප්‍රස්තාවනාවෙහි සුත්‍රධාරගේ සගයා ඔහු අමතමින්, "පතළ කීර්තියක් ඇති භාස, සෞම්ල්ල, කවිපුත්‍රාදීන්ගේ ප්‍රබන්ධයන් ඉක්මවා නූතන කවියකු වන කාලිදාසගේ කෘතියක් කෙරෙහි මේ විද්වත් පර්ෂදය කෙසේ බහුමානයක් දක්වද්දැ?"යි ප්‍රශ්න කරයි. මෙයින් පෙනී යන්නේ කාලිදාස නාට්‍ය රචකයකු වශයෙන් භාසට මහත් බහුමානයෙන් සැලැකූ බවයි. කාලිදාස ජීවත් වූයේ පස් වැනි සියවසේ මුල් භාගයේ ගුප්ත රාජ සමයේ බව වියතුන්ගෙන් වැඩි දෙන දැන් පිළිගනිති. එහෙයින් භාස තුන්වැනි ශත වර්ෂයට වඩා මෑත යුගයකට අයත් සේ සැලකීම අසීරු ය. ඒ අතර ම, භාස නාට්‍ය ශාස්ත්‍රය ගැන දැනසිටි බවට ඔහුගේ ම කෘතියකින් සාක්ෂි හමුවේ. ඔහුගේ අව්මාරක නම් නාටකයෙහි විදූෂකයා නාට්‍ය ශාස්ත්‍රය රාමායණය සමඟ පටලවා ගනී. එහෙයින් නාට්‍ය ශාස්ත්‍රය රචිත වූ කාලය යටත් පිරිසෙයින් තවත් ශත වර්‍ෂයක්වත් පිටුපසට දැමීමට සිදු වේ. එසේ වුවද, ලැබී ඇති භූගෝලීය හා ඓතිහාසික සාධක අනුව මෙම කෘතිය දෙවැනි සියවසට වඩා ඈත කාලයකට ගෙනයාම අසීරු ය. මේ අනුව නාට්‍ය ශාස්ත්‍රය දෙවැනි සියවසේ අග භාගයත් තුන් වැනි සියවසේ මුල් භාගයත් අතර රචනා වූ සේ සැලැකීම යුක්තිසහගත ය. එසේ වුවද, ඊටත් කලින් රචනා වූ කොටස් මෙන්ම පසු කාලයේ එකතු කරන ලද කොටස් ද දැනට පළ වී ඇති නාට්‍ය ශාස්ත්‍ර පෙළට ඇතුළත්ව ඇති බව සැලැකුව මනාය.

භරතගේ පූර්වාචාරීහු

නාට්‍ය කලාව පිළිබඳව මෙතරම් විශාල ග්‍රන්ථයක් ක්‍රි.ව. දෙවැනි සියවසේ දී පමණ භාරතයේ රචනා විණි නම්, ඒ වන විට එම විෂය පිළිබඳ තවත් කෘතීන් සම්පාදනය වී තිබෙන්නට ඇතැයි අපට අනුමාන කළ හැකි ය. ක්‍රි.පූ. 4 වැනි සියවසේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ වෛයාකරණික පාණිනි ශිලාලින් සහ කෘශාශ්වින් නම් දෙදෙනකුගේ නටසුත්‍ර නම් කෘතියක් ගැන ස්වකීය අෂ්ටාධ්‍යායී නම් ව්‍යාකරණ ග්‍රන්ථයෙහි සඳහන් කරයි. එසේ වුවද, එම කෘතියට විෂය වූයේ නාට්‍ය කලාව ම ද, එසේ තැනහොත් නර්තන කලාව දැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි ය. එහෙත් නිසැක වශයෙන් ම නාට්‍ය පිළිබඳ විචාර ග්‍රන්ථ සම්පාදනය කළ පුරෝගාමීන් කිහිපදෙනෙකු පිළිබඳ යම් යම් සඳහන් නාට්‍ය ශාස්ත්‍රය තුළින් මෙන් ම අභිනවගුප්තගේ ව්‍යාඛ්‍යාවෙන් ද සාගරනන්දින් වැනි පශ්චාත්කාලීන විචාරකයන්ගේ කෘතිවලින් ද අපට සොයා ගත හැකි ය. භරතගේ පුර්වකාලීනයන් අතුරින් කෝහල, දත්තිල, ශාණ්ඩ්ල්‍ය, වාත්ස්‍ය, ශාතකර්ණී, අංශකුට්ට, නඛකුට්ට හා බාදරායණ ප්‍රධාන ය.

භරතට පසුව විසූ විචාරකයෝ

නාට්‍ය ශාස්ත්‍රයට පසුවත් 10 වැනි සියවසට පෙරත් භාරතීය නාට්‍ය කලාවට වැදැගත් මෙහෙයක් ඉටු කළ කිහිපදෙනකු ම පිළිබඳ තොරතුරු අභිනවගුප්ත, සාගරනන්දින්, ශාරදාතනය ආදීන්ගේ කෘතීන්වලින් අපට ලබාගත හැකිව ඇති නමුත්, ඔවුන්ගේ එක කෘතියක්වත් අද ඉතිරි වී නොමැත. නන්දිකේශ්වර, වාර්තිකකාර, තුම්බුරු, මාතෘගුප්ත, විශාඛිලාචර්ය, සදාශිව, කාත්‍යායන, ශකලීගර්භ ආදී මොවුන් නාට්‍ය කලාවේ විවිධ අංශයන් අළලා රචනා කළ විචාර ග්‍රන්ථ වාට්‍ය ශාස්ත්‍රයේ කීර්තියෙන් යටපත් වී ගියා සේ පෙනේ.

දසවැනි සියවසින් මෙපිට රචනා වූ නාට්‍ය විචාර ග්‍රන්ථ කිහිපයක් ම ඇතත්, ඒ එක ද කෘතියක් හෝ නාට්‍ය ශාස්ත්‍රය තරම් පරිපූර්ණ අන්දමින් නාට්‍ය කලාව සාකච්ඡාවට භාජන නොකරයි. ඒවා අතුරින් කිසියම් වැදැගත්කමක් ඇති කෘතීන් ලෙස සැලැකිය හැක්කේ ධනංජයගේ ‘දශරූපක’ හා සාගරනන්දින්ගේ ‘නාටක ලක්ෂණ රත්නකෝෂ’ (10 වැනි සියවස), රාමචන්ද්‍ර හා ගුණවචන්ද්‍රගේ ‘නාට්‍යදර්පණ’ හා ශාරදාතනයගේ ‘භාවප්‍රකාශ’ (12 වැනි සියවස) යන ග්‍රන්ථයි. 13 වැනි සියවසේ රචිත විශ්වනාථ කවිරාජගේ සාහිත්‍යදර්පණයේ ද නාට්‍ය සිද්ධාන්ත පිළිබඳ යම් යම් කරුණු අන්තර්ගතව ඇත.

අභිනවභාරතීය

නාට්‍ය ශාස්ත්‍රය පිළිබඳ ව්‍යාඛ්‍යාවන් කිහිපයක් ම ලියැවුණ ද ඒවා අතුරින් අද අපට ඉතිරිව ඇත්තේ අභිනවගුප්ත පාදයන්ගේ (10 වැනි සියවස) අභිනවභාරතීය පමණි. එහෙත් එම ව්‍යාඛ්‍යාවෙහි අභිනවගුප්තට පෙර විසූ ව්‍යාඛ්‍යාකාරයන් කිහිපදෙනකුගේ ම නම් සඳහන් වේ. ඔවුහු නම්, කීර්තිධර (6 වැනි සියවස), භට්ට උද්භට (7 වැනි සියවස), භට්ට ලෝල්ලට (8 වැනි සියවස), ශ්‍රී ශංකුක (9 වැනි සියවස) හා භට්ට නායක (9/10 වැනි සියවස්) ආදීහු ය. මොවුන් අතුරින් අන්තිමට සඳහන් වුණු තිදෙන භරතගේ රස සූත්‍රයට ඉදිරිපත් කළ ඒ ඒ අර්ථකථනයනට නිර්දය ලෙස පහර දෙන අභිනවගුප්ත තමාගේ ව්‍යක්තිවාදයට ඉතාම ප්‍රශස්ත අයුරින් ප්‍රතිෂ්ඨාපනය කොට ඇත.

අභිනවගුප්තගේ ව්‍යාඛ්‍යාව අපට කිහිප අතෙකින් ම වැදගත් වේ. නාට්‍ය ශාස්ත්‍රයේ පෙළ සංස්කරණය කිරීමේ දී සංස්කාරකවරුන් ඉන් ලබා ඇති පිටුවහල අති විශාල ය. එසේම ග්‍රන්ථයේ දුරවබෝධ තැන් නිරාකරණය කැර ගැනීම සඳහා ද ඉන් ලැබෙන්නේ මහත් ආලෝකයකි. එසේ වුවත්, අභිනව ජීවත් වූයේ භරතට අවුරුදු 800කට පමණ පසුව නිසා, ඒ කාලය වන විට නාට්‍ය ශාස්ත්‍රයේ දැක්වෙන ඇතැම් ශිල්පක්‍රම ආදිය වෙනස්වීම්වලට භාජන වී හෝ අභාවයට ගොස් හෝ තිබුණු බව පෙනේ. එවැනි කරුණු පිළිබඳ සාකච්ඡා කරන විට අභිනවගුප්ත දක්වන අදහස් ඇතැම් විට අවුල්සහගත ස්වභාවයක් උසුලයි. එසේම ඇතැම් කරුණු පිළිබඳව ඔහු මත කිහිපයක් ම පළ කැර සිටින අතර තමාගේ මතය තහවුරු කිරීමට ප්‍රමාණවත් සාධක ඉදිරිපත් නොකරයි. කෙසේ වුවද, එවැනි අවස්ථා ඇතොත් ඒවා එතරම් සුලභ නොවේ. ඒවා අභනවභාරතියේ අගය අඩු කැරලීමට කෙසේවත් සමත් නොවේ. එසේම අප ඉහත සඳහන් කළ පරිදි අභිනව තමාට පූර්වකාලීන වූ විචාරකයන් හා ව්‍යාඛ්‍යාකරුවන් රැසකගේ නම් සහ වෙනත් තොරතුරු අප හමුවේ තැබීමෙන් සංස්කෘත නාට්‍යය පිළිබඳ විචාර කලාවේ ඉතිහාසයට කර ඇති සේවය අපරිමිත ය.

සංස්කරණය

නාට්‍ය ශාස්ත්‍ර නම් කෘතියක් පිළිබඳව ව්‍යාඛ්‍යාන සහ වෙනත් මූලාශ්‍රවල සඳහන් වී තුබුණ ද, දහනව වැනි සියවසේ අග භාගය වනතෙක් එම කෘතියේ අත් පිටපතක් සොයා ගත නොහැකි විය. ක්‍රි.ව. 1874 දී හෙයිමන් නැමැති ජර්මන් ජාතික පඬිවරයෙක් එවකට ලැබී තුබුණු නාට්‍ය ශාස්ත්‍රයේ අත් පිටපත් කිහිපයක් පරීක්ෂා කොට ඒ පිළිබඳ වැදගත් ලිපියක් ජර්මනියේ පළ කෙළේ ය. ඉන්පසු 1880 හා 1888 අතර කාලය තුළ නාට්‍ය ශාස්ත්‍රයේ පරිච්ඡේද දෙක-තුනක් ප්‍රංශ පඬිවරුන් දෙපළක් විසින් වෙන් වෙන්ව ප්‍රකාශයට පත් කරන ලදි. නාට්‍ය ශාස්ත්‍රයේ ප්‍රථම පූර්ණ සංස්කරණය 1894 දී කාව්‍යමාලා ග්‍රන්ථ මාලාව යටතේ බොම්බායේ දී ප්‍රකාශයට පත් විණි. ඉන් සිවු වසරකට පසු ජේ. ග්‍රොසට් විසින් එවකට සම්භ වී තුබුණු සියලු ම අත් පිටපත් ආශ්‍රයෙන් නාට්‍ය ශාස්ත්‍රයේ මුල් පරිච්ඡේද දහ හතරේ විචාරාත්මක සංස්කරණයක් පළ කෙළේ ය.

මෙම ශත වර්ෂයේ දී Gaekwad Oriental Series යටතේ බැරෝඩාහි සම්පූර්ණ නාට්‍ය ශාස්ත්‍ර පිටපත වෙළුම් සතරෙකින් ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් ඉටු වූ සේවාව අතිමහත් ය. අභිනවගුප්තගේ ව්‍යාඛ්‍යාව ද ඊට ඇතුළත් වීම එහි අගය තවත් වැඩි වීමට හේතු වේ. මෙයින් 1 වැනි වෙළුම (අධ්‍යාය 1-7) 1926 දී ද 2 වැනි වෙළුම (අධ්‍යාය 8-18) 1934 දී ද 3 වැනි වෙළුම (අධ්‍යාය 19-27) 1954 දී ද 4 වැනි වෙළුම (අධ්‍යාය 28-37) 1964 දී ද ප්‍රකාශයට පත් විණි. 1 වැනි වෙළුමේ සංශෝධිත 2 වැනි සංස්කරණය 1956 දී පළ විය. මේ හැරුණු කොට බී.එන්. ශර්මා හා බී. උපාධ්‍යායගේ සංස්කාරකත්වයෙන් නාට්‍ය ශාස්ත්‍රයේ සංස්කරණයක් බරණැස කාශි සංස්කෘත ග්‍රන්ථ මාලාව යටතේ 1929 දී ද කාව්‍යමාලා ප්‍රකාශනයේ සංශෝධිත සංස්කරණයක් 1943 දී ද පළ වූ අතර, ආර්.එස්. නාගර්ගේ අධීක්ෂණය යටතේ අභිනවභාරතීය සහිත නාට්‍ය ශාස්ත්‍රයේ සම්පූර්ණ සංස්කරණයක් දිල්ලි නුවර පරිමල සංස්කෘත ග්‍රන්ථ මාලාව යටතේ 1958 දී ප්‍රකාශයට පත් විය.

පරිවර්තන

දැනට නාට්‍ය ශාස්ත්‍රයේ ඉංග්‍රීසි පරිවර්තන දෙකක් පළ වී ඇත. ප්‍රථමයෙන් මනොමෝහන් ඝෝෂ් විසින් කැරුණු පරිවර්තනය කාණ්ඩ දෙකක් (අධ්‍යාය 1-27 හා අධ්‍යාය 28-37) වශයෙන් 1950 හා 1961 යන වර්‍ෂවල දී කල්කටාවේ දී පළ විය. විද්වත් මණ්ඩලයක් විසින් සකස් කරන ලද අනෙක් පරිවර්තනය තනි වෙළුමක් වශයෙන් 1988 දී පළ විය. නාට්‍ය ශාස්ත්‍රයේ රස හා භාව පිළිබඳ වූ 6 වැනි හා 7 වැනි අධ්‍යායයන්ගේ දළ සිංහල පරිවර්තනයක් සුචරිත ගම්ලත් විසින් නාට්‍ය ශාස්ත්‍රයේ රසවාදය නමින් 1970 දී සකස් කොට පළ කරන ලදි. නාට්‍ය ශාස්ත්‍රයේ සම්පූර්ණ සිංහල පරිවර්තනයක් දැන් චෝල්ටර් මාරසිංහ විසින් සකස් කරගෙන යනු ලැබේ. අධ්‍යාය 1 සිට 7 දක්වා වූ එහි ප්‍රථමභාගය 1994 දී එළි දැක්විණි.

(කර්තෘ: වෝල්ටර් මාරසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නාට්‍ය_ශාස්ත්‍ර&oldid=4870" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි