නිකල්

සිංහල විශ්වකෝෂය වෙතින්
15:00, 28 පෙබරවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Nickel and its compounds). මෙය ලෝහමය මූලද්‍රව්‍යයකි. හෙවත් ලෝ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Nickel and its compounds). මෙය ලෝහමය මූලද්‍රව්‍යයකි. හෙවත් ලෝහයකි. මෙහි රසායනික සංකේතය Ni වේ. නිකල් සුදු කහ පැහැයකින් යුක්ත රිදීමය සුදු ලෝහයකි.

උල්කාවල යකඩ සමඟ මිශ්‍රව නිකල් පවතින අතර උල්කාවල අඩංගු නිකල් ප්‍රතිශතය 8%ක් පමණ වන්නේ ය. ආග්නේය පාෂාණ තුළ නිකල් පවතින්නේ Ni2 Sio4 ලෙස ය.

සජලීය නිකල් සිලිකේට් Ni2 H4 Si3 O10 යනු ‘ගානිරයිට්’ වේ. නිකල්වල ප්‍රධානතම ප්‍රභවය ඔන්ටාරියෝහි (ontario) සැඩ්බරිහි ඇති නිකල් ඉපෙරස් පයිරොටයිට් ය. එහි සූත්‍රය (Ni.Fe)3 S4 වේ.

නිකල් අඩංගු තවත් ලෝපස් වර්‍ග කීපයක් පහත දැක්වේ.

-මිලරයිට් Ni S

-නිකලයිට් Ni AS

-පෙන්ට්ලැන්ඩයිට් (Ni.Fe)3 S4 වේ.

තවත් ලෝපස් වර්ග කීපයක නිකල් පහත දැක්වෙන ඛණිජ ලෙස පවතී.

-Ni Sl

-NiS AS

-Ni AS2

ලෝපස් තදින් රත් කිරීමෙන් කර කර, කාබන් මඟින් ඔක්සිහරණය කිරීමෙන් නිකල් සාදා ගනු ලැබේ.

ජලයේ ඝනත්වය මෙන් 8.9ක ඝනත්වයක් නිකල්වලට තිබේ. මෙය නිකල්වල සාපේක්ෂ ඝනත්වය 8.9 ලෙස ප්‍රකාශ කෙරේ.

නිකල් ඉතාම තද ලෝහයකි. නිකල් ද්‍රව වන්නේ (උණුවන්නේ) 1455 0ක්‍ හිදී ය. එනම් නිකල්වල ද්‍රවාංකය (MELTING POINT) 1,455 0ක්‍ වේ. නිකල්වල තාපාංකය එනම් ද්‍රව නිකල්, වායු තත්ත්වයට පත්වන උෂ්ණත්වය 2,900 0ක්‍ වේ. නිකල් පරමාණුවක ඉලෙක්ට්‍රෝන 29ක් හා ප්‍රෝටෝන 29ක් පවතී. ඒ නිසා නිකල්වල පරමාණුක ක්‍රමාංකය 29 වේ. නිකල්වල සාපේක්‍ෂ පරමාණුක ස්කන්ධය 58.7 වේ.

වර්‍ග මීටරයක හරස්කඩ වර්‍ගඵලයක් සහිත නිකල් කුට්ටියක දිග මීටරයක විද්‍යුත් ප්‍රතිරෝධය ඕම් 10.9X10-8කි. එනම් නිකල්වල ප්‍රතිරෝධකතාව 10.9X10-8 m වේ. නිකල් අයත් වන්නේ අන්තරික ලෝහ ගණයටයි.

නිකල් බෙහෙවින්ම භාවිත කරන්නේ මිශ්‍ර ලෝහ සෑදීම සඳහා ය.

ක්‍රෝමියම්, යකඩ හා නිකල්වල මිශ්‍රලෝහයක් වන ‘නික්‍රෝම්’ ඉතාම ප්‍රයෝජනවත් මිශ්‍ර ලෝහයකි. විදුලි තාපකවල තාපන දඟරය සෑදීමට ගන්නේ නික්‍රෝම් ය. කාසි සෑදීමට ගන්නා කියුප්‍රො නිකල් නම් මිශ්‍ර ලෝහය සාදන්නේ 70%ක් කොපර් (තඹ) හා 30%ක් නිකල්වලිනි.

නිකල්, යකඩ හා මිශ්‍ර කිරීමෙන් නිකල් වානේ නම් මිශ්‍ර ලෝහය සාදනු ලැබේ. කොපර් 60%ක් ද නිකල් 40%ක් ද මිශ්‍ර කිරීමෙන් කොන්ස්ටැන්ටන් නම් මිශ්‍ර ලෝහය සාදා ගැනේ.

කොපර් (තඹ) 50%ක් ද

සින්ක් (තුත්තනාගම්) 20%ක් ද

නිකල් 30%ක් ද මිශ්‍ර කිරීමෙන් ජර්මන් රිදී නම් මිශ්‍රලෝහය සාදාගැනේ.

ඉන්වාර් නම් මිශ්‍රලෝහය සාදාගන්නේ,

නිකල් 36%ක් ද,

යකඩ 63.8%ක් ද

කාබන් 0.2%ක් ද මිශ්‍ර කිරීමෙනි.

නිකල් මල බඳින්නේ නැත. ඉහළ උෂ්ණත්වල දී හුමාලය නිසා විඛාදනය වේ. අම්ලවලින් විඛාදනය වේ.

නිකල් කුඩු ඉතා හොඳ උත්ප්‍රේරකයකි. උත්ප්‍රේරක යනු ප්‍රතික්‍රියා වේගය වැඩි කරන රසායනික වේ. අසන්තෘප්ත මේද හා තෙල් සන්තෘප්ත කර මාගරීන් වැනි ආහාර තැනීමේ දී නිකල් උත්ප්‍රේරකය භාවිත වේ.

කපාටවල (Values) කොටස් තැනීමට නිකල් ගනු ලැබේ.

නිකල්වලින් විද්‍යුත් ලෝහාලේපනය කර ගත් විට මල නොබඳින නිසා, නිකල් ආලේපනය බහුලව සිදුවේ.

නයිෆ් (NiFe) කෝෂ සෑදීම සඳහා ද නිකල් බහුලව භාවිත කෙරේ.

(කර්තෘ: කේ. ආරියසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නිකල්&oldid=4874" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි