නිම්පියාසේ

සිංහල විශ්වකෝෂය වෙතින්
11:31, 29 පෙබරවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('නිම්පියාසේ (නෙළුම් කුලය) ද්වීබීජ පත්‍රී, ජලජ, බ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

නිම්පියාසේ (නෙළුම් කුලය) ද්වීබීජ පත්‍රී, ජලජ, බහුවාර්ෂික පැලෑටි අයත් වන කුලයකි. ජලාශ පතුලට ශාක සම්බන්ධ වී ඇත. පත්‍ර ජලය මතුපිට පාවෙයි. පත්‍ර දිගැටි වෘත්ත සහිතයි. පතුවල හැඩය හෘදාකාර () හෝ ජත්‍රීයයි () පුෂ්ප විශාලයි. තනි පුෂ්ප වශයෙන් ඇති වෙයි. දිග වෘත්ත සහිතයි. ජල පෘෂ්ඨය මතුපිට හෝ ජල පෘෂ්ඨයෙන් ඉහළට හෝ පුෂ්ප විහි දී ඇත. පුෂ්ප වර්ණවත් වන අතර කෘමීන් මඟින් පරාගනය වෙයි.

පුෂ්ප - ද්විලිංගිකයි, ක්‍රමවත්, පරිජායාංගියි () නැතහොත් අපිජායාංගියි () ග්‍රාහකය මාංසලයි. කලස් හැඩයක් ගනී.

මණිය - මණිපත්‍ර කීපයක් ඇත. අබද්ධයි.

මුකුට - දල කිහිපයක් ඇත. අබද්ධයි, වර්ණවත්.

පූමාංගය - රේණු කීපයක් ඇත. සාමාන්‍යයෙන් අපිදලයි.

ජායාංගය - ඩිම්බකෝෂ උත්තරයි. අණ්ඩ කීපයක් ඇත. සමාණ්ඩපිකයි. () ග්‍රාහකය මඟින් අණ්ඩප වටකර ඇත. බහු කෝෂ්ඨිකයි. ඒක කෝෂ්ඨයක ඩිම්බ කීපයක් ඇත.

කලංකය - නිර්වෘත්තයි. බොහෝ විට උපාංග සහිතයි.

ඵලය - බීජ රාශියක් සහිත බඳරියක් () බීජ පරිපෝෂයක් () හා භ්‍රෑණපෝෂයක් () සහිතයි. සවිවර බීජකවචයක් () සහිත වන අතර ජලයේ පාවීමට ආධාර වෙයි. ජලය මඟින් බීජ ව්‍යාප්තිය සිදු වෙයි.

උදාහරණ:

නෙලුම් - ()

මානෙල් - ()

ඕලු - ()

(කර්තෘ: ඒ. කරුණාසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නිම්පියාසේ&oldid=4888" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි