"මුල් පිටුව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
1 පේළිය: 1 පේළිය:
'''මීඩියාවිකි සාර්ථක ලෙස ස්ථාපනය කරන ලදි.'''
 
  
විකි මෘදුකාංග භාවිතා කිරීම පිළිබඳ තොරතුරු සඳහා  [//meta.wikimedia.org/wiki/Help:Contents පරිශීලකයන් සඳහා නියමුව] හදාරන්න.
+
== සිංහල විශ්වකෝෂය යනු කුමක් ද? ==
  
== ඇරඹුම ==
+
යම් කරුණක් පිළිබඳ සකලාංග සම්පූර්ණ තොරතුරු ඇතුළත් විශේෂඥ ලිපි අකාරාදි පිළිවෙළින් පෙළගස්වා සිංහල භාෂාවෙන් සැපයෙන ග්‍රන්ථ මාලාවකි. විශ්වකෝෂ සම්පාදනයේ අරමුණ වනුයේ පහසුවෙන් හා කඩිනමින් නව දැනුම කරා ප්‍රවිෂ්ට වීමට අවකාශ සැපයීමයි.
* [//www.mediawiki.org/wiki/Special:MyLanguage/Manual:Configuration_settings වින්‍යාස සැකසුම්]
+
 
* [//www.mediawiki.org/wiki/Special:MyLanguage/Manual:FAQ මීඩියාවිකි නිති-විමසන-පැන]
+
විවිධ විෂය ක්‍ෂේත්‍ර 45කට අධික සංඛ්‍යාවකට අයත් මාතෘකා යටතේ ලියැවුණු ලිපි දහස් ගණනක් විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය පිණිස මෙහි පළ කර තිබේ. මාර්ගගත විශ්වකෝෂයක් වශයෙන් එළිදැක්වෙන මෙය ඔබවෙත පිරිනමනු ලබනුයේ මහජන මුදලිනි. මෙම විශ්වකෝෂය භාවිතය සඳහා ඔබ විසින් කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ.
* [https://lists.wikimedia.org/mailman/listinfo/mediawiki-announce මීඩියාවිකි නිකුතුව තැපැල් ලැයිස්තුව]
+
 
 +
 
 +
== සිංහල විශ්වකෝෂයේ ඉතිහාසය ==
 +
 
 +
2500 වන බුද්ධ ජයන්ති වැඩපිළිවෙලේ කාර්ය භාරය ඉසිලූ ලංකා බෞද්ධ මණ්ඩලය, විශ්ව සම්මත ප්‍රමිතීන්ට ගැලපෙන ආකාරයෙන් සිංහල භාෂාවෙන් විශ්වකෝෂයක් සම්පාදනය කරනු පිණිස ‘සිංහල විශ්වකෝෂ කාරක සභාව’ නමින් ආයතනයක් පිහිටුවීය. එහි සභාපති පදවිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි මැතිඳුන් වෙත පිරිනමන ලදි. ලේකම් පදවිය සඳහා පත්වූයේ ආචාර්ය පුඤ්චි බණ්ඩාර සන්නස්ගල මැතිඳු ය. 1955 මැයි 02 වන දා එවක ස්වදේශ කටයුතු භාර අමාත්‍යව සිටි ඒ. රත්නායක මැතිඳුන් විසින් උත්සවාකාරයෙන් සිංහල විශ්වකෝෂ කාර්යාලය විවෘත කරනු ලැබිණි. දැන් මෙය පිහිටා තිබෙනුයේ බත්තරමුල්ලේ, කඩුවෙලපාරේ, අංක 275 දරන ස්ථානයේය. 2016-10-13 දින සිට මෙහි ප්‍රධාන කර්තෘ ධුරය දරනුයේ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මැතිඳුන් විසිනි.
 +
 
 +
 
 +
== සිංහල විශ්වකෝෂය කුමක් සඳහා ද? එහි අරමුණු ==
 +
 
 +
• විද්වතුන් අතර පමණක් නොව සාමාන්‍ය ජනයා අතර පවා නුතන විද්‍යා දැනුම පැතිරවීම සිංහල විශ්වකෝෂයේ මුඛ්‍ය අරමුණක් වෙයි.
 +
• ලංකාව පිළිබඳ තොරතුරු පහසුවෙන් සොයා පරිශීලනය කළ හැකි වන අන්දමින් පෙළ ගැස්වීමත් සිංහල විශ්වකෝෂයේ අරමුණකි.
 +
• ලෝකයේ වෙනත් කිසිදු විශ්වකෝෂයක නොදක්නා ලැබෙන ප්‍රතිපත්තියක් සිංහල විශ්වකෝෂය අනුයයි. එනම් මෙහි පළ වන ලිපිවලින් අඩක් ශ්‍රී ලංකාවේ තොරතුරු වෙනුවෙන් වෙන් කෙරෙන අතර ඉතිරි අඩ නවීන විද්‍යා දැනුම වෙනුවෙන් වෙන් කිරීමයි.
 +
 
 +
 
 +
== සිංහල විශ්වකෝෂයේ ඇතුළත් වන්නේ මොනවාද? ==
 +
 
 +
• 1963 සිට මේ දක්වා පළව ඇති, යට සඳහන් විශ්වකෝෂ කාණ්ඩ සියල්ලේ ඇති සියලූ ලිපි මෙම වෙබ් අඩවියෙන් ඔබට කියවිය හැකි ය.
 +
• ඉදිරි විශ්වකෝෂ කාණ්ඩයන්හි පළවීමට නියමිතව ඇති සමහර ලිපි ද ඔබට මෙහි කියවිය හැකි ය.
 +
• සිංහල විශ්වකෝෂයේ පළවීමට නියමිත 17,500ක පමණ ලිපි ශීර්ෂ නාමාවලිය ද ඔබට දැන ගත හැකි ය.
 +
• එකී ලිපිවලට අදාළ සමහර රූප සටහන් හා ඡායාරූප ද ඔබට දැක ගත හැකි ය.

20:08, 8 නොවැම්බර් 2016 තෙක් සංශෝධනය

සිංහල විශ්වකෝෂය යනු කුමක් ද?

යම් කරුණක් පිළිබඳ සකලාංග සම්පූර්ණ තොරතුරු ඇතුළත් විශේෂඥ ලිපි අකාරාදි පිළිවෙළින් පෙළගස්වා සිංහල භාෂාවෙන් සැපයෙන ග්‍රන්ථ මාලාවකි. විශ්වකෝෂ සම්පාදනයේ අරමුණ වනුයේ පහසුවෙන් හා කඩිනමින් නව දැනුම කරා ප්‍රවිෂ්ට වීමට අවකාශ සැපයීමයි.

විවිධ විෂය ක්‍ෂේත්‍ර 45කට අධික සංඛ්‍යාවකට අයත් මාතෘකා යටතේ ලියැවුණු ලිපි දහස් ගණනක් විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය පිණිස මෙහි පළ කර තිබේ. මාර්ගගත විශ්වකෝෂයක් වශයෙන් එළිදැක්වෙන මෙය ඔබවෙත පිරිනමනු ලබනුයේ මහජන මුදලිනි. මෙම විශ්වකෝෂය භාවිතය සඳහා ඔබ විසින් කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ.


සිංහල විශ්වකෝෂයේ ඉතිහාසය

2500 වන බුද්ධ ජයන්ති වැඩපිළිවෙලේ කාර්ය භාරය ඉසිලූ ලංකා බෞද්ධ මණ්ඩලය, විශ්ව සම්මත ප්‍රමිතීන්ට ගැලපෙන ආකාරයෙන් සිංහල භාෂාවෙන් විශ්වකෝෂයක් සම්පාදනය කරනු පිණිස ‘සිංහල විශ්වකෝෂ කාරක සභාව’ නමින් ආයතනයක් පිහිටුවීය. එහි සභාපති පදවිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි මැතිඳුන් වෙත පිරිනමන ලදි. ලේකම් පදවිය සඳහා පත්වූයේ ආචාර්ය පුඤ්චි බණ්ඩාර සන්නස්ගල මැතිඳු ය. 1955 මැයි 02 වන දා එවක ස්වදේශ කටයුතු භාර අමාත්‍යව සිටි ඒ. රත්නායක මැතිඳුන් විසින් උත්සවාකාරයෙන් සිංහල විශ්වකෝෂ කාර්යාලය විවෘත කරනු ලැබිණි. දැන් මෙය පිහිටා තිබෙනුයේ බත්තරමුල්ලේ, කඩුවෙලපාරේ, අංක 275 දරන ස්ථානයේය. 2016-10-13 දින සිට මෙහි ප්‍රධාන කර්තෘ ධුරය දරනුයේ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මැතිඳුන් විසිනි.


සිංහල විශ්වකෝෂය කුමක් සඳහා ද? එහි අරමුණු

• විද්වතුන් අතර පමණක් නොව සාමාන්‍ය ජනයා අතර පවා නුතන විද්‍යා දැනුම පැතිරවීම සිංහල විශ්වකෝෂයේ මුඛ්‍ය අරමුණක් වෙයි. • ලංකාව පිළිබඳ තොරතුරු පහසුවෙන් සොයා පරිශීලනය කළ හැකි වන අන්දමින් පෙළ ගැස්වීමත් සිංහල විශ්වකෝෂයේ අරමුණකි. • ලෝකයේ වෙනත් කිසිදු විශ්වකෝෂයක නොදක්නා ලැබෙන ප්‍රතිපත්තියක් සිංහල විශ්වකෝෂය අනුයයි. එනම් මෙහි පළ වන ලිපිවලින් අඩක් ශ්‍රී ලංකාවේ තොරතුරු වෙනුවෙන් වෙන් කෙරෙන අතර ඉතිරි අඩ නවීන විද්‍යා දැනුම වෙනුවෙන් වෙන් කිරීමයි.


සිංහල විශ්වකෝෂයේ ඇතුළත් වන්නේ මොනවාද?

• 1963 සිට මේ දක්වා පළව ඇති, යට සඳහන් විශ්වකෝෂ කාණ්ඩ සියල්ලේ ඇති සියලූ ලිපි මෙම වෙබ් අඩවියෙන් ඔබට කියවිය හැකි ය. • ඉදිරි විශ්වකෝෂ කාණ්ඩයන්හි පළවීමට නියමිතව ඇති සමහර ලිපි ද ඔබට මෙහි කියවිය හැකි ය. • සිංහල විශ්වකෝෂයේ පළවීමට නියමිත 17,500ක පමණ ලිපි ශීර්ෂ නාමාවලිය ද ඔබට දැන ගත හැකි ය. • එකී ලිපිවලට අදාළ සමහර රූප සටහන් හා ඡායාරූප ද ඔබට දැක ගත හැකි ය.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මුල්_පිටුව&oldid=69" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි