අග්නියෝග

සිංහල විශ්වකෝෂය වෙතින්
14:31, 31 මැයි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('ගිනිබියට හේතු වූ ද සියලු කාර්‍ය්‍ය නසන්නාවූ ද...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ගිනිබියට හේතු වූ ද සියලු කාර්‍ය්‍ය නසන්නාවූ ද යෝග විශේෂයකට මේ නම යෙදේ. සඳු දින සැටවක ද, කුජ දින සතවක ද, බුද දින අටවකද, ගුරු දින නවවක ද, කිවි දින දවසක ද, ශනි දින එකොළොස්වක ද, රවි දින දොළොස්වක ද යන මේ දිනතිථි යුගලයක් යෙදුණ විට අග්නියෝගය උදා වේ. අග්නියෝගයෙන් කටයුතු කිරිමෙන් කුලය විනාශ වන බව දැක්වේ.

ඉරුදින බෙරණ ද, සඳු දින මා නැකත ද, කුජ දින අද ද, බුද දින පුවපුටුප ද, ගුරු දින රෙහෙණ ද, කිවි දින අනුර ද, ශනි දින හත නැකත ද යන දින නැකැත් යෙදුණ කල ද අග්නියෝග වන්නේ යයි සලකනු ලැබේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අග්නියෝග&oldid=1282" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි