අග්රිකෝලා, ජෝජියුස් (බෞවර් ගෙඕර්ක්) 1494 – 1535

සිංහල විශ්වකෝෂය වෙතින්
15:17, 31 මැයි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('ජර්මන් ජාතික මෙතෙම ඛනිජ විද්‍යාවෙහි ආරම්භකයා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජර්මන් ජාතික මෙතෙම ඛනිජ විද්‍යාවෙහි ආරම්භකයා ලෙස සාමාන්‍යයෙන් සලකනු ලැබේ. 1527 පටන් බොහීමියාවේ ජොයැකිමිස්තාල් නම් වූ ආකර ප්‍රදේශයක වෛද්‍ය නිලධාරියකු වශයෙන් සේවය කළ මෙතෙමේ ආකර කර්මාන්තයෙහි හා ඛනිජ විද්‍යාවෙහි නිපුණත්වයක් ලැබීය. වෛද්‍ය විද්‍යාව, ගණිත විද්‍යාව, ඉතිහාසය ආදි නොයෙක් විෂයයන් සම්බන්ධ ග්‍රන්ථයන් කළ මොහු වැඩියෙන් ම ප්‍රසිද්ධ වූයේ ඛනිජ විද්‍යාඥයකු වශයෙනි. මොහු විසින් ලියන ලද ‘‘ඩේ රේ මෙටල්ලිකා" (De Re Metallica) නමැති ග්‍රන්ථයෙහි එකල පැවති ලෝහ කර්මාන්තය පිළිබඳ තොරතුරු සැකෙවින් දක්වා ඇත්තේ ය. ආකර විද්‍යාව පිළිබ‍ඳව ද බොහෝ කරුණු එහි ඇතුළත් වේ. භූ විද්‍යාව, ඛනිජ විද්‍යාව හා ලෝහ කර්මාන්තය සම්බන්ධයෙන් මොහු විසින් ලියන ලද ග්‍රන්ථ දහයකි.

භෞතික භූගෝල විද්‍යාවට අත්තිවාරම් දැමූ විද්‍යාඥයන් අතුරෙහි මොහුට වැදගත් ස්ථානයක් හිමි වෙයි. පාෂාණීභූතධාතූන් ගැන ද මොහු විසින් සැලකිලි දක්වන ලද්දේය. ලෝකයෙහි පළමුකොට ම පොළෝතලය පිළිබඳ සවිස්තර අධ්‍යයනයක් කිරීමේ ගෞරවය අග්රිකෝලාට හිමිවේ.

(සංස්කරණය:1963)