අගිල් (අක්විලාරියා අගලෝශා - Aquilaria agallocha Roxb.)

සිංහල විශ්වකෝෂය වෙතින්
16:24, 10 ජූලි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙය ඉන්දියාවේ නැගෙනහිර හිමාලය හා ඇසෑම් ආදි ප්‍රදේශවල වැවෙන තරමක් විශාල සදාහරිත (evergreen) ගසකි. එය තයිමෙලෙයාසේ (thymelaeaceae) කුලයට අයත්ය. එහි කොළ තරමක් ලන්සාකාර (lanceolate) ය; දිලිසෙනසුලුය; අඟල් 2 සිට 3 දක්වා දිගය. ඡත්‍රවල (umbels) බොහෝ මල් හට ගනී. මල තරමක් කුඩාය; කොළපාටට හුරුය. මුකුටය (corolla) නොවැටී ඵලවල පවතී ඵලය අඟල් දෙකක් පමණ දිග ස්ඵෝටිකාවකි. (capsule). වියළුණු විට එය ඇකිළී රැළි වැටේ.

අගිල් ලීය කටුකය; තෙල් මුසු (oleogenous)ය. අගිල්වලින් ලැබෙන දුම්මල ලාටුව අතිශයින් සුගන්ධවත්ය. ලංකාවේ වියළි ප්‍රදේශයේ වැවෙන ශාකයකටත් (ප්ලෙයුරොස්ටයිලියා ඔපොසිටා) අගිල් යන නාමය ව්‍යවහාර කරනු ලැබේ.

ආයුර්වේද මතය: අගිල් උෂ්ණ වීර්යයි, කටු තිත්ත රසයි, සමට හිතයි, තියුණුයි, පිත් වඩයි, ලඝුයි, කළු අගිල් කටු තිත්ත රසයි, උෂ්ණ වීර්යයි, ඉක්කා, කබර හා වාතය නසයි, පිත් වඩයි, පුෂ්ටි කරයි, ලඝුයි, වාත ශ්ලේෂ්ම, කර්ණ, අක්ෂි, චර්ම යන රෝගයන්ට හිතකරයි.

(සංස්කරණය:1963)